Main Logo

Showing posts with label Angles of a Triangle. Show all posts
Showing posts with label Angles of a Triangle. Show all posts

Wednesday, 24 October 2018

අපේ ම නොවන අපේ ගණිතය


අපේ ම නොවන අපේ ගණිතය



අප කලින් දවසක (!5 වැනි දා) කතා කළා ගණිතයේ සාපේක්‍ෂ බව ගැන. ප්ලේටෝගේ සිට මෙයිසු ද කවු ද දක්වා බටහිර දාර්ශනිකයන් හිතන්නෙ ගණිතය අපෙන් තොරව පවතින බවත්  එය සත්‍ය බවත්. ප්ලේටෝ විඥානවාදියකු ලෙස හංවඩු ගැසුණත් ඔහුත් ද්‍රව්‍යවාදියෙක්. ඔහුගේ අර සුප්‍රසිද්ධ ගුහාවේ කතාවෙන් කියැවෙන්නේ ඊනියා යථාර්ථයක් පවතින බවත් අපට දැනගැනීමට හැකිවන්නේ එහි හෙවනැල්ල පමණක් බවත්. මේ ඊනියා යථාර්ථය අපට දැනගැනීමට නොහැකි බව ඔහුගේ කතාවෙන් කියැවෙනවා.

Monday, 8 October 2018

ත්‍රිකෝණයක කෝණවල එකතුව


ත්‍රිකෝණයක කෝණවල එකතුව



ද්‍රව්‍යවාදීන් අලුතෙන් කියල ගේන තර්ක දෙකක් තියෙනවා. එකක් අර මිනිසුන් ඇති වන්නට පෙර ලෝකය (විශ්වය) තිබුණා ය කියන කතාව. මා එය අර දෘශ්‍ය ශ්‍රව්‍ය පටයේ සාකච්ඡා කරනවා. මා ඒ පටය ගැන කලින් ලියා තියෙනවා. අවශ්‍ය නම් ඒ ලිපි හොයා ගෙන කියවන්න. භාරකාර සම ආණ්ඩුව කියන එක  ගැනත් මා ලියා තියෙනවා කියල කිව්ව ම කරන්න තියෙන්නෙ ඒ ලිපි හොයා ගෙන කියවන එක. එහෙත් ඇතැම් පඬි පෝතකයන් කරන්නෙ භාරකාර සම ආණ්ඩුව ගැන තමන් අහල නැහැ, එය මොකක් ද කියලා අහන එක. මට කාටවත් නැවත නැවත උගන්වන්න ඕන නැහැ. ඕන කෙනකුට කාලයේ ලිපි කියව ගන්න පුළුවන්.