ලෝගු හා මූලාශ්‍ර
පසුගිය
දවසක මා උපාධි ප්‍රදානොත්සවයකට සහභාගි වුණා. එය නිල උත්සවයක් ද කියන එක මට එතරම්
පැහැදිලි නැහැ. අදාළ විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා එහි සිටියා ද කියා මට
නිච්චියක් නැහැ. උපාධිප්‍රදානයක දී සිටිය යුතු ප්‍රධාන ම පුද්ගලයා විශ්වවිද්‍යාලයෙහි
ලේඛකාධිකාරවරයා. ඒ බටහිර සම්ප්‍රදාය අනුව. චීනයේ ඒ එසේ නොවනවා වෙන්නත් පුළුවන්. ඒ
කොහොම වුණත් බන්දුල ගුණවර්ධනට මා සුබ පතනවා. මා ඒ උත්සවයට සහභාගි වූයේ එතරම්
කැමැත්තකින් නො වෙයි. ඒ කෘතගුණ සැලකීමක්. ඒ උත්සවය නොපවත්වා සිටියා නම් හොඳයි
කියාත් හිතෙනවා. එයට විශාල පිරිසක් සහභාගි වී සිටියා. කිරිඇල්ල, සම්බන්ධන් ආදීන් ද එහි සිටියා. ඒ ගැන ප්‍රශ්නයක්
නැහැ. එහි දී අප එක් එක් අයට සමාජයේ හිමි තැන ගැන ද වැටහීමක් ලබා ගැනීමට හැකි
වුණා.