Main Logo

Saturday, 10 September 2011

ආධානග්‍රාහී අයින්ස්ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ නොව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නොකියැවෙනවා පමණක් නොව ජනතාවට වැරදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසමින් ඒ පාරතොටේ හමුවන ඕනෑම අයකුට වුව ද කළහැකි පරීක්‍ෂණ ලෙස ඒත්තුගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්තරා තක්කඩි අදහසකින් යැයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හැඳිනගැනීමට සැලැස්වූ කල අනෙක් දැනුමි පද්ධතියක් ද ඕනෑම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක් පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වා ගෙන යෑම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක් වේ. බටහිරයන් අනෙක් අයගෙන් ඉල්ලන්නේ තමන් ද නොරකින ප්‍රතිපත්තියක් රැකීමට ය. පාරතොටේ හමුවන ඕනෑම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් ලත් අයකුටවත් ගිබ්ස් බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක් කළ නො හැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්ඩායමක් සමග එකතු විය යුතු ය. එවැනි කණ්ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක් මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවීම ය. තමන්ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්ඩායමක් ඇතිකර ගැනීමට හැකියාවක් හා උනන්දුවක් ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. හිග්ස් බෝසෝනය ඕනෑම අයකුට කළ නොහැකි පරීක්‍ෂණයක් සඳහා දිය හැකි එකම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑම අයකුට කළ හැකි නො වේ.

අනෙක් අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්ටමටවත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැතිවීම එයට එක් හේතුවක් පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක් නැතිවීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමති මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්ත චින්තනයක් අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විිද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්ත චින්තනයක් තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්ත චින්තනයක් නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන්ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම කරුණු ය. ඕනෑම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන්ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන්ගේ පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහණයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අයගේ ප්‍රතිශතය එයටත් වඩා අඩුවිය යුතු ය. සමස්ත සත්ව සංඛ්‍යාව ගතහොත් මිනිස් භවයක් ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්තියෙන් හෙබි අයගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක් නො වේ. ඒ සඳහා කුසල් ශක්තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් කුසල් ශක්තියක් නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක් නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්ට්‍රෝන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලකේට්‍රෝන දැක නැති සන්දර්භයක අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්ට්‍රෝන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්ට්‍රෝන ගැන නොව විද්‍යුතය ගැනවත් කිසිම පරීක්‍ෂණයක් නොකළ අය ඉලෙක්ට්‍රෝන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නොවන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නගී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොරව ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරති.

උගත් යැයි සම්මත අය ආධ්‍යාත්මික ශක්තිය ඔස්සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නොකරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක් ඇතිකර ගැනීමට සමාජයෙන් ඉඩක් නොලැබෙන බැවිනි. මෙරට උගතුන් යැයි සම්මත වූවනට අයින්ස්ටයින් කියා ඇති මෝඩ කතාවක් වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුචිචාරණය කිරීමට බාධාවක් නැත. දෙවියන් වහන්සේ දාදු කෙලින්නේ නැතැයි අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇතිව ප්‍රකාශ කළ හැකි විය යුතු යැයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක් පමණකි. ක්වොන්ටම් අංශු හා ඊනියා සම්භාව්‍ය අංශු එකම ආකාරයකින් හැසිරිය යුතු යැයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක් ද? එහෙත් අයින්ස්ටයින්ගේ ප්‍රකාශය මහදැනමුත්තකුගේ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යැයි සම්මත අයගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සෑදි පෑදි සිටිති. ක්වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉතාමත් ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නොකරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනකු හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්සක දෙවියන්, ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන එක් කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳ ව විවිධ උපදෙස් දෙති. මට දෙවිවරුන් සමග සම්බන්ධවීමට තරම් කුසල් ශක්තියක් නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක් සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක් ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක් ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන්ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පුද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක් නොව ඔවුන්ගෙන් කිහිප දෙනකු පුද්ගලික ව විපස්සක හා නාථ දෙවිවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නම් ගම් හෙළිදරවු කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) බව ද ඇතැම් පෙදෙස්වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍යවන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බෝසතාණණ් වහන්සේ යැයි ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරදි සිදුවිය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක් ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදුවිය යුතු යැයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගෙස් ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන්ගේ සෑම ක්‍රියාවක් සමග ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩ නැගීම හා සිංහල බෞද්ධ සමාජයක් නැවත ඇතිකිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ නොවන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමග එකඟ නොවන්නේ වෙනත් අයකු සමග එකඟ නොවන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරීමේ දී මාධ්‍යයක් ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්සක දෙවියන්ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක් ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටියහ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන් ඇති අය සිටීම අරුමයක් නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන්ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ තාක්‍ෂ’ණ ශිල්පීන්ට කරන අගෞරවයක් ලෙස නොසැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යැයි පෙන්නුම් කරමිනි. අයින්ස්ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක් කළත් එය පිළිගැනීමටත් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සංයුක්තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂෙප කිරීමටත් ඊනියා විිද්‍යාඥයන් පෙළඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක් පැත්තෙන් ඒ සංකල්ප ඔස්සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.

වෙන්වී සිටින දෙමළ ජනයා සිංහල ජාතියට බඳවා ගනිමු

සිංහලයන් හා සුලු ජාතීන් අතර සම්බන්ධකම් අද පලුදු වී ඇත. විශේෂයෙන්ම දෙමළුන් හා සිංහලුන් අතර පෙර තිබූ සුහදතාව නැති වෙන්නට ආසන්නතම හේතූව දෙමළ ජාතිවාදී දේශපාලනයත් ඉන් බිහි වූ ත්‍රස්තවාදයත් බව පැහැදිලිය. විටින් විට ඇතිවූ අසූතුනේ ජූලි කලබළය වැනි අවස්ථාවාදී ප්‍රචන්ඩ ක්‍රියාද මෙයට හේතු වුන බව අප පිළිගත යුතුය. නමුත් ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් ගේ අනුග්‍රහයත් අනුබලයත් ලැබි දෙමළ ජාතිවාදී දේශපාළණය නොතිබෙන්නට මෙරට වාසය කරන සිංහලුන්ට සහ දෙමළුන්ට ඔවුනොවුන් සමග සමගි සමාදානයෙන් ජීවත් වීමට ඉඩ තිබිනි...

On so called scientific knowledge – II

We are concerned with knowledge and naturally two questions spring to mind. Now that sentence itself gives rise to another basic problem. Is it spring to mind or spring in the mind? I am not familiar with the usage in English but I am inclined to think that the first expression is in accordance with the English practice, whereas the second is the usual way of expressing it in Sinhala. In Sinhala one would say manasehi pena nagina prashana and not manasata peminena prashana. It is needless to say these differences make learning English difficult for Sinhala children and even in my old age I am still learning how to express myself in English. Leaving apart these differences in the two cultures for the time being I would mention that the two questions are what is knowledge and knowledge of what. There is no satisfactory definition of knowledge (there is no satisfactory definition of anything for that matter and definitions are involved in linear thinking) and we may formulate some of the auxiliary questions associated with the above two questions, namely is knowledge discovered or is it constructed and in either case who discovers or constructs knowledge, is there anything called true knowledge, does knowledge consists only of true propositions, what is meant by truth, what are illusions, delusions and hallucinations, are all propositions illusions, what are myths, etc. I tend to think the list of questions is very long and I would not attempt to answer all such questions, for the simple reason that the editor and above all the readers would not entertain the idea.

As I have said I am a failed western Theoretical Physicist and perhaps a failed Sinhala Buddhist “academic” as well. However, I tend to think that I have many things in common with Sinhala Buddhist culture than with western science. Sometimes it is said that western science is not a dogma, and the propositions or theories are only tentative. It is also said that according to Popper, in western science theories are falsifiable, and that the scientists attempt to falsify theories and western science advances through this process. Then there are others who claim that in western science theories gradually approach the truth though the theories may be approximate with respect to truth at best at present.

Even those who have an inclination to consider western science as non dogma have a tendency to treat non science as myth or non sense. That itself is a dogma as according to them western science is not a myth nor an illusion, delusion, hallucination. Some of those, if not all, ‘tentative theories” could have been myths, and not to treat them as myths while considering propositions in other systems as myths is not only dogmatic but hegemonic as well.

It is clear from the literature on knowledge, the western philosophical tradition is interested in the knowledge of an external world that exists independent of observers. With or without human observers, in the western tradition the animals who until recently did not have minds according to western biology which discovered the minds of the animals few years ago, are not considered as observers, the so called external world exists. Thus it is the knowledge of an external world independent of human observers that the westerners are interested in. Now what is meant by the knowledge of the external world, provided of course that we know that there is an external world? One could easily see that we go in a cycle and it is not consistent with Aristotelian logic which is two valued twofold and linear. In the Aristotelian scheme one is not allowed to define terms using the very same words and with respect to knowledge one is faced with the problem of defining knowledge in terms knowledge.

In order to know an external world one has to have knowledge of an external world that exists independent of human observers. Without knowing that there is an external world it is futile to attempt to have knowledge of the external world. Thus in order to have knowledge of an external world one should first know that an external world exists independent of human observers. Thus even before one could define the word knowledge, if it is possible at all, one has to know that an external world exists. Knowing that an external world exists independent of human observers, then to have knowledge of the external world in the western tradition, one should be able to both describe and explain the world.

One can say an object called the sun rises from a direction called the east and then having journeyed through the sky sets in the direction called the west. It is a description of what is believed to be happening in the external world and to that extent it is knowledge of the external world. Similarly one could say that the coconuts and apples fall to the ground or stones thrown upwards fall to the ground. Though these constitute descriptive knowledge of the so called external world, knowledge does not end there. Humans are very often not satisfied with description and want explanations. Explanations lead to theory and they in turn enable people to predict.

Now before we proceed, can we say that the description of sun’s journey constitutes knowledge? Is it an illusion? Is it a false interpretation of a phenomenon? Does the sun go round the earth? I believe that many of the educated would consider it as an illusion. However, for many ordinary people such as me it is a description of part of the world whether the existence of the world is a reality or not. It is a description according to some observers, and with respect to them the sun moves relative to the earth, while the earth remains at rest. However, one could always ask the following question. What is the object relative to which the earth is at rest? While people such as me are happy with the description that the sun moves around the earth and prepared to accept that it is (conventional) knowledge, there are others who are usually educated who would say that the earth goes around the sun without observing any motion of the earth with their eyes. Perhaps the educated people see the world through the eyes of the other people, and that may be one of the reasons that they are fond of quoting others.

Even those educated people who would consider the motion of the sun around the earth as an illusion or a false (not true) interpretation of a phenomenon and declare that the earth goes around the sun would not consider gravity as an illusion. Having said that the earth goes around the sun some would want to explain this description of a certain phenomenon. Though it is said that it was Copernicus who “discovered” that the earth moves around the sun it had been known to Bharath people for centuries, but if we allow Galileo to take the credit for propagating this “discovery” then the credit for explaining the phenomenon goes to Newton who is supposed to have “discovered” his universal theory of gravitation. In this case we see description being followed by explanation and Galileo and Newton or Copernicus and Newton form an ideal pair who combined in this game of description and explanation. As far as most of the educated people are concerned the theory of gravitation is not an illusion and they would vow that the coconuts fall to the ground because of gravitation. After all Newton’s theory of gravitation belongs to western Physics and it is still taught in our schools and universities in the Physics classes, not to mention the tuition classes of various sirs.

The theory of gravitation has become scientific knowledge, and when I asked a Cambridge educated senior lecturer in western Chemistry, after all Newton was at Cambridge, how he knew that gravitation exists, he said that he could feel it. Gravitation had become so much empirical to this Cambridge Doctor of Philosophy; he declared that he had sensory perception of gravity. Naturally I was interested in “discovering” the sense organ with which he felt gravitation. However, I was disappointed when I came to know that he has only the sense organs that the others have. (To be continued)

Copyright Prof. Nalin De Silva

Sunday, 4 September 2011

ඕනෑම අයකුට කළහැකි යැයි කියන පරීක්‍ෂණ

අප මුහුණ පා ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකට ය. අද ලෝකයේ ඇති ප්‍රධාන ම දේශපාලන ප්‍රශ්නය අනෙකක් නොව දැනුම පිළිබඳ ප්‍රශ්නය ය. දේශපාලනය යනු පක්‍ෂ දේශපාලනය පමණක් නො වේ. දෙදෙනකු හෝ වැඩි පිරිසක් හෝ අතර බල අරගලයක් ඇත්තේ කොතැනක ද එතැන දේශපාලනයක් වෙයි. දැනුම දේශපාලනයෙන් ස්වායත්ත යැයි බොහෝ දෙනා සිතති. එහෙත් දැනුම තරම් දේශපාලන ආධිපත්‍යයක් ඇතිකරන තවත් ප්‍රපංචයක් වත්මන් ලෝකයේ නැත. අද සෑම දෙයක් ම දැනුම මත පදනම් වන්නේ යැයි කියනු ලැබේ. එහෙත් මේ දැනුම කාගේ දැනුමක් ද යන්න කිසි විටෙකවත් නො කියැවෙයි. දැනුම ගැන සෑම අයකුම පාහේ කතාකරන්නේ එය වාස්තවිකවූ ද නිරපේක්‍ෂකවූ ද ලෙස සලකමිනි. එහෙත් අප කතාකරන්නේ පසුගිය සියවස් පහක පමණ කාලයක බටහිර නිර්මාණය වූ දැනුමක් ගැන බව අපට බොහෝ විට නො තේරෙයි. අද සිදු වී ඇත්තේ බටහිර දැනුම ලෝකයට ම පොදු වූ වාස්තවික හා නිරපේක්‍ෂ දැනුමක් බවට පත්කිරීමකි. එහෙත් එය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ බටහිර නිර්මාණය වූ දැනුමක් පමණක් ය යන්න බොහෝ දෙනාට නොතේරෙන්නේ ඇයි ද යන්නට ද පිළිතුර ඇත්තේ එසේ නොවේ යැයි සිතීමට ඔවුන් පුහුණු කර තිබීම මත ය.

බටහිර විිද්‍යාවට ඇති ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැත. අනාදිමත් කාලයක සිට මිනිසුන් පර්යේෂණ කර ඇත. වී වගාව හෝ බත් පිසීම හෝ අත්හදා බැලීම්වලින් තොරව කළහැක්කක් නො වේ. අපි ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී යම් උපකල්පනයක් කර එය ප්‍රශ්නයට නිසි පිළිතුරක් නො වේ නම් වෙනත් උපකල්පනයක් මත පදනම් වෙමු. බටහිර විද්‍යාවට වඩා සාමාන්‍ය ජීවිතයේ දී අපි ඒ පිළිබඳ ව අවංක වෙමු. එයට හේතුවක් වෙයි. සාමාන්‍ය ජීවිතයේ දී අපේ පිළිුතුරු ජීවිතය සමහ බැඳී තිබීම එහි දී බලපායි. එහෙත් බටහිර විද්‍යාවේ දී නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් සූර්යයා වටා කිසිම ග්‍රහවස්තුවක චලනය නිසි ලෙස පැහැදිලි නො කෙරුණ ද අපි බොහෝ දෙනෙක් එය තවමත් පිළිගනිමු. එසේ කරන්නේ එවැනි ප්‍රවාදයක නිගමන හා නිරීක්‍ෂණ අතර වෙනසක් තිබුණ ද අපට එය ජීවිතයේ දී බලනොපාන බැවිනි.

මා දන්නා තරමින් කාලෝ ෆොන්සේකා මහතා ගිනි පෑගීම පිළිබඳ ව සම්පරීක්‍ෂණ කර නොමැත. ඔහු එවැනි සම්පරීක්‍ෂණයක් සැලසුම් කර තිබිණි යැයි මම නො සිතමි. එමෙන් ම ඒ මහතා කතෝලික පල්ලිවල සිදුවන්නේ යැයි කියන හාස්කම් පිළිබඳව ද පර්යේෂණ කර නැත. එසේ නොකරන්නේ ඇයි ද යන්න පිළිබඳ ව ද ඔහු මා දන්නා තරමින් කිසිම ප්‍රකාශයක් කර නැත. ඔහුට එසේ කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින්නේ ද?. ඔහු කතෝලිකයකු ලෙස කුඩා කල ද තරුණ කල ද ගත කළේ ය. ඒ කෙසේ වෙතත් ඔහු අද බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පිළිගනියි. එය යම් දේශපාලනයක් පිළිගැනීමකි. බටහිර විද්‍යාවට දේශපාලනයක් ඇත. එය කතෝලික චින්තනයට හා යුරෝපීය මධ්‍යකාලීන වැඩවසම් සංස්කෘතියට එරෙහිව කරන ලද සටනකින් පසුව තහවුරු කරගත් දේශපාලනයකි.

බටහිර විද්‍යාව පංචේන්ද්‍රියන්ට ආනුභවික වේ යැයි කියනු ලැබේ. එහෙත් අපේ පංචෙන්ද්‍රිය පරිපුර්ණ නො වේ. ඒ එක් කරුණක් පමණකි. ආනුභවික වන්නේ එනම් ඉන්ද්‍රියවලට දැනෙන්නේ කුමක් ද? පවතින්නේ ඉන්ද්‍රියවලට දැනෙන දේ පමණක් ද? බටහිර විද්‍යාවෙහි එයට පැහැදිලි පිළිතුරක් නැත. එහෙත් බටහිර විද්‍යාඥයෝ පංචෙින්ද්‍රියන්ට ගෝචරවන ලෝකයක් පවතින බව කියති. පංචෙින්ද්‍රියන්ට ගෝචර විය හැකි ලෝකයක් මිනිසුන් නැතිව වුව ද (පංචෙන්ද්‍රියන්ගෙන් තොරව ද) පවතින බව බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද? එසේ තිබෙන බව මනසින් තොරව පෙන්විය හැකි අයෙක් වෙත් ද? වෙනත් වචනවලින් කිවහොත් මනසින් තොරව පංචෙන්ද්‍රියන්ට ආනුභවික, එනම් පංචෙන්ද්‍රියන්ට ගෝචරවන ලොවක් ඇති බව මනසෙන් තොරව පංචෙනද්‍රියන්ගෙන් පමණක් දැනගත හැකි ද? එය කිසිසේත් කළ නොහැක්කකි.

බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් (මනස නොමැතිව යන අරුතින්) ආනුභවික ලෝකය ම පට්ටපල් බොරුවකි. ඔවුන් පර්යේෂණ කරන්නේ යැයි කියන්නේ එවැනි ලෝකයක ය. බටහිරයෝ එවැනි ලෝකයක් ඇතැයි සිතාගෙන එහි විවිධ දෑ කරති. එහෙත් ඒ එක් ක්‍රියාවක්වත් මනසෙන් ස්වායත්ත නො වේ. කිසිම අයකුට සංකල්පයකින් තොරව සංජානනයක් ලබාගත නො හැකි ය. සෑම සංජානනයක් ම සංකල්පයක් මත රඳා පවතියි. හැකිනම් සංකල්පයකින් තොරව සංජානන ඇති බව සංකල්පවලින් තොරව පෙන්වන්න. බටහිරයන්ගේ සෑම සංජානනයක් ම පමණක් නොව කාගේත් සංජානන සංකල්ප සමග බැඳී ඇත. බටහිරයන්ගේ සංජානන බටහිර සංකල්ප මත රඳා පවතින අතර, අපේ සංජානන අපේ සංකල්ප මත රඳා පවතියි.

පෝල් ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇති අයුරින් ද බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැත. මිනිසා සෑමදාමත් නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ කර ඇත. එමෙන් ම ප්‍රවාද හෙවත් කතන්දර ද ගොතා ඇත. ජනප්‍රවාද යනුවෙන් හැඳින්වෙන්නේ ජනතාව විසින් ගෙතෙන කතන්දර ය. මේ කතන්දර හා බටහිර විද්‍යාවේ කතන්දර අතර ඇතැම් විට වෙනසක් දැකිය හැකි ය. ඒ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් හේතුකොටගෙන නොව චින්තනයේ ඇති වෙනස නිසා ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අනෙක් චින්තනවලට වඩා වියුක්ත ය. එයට යුදෙවුවන්ගෙන් ලැබුණු වියුක්තභාවය වෙයි. එබැවින් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත වෙයි.

වියුක්තය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. වියුක්ත සංකල්ප සිතින්වත් මවාගත හැකි නො වේ. ඒ යුදෙව් දෙවියන් වහන්සේ මෙනි. දෙවියන් වහන්සේ යනු සිතින්වත් මවාගත නොහැකි සංකල්පයකි. යුදා ආගමේ හා ක්‍රිස්තියානි ආගම්වල දෙවියන් වහන්සේගේ පිළිම අඹා නැත්තේ එබැවිනි. කතෝලික ආගමේ මෙයින් ගොඩ ඒම සඳහා මරියතුමියගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ පිළිම ඇඹිණි. ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්තය හඳුන්වා දුන්නේ ය. ඔහු පොළොව ඉර වටා යන බව දැනගත්තේ කොපර්නිකස්ගෙනි. කොපර්නිකස් ඒ බව දැනගත්තේ අරාබි වෙළෙන්දන්ගේ මාර්ගයෙන් භාරතීයයන්ගෙනි. භාරතීයයන් ඒ බව දැනගත්තේ කෙසේ ද? ඔවුන්ට එය සංයුක්ත අත්දැකීමක් විය. ඒ අත්දැකීම මිනිස් ඇසින් ලත් එකක් නොව මනසෙන් ලබාගත් එකක් විය. භාරතීයයන් මනසෙන් ඒ අත්දැකීම ලබාගත්තේ ධ්‍යාන ඉපදවීමෙන් ය. අවශ්‍ය ධ්‍යාන ක්‍රමය ප්‍රගුණ කළ අයට මනසෙන් පොළොව ඉර වටා යනු දැකගත හැකි විය. අප අමතක නොකළ යුතු කරුණු දෙකක් වෙයි. එකක් නම් එය සංයුක්ත දත්දැකීමක් වීම ය. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවුවත් ෂඩේන්ද්‍රිය (මනස හයවැනි ඉන්ද්‍රිය වෙයි) ගෝචර විය. දෙවැන්න වනුයේ ඕනෑම අයකුට පොළොව ඉර වටා යන බව දැකගත හැකි වීම ය.

මෙය ඕනෑම අයකුට බටහිර විද්‍යාවේ දී මන්දාකිණි දැකගත හැකි යැයි කීමට සමාන ය. බටහිර විද්‍යාවෙහි දී ඕනෑම අයකු යන්නෙන් අදහස් කරන්නේ බටහිර තාරකා විද්‍යාව, විශ්වවවේදය ආදියෙහි නිරීක්‍ෂණ ක්‍රම පුරුදු කළ ඕනෑම අයකු යන්න ය. විවිධ වර්ගවල දුරේක්‍ෂවලින් අහස දෙස බලන්නේ කෙසේ දැයි පුහුණුවක් නොලබන කිසිවකුට බටහිර විද්‍යාවේ දී මන්දාකිණි දැකගත නො හැකි ය. ඒ පුහුණුව දවසකින් දෙකකින් ලබාගත හැක්කක් නො වේ. ඒ සඳහා පාසලේ දී, විශ්වවිද්‍යාලයේ දී පුහුණු විය යුතු ය. අදාළ ෙසෙද්ධාන්තික දැනුම ලබාගත යුතු ය. බටහිර ඕනෑම අයකුට යම් පරීක්‍ෂණයක් කර බැලිය හැකි යැයි කියන විට ඕනෑම අයකු යන්නෙන් අදහස් කරන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකු නොව අදාළ ශාස්ත්‍රය හා ශිල්ප ප්‍රගුණ කළ අයකු ය. එහෙත් අප බොහෝ දෙනකුට ඒ පිළිබඳ හැඟීමක් නැත. බටහිර වෛද්‍යවරයකු වෛද්‍ය වාර්තා හෝ එක්ස් කිරණ ඡායාරූපයක් හෝ බලා කියන දෙය ඕනෑම අයකුට කළ හැකි දෙයක් නො වේ. ඒ සඳහා ඒ තැනැත්තා පුහුණුව ලැබිය යුතු ය. අනෙක් අතට අප දන්නා කරුණක් නම් ඇතැමුනට ඒ පුහුණුව දුන්නත් අවශ්‍ය දැනුම ලබාගැනීමේ හැකියාව නොමැති බව ය. ඒ දැනුම ලබාගැනීමට යම් පිනක්, වාසනාවක් තිබිය යුතු ය.

ආධ්‍යාත්මික ව යම් යම් ශක්තීන් ලබාගැනීම ද එසේම ය. එය ද පාර තොටේ හමුවන ඕනෑම අයකුට ලබාගත හැකි නො වේ. ඒ සඳහා ද පිනක්, වාසනාවක් තිබිය යුතු ය. බටහිරයන් ධ්‍යාන වඩා ලබාගන්නා දැනුම ඕනෑම අයකුට ලබාගත නොහැකි යැයි පවසන විට ඔවුන් නොකියන කරුණ නම් බටහිර විද්‍යාවේ ද ඊනියා පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ නොහැකි බව ය. ඒ සඳහා අවුරුදු ගණනක් වෙහෙස මහන්සි වී පුහුණුවක් ලබාගත යුතු වෙයි. ඇතැම් භාරතීයයනට තිබූ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ වාසනා ගුණය කොපර්නිකස්ට හෝ ගැලීලියෝට හෝ නො වී ය. එහෙත් කතෝලික පූජකවරයකු වීම සඳහා පෝලන්තයේ සිට ඉතාලියට ගිය කොපර්නිකස්ට මෙන් නොව කතෝලිකයකු වුවත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කිමිදුණු ගැලීලියෝට වියුක්ත ව සිතීමේ හැකියාව විය. ගැලීලියෝ කළේ අන්කිසිවක් නොව භාරතීය චින්තනයේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම වෙනුවට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ වියුක්තය හඳුන්වා දීම ය. ගැලීලියෝගෙන් පසු තවදුරටත් ධ්‍යාන ඉපදවීමට හෝ භාවනා කිරීමට හෝ අවශ්‍ය නොවී ය. ඔහු වියුක්ත ප්‍රවාද ඔස්සේ යුරෝපීයයනට නොතිබුණු ආධ්‍යාත්මික ශක්තියට යම් ආදේශයක් ලබාගත්තේ ය.

එහෙත් මෙයින් කියැවෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් ලබාගන්නා සියළු දැනුම් වියුක්ත චින්තනයෙන් ලබාගත හැකිය යන්න නො වේ. භාරතයේ ද ධ්‍යාන වැඩිය නොහැකි අය අධ්‍යයන සඳහා යොමු වූහ. ගැලීලියෝ ද කළේ එවැන්නකි. එහෙත් භාරතීයයන්ට වඩා වියුක්ත චින්තනයක් යුදෙව්වන් සතු විය. එය ඒ වන විට ගැලීලියෝ ඇතුළු ඉතාලියේ යම් පිරිසක් ද ලබාගෙන සිටියහ. භාවනාවෙන් ධ්‍යාන මගින් තමන්ට ලබාගත නොහැකි දැනුමක් වියුක්ත චින්තනයෙන් ලබාගැනීමට ගැලීලියෝ සමත් විය. අප නැවතත් භාවනාවෙන් දැනුම ලබාගැනීමට සැරසෙන විට මෙරට විද්‍යාඥයන් නමින් පෙනී සිටින තාක්‍ෂණ නිලධාරීහු විරුද්ධ වෙති. ඒ එමගින් බටහිර දේශපාලන ආධිපත්‍යයට පහරක් වදින බැවිනි. භාවනාවෙන් හා ආධ්‍යාත්මිකව ලබාගත හැකි දැනුම බටහිර විද්‍යාවේ දැනුමට වඩා ඉතා උසස් බව මම අත්දැකීමෙන් දනිමි. අපේ දැනුමක් ඉදිරියට ඒම බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ඇබිත්තයන් නුරුස්සන්නේ ඇයි දැයි අපට සිතාගත හැකි ය.

බටහිර ජෛවීය විද්‍යාඥ්‍රයන් හා බටහිර වෛද්‍යවරුන් නිතර කතාකරන ඊනියා සම්පරීක්‍ෂණ ගැන ද වචනයක් කිව යුතු ය. මේ සම්පරීක්‍ෂණවල පාලක නියැදිය තෝරාගැනීම සෑම විට ම පහසු කටයුත්තක් නො වේ. අපි උදාහරණයක් ලෙස රගරට වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් ගනිමු. එහි දී රජරට ප්‍රදේශයෙන් ම රෝගීන් සහ රෝගීන් නොවන්නන් තෝරා ගැනීමේ දී ප්‍රශ්න මතුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට වකුගඩු රෝගියකු හඳුනාගත හැක්කේ රෝගී තත්වයට මුහුන පා, එනම් අප දන්නා අයුරින් ආසනික් ශරීරගත වීමෙන් බොහෝ කලකට පසුව ය. බටහිර විද්‍යාවට අනුව නීරෝගී අයකු ලෙස තීරණය කෙරෙන අයකු වුව ද, රෝගී විය හැකි ය. එවන් තත්වයක වකුගඩු රෝගය සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තීරණය කෙරෙන රෝගියකුගේ හා නීරෝගී අයකුගේ මූත්‍රා නියැදිවල ආසනික් ප්‍රමාණය වෙනස්වීමට අවශ්‍ය නො වේ. එබැවින් සම්පරීක්‍ෂණ ඔස්සේ මුත්‍රා නියැදි පරීක්‍ෂාකර රෝගයට හේතුව ආසනික් (ආසනේට්) ද නැත් ද යන්න දැනගත හැකි නො වේ.

ග්‍රීස් යක්කු

රීස් යක්කු කවරහු දැයි දැන් හෙළිදරවු වී ඇතැයි සිතමි. පසුගිය සතියේ දැක්මෙන් අපි ඒ පිළිබඳ හෝඩුවාවක් දුනිමු. අද වන විට සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ව පැහැදිලි අදහසක් ඇතිකරගැනීම අපහසුවක් නො වේ. ග්‍රීස් යකුන් පිටුපස ඇත්තේ ආණ්ඩු විරෝධී සිංහල විරෝධී දේශපාලන කණ්ඩායමකි. අද ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් ක්‍රියාකරන්නේ කෙසේ නමුත් මේ ආණ්ඩුව බලයෙන් පහකිරීමට ය. ඔවුහු ලෝකයේ තමන් අකමැති ආණ්ඩු බලයෙන් පහකරති. ඔවුහු ඇතැම් අවස්ථාවල සාර්ථක වෙති. එහෙත් ඇතැම් විටක පරාජය වෙති. අද ඔවුන්ට ලිබියාවේ යම් සාර්ථකත්වයක් ඇති කරගැනීමට හැකි වී ඇත. බටහිරයන්ට අවශ්‍ය තමන්ට නැමෙන මුස්ලිම් නායකත්වයකි. ඔවුහු සවුදු අරාබියේ නායකයන් ආරක්‍ෂා කරන අතර ගඩාෆිලා පන්නා දැමීමට කටයුතු කරති. ගඩාෆිගෙන් පසුව සිරියාව ඉරානය බටහිරයන්ගේ ඉලක්ක වනු ඇත. බටහිරයන්ට ලංකාවේ ද අවශ්‍ය වනුයේ ඔවුන්ට ගැති මුස්ලිම් නායකයන් පිරිසකි. එය මුස්ලිමුන්ට පමණක් සීමාවන්නක් ද නො වේ. සිංහලයන් හා දෙමළ ජනයා අතර ද ඔවුන්ට අවශ්‍ය බටහිර ගැති නායකයන් ය. ඔවුන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි නායකයන් ය. පොන්නම්බලම් රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්වා දෙමළ ජාතිවාදී නායකයන් අවසාන වශයෙන් කටයුතු කළේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට ය. ඇතැමකු ප්‍රභාකරන් බටහිරයන්ට අකීකරුව කටයුතු කළ බව ප්‍රකාශ කළත් ඒ එසේ නො වේ. අවසාන මොහොත දක්වා ම බටහිරයන් ක්‍රියා කළේ ප්‍රභාකරන් බේරා ගැනීමට ය. නම්බියාර් එකල මෙරටට පැමිණ සිටියේ ඒ කටයුතු සංවිධානය කිරීමට ය. එහෙත් ආණ්ඩුව හා හමුදා බටහිරයන්ට වඩා ඉක්මන් විය. එතරම් ඉක්මනට නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් හසුවේ යැයි බටහිරයෝ නො සිතූහ. සුදු කොඩි කතාවේ එක් අරමුණක් වනුයේ ප්‍රභාකරන් බේරාගැනීමට අසමත් වූ බටහිරයන් තමන්ට අත්වූ පරාජය මකා දැමීම ය. එහි ප්‍රධාන අරමුණ ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා රණවිරුවන් කිහිප දෙනකු ඊනියා ජාත්‍යන්තර අධිකරණයක් ඔස්සේ හැකිනම් දංගෙඩියට යැවීමටත් නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගු බව නැතිකිරීමත් ය. ඒ සඳහා බටහිරයන් යොදාගන්නා ප්‍රධාන අවිය වනුයේ බීබීසියේ හතරවැනි නාලිකාව හෙවත් චැනල් ෆෝ ය.

අද ප්‍රභාකරන් නැත. බටහිර ගැති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ අගමැතිවීමට සුදුසු වුවත් මෙරට ජනාධිපතිකමට නුසුදුස්සෙකි. එහෙත් ඔහුට අභියෝග කිරීමට හැකි ජාතිකත්වයක් ඇති නායකයෙක් එ ජා පක්‍ෂයේ නැත. කරු ජයසූරිය මෙන් ම සජිත් ප්‍රේමදාස ද ව්‍යාජ ජාතිකත්වයක් සහිත පුද්ගලයෝ ය. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන උපදේශිකාවක වූ රෝසි සේනානායකගේ ඇති ජාතිකත්වය කුමක් ද? ඇය සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රේමදාස පවුලේ අනෙක් අය අද ඇත්තේ කොතැනක ද? බටහිරයන් ඒ ඒ රටවල ක්‍රියාත්මක වීමේ දී අද ඒ ඒ රටෙහි ජාතිකත්වය, සංස්කෘතිය සමග ව්‍යාජ ලෙස බැඳුණු පුද්ගලයන් ඉදිරිපත් කරනු දැකිය හැකි ය. මෙය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ බටහිර ආසියාවේ මුස්ලිම් රටවල ය. සිංහල බෞද්ධ සංස්කෘතියක සජිත් රෝසි නටන නෙයියාඩම වටහාගැනීම අසීරු නො වේ. පන්සල් කිහිපයකට ගොස් මුදල් බෙදා දීමෙන් ජාතිකත්වය ඇතිකර ගැනීමට හැකිනම් සුනාමියෙන් පසු පන්සල් ගිය සොල්හයිම්ලාට ද ජාතිකත්වය ඇතිකර ගැනීමට හැකිවිය යුතුව තිබිණි. අප මෙයින් කීමට අදහස් කරන්නේ විජාතික මනසක් ඇති රනිල් වික්‍රමසිංහ රැකගත යුතු බව නො වේ. අද එ ජා පක්‍ෂයට ජාතිකත්වයක් ඇති නායකයකු සොයාගැනීමට නොහැකි වී ඇත. පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල දැනගැනීමට අංජනම්එළි බැලිය යුතු නො වේ. ජ වි පෙරමුණ ජාතිකත්වය හා ජාත්‍යන්තරවාදී මාක්ස්වාදය අතර දෝලනය වන පක්‍ෂයකි. අද එය ජාතිකත්වයට විරුද්ධ ය. අද ජ වි පෙ බටහිරයන්ගේ තවත් අතකොළුවක් පමණකි.

ආණ්ඩුවට විරුද්ධව ඊනියා ජනතා උද්ඝෝෂණ යොදා ගන්නා ආකාරය පෙන්වා දීමට බටහිරයන් යොදාගන්නේ, එසේත් නැත්නම් අත්හදා බැලීම් කිරීමට යොදාගන්නේ ජ වි පෙරමුණ බව පැහැදිලි ය. 1971 දී අත්හදා බැලුණු ත්‍රස්තවාදය ප්‍රභාකරන් අතින් වර්ධනය විය. ඒ සඳහා තරමක කාලයක් ගත විය. අද බටහිරයන්ට එතරම් කල් බලා සිටිය හැකි නො වේ. බටහිර රටවල් අද කඩාවැටෙමින් පවතියි. ඒ මාක්ස්වාදයට අනුව සිදුවන කඩාවැටීමක් නම් නොවන බව මෙරට සිටින කසිකබල් මාක්ස්වාදීන්ට කියා දිය යුතු ය. අද බටහිර රටවල් කඩාවැටෙන්නේ ධනපති පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් සූරාකෑම නිසා ඇතිවන ඊනියා අපෝහක ප්‍රතිවිරෝධතා නිසා නොව පරිසරය, එනම් ස්වාභාවිකත්වය සූරාකෑමත් ස්වාභාවිකත්වයට එරෙහිව යෑමත් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමත්, පෞද්ගලිකව ඉන්ද්‍රිය පිනවීම සඳහා ස්වාභාවිකත්වය බිලි දීමත් ආදී කරුණු නිසා ය. බටහිරයන්ට ඉන් ගොඩ ඒමක් නැත. ඔවුන් වෑයම් කරන්නේ තම සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ආසියාවේ හා අප්‍රිකාවේ රටවල ඔවුන්ට ගැති නායකයන් බිහිකර ගැනීමට ය. එහෙත් එය ඉක්මනින් කළ යුතුව ඇත. අද බටහිරයෝ ප්‍රභාකරන් නැති ලංකාවක, ජාතිකත්වයක් නැති රනිල් හා ව්‍යාජ ජාතිකත්වයක් පමණක් ඇති සජිත් අලි පටලැවිල්ලක හිරවී ඇති ලංකාවක, යන එන මං නැති ජ වි පෙරමුණට පාඩම් කිරීමට හැකි එහෙත් කල්පනා කිරීමට නොහැකි සරසවි ඇදුරන් කිහිප දෙනකු මුලාකිරීම හැරෙන්නට විශ්වවිද්‍යාලයක්වත් වසාගැනීමට නොහැකි ලංකාවක, ව්‍යාජ ජාතිකවාදී මුස්ලිම් නායකත්වයක් වහ වහා ඇතිකර ගැනීමට උත්සාහ කරති. ග්‍රීස් යකුන් ඒ සඳහා ය. එහෙත් ග්‍රීස් යකුන්ට ලිස්සන ගසේ බැසීම හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් නැත.

දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරණ බටහිරයන්, ඉන්දියානුවන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, තිස්ස විතාරණ ප්‍රමුඛ පැරණි වාමාංශිකයන්, අවුරුදු තිස්පහක් පමණ ක්‍රියාත්මක වන වික්‍රමබාහු කරුණාරත්න වැනි ඊනියා නව වාමාංශිකයන්, දෙමළ ජාතිවාදීන්, ඉස්ලාම් ජාතිවාදීන් අද වන විට තේරුම්ගෙන ඇති කරුණක් නම් සිංහල ජනතාවගේ කැමැත්තක් නැතිව ඒ කළ නොහැක්කක් බව ය. ආණ්ඩුව ඇතුළත සිටින්නන් හැරෙන්නට එකී අනෙක් සියළු දෙනාගේ ම අද අවශ්‍යතාව වී ඇත්තේ ආණ්ඩුව අස්ථාවර කිරීම ය. එහෙත් ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වූ එ ජා පක්‍ෂයට එවැනි අවශ්‍යතාවක් නැත. අද රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයෙහි මුලට ම ඇත්තේ ආණ්ඩුව අස්ථාවර කිරීම නොව පක්‍ෂ අභ්‍යන්තරයෙහි තම ස්ථාවරත්වය රැකගැනීම ය. ලංකා දේශපාලනයෙහි බිහිවූ දුර්වල ම දේශපාලනඥයන් අතර ඔහු ප්‍රධානියා නොවන්නේ නම් ප්‍රධානියෙක් වෙයි. එහෙත් ඔහු සජිත් නිසා රැකෙයි. ඊනියා සාකච්ඡාවලින් බලය බෙදීමකට සිංහලයන් කිසි දිනෙක ඉඩ නො දෙනු ඇත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දේශපාලනය සමග සංගත නො වෙයි. ඒ අප කිහිප වතාවක් ම කියා ඇති පරිදි රාමනාදන්ලාගෙන් ඇරඹි දෙමළ ජාතිවාදී දේශපාලන ප්‍රවාහය හා සම්බන්ධ සියළු ගිවිසුම්, ව්‍යවස්ථා සංශෝධන නන්දිකඩාල් කලපුවේ ජයග්‍රහණයෙන් පසු අවලංගු වීම නිසා ය. අද බටහිරයන්ට අවශ්‍ය කෙසේ නමුත් මේ ජයග්‍රහණය අකා මකා දැමීමට ය. චැනල් ෆෝ මෙන් ම මුස්ලිම් ජාතිවාදීන් කිහිප දෙනකු විසින් මෙහෙයවන ග්‍රීස් යකුන් ද ඒ සඳහා ය. රාවුෆ් හකීම් වැන්නන් ග්‍රීස් යකුන් පිටුපස සිටින මුස්ලිම් ජාතිවාදීන්ට විරුද්ධව දැඩි ස්ථාවරයකට නොයන්නේ නම් අපට ඒ පිළිබඳව ප්‍රශ්න ඇති වෙයි.

ග්‍රීස් යකුන් අල්ලා ගත්තත් නැතත් පහර දෙන්නේ පොලිසිවලට ය. එසේත්නැත්නම් හමුදා කඳවුරුවලට ය. ජනතාව ප්‍රකෝප කර සංවිධානාත්මක ව පොලීසියට පහර දීම අත්හදා බැලුණේ කටුනායක දී ය. එහි දී පොලීසියේ ඇතැම් දුර්වලකම් ද ප්‍රයෝජනයට ගැනිණි. ජ වි පෙ ඒ පසුපස විය. කටුනායක සිද්ධිය කම්කරු පංතියේ නැගිටීමක් ලෙස දුටු අඳ බාල මාක්ස්වාදීහු ද වුහ. අද මුස්ලිම් ජාතිවාදීන් හා දෙමළ ජාතිවාදීන් පිරිසක් විසින් ජ වි පෙ ආකෘතිය ක්‍රියාත්මක කරනු ලැබෙයි. බටහිරයන් මේ සියල්ල මෙහෙයවන්නේ යැයි අපි නො කියමු. එහෙත් ඒ පිළිබඳ ඔවුන් නොදන්නවා නො වේ. මෙහි ඇත්තේ මූලික වශයෙන් ම ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා අපකීර්තියට පත්කිරීමත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවල ගෞරවය කෙළෙසීමත් ය. ඒ සියල්ල ඔස්සේ නන්දිකඩාල් ජයග්‍රහණය පළුදුකිරීමත් එමගින් සිංහලයන්ට විරුද්ධව ඇති ගිවිසුම් හා ව්‍යවස්ථා ක්‍රියාත්මකකර දෙමළ ජාතිවාදයට උඩගෙඩි සැපයීමත් කෙරෙයි. ජනාධිපතිතුමා ඇතුළු පිරිසක් දංගෙඩියට යැවීමත් සමස්ත වැඩපිළිවෙළේ ම කොටසක් වෙයි.

අප හැකිතාක් සමස්තය දැකීමට වෑයම් කළ යුතු ය. අතනින් මෙතනින් කොටස් අහුලාගෙන වරක් ඉන්දියාවට බැණ වැදීමත් තවත් වරෙක ඉන්දියාව අපේ ලොකු අයියා යැයි කියමින් ඔවුන්ගේ සරණ පැතීමත් තවත් වරෙක පෞද්ගලික හේතුමත ජාත්‍යන්තර යුද්ධාධිකරණය හමුවේ ඇති තර්ජනය සුළු කොට තැකීමත් සිංහල ජාතිකවාදීන්ගෙන් අප බලාපොරොත්තු වන්නක් නො වේ. ගීිස් යකුන් කවුරුන්දැයි දැනගැනීමට ආණ්ඩුවට ඉක්මණින් ම හැකි වී තිබීම සතුටට කරුණකි. දෙමළ ජාතිවාදයටවත් මුස්ලිම් ජාතිවාදයටවත් මෙරට කිසිම ඉඩක් දිය යුතු නො වේ. මෙරට දෙමළ ජනතාව මෙන් ම මුස්ලිම් ජනතාව ද කිසි විටෙකත් බටහිරයන්ගේ අතකොළු නොවිය යුතු ය. බටහිරයෝ තමන්ගේ රටවල මුස්ලිම් කාන්තාවන්ට පර්දාව ඇඳීමට තහංචි පණවති. මුස්ලිමුන්ට මුස්ලිමුන් සේ ජීවත්වීමට අවශ්‍ය නම් තම රටවලින් පිටව යන ලෙස බටහිරයෝ මුස්ලිමුන්ට කියති. එහෙත් ඔවුහු ලංකාවේ ඊනියා බහුසංස්කෘතික බහුබූතයක් කතාකරමින් මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව උසිගන්වති. ඒ ඇතැමුන් කියන ආකාරයෙන් කුමන්ත්‍රණයක්වත් දෙබිඩි පිළිවෙතක්වත් නොව බටහිර ප්‍රතිපත්තිය ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකිතාක් කල් ලෝක ආධිපත්‍යය රැකගැනීම ය.

On so called scientific knowledge - I


I am not sure whether Prof. Carlo Fonseka has any more memorial lectures, invited speeches delivered at august bodies, seminars etc., on scientific method, scientific process or whatever in store for us. However, he has so far discussed the so called scientific method in his articles and I am thankful to him for taking the trouble to reproduce his lectures on the so called scientific method. I must say at the outset that I am not in agreement with the statement that there is a scientific method, and as I have stated in Sinhala on many occasions this particular statement is a “pattapal boruwak” (damn lie). In this series of articles which will be interrupted as the necessity arises, I will attempt to outline what I consider to be knowledge, empiricism, reality, objectivity, paradigm, chinthanaya, domination of the world by the so called scientific knowledge, relativity of knowledge, science as western science and not as an objective system of knowledge, western knowledge as a tool of western colonialism, knowledge as a construction or creation and not as a discovery, absorption of knowledge constructed in one system by another system, nirmanathmaka sapekshathavadaya or constructive relativism which I consider as my contribution to epistemology, interpretation of Buddhism to the westerners by Sri Lankan Buddhist scholars etc. I only hope that the editor and the readers would bear with me for taking the space of the newspaper to write on topics which may not be interesting but boring very often. However, the present discussion on the Natha Deviyan and Arsenic compels me to pen down these words. In the process I may have to express certain views that are not in agreement with the “orthodox” Thervada Buddhism as accepted by the “praamaanika” scholars and I am looking forward for their responses.

I must also say that I am neither a Mathematician, Scientist nor a Philosopher but a person who wanted to be a scientist, a Theoretical Physicist for that matter, from the time I was at school, but failed miserably in that endeavor. Since about 1983, I have been teaching “anti science” at the universities except for a long sojourn at home thanks to some academics at the University of Colombo. A situation similar to that prevailed in the University of Colombo then has now arisen at the University of Kelaniya where some academics have all of a sudden realized that I am “anti science”. My break with science or western science was preceded by my break with Marxism in 1980, before the July strike, and I must say that my resignation from the NSSP was not caused by the July strike though some stalwarts of the party appear to think so. Ironically I broke away from Marxism on the grounds that Marxism was not scientific, though not in a Popperian sense and my long letter of resignation from the party was titled “Marxvadaya Vidyathmakada (Is Marxism scientific)”? My break from science came after I began to teach a course in Quantum Mechanics at the University of Colombo when I realized that no western paradigm within their chinthanaya could “explain” Quantum Mechanics. The words of Richard Feynman to the effect that nobody understands Quantum Mechanics speak volumes on that matter.

With that brief introduction we will get on with so called scientific knowledge, hereinafter called western scientific knowledge. Western science is said to be different from other systems of knowledge mainly due to the so called scientific method adapted therein. There are various expressions of scientific method, starting with what could be called the pre Popperian, then the Propperian and finally the Kuhnian. Of course, there are other shades of these expressions but for our discussion these three views are sufficient. I would not go into a discussion of the so called scientific method at this juncture, but I wish to bring to the attention of the readers that Paul Feyerabend in his “Against Method” and other books has shown that there is no scientific method as such. However, there is a difference between western knowledge after the so called Renaissance and the other systems of knowledge due to the revolution in the western Chinthanaya that took place mainly in Italy during the sixteenth century. I am of the view that it is not a method that was introduced by Galileo that differentiated western science from other systems of knowledge but the new Greek Judaic Christian Chinthanaya that was introduced by the Renaissance artists which was followed by Galileo, Newton and others in what are known as natural sciences. The same Chinthanaya has been followed in other areas of western knowledge within four important paradigms. The four paradigms have been Newtonian Paradigm, Thermodynamics Paradigm, Relativistic Paradigm and the Quantum Mechanics paradigm. It should be emphasized that there can be more than one Paradigm in a Chinthanaya and so called Postmodernist Social Sciences and Humanities have failed dismally in trying to get adapted to Quantum Mechanics Paradigm. In any event all these Paradigms work within Apo, Thejo, Vayo and Patavi and have blissfully ignored the fifth Bhutha according to South Asian Chinthanayas namely Akasa.

I will go against peer reviewing and first publishing in so called international journals and mention a few words on Akasa Shakthi. In 1997 it was observed that the universe has been expanding with acceleration for millions of years, though at the very beginning, a typical Judaic Christian concept, it had been expanding with deceleration. Many stories have been proposed to explain this phenomenon and they could be categorized under the so called cosmological constant and quintessence theories. All these stories are supposed to describe what is known as the dark energy, a form of energy of which the westerners do not know anything at present. Anything not clear is dark or black for the white skinned westerners and no wonder they come up with terms such as dark energy, dark matter and black holes. I have been working on this problem with my students and I am of the view that so called dark energy is nothing but Akasa Shakthi or energy due to space time. This energy is measured by the cosmological parameter which we consider to be a variable rather than a constant. The dark energy could be converted into matter and radiation and vice versa. We have worked out some models based on Akasa Shakthi which is the fifth of the pancha maha bhutha that has been ignored by the westerners. The universe expands with acceleration when the Akasa Shakthi density is greater than the energy density of matter radiation and also that due to pressure. The Akasa Shakthi may be invisible as Natha Deviyo to us but then so is the gravitational force or the field and the curvature tensor in General Relativity. We will discuss this in more detail under empiricism.

In this series of articles knowledge within a Chinthanaya is considered to be one single whole though in different paradigms and different areas such as Physical Sciences, Social sciences, Humanities they may take different forms. Even Ethics is defined within a Chinthanaya and is relative in that sense. For example Buddhist ethics is defined relative to Nibbana, and Nibbana though cannot be defined but attained is associated with Buddhist Chinthanaya. In fact, this is only an expression in English, I do not believe in absolute or objective facts which are not theory dependent, Nibbana is not even a concept just as much anicca, dukka and anatma are not concepts. Certainly anicca is not impermanence, nor the opposite of nithya or permanent, and if it was the case we could have understood anicca long time ago without going through our sansaric journey. Thus concepts such as reality or yathartha cannot be used with respect to anicca though some tend to think that anicca is Buddhist yathartha. (To be continued)

Copyright Prof. Nalin De Silva