Main Logo

Showing posts with label Resa. Show all posts
Showing posts with label Resa. Show all posts

Thursday, 29 August 2019

ලේක්හවුසිය තිස්ස විතාරණ හා ගෝඨාභය

         සිංහල ලිත් ඉලක්කම් 


ලේක්හවුසිය තිස්ස විතාරණ හා ගෝඨාභය 


ලේක්හවුසියෙන් මිනිසුන්ගේ ඇඟේ ගහන රැස පත්තර කඩමාල්ල මා ලියූ දෙයක් තමන්ට අවශ්‍ය අර්ථකථනයක් දීමට යොදා ගෙන තියෙනවා. ඕනෑම පෞද්ගලික මාධ්‍ය ආයතනයකට තමන් දරණ දේශපාලන හා වෙනත් මත වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තියෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වළු. ඒත් රජයේ මාධ්‍ය ආයතනවල දේශපාලන හා අනෙක් මත විය යුත්තේ කවරේ ද? රජයේ ආයතන යනු ආණ්ඩුවේ ආයතන නොවන බව මෙරට දේශපාලනඥයන්ටවත් ජනතාවටත් ඒ ආයතනවල වැඩ කරන බොහෝ දෙනාටවත් තේරෙන්නේ නැහැ.