අපේ ම නොවන අපේ ගණිතය
අප කලින් දවසක (!5 වැනි දා) කතා කළා ගණිතයේ සාපේක්‍ෂ බව
ගැන. ප්ලේටෝගේ සිට මෙයිසු ද කවු ද දක්වා බටහිර දාර්ශනිකයන් හිතන්නෙ ගණිතය අපෙන්
තොරව පවතින බවත් එය සත්‍ය බවත්. ප්ලේටෝ
විඥානවාදියකු ලෙස හංවඩු ගැසුණත් ඔහුත් ද්‍රව්‍යවාදියෙක්. ඔහුගේ අර සුප්‍රසිද්ධ
ගුහාවේ කතාවෙන් කියැවෙන්නේ ඊනියා යථාර්ථයක් පවතින බවත් අපට දැනගැනීමට හැකිවන්නේ
එහි හෙවනැල්ල පමණක් බවත්. මේ ඊනියා යථාර්ථය අපට දැනගැනීමට නොහැකි බව ඔහුගේ කතාවෙන්
කියැවෙනවා.