පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
බටහිර විද්‍යාවේ ඌනිතවාදය (රිඩක්ෂනිසම්) ගැන අප කලින් දවසකත්
(අගෝස්තු අටවැනි දා ) කතා කළා. එහි සඳහන්
නොවූ තවත් වැදගත් කරුණු කිහිපයක් මා මෙහි සඳහන් කරනවා. පළමුව එහි සඳහන් වූ කරුණක්
දෙකක් ගැන අවධානය යොමු කරනවා. “ඌනිතවාදයෙන් කියන්නේ යම් දැනුමක් එයට වඩා මූලික දැනුමකට,
ප්‍රවාදයකට ඌනනය කිරීම. එයින් අදහස් වන්නේ යම්
දැනුමක් වෙනත් ඊනියා මූලික දැනුමකින් තේරුම් ගැනීම. උදාහරණයක් ලෙස ගතහොත් පොළොවට
වස්තු වැටෙන්නේ ය කියන දැනුම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් ගැනීම. පොළොවට
වස්තු වැටීම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට ඌනනය කෙරෙන්නේ යැයි කියනවා. ඌනිතවාදය එක්
පැතතකින් සමස්තය යනු කොටස්වල එකතුවක් ය යන්න මත රඳා පවතිනවා. එය සත්භව ඌනිතවාදය
ලෙස හැඳින්වෙනවා. විධික්‍රම ඌනිතවාදයක් කියා එකකුත් තියෙනවා. ඒ අනුව යම් ඊනියා
යථාර්ථයක් වෙවනත් ඊනියා යථාර්ථවලින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඌනිතවාදය ග්‍රීකයන්ගේ
ස්වසිද්ධාත්මක විධික්‍රමයෙන් ගලා එන්නක්. ග්‍රීකයන් එකල තිබූ ජ්‍යාමිතික
(භූමිතික) දැනුම ස්වසිද්ධි කිහිපයකින් ප්‍රකාශ
කළා. මේ ජ්‍යාමිතිය අද යුුක්ලීඩිය ජ්‍යාමිතිය ලෙස පාසලේ දී ද විශ්වවිද්‍යාලයේ දී ද
ඉගැන්වෙනවා. එසේ වුවත් ඇරිස්ටෝටල් පවසා තිබෙනවා සමස්තය යනු කොටස්වල එකතුවක් නොවන
බව. මෙවැනි පරස්පර කතා ඕනෑම දැනුම් පද්ධතියක තියෙනවා.”