Main Logo

Showing posts with label FCID. Show all posts
Showing posts with label FCID. Show all posts

Saturday, 18 February 2017

සඳහිරු සෑ බුද්ධ පූජාව  


සඳහිරු සෑ බුද්ධ පූජාව



සඳහිරු සෑයේ නිධන් කර ඇති බුදුන් වහන්සේගේ ප්‍රතිමාව රත්තරන් ද නැත් ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. පිළිම වහන්සේ ඝන රන් ද රත්තරන් ආලේප කරල ද ආදියත් මට ප්‍රශ්න නො වෙයි. ඒ රත්තරන් නම් හා එකී රත්තරන් ලැබුණේ රේගුවෙන් ද කියන එකත් මට ප්‍රශ්නයක් නො වෙයි. රත්තරන් රේගුවෙන් ලබා ගත්තේ නම් එයත් ප්‍රශ්නයක් නො වෙයි. රජය සෑයක නිදන් කිරීම සඳහා පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමට රේගුවෙන් රත්තරන් ලබා ගැනීම පාපයක් නො වෙයි. රේගුවේ රත්තරන් ජනතාවට අයිති බව ඇත්තයි. ඒත් බුදු පිළිම වහන්සේ නමක් තැනීමට විරුද්ධ වන්නේ කවුද?