Main Logo

Showing posts with label GSP. Show all posts
Showing posts with label GSP. Show all posts

Friday, 28 April 2017

ජී එස් පී හා ටී එන් ඒ


ජී එස් පී හා ටී එන් ඒ



යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට ජී එස් පී + දෙන්න තීරණය කරලා. ආණ්ඩුව තොරතෝංචියක් නැතිව කියාවි ඒ ලැබුණේ කිසිම කොන්දේසියක් නැතිව බව. කිසිම කොන්දේසියක් නැතිව ජී එස් පී ලබා දීමට මේ ආණ්ඩුව ගැන යම් විශ්වාසයක් යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා සංගමයට තිබිය යුතුයි. ඒ විශ්වාසය ලැබෙන්නේ කොහෙන් ද? රවි කරුණානායක ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් ඇමති නිසා ද? නැත්නම් මංගල සමරවීරගේ දක්‍ෂ රාජ්‍ය තාන්ත්‍රික භාවය නිසා ද? රනිල් කෘතහස්ත දේශපාලනඥයකු නිසා ද? මෛත්‍රිපාලට එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් නැතිව අතට අත දුන් නිසා ද?