සකර්බර්ග්ගේ සමාව
සකර්බර්ග් මුහුණු පොත පරිශීලනය කරන්නන්ගෙන් සමාව ඉල්ලලා. ඔහුට මුහුණු
පොතේ අයගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂා කර ගන්න බැරි වෙලා. කේම්බ්‍රිජ් ඇනලිටිකා
සමාගම ඇතැම් තොරතුරු යොදාගෙන. ට්‍රම්ප් දිනවීමට පෞද්ගලික තොරතුරු කෙතරම් ප්‍රමාණයකට
යොදා ගත්තේ ද? අපට කියන්න බැහැ. මහින්ද පැරදවීමට
කෙතරම් දුරකට මුහුණු පොත යොදා ගත්තේ ද? කේම්බ්‍රිජ්
ඇනලිටිකා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් යුක්රේනියන් සුරූපියන් ගැන කතා
කළත් මහින්දගේ පරාජයට මුහුණු පොතේ තොරතුරු උපයෝගී කර ගත්තේ ද යන්න සාකච්ඡා කරන්නේ
නැහැ.