Main Logo

Sunday, 31 July 2022

බටහිරයන් පරගලය උගත්තු හා රනිල්

 

බටහිරයන් පරගලය උගත්තු හා රනිල්

 

පරගලයේ මුල සිට ම එය හුදෙක් ගෝඨාභය රාජපක්‍ෂ එළවීම සඳහා කරන්නක් නොවන බව අප දැන සිටියා. මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වමාලා දකුණලා ජඩමාධ්‍යවේදීන් සරසවි මඬු ඇදුරන් ඇතුළු විද්වතුන් මා මෝඩයකු විහිළුකරුවකු නාකියකු මැන්ටලයක් ආදී වශයෙන් පමණක් නොව කාලකන්නියකු වැනි අභිධානවලින් ද හඳුන්වනවා. මා මුහුණු පොතේ කිසිවකුට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්නේ නැත්තේ  ඔවුන්ගෙන් එවැනි ප්‍රශංසා ලබා ගැනීමට අනවශ්‍ය බැවින්. ඔවුන්වත් ඔවුන්ගේ ගුරුවරුන්වත් කිසිම අලුත් අදහසක් කියන්නේ නැහැ. සරසවි මඬු කිවුවෙ සරස්වති මණ්ඩපවලට. ආදි කාලයෙ ජම්බුද්වීපයෙහි ශාස්ත්‍ර උගන්වපු තැන් සරස්වතියගේ නමයෙන් සරස්වති මණ්ඩප ලෙස හැඳින්වූවාලු.  ග්‍රීකයෝ හා මෞර්යයෝ කියවන්න.

Saturday, 30 July 2022

අර්බුදයට පිළියම්

 

අර්බුදයට පිළියම්


ලංකාවේ මෙතරම් උගතුන් බුද්ධිමතුන් (ජාත්‍යන්තර කීර්තියට පත් අය ද ඇතුළු ව) සිටිය දී ආර්ථික අර්බුදයට පිළියම් නැත්තේ ඇයි? 

වැරදුණු බටහිර කුරුමාණම

 

වැරදුණු බටහිර කුරුමාණම 

 

පරගලය පරයන්ගේ අරගලයක්. එනම් විජාතිකයන්ගේ අරගලයක්. මෙය බටහිරයන් හා ඉන්දියාව රාජපක්‍ෂලා ඉවත් කිරීම සඳහා පමණක් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් නොවෙයි. එමගින් ඔවුන් 1505 (1506) දී සිට කෙරීගෙන යන සිංහල බුද්ධාගමට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නැති කිරීම ඉටු කර ගැනීමට ද බලාපොරොත්තු වුණා. එය යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා. ඒ රාජපක්‍ෂලා නිලතලවලින් ඉවත් කිරීමෙන්. රාජපක්‍ෂලා සිංහල බෞද්ධ ජාතිකවාදීන් නො වෙයි. අර කියන විධියට සිංහල බෞද්ධකමක් ඇඟේ තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂගේ පමණයි. මෙරට සිංහල බෞද්ධකම ඇඟේ තිබුණු අනෙක් රාජ්‍ය නායකයා (නායිකාව) බණ්ඩාරනායක මහත්මියයි.

Friday, 29 July 2022

1962 හා 2022



1962 හා 2022 


1962 පාසල් රජයට පවරා ගැනීමට විරුද්ධ වීම හා 2022 ඊනියා ක්‍රමයට විරුද්ධ වීම අතර ඇති සම්බන්ධය  කුමක් ද?

මොකක් ද කේස් එක

 

මොකක් ද කේස් එක

 

බටහිරයන්ට ලංකාවේ අවශ්‍ය කුමක් ද? ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නම් නො වෙයි. ජනතාවගේ කැමැත්ත රජයනු දැකීමත් කියා කියන්නට පුළුවන්. එහෙත් ජනතාව යනු කාට කාටත් තමන් මිස අන් කිසිවකු නො වෙයි. යමකු ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නම් එයින් කියන්නේ තමන් වෙනුවෙන් කතා කරන බවයි. ජනතාවාදී යනු තමාවාදී මිස වෙනත්වාදී වීමක් නො වෙයි.

අරගලය 2.1

 

අරගලය 2.1


අරගලය 2.0 අවසන්. දැන් 3.0ක් ගැන කියවනවා. අරගලය 2.1 කවදා ද? පිළිතුරු අරගලය 2.0 කාර්යාලයට යවන්න. 

Thursday, 28 July 2022

දේශපාලන තුං මං හංදිය

 

දේශපාලන තුං මං හංදිය

 

අද බොහෝ දේ ලියන්න තියෙනවා. පළමුවෙන් ම විජේ ඩයස්ගේ අභාවය. මා ඔහුට වඩා හඳුනන්නේ ඔහුගේ බිරිය පියසීලි විජේගුණසිංහ. විජේ ඩයස් පෙනී හිටියේ විජේගුණසිංහ නමින්. ඔවුන් දෙදෙනා ම මට වඩා අවුරුදු දෙකක් පමණ වැඩිමල්. ඔවුන් තම මුළු දේශපාලන ජීවිතය පුරා ම ට්‍රොට්ස්කිවාදීන් ලෙස කටයුතු කළා. එකල තරුණ සමාජවාදීන් ට්‍රොට්ස්කිවාදය වෙත ඇදී ගියා. මා හිතන්නේ ට්‍රොට්ස්කිවාදයේ තිබූ තාර්කික භාවයත් මාක්ස්වාදයට වඩා කිට්ටු වූ ජාත්‍යන්තරවාදයත් එයට හේතුවන්න ඇතැයි කියා.