Main Logo

Showing posts with label Thamilmaran. Show all posts
Showing posts with label Thamilmaran. Show all posts

Sunday, 1 October 2017

විද්‍යා ඝාතනය


විද්‍යා ඝාතනය



මේ සිවලෝගනාදන් විද්‍යා ඝාතනය මිස බටහිර විද්‍යා ඝාතනය නො වේ. බටහිර විද්‍යාවට පැවැත්මක් ඇත්තේ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත හිතළු පමණයි. ඒ හිතළු ඇතැම් විට හරි යනවා. එහි ඊනියා සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟා වීමක් නැහැ. බටහිර විද්‍යාව සත්‍යය යැයි කිව හැක්කේ සත්‍යය යනු කුමක් දැයි දන්නේ නම් පමණයි. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය යැයි හෝ සත්‍යයට ළඟා වන්නේ යැයි හෝ කියන්නේ කෙසේ ද? මෙය සයන්ස් යන්න විද්‍යාව ලෙස පරිවර්තනය වීම නිසා සිදු වී ඇත්තක් නො වේ. ලොවේ අන් රටවල, විශේෂයෙන් ම බටහිර රටවල, සයන්ස් සත්‍යය හෝ සත්‍යයට ළඟා වන්නක් ලෙස සැලකෙනවා. පඬියන් වීමට උත්සාහ කරන ඇතැමුන් මේ බවක් දන්නේ නැහැ.  බටහිර විද්‍යාව පවත්වාගෙන යනු ලබන්නේ පට්ටපල් බොරුවලින්. එහි ඝාතනය කිරීමට දෙයක් නැහැ.