සරසවි නැහැදිච්චකම
පේරාදෙණියේ හිල්ඩා ඔබේසේකර ශාලාව ඉදිරිපිට මෝටර් රථයක් නවතා
දුරකතනයෙන් කතා කරමින් සිටි බටහිර වෛද්‍යවරයකුට පේරාදෙණි ශිෂ්‍යයන් පිරිසක් පහර
දීලා. ඒ වෛද්‍යවරයාත් එම විශ්වවිද්‍යාලයෙහි ම ඉගෙන ගත් අයකු බවයි පැවසෙන්නෙ. මේ පහර දුන් ශිෂ්‍යයන් මොන පීඨයේ ද? ඔවුන් විශ්වවිද්‍යාලයේ සිටිය ද එහෙම නැත්නම්
ගලහ පාරේ ගමන් කරමින් හිටිය දී තම අණසකට යටත් නොවී රථයක් නවතා තිබෙනු දැක ඇත් ද?
මා මේ ප්‍රශ්න අසන්නේ මේ දිනවල විශ්වවිද්‍යාලයේ
ඇතැම් පීඨ වසා ඇති බව මගේ දැනුම නිසා. මගේ දැනුම වැරදි වෙන්න පුළුවන්.