Main Logo

Friday, 23 November 2012

දේශපාලනිකව අහෝසි වී ඇති ෆෙඩරල් දහතුන නෛතිකව ද අහෝසි කරමු

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යුතු යැයි කියන්නන්ගේ හේතු වී ඇත්තේ දෙමළ ජනයාට අසාධාරණයක් තිබීම, ඒ සඳහා දේශපාලනික විසඳුමක් නොදීම නිසා දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම, දහතුන එවැනි දේශපාලන විසඳුමක් වීම, ඇතැම් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආයුධ අත්හැරීම, දහතුන අහෝසි කළහොත් මේ තරුණයන් නැවතත් ආයුධ අතට ගැනීමට ඉඩ තිබීම, දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දීමට අවශ්‍යවීම, එසේ දෙන බවට මහින්ද චින්තනයෙන් ද පසුව ද පොරොන්දු වී තිබීම, එසේ නොදුනහොත් ජාත්‍යන්තරයට දී ඇති පොරොන්දු කඩකිරීම නිසා ඇතිවිය හැකි බලපෑම්, ආදිය ය. මේ ව්‍යාජ හේතු වෙයි. ඇදුරන්ගේ ඉල්ලීම් මෙන්ම මේ හේතු ද ව්‍යාජ වෙයි.

මේ හේතු පදනම් වන්නේ ඊනියා සිංහල ආණ්ඩු 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් කර ඇත යන්න මත ය. 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී යැයි කියන්නන් 1947 දී රාජාසන කතා විවාදයේ දී චෙල්වනායගම් සිංහලයන්ට බිිරිතානින්ගෙන් නිදහස් විය හැකි නම් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස්වීමට හැකියාව තිබිය යුතු යැයි ප්‍රකාශ කිරීම ගැන කියන්නේ කුමක් ද? ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගැනීම ගැන කියන්නේ කුමක් ද? ඩොනමෝර් ආණ්ඩු කාලවල ජී ජී පොන්නම්බලම් තම කුප්‍රකට පනහට පනහ ප්‍රතිපත්තිය මගින් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහට අඩු කිරීමට යෝජනා කිරීම ගැන කියන්නේ කුමක් ද? දෙමළ නායකයන් ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස් සිංහලයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතරය වේයැයි කියමින් සර්වජන ඡන්දයට විරුද්ධ වීම ගැන කියන්නේ කුමක් ද? එයටත් පෙර අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ඉංගිරිසි ආණ්ඩුකාරයන් සමග එක්වී ව්‍යවස්ථාදායකයේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීම ගැන කියන්නේ කුමක් ද? අඩුම තරමෙන් 1815න් පසු ලංකා ඉතිහාසයෙන් කියැවෙන්නේ මෙරට ඊනියා ජාතික ප්‍රශ්නය 1948න් හෝ 1956න් හෝ පසු ඇතිවූවක් නොව වසර දෙසියයකට වඩා පැරණි ප්‍රශ්නයක් බව ය.

අද සිදු වී ඇත්තේ වැරදි ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට යෑමෙන් අවුලක් ඇති වී රටේ ඒකීය භාවය නැතිවීම ය. දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇත යන ලෙස ප්‍රශ්නය වෑරදි ආකාරයෙන් ඉදිරිපත් කෙරුණේ ඉංගිරිසින් හා ඉංගිරිසි උගත් වෙල්ලායන් අතිනි. 1815න් පසු මෙරට ගබ්සා වූ ලාංකික ජාතියේ නායකත්වය ලැබුණේ බර්ගර්වරුන්ට ය. ටික කලකට පසු එය ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන්ට ඉංගිරිසින් විසින් පැවරිණි. ලංකාවේ ම දේශපාලන නායකයන් බවට පත්කෙරුනේ අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ය. සංස්කෘතික නායකත්වයට පත්කෙරුනේ ඔවුන්ගේ ඥාති සහෝදරයා වූ ආනන්ද කුමාරස්වාමි ය. ඉංගිරිසින් ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ නායකත්වයට පත්කළේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව බලවේගයක් ගොඩ නැගීමට ය. එයට හේතුවක් විය. ඉංගිරිසින්ට විරුද්ධව 1815 සිට ම සටන් කර ඇත්තේ සිංහලයන් පමණකි. භික්‍ෂූන් වහන්සේ, කැප්පෙටිපොළ, විර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමීහු, පනස්හය මෙහෙයවූවෝ මෙහි දී කැපී පෙනෙති. (ගබ්සා වූ ලාංකිකයන් අනෙක් ජනතාවගෙන් වෙන් වී කොංග්‍රසයක සංවිධානය වෙමින් පෙත්සම් මගින් තමන් ඉංගිරිසින් මෙන් ම ඉංගිරිසින් බව කියමින් තමන්ට යම් පාලනයක් ලබාදීමට කරන ලද ආයාචන නිදහස් සටන් නො වේ) කෙසේ වෙතත් ඉංගිරිසින් විසින් කරන ලද (ඔවුන්ගේ පැත්තේ සිට බැලූ කල) වරදක් හේතුවෙන් අපට 1931 දී සර්වජන ඡන්ද බලය ලැබුණි. ඉන්පසු ඉංගිරිසි උගත් වෙල්ලාලයන්ගේ වරප්‍රසාද අඩුවීමට පටන්ගති. ඉංගිරිසිහු හා ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයෝ් වෙල්ලාලයන්ට අහිමිවන වරප්‍රසාද දෙමළ ජනතාවට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළහ. මෙරට ඇති ප්‍රශ්නය අනෙකක් නොව අවුරුදු පන්සියයකට වැඩි කාලයක් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය.

සර්වජන ඡන්දය හේතුවෙන් සමස්ත ලංකාවේ නායකත්වයෙන් ගිලිහී ගිය වෙල්ලාලයෝ 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමන්ට සිංහල විරෝධී වෙමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂත්වය නොපිළිගනිමින් කිසි දිනෙක ලංකාවේම නාකයකන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත්හ. මෙහි දීි දකුණු ඉන්දිය පල්ලියක ක්‍රිස්තියානි භක්තිකයකු වූ චෙල්වනායගම් ප්‍රමුඛස්ථානය ගත්තේ ය. ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවා උතුුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටියේ ය. වෙල්ලාලයන්ට ඒ සටන තනිවම කිරීමට බැරි බව දත් ඔහු ලංකාවේ සියලු දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමුන් ද ඒකරාශි කර 1976 දී කුප්‍රකට වඩුකොඩෙයි යෝජනා මගින් ඊළාම් ඉල්ලීම ඉදිරිපත් කළේය. ඊනියා නිජභූමි, ස්වයංනිර්ණ අයිතිය පිළිබඳ සංකල්ප ද ඉංගිරිසින් හා බටහිරයන්, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතිවාදීන්, සිංහල බෞද්ධයන්ට එරෙහිවූ කසිකබල් මාක්ස්වාදීන් විසින් ද ඉදිරිපත් කෙරිණි. සියලු විජාතික බලවේග ජාතික බලවේගවලට එරෙහිව ඒකරාශි විණි. හැත්තෑවේ දශකයේ මුල බිහි වූ ප්‍රභාකරන් අවසානයේ මේ සියල්ලන්ගේ යුද්ධ නායකයා බවට පත්විණි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීන් (යටකී අයට අනුව අවිගත් සටන්කාමීන්) පරාජය කළ නොහැකි බව, බෞද්ධයන්ට යුද්ධ අකැප බව ආදිය ඔවුහු අපට කියා දුන්හ. එබැවින් ඊළම වැළැක්වීම සඳහා ප්‍රභාකරන් සමග සාම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම ද අපට ඉගැන්විණි. දහතුන්වැනි සංශෝධනය දෙමළ ජාතිවාදයට ජය අත්කර දීම සඳහා එවකට බටහිරයන් සමග එකඟත්වයකට පැමිණ සිටි ඉන්දියාව අප මත බලයෙන් පැටවූ ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විණි. එය ඉදිරිපත් වූ ආකාරය ම නීත්‍යානුකූල නොවන බව වනසුන්දර මහතා පෙන්වා දී ඇත. එතුමා ඇතුළු විනිසුරුවරු හතර දෙනෙක් දහතුනෙන් ඒකීය භාවය නැතිවන බව කියා සිටියහ. ජාතික බලවේග ද එදා ද කියා සිටියේ දහතුනෙන් ඒකීයභාවය නැතිවන බව ය. පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන ජනතාවගේ පරමාධිපත්‍යය නැතිවන බව ය. වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳූමක් මගින් රටේ ඒකීය බව නැතිවිය. එහෙත් බොහෝ දෙනාට එය අවබෝධ නො වීය. දිවිනැගුම පනත සම්බන්ධයෙන් භ්‍රෙෂ්ඨාධිකරණය දී ඇති තීන්දුවෙන් ජාතික බලවේග එදා කී කරුණු සනාථ වී ඇත.

අද මෙරට ඒකීය රාජ්‍යයක් නැත. දහතුන යනු ෆෙඩරල් ව්‍යවස්ථාවකි. එය ඊළමකට මග පාදයි. අද පාර්ලිමේන්තුවට මුළු ලංකාවට ම බලපාන පරිදි නීති පැනවිය හැකි නො වේ. ඒකීයභාවය පිළිබඳ අවසන් නිර්ණායකය වනුයේ රටටම බලපාන පරිදි කිසිම බාධාවකින් තොරව නීති පැනවීමේ ව්‍යවස්ථාදායක බලය ඇති තනි ආයතනයක් තිබේ ද යන්න ය. පැහැදිලිව ම දහතුනෙන් ඒකීය භාවය අහෝසි කර ඇත. දිවිනැගුම පනතෙන් පෙන්නුම් කෙරී ඇත්තේ එයයි. පළාත්සභාවල අනුමැතිය නොලැබුණහොත් තුනෙන් දෙකේ බලයක් නොමැති ආණ්ඩුවකට සංවෘත ලැයිස්තුවේ සඳහන් නොවන කරුණක් සඳහා මුළු ලංකාවට ම බලපාන පරිදි පනතක් සම්මත කර ගැනීමට නො හැකි ය. දිවිනැගුම පනතෙහි අඩංගු කරුණු කුමක් වුවත් එමගින් ලංකාව ඒකීය රාජ්‍යයක් නොවන බව පෙන්වා දී ඇත. අද ජනතාවට පරමාධිපත්‍යයක් නොමැති බව පැහැදිලි ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයට එය අහෝසි කිරීමෙන් තොරව පැවතිය හැකි නො වේ. පක්‍ෂයේ පැවැත්ම රැඳී ඇත්තේ කසිකබල් මාක්ස්වාදී අදහස් කිහිපයක් කටගාගත් චන්ද්‍රිකාගේ මන්ත්‍රීවරුන් හා කුමාර් රෑපසිංහගේ ජනවේගකරයන් කිහිප දෙනකු මත නොව රටේ ජාතිකත්වය අගය කරන පළල් සිංහල ජනතාවගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවගේ පක්‍ෂපාතීත්වය මත ය. ඒ බව අනෙඛ් අය කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා දැනගත යුතු ය.

අනෙක් අතට දහතුන යනු වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳුමක් පමණක් නොව ඒ වැරදි ප්‍රශ්නය විසඳීමේ දී ගත් ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් වෙයි. දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණ සම්බන්ධයෙන් රාමනාදන් පටන්ගත් දෙමළ ජාතිවාදී අරගලයේ එක් පියවරක් වූයේ ඊළම වෙනුවෙන් ඇති වූ දෙමළ ත්‍රස්තවාදය ය. එය නැතිකිරීම සඳහා ප්‍රභාකරන්ට හා දෙමළ ජාතිවාදයට යම් යම් දේ ඊනියා සාම සාකච්ඡා ඔස්සේ දේශපාලන විසඳූම් මගින් දිය යුතු යැයි බටහිරයෝ ද ඉන්දියානුවෝ ද විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීහු ද කියා සිටියෝ ය. ජාතික බලවේග කියා සිටියේ හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය හා ජාතිවාදය පරාජය කළ යුතු බව ය. කළ හැකි බව ය. හමුදා ක්‍රියා මාර්ග ද දේශපාලන විසඳුම් ය. යුද්ධය යනු දේශපාලනය මිස අනෙකක් නො වේ. දහනවවැනි සියවසේ සිට ගලා ආ දෙමළ ජාතිවාදී ඉල්ලීම්, ඒවාට දැක්වූ ප්‍රතිචාර එකම සමස්ත ක්‍රියාදාමයක් පමණකි. එහි ඊනියා දේශපාලන විසඳුම් හා යුද්ධ විසඳුම් වෙන වෙන ම නැත. 2009 මැයි මාසයේ දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණු අතර දෙමළ ජාතිවාදය දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. එය දේශපාලන විසඳුමකි. රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්වා වූ සමස්ත ක්‍රියාකාරීත්වය ද, දෙමළ ජාතිවාදය ද එහි දී දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. දහතුන ද දේශපාලනික වශයෙන් පරාජය කෙරුණු බව අමතක නොකළ යුතු ය. අද දේශපාලනිකව පරාජය කෙරී ඇති දහතුන නීති පොතේ ඇත. නීතිය, සැමදාමත් ඇත්තේ දේශපාලනය, තාක්‍ෂණය ආදිය පිටුපස ය. අද නීතිය යාවත්කාලීන කළ යුතුව ඇත. නීතිය දේශපාලනය සමග එක තලයකට ගෙන ආ යුතු ය. දහතුන අහෝසි කළ යුතු ය. මේ සම්බන්ධයෙන් විදේශවලට අතගැසීමට ඉඩදිය නොයුතු ය. රණවිරුවන් කොටින් පරාජය කළේ විදේශවල ආධාරයෙන් නොවන බව අවධාරණය කළ යුතු ය. නන්දිකඩාල් කලපුවෙන් ආපසු තිම්පු යා නො හැකි ය. නො යායුතු ය. යම් අයුරකින් ප්‍රභාකරන් ජයගත්තේ නම් බටහිරයන් හා රාජ්‍ය නොවන සංවිධාන ද කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීන් කුමක් කීමට ඉඩ තිබිණි ද? ඔවුන් දහතුනට ටිකක් එහාට යෑමට කියන්නට තිබිණි ද? නැත එවිට තිබෙනු ඇත්තේ දේශපාලන විසඳුම වූ අවියෙන් පිහිටු වූ ඊළාම ය. ප්‍රභාකරන් දිනූ විට එක් ආකාරයකටත් පැරදුණු විට තවත් ආකාරයකටත් කරයුතු කළ නො හැකි ය. අවුරුදු දෙසියයකට ආසන්න දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුමක් නන්දිකඩාල් කලපුවේ දී ලැබිණි. එය පමා වී වුවත් නීති පොතට වහාම ඇතුළත් කළ යුතු ය. ඒකීයභාවය නැවතත් තහවුරු කළ යුතු ය.


වියුක්ත මිනිසා


මිනිස්සු කුලකයක සාමාජිකයෝ වෙති. මිනිස්සු යනුවෙන් මෙහි දී පිරිමි මෙන් ම ගැහැණු ද සැලකෙති. මිනිස් කුලකයෙහි සාමාජිකයන් අවශේෂ සත්වයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ය. අවශ්‍ය නම් සියලු සත්වයන්ගේ කුලකය ගෙන මිනිස් කුලකය සත්ව කුලකයෙහි උපකුලකයක් ලෙස සෑලකිය හැකි ය. එමෙන් ම පිරිමින්ගේ කුලකය මිනිස් කුලකයෙහි උප කුලකයක් ලෙස සෑලකිය හැකි ය. ඒ කුමන ආකාරයකට සැලකුවත් යම් කුලකයක හෝ උප කුලකයක හෝ සාමාජිකයන්ගේ හෝ අවයවවල යම් පොදු බවක් දැකිය හැකි ය. සියළු මිනිසුන්ට පංචෙන්ද්‍රිය පොදු ය. ඇතැම් අයකුගේ ඉන්ද්‍රියක හෝ කිහිපයක හෝ අඩුපාඩුවක් තිබිය හැකි නමුදු එය මෙහි දී වැදගත් නො වේ.

එසේ පොදු බවක් තිබුණ ද ඒ ඒ මිනිස්සු අසමාන වෙති. මේ පොදු බව හා පොදු බවට අමතර ව ඇති විශේෂිත්වය තේරුම් ගැනීම වැදගත් ය. බටහිර විද්‍යාව රඳා පවතින්නේ පොදු බව මත ය. බටහිර විද්‍යාවෙහි අනෙක් දැනුම් පද්ධතීන්වල නොමැති විශේෂිත ක්‍රම වේදයක් හෙවත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැත. එහි ඇත්තේ චින්තනමය වූ වෙනසකි. පහළොස්වැනි සියවසේ අගභාගයෙහි බටහිර බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කුලකයක අවයවවල ඇති පොදු බව කෙරෙහි අවධානය දැක්විණි. මිනිසුන්ගේ කුලකයෙහි පොදු අවයවය මිනිසා ලෙස හැඳින්විණි. එමෙන් ම බල්ලන්ගේ කුලකයෙහි පොදු අවයවය බල්ලා ලෙස හැඳින්විණි. බල්ලා යනු අප දන්නා අසවල් බල්ලා (the dog) හෝ බල්ලකු (a dog) හෝ නො වේ. බල්ලා යනු පොදු බල්ලා ය. සිංහලයෙහි පොදු බල්ලා හැඳින්වීමට විශේෂිත වචනයක් නැත.

එයට හේතුව සිංහලයෙහි පොදු බල්ලා නො වීම ය. පොදු බල්ලා හැඳින්වීමට අවශ්‍ය වූ විට සිංහලයෝ බල්ලෝ යන බහුවචනය යොදා ගනිති. මෙය කලකට පෙර පැහැදිලි කර ඇති නමුත් එය නැවත වරක් සඳහන් කිරීමේ වරදක් ඇතැයි නො සිතමි. නැන්දලාගේ බල්ලා යනු අප දන්නා හඳුනන බල්ලෙකි. නැන්දලාගේ ගෙදර ගොස් බල්ලා බැඳ ඇත්දැයි අප අසන්නේ නැන්දලාගේ බල්ලා ගැන ය. ඉංගිරිසියෙන් නම් එහි දී අසන්නේ දන්නා විශේෂිත බල්ලා (the dog) ගැන ය. ඒ අප නොදන්නා බල්ලකු ගැන නො වේ. එහෙත් අප බල්ලෙක් දුව ගෙන ගියා යැයි කියන්නේ අප නොදන්නා බල්ලකු ගැන ය. එය ඉංගිරිසියෙන් නම් බල්ලෙක් (a dog) ලෙස කියැවෙයි.

එහෙත් ඉංගිරිසියෙහි ඒ දන්නා බල්ලා (the dog) හා නො දන්නා බල්ලා (a dog) හැර බල්ලා (dog) ද වෙයි. එහි බල්ලා යනුවෙන් කියැවෙන්නේ පොදු බල්ලා ය. මේ පොදු බල්ලාට සිංහලයෙහි, අඩුම තරමෙන් කලකට පෙර සිංහල සම්ප්‍රදායෙහි, වචනයක් නො තිබිණි. එවැනි ව්‍යවහාරයක් සිංහලයෙහි නො තිබිණි. සිංහල භාෂාවෙහි පොදු බල්ලා වෙනුවට යොදා ගැණුනේ බල්ලෝ යන බහුවචන ස්වරූපය ය. එහෙත් වත්මන් සිංහලයෙහි නම් ඒ ගැන තැකීමක් නොකර පොදු මිනිසා හැඳින්වීමට මිනිසා යන්නත් පොදු බල්ලා හැඳින්වීමට බල්ලා යන්නත් යොදාගනු දැකිය හැකි ය.

අද ඉංගිරිසියෙහි කියැවෙන දි ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් (The evolution of man) යන්න ඇතැම් විට මිනිසාගේ විකාශය යනුවෙන් පරිවර්තනය කෙරෙයි. එය වැරදි ය. එසේ පරිවර්තනය කරන්නෝ සිංහල සම්ප්‍රදාය නොදත් අය වෙති. එය එක්තරා රුපවාහිනී නාලිකාවක නෙක්ස්ට් චේන්ජ් (next change) යන්න මීළඟ වෙනස ලෙස පරිවර්තනය කිරීමට සමාන ය. ඒ අදහස් නොව වචන පරිවර්තනය කිරීමකි. ඉවොල්‍යුෂන් ඔෆ් මෑන් යන්න එක්කෝ මිනිස් විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. එසේත් නැත්නම් මිනිසුන්ගේ විකාශය ලෙස පරිවර්තනය කෙරිය යුතු ය. මෙහි ඇති මෑන් යන්න පොදු මිනිසා හෙවත් වියුක්ත මිනිසා යනුවෙන් ඉංගිරිසියෙහි යෙදෙයි. එවැනි වියුක්ත යෙදුමක් සිංහලයෙහි නැත. සිංහලයෙහි මිනිසා යන්න යෙදෙන්නේ වියුක්ත ඊනියා පොදු මිනිසකු සඳහා නොව දන්නා මිනිසකු සඳහා ය. අප මිනිහ අමාරුකාරයා යැයි කියන්නේ වියුක්ත පොදු මිනිසකු ගැන නොව දන්නා මිනිසකු ගැන ය. ඉංගිරිසියෙහි නම් ඒ යෙදෙන්නේ ද මෑන් (the man) ලෙස ය.

පැරණි සම්ප්‍රදායෙහි නැති නිසා ම අප නව සම්ප්‍රදායක් ඇතිකර ගැනීම වැරදි දැයි කිසිවකු අසනු ඇත. නව සම්ප්‍රදාය ඇති කර ගැනීමේ වරදක් නැත. එහෙත් සම්ප්‍රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව තේරුම් ගත යුතු ය. ඉංගිරිසි බසෙහි පොදු මිනිසකු ඇත්තේ ඉංගිරිසින්ගේ චින්තනයෙහි වියුක්ත බවක් ඇති නිසා ය. එහෙත් වියුක්ත චින්තනයක් නොවන සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත පොදු මිනිසකු ගැන කතා කරන මිනිසා යනුවෙන් ව්‍යවහාරයක් තිබිය නො හැකි ය. අද මිනිසාගේ විකාශය ගැන කතා කිරීමේ දී මිනිසා යන්න පොදු වියුක්ත මිනිසා ලෙස සලකන සිංහලයෝ කෙතෙක් වෙත් ද?

සිංහලයන් වියුක්ත චින්තනය යම් ප්‍රමාණයකට ලබා ගැනීම වරදක් යැයි නො කියමි. බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යය බිඳීමේ දී වියුක්ත චින්තනය ද අවශ්‍ය වෙයි. අපට අපේ ප්‍රවාද ඇතිකරගත හැක්කේ යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනය යොදා ගැනීමෙනි. අද දවසේ අපේ දැනුමක් නිර්මාණය කිරීමේ දී අප අනුගමනය කළ යුතු ක්‍රම තුනක් වෙයි. එයින් ප්‍රධාන එක නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගෙන සෘජුව ම හෝ වෙනත් උසස් ආධ්‍යාත්මික තත්වයන් ලබාගත් අයගෙන් වක්‍රව හෝ දැනුම ලබාගැනීම ය. දෙවැන්න අපේ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය. තුන්වැනුවට ඇත්තේ බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශ්‍ය හා අදාළ පරිදි අවශෝෂණය කිරීම ය. දෙවැනි හා තුන්වැනි ක්‍රම සඳහා යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත චින්තනයක් අපේ චින්තනයට එකතුකර ගත යුතු ය.

වියුක්ත චින්තනයක් එකතු කර ගැනීම ම නව සම්ප්‍රදායක් බිහිකර ගැනීමකි. වැඩි වශයෙන් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ මාවතකට අප එළඹන තුරු අපට දෙවැනි හා තුන්වැනි ක්‍රමවලට දැනුම ලබාගැනීම අවශ්‍ය වන බැවින් වත්මන් යුගයෙහි යම් වියුක්ත චින්තනයකට අප හුරු විය යුතු ය. එසේ හුරුවීමකින් පසුව නමි මිනිසාගේ විකාශය ගැන කතාකිරීම ප්‍රශ්නයක් නො වේ. එතෙක් අප සිංහල සම්ප්‍රදායට අනුව බහුවචනයෙන් මිනිසුන්ගේ විකාශය ගැන කතාකළ යුතු ය. කෙසේ වෙතත් ඉංගිරිසියෙහි ඇති මෑන් (man) ද මෑන් (the man) හා අ මෑන් (a man) වෙනුවට අපට සිංහලයෙහි ඇත්තේ මිනිසා හා මිනිසකු යන වචන පමණ ය. මෑන් යන්න යෙදීමට සිදුවන අවස්ථාවල දී, එනම් වියුක්ත මිනිසා ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූ විට අපි මිනිසුන්ගේ ආදී වශයෙන් බහුවචන ස්වරූපය යොදා ගනිමු.

නව සම්ප්‍රදායක් ඇති කර ගැනීම යනු අනුකරණය නොවන බව පැහැදිලි විය යුතු ය. සිංහල සම්ප්‍රදාය ගැන දැනුමක් නොමැතිව නව සම්ප්‍රදාය ඇතිකර ගැනීම යෑමෙන් බසටත් ජාතියටත් සිදුවන්නේ අවැඩකි. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වෙයි. සිංහල සම්ප්‍රදාය හරිහැටි නොදැන හෝ ඒ පිළිබඳ තැකීමක් නොකර හෝ ඊනියා නව සම්ප්‍රදාය ඇතිකර ගැනීමට වළිකන්නෝ බටහිර දැනුම ලබාගත් උගත්තු වෙති. ඔවුහු සිංහල සම්ප්‍රදාය දැන හෝ නොදැන හෝ පැත්තකට දමා බටහිර දැනුම සිංහලෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කරති. ඔවුන්ට සිංහල සම්ප්‍රදාය නිරුත්සාහයෙන් ලැබෙන්නක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් ඔවුන්ගේ ඇඟේ සිංහල සම්ප්‍රදාය නැත. තිබුණත් ඔවුහු එය බුද්ධියෙන් මග හරිති.

එහෙත් බටහිර උසස් අධ්‍යාපනයක් නොලද ගැමියයෝ එසේ නො වෙති. ඔවුහු සිංහල සම්ප්‍රදායෙහි ජීවත් වෙති. ඔවුන්ට ඒ සම්ප්‍රදායෙහි හිඳිමින් නව සම්ප්‍රදායන් වුව ද බිහිකර ගත හැකි ය. ඔවුන්ට සිංහල සම්ප්‍රදාය බුද්ධියෙන් මගහැරීමට නො හැකි ය. එයට හේතුව ඔවුන්ගේ බුද්ධිය බටහිර අධ්‍යාපනයෙන් කුරුවළු නො
වීම ය. ඔවුන්ට මිනිසාගේ ගති පැවතුම් යනුවෙන් යෙදුමක් නැත. ඔවුහු එක්කෝ මිනිස් ගති පැවතුම් ගැන කතා කරති. නැත්නම් මිනිසුන්ගේ ගති පැවතුම් ගැන සඳහන් කරති. මිනිසාගේ විකාශය ගැන කතා කිරීම අප සිතනවාට වඩා හානිකර ය.

මිනිසුන්ගේ කුලකයෙහි හෝ මිනිස් කුලකයෙහි හෝ සාමාජිකයෝ මිනිස්සු වෙති. කලින් සඳහන් කරන ලද ආකාරයට මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය සමාන ය. එබැවින් ඊනියා වියුක්ත හෙවත් පොදු මිනිසකු නිර්මාණය කිරීම ද අපහසු නො වේ. මේ වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ බොහෝ දේ නොසලකා හරිති. මිනිස්සු සාමාන්‍යයෙන් උසින් අසමාන වෙති. එහෙත් වියුක්ත මිනිසාගේ උස බටහිරයන්ට ප්‍රශ්නයක් නො වේ. බර ගැන ද කිව හැක්කේ එවැන්නකි. ඊනියා වියුක්ත මිනිසා නිර්මාණය කිරීමේ දී බටහිරයෝ උස, බර, හමේ පාට කෙස්වල ස්වභාවය ආදිය නො සලකති.

වියුක්ත මිනිසා යනු මිනිසුන්ගේ පොදු ලක්‍ෂණ සහිත ව නිර්මාණය කෙරුණු මිනිසෙකි. බටහිර විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙන්නේ මේ ඊනියා පොදු මිනිසා ගැන ය. බටහිර සත්ත්ව විද්‍යාවේ දී පොදු සතුන් ගැන කතා කෙරෙයි. එහෙත් පසුගිය දශක කිහිපයක සිට බටහිර ඇතැම් උගතුන්ට එසේ පොදු මිනිසුන් ගැන කතා කිරීම ප්‍රශ්නයක් වී ඇත. බටහිර සත්ත්ව විද්‍යාඥයන් තවමත් ඊනියා පොදු සත්ත්වයන් ගැන කතා කරතත් මිනිසුන් ගැන අධ්‍යයන කිරීමේ දී පොදු මිනිසකු ගැන කතාකිරීම ප්‍රශ්නයක් වී ඇත. පොදු මිනිසා යන සංකල්පය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ලැබී ඇත්තේ යුරෝපීය වැඩවසම් ක්‍රමයෙනි. එය යුදෙවුවන්ගේ වියුක්ත චින්තනය හා සමග සම්බන්ධිත ය.

එහෙත් බටහිර නූතනත්වය වර්ධනය වීමේ දී පෞද්ගලිකත්වය වඩ වඩා ඉස්මතු වෙයි. ඒ සමග එක් පැත්තකින් පොදු බවට වඩා විශේෂිත බව ඉස්මතු වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි මෙය ප්‍රශ්නයක් බවට පත්වෙයි. පෞද්ගලිකත්වය ඉස්මතු කරන සමාජයක ඊනියා පොදු මිනිසකු, සාධාරණ මිනිසකු, වියුක්ත මිනිසකු යන්න ප්‍රශ්නයක් වෙයි. බටහිර ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඒ ප්‍රශ්නය මිනිස් නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් වෙයි. බටහිර සමාජයීය විද්‍යාවන්හි දී අධ්‍යයනය කෙරෙණුයේ මිනිසුන් ම බැවින් එහි දී ප්‍රශ්නය වඩාත් බැරෑරුම් වෙයි.

සියලු නිරීක්‍ෂකයන් එක හා සමාන යැයි සැලකීම වැරදි ය. සම්භාව්‍ය බටහිර විද්‍යාවෙහි දී පොදු නිරීක්‍ෂකයෙක් වෙයි. කවුරුන් නිරීක්‍ෂණය කළත් එකම ප්‍රතිඵලයක් ලැබෙන්නේ යැයි කීමේ දී පොදු නිරීක්‍ෂකයකු ගැන මෙන් ම පොදු නිරීක්‍ෂ්‍යයක් ගැන ද කියැවෙයි. කවුරුන් කුමක් නිරීක්‍ෂණය කළත් නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත ලෙස සැලකෙයි. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණෙන් ස්කන්ධ අසමාන යකඩ බෝල දෙකක් එක්විට එක් උසකින් අත්හැරියත් අද කවුරුන් හෝ උස ගසකට නැග ස්කන්ධ අසමාන පොල් ගෙඩි දෙකක් එක්විට
එක් උසකින් අත්හැරියත් එකම දෙයක් නිරීක්‍ෂණය කෙරෙයි. ඒ ඒ අවස්ථාවේ දී වස්තු (පොල් ගෙඩි හෝ යකඩ බෝල හෝ) එක්විට පොළොවට වැටෙයි.

මෙහි දී නිරීක්‍ෂකයා කවුරුන් ද යන්නවත් නිරීක්‍ෂණය කෙරෙන්නේ පොල් ගෙඩි ද යකඩ බෝල ද යන්නවත් ප්‍රශ්නයක් නො වේ. නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත වෙයි. ඒ සියල්ල වියුක්ත වී ඊනියා වාස්තවික කරුණක් බවට පත් වී නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක්විට එක් උසකින් අත්හැරෙන වස්තු එක්විට පොළොවට වැටෙයි යනුවෙන් අවසානයේ දී ප්‍රකාශ වෙයි. ජීව විද්‍යාව වැනි වෙනත් බටහිර විද්‍යාවන්හි ද එලෙස ම වියුක්ත ප්‍රතිඵල ලෙස ඒ ඒ දෑ ප්‍රකාශ වෙයි. බටහිර නූතනත්වය විකාශයවත් ම අඩුම තරමින් කිහිප දෙනකු අතර මේ වාස්තවිකත්වය ප්‍රශ්න කිරීම්වලට භාජනය විය.



The Brahmins and the springs


A reader commenting on my statement at a public meeting that I would be against a decision by the government to increase the salaries of academics had asked why need enemies when there are friends like me. Probably, the reader thought that I was a friend of the trade union struggle of FUTA that ended on last Thursday after hundred days. The strike by the academics that began on July 04 ended on Oct. 11, after long marches, public rallies, exhibition of T-shirts with the symbol 6% printed on them, and more than anything else statements by various fora, that constitute fifteen to twenty people well known especially among the English educated public, and various trade unions supporting the strike. I was never a friend of this particular trade union struggle that began more than two years ago with token strikes, resignation of heads of departments etc. The struggle culminated in, or rather began to decline with, a continuous strike. The Brahmins supported the strike probably dreaming of Springs. However, when they awoke temporarily from their deep slumber they had a nightmare experience of a fall and a winter. They think that they are active but they act only in their dreams. As far as the general non-Brahmin public is concerned they are far away from the people. With respect to the non Brahmin public the Brahmins are in a deep slumber. The particular reader has to be excused as the public had been given the impression by the FUTA leadership that the strike would be over after a couple of discussions with Minister Basil Rajapaksa. The reader must have thought that I was obstructing the Minister and the leadership of FUTA coming to an amicable solution probably with a salary increase with my statement. The government had an understanding of the Brahmins and their Springs, and it was clear to non-Brahmin public that FUTA was not going to get anything as a result of the strike.
I find Dr. Mahim Mendis making the following statement to The Island. "The IUSF (The Inter University Student Federation) was not physically with us but IUSF was with us spiritually. And there was no party which was not with us. It is no exaggeration. Except SB Dissanayake and few fellows, some cronies - people like Nalin De Silva — all the people were with us." This implies that even the SLFP was with the FUTA! Dr. Mendis may think that I am a crony of the minister S. B. Dissanayake. However, it has to be placed on record that the Minister and the Ministry was against giving me an extension when a request to that effect was made to him by the University of Kelaniya. I opposed the FUTA trade union struggle while the ministry was opposing my extension in 2010. For, I could see the Brahmins were up to various schemes. I do not have to go into details as these have been discussed by me and others in newspapers including The Island and at various discussions over the electronic media in the last few months. In any event with all that support FUTA had from the political parties, trade unions, various fora, IUSF and others why did the strike fail to achieve anything other than a letter from Dr. P B Jayasundera that did not promise anything effectively. If all the people other than a few of us were with the FUTA an Arab spring would have been there for the asking as they say. In Arab countries the westerners were able to topple the governments that they did not like with so called uprisings as there were enough and more disgruntled people opposed to the incumbent governments. The trouble with some of the academics and other Brahmins is that they think that their acquaintances constitute the people.
There is a caste system in Sri Lanka that pervades ethnic, religious and the usual Govigama, Karawa, Salagama, Durawa, Vellala cast systems. It is a caste system that depends on the western education that has been with us for the last two hundred years or so. The Brahmin cast spreads from those who have had an education up to the GCE A/L to those with degrees and professional qualifications. The Brahmin class in general has two layers. The Upper Brahmins are usually English educated and are professionals university lecturers etc. Some of them have worked for foreign institutes including the UN and are looked up to by the lower Brahmins who are usually Sinhala or Tamil educated and have had a western education in universities and schools including the so-called Buddhist schools, at least up to the GCE A/L. The Brahmins try to maintain their social status above the others and in general do not support the SLFP. The upper Brahmins in general support the UNP while the lower Brahmins in general support the leftist political parties. The upper Brahmins, and the lower Brahmins who do not support the leftist parties in the government, in general oppose the UPFA. The upper Brahmins who tolerate all the undemocratic acts of the UNP governments are up in arms against the SLFP-led governments with their usual slogans on good governance, freedom of speech, independence of judiciary etc. These concepts have been created within the western modernistic hegemony, and again in general the western educated elite are trapped in these concepts. It is not wrong to say that those who receive a western education are consciously or subconsciously used by the west to maintain the western hegemony. They cannot think outside the framework given by their education and are manipulated by the west through agents and/or education to achieve what the latter wants.
The Arab Spring was not merely an uprising by the people in the relevant countries. It is very clear that the West wanted to replace the governments that they did not like with their puppet governments. The so-called mass uprisings were manipulated for that purpose whether finally the west achieved what they wanted or not. In Sri Lanka, it is obvious that the West does not like the faces of two Rajapaksas. Though there may be a number of Rajapaksa associated with the government, including provincial councils, only Mahinda Rajapaksa and Gotabhaya Rajapaksa have incurred the wrath of the west. The politics in Sri Lanka, as far as the West is concerned is all about removing these two Rajapaksas from office. In this connection, various fora sponsored by some western embassies are being used to create a so-called educated opinion against the government. The FUTA trade union struggle that commenced over a mere salary issue, which was all about the take home pay was converted into a fight for a hike in the basic salary which no government is in a position to grant, with a view to creating instability in the country so that a wave of strikes would sweep across the country. However, the leadership of FUTA could not justify the demand for a pay hike and soon the so-called 6% demand was introduced. The Brahmins, both upper and lower, gave a push to this demand with rhetoric on freedom of education university autonomy etc. It is interesting to note how some of the former vice chancellors who project themselves as saints once went behind presidents and other powerful politicians in order to be appointed to their posts. The university autonomy has remained the same during the last thirty five years and these elites did not find anything wrong with the system when they were going behind the politicians.
The FUTA was being used by the anti-government Brahmins to make the government unstable and very soon the government realized what was happening. The academics are the highest paid in the public and corporate sector excluding those institutes that generate income, and enjoy much more freedom at the work place than any other employees in the public sector. It is clear that the government has not promised any salary increase to the academics and they would have to be satisfied with what Dr. P. B. Jayasundera has called a middle term solution, which is nothing but allowances given to the public sector in the annual budget of the government. The Arab Spring has failed miserably for the Brahmins and their mentors in the west, and now they are looking forward for a Pakistan type spring by promoting a crisis in the relationship between executive and the judicial. However, the majority of the non-Brahmins are with the government and this spring will also fall through like the other Springs.

Copyright Prof. Nalin De Silva

දහතුන අහෝසි කරමු

බමුණු කුලය පැරදවීම පහසු කාර්යයක් නො වේ. අද බොහෝ ප්‍රශ්නවලට මුල මේ බමුණු කුලය ය. බටහිර අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහළ යැයි සම්මත විවිධ ස්ථරවලට එකතු වී ඇති මොවුහු දැනුම්වත් ව හෝ නොමැතිව හෝ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය හා බටහිර ඒජන්තයන් විසින් විවිධ කටයුතු සඳහා මෙහෙයවනු ලැබෙති. සරසවි ඇදුරන් මේ බමුණු කුලයේ විවිධ තැන්වල ස්ථානගත වී ඇත. ඔවුන්ගේ ව්‍යාජ ඉල්ලීම් මත පදනම් ව ඔවුන් ලවා කෙරුණු අර ඩේ මේ ඩේ ෆෝරම්කාරයන් ඇතුලු ඉහළ බමුණු කුලයේ ජනතා සහායක් නොලැබූ ආණ්ඩු විරෝධී අරගලය තේරුම් ගැනීමෙන් පසුව ආණ්ඩුව කිසිවක් ලබා නොදී ඇදුරන් ආපසු සරසවිවලට යැවී යැයි සිතිය හැකි ය. ඉහළ බමුණු කුලය වර්ජනය නැවැත්වීමට විරුද්ධ බව ද පැහැදිලි ය. අයවැයෙන් අනෙක් රජයේ හා සංස්ථාවලට දෙන දීමනා හැරෙන්නට වෙනත් දීමනා ඔවුන්ට නො ලැබෙන බව කිව හැකි ය. ආණ්ඩුව ඇදුරන් පිළිබඳ ව කලකට පසු දැඩි ස්ථාවරයකට එළඹීම පිළිබඳ ව බමුණු කුලයෙන් පිටත සිටින අයට සතුටු විය හැකි ය. 6% පුස්සක් බවත් පණ්ඩිතමානී ව්‍යාජ ඉල්ලීමක් බවත් බමුණන්ට හැරෙන්නට අනෙක් අයට අවබෝධ වී ඇත. එහෙත් ඇදුරන් කියන්නේ ඔවුන්ගේ තකතීරු ඉල්ලීම සමාජගත වී ඇති බව ය. එය සමාජගත වී ඇති බව සැබෑ ය. එය පුස්සක් ලෙස සමාජගත වී ඇත. බටහිර අධ්‍යාපනයෙන් මුසපත් වී ඇති බමුණන් හැර අනෙක් අය පුස්ස හඳුනාගත්හ. අද රටට බලපාන තවත් ප්‍රශ්නයකට ද මුල බටහිර විද්‍යාවට වන්දනාමාන කරන තකතීරු බටහිර විද්‍යාඥයන් ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම නාථ දෙවියන් හා විපස්සක දෙවියන් නමින් හැඳින්වෙන්නන්ගේ මාර්ගයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් එකතුවන ආසනික් බවත් එහෙත් ආසනික් නිසා ම වකුගඩු රෝගය නොසෑදෙන බවත් එයට කිවුල් ජලය හා කුඹුරු පස ද තිබීම අවශ්‍ය බවත් රටට ප්‍රකාශ කර කලක් ගත වී ඇත. ඒ පිළිබඳ ව පසුව බටහිර විද්‍යාවට අනුකුලව පර්යේෂණ කර අවස්ථා කිහිපයක දී ම කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් ඇති බව හෙළි කෙරී ඇත. එහෙත් තම පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියාකරන ඇතැම් ඇදුරෝ එකී ද්‍රව්‍යවල ආසනික් නැතැයි පුන පුනා කියති. බටහිර විද්‍යාව ගැන දන්නා ඇතැම් ඇමතිවරු ද බටහිර විද්‍යාවට වන්දනාමාන කරන එහෙත් ඒ ගැන කිසිම අවබෝධයක් නැති ඇතැම් ඇමතිවරු ද අප වැරදි යැයි කියති. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් පිළිබඳ ව රටට හෙළිකළ ආචාර්යවරුන්ට බටහිර විද්‍යාව කටගාගත් එහෙත් එහි දර්ශනය පිළිබඳ කිසිවක් නොදත් බමුණු කුලයේ ඇතැම්හු හිරිහැර කරතිෂ හැකි නම් ආසනික් කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පිඹුරුපත් සකස් කරති. කෙසේ වෙතත් ආසනික් හැරෙන්නට ආවර්තතා වගුවේ අනෙක් හැම මූල ද්‍රව්‍යයක් ම වකුගඩු රෝගයට හේතුව යැයි කියන මේ ඇදුරෝ අද කෘෂිරසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්ගේ ඒජන්තයන් බවට පත් වී සිටිති. ඔවුහු කෘෂිරසායනික ද්‍රව්‍ය ගෙන්වන්නන් සමග එකතු වී ආසනික් හෙළිදරවු කළ කණ්ඩායමට ආරාධනා නොකර ඕස්ටේ‍ර්ලියාවෙන් හා ජපානයෙන් ඊනියා විද්්වතුන් ගෙන්වා ගන්නොරුවේ හා වෙනත් තැන්වල ඒකපාක්‍ෂික සම්මන්ත්‍රණ පවත්වා ආසනික් කතාව බොරු යැයි කීමට උත්සාහ දරති. මේ ඒජන්තයන්ගෙන් කී දෙනෙක් ඇදුරන්ගේ වර්ජනයේ දී බමුණු කුලයේ සාමාජිකයන් ලෙස වර්ජනයට සහභාගි වූවෝ ද? මා දන්නා තරමින් ඔවුන්ගෙන් කිසිවෙක් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පුස්ස බිඳීමට ඉදිරිපත් නො වු හ. කොන්ද පණ නැති මේ බමුණෝ හා බැමිණියෝ ඇමතිවරුන්ට සමීප වෙමින් ඉච්චා බස් දොඩමින් බමුණු හිණිමඟේ ඉහළට යෑමට උත්සාහ දරති. මේ අතර ඇතැම් පඬියෝ අප වකුගඩු රෝගයට එකම හේතුව ආසනික් යැයි කී බවක් පවසා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා වෙනත් පළාත්වල වකුගඩු රෝගය නැත්තේ ඇයි දැයි අපෙන් අසති. ඔවුන්ගේ නිල් කණ්නාඩිවලට අප වකුගඩු රෝගයට තවත් හේතු දෙකක් ඇති බව කියා ඇති බව, ලියා ඇති බව නො පෙනෙයි. ඔවුහු ද අවසාන වශයෙන් ගත්කල බමුණෝ ම වෙති. මේ බමුණන්ට හා බැමිණියන්ට බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ නමින් පළ වී ඇති පොතෙහි සඳහන් කරුණු ගැන විවාදයකට ආරාධනය කරමු.

මේ බමුණු කුලයේ ඇත්තන් ගැන තවදුරටත් කතාකිරීම අවශ්‍ය නමුත් අවුරුදු විසිපහක් තිස්සේ ජාතියට තර්ජනයක්ව පවතින පළාත් සභා හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද කතාකිරීමට අවශ්‍ය වෙයි. අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි දහතුන්වැනි ව්‍යවස්ථාව බටහිරයන්ගේ ද අනුග්‍රහය ඇතිව ඉන්දියාව විසින් තර්ජනයෙන් හා ගර්ජනයෙන් පරිප්පු දේශපාලනයක් ඔස්සේ අප මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. ඉන්දියාවට එරෙහිව ඇමරිකාව තමන්ට ආධාර කරනු ඇතැයි ජේ ආර් ජයවර්ධන බලාපොරොත්තු වුව ද එය ඉටු නො වී ය. රජිව් ගාන්ධි මෙරටට විශේෂයෙන් පැමිණ අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ තමන් මෙරට යුවරජු යැයි සිතා සිටි දික්සිත් නම් උද්ධච්ච තානාපතිවරයාගේ ද ආධාරයෙනි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබූ ඉන්දු ලංකා ගිවිසුම මත පදනම් විය. එදා ද බමුණු කුලය ඒ ගිවිසුම සමග සිටි බවත් ගිවිසුම වෙනුවෙන් පෙත්සන් අත්සන් කළ බවත් ලිපි ලියූ බවත් අමතක නොකළ යුතු ය. එදා භාරතයේ බමුණෝ බුදුන්වහන්සේටත් බුදුදහමටත් විරුද්ධ වූහ. අද මෙරට බමුණෝ රට යටත්විජිතයක් බවට පත්කර සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ක්‍රියාකරති. භාරතයේ සාම්ප්‍රදායික බමුණු කුලයේ රජිව් ගාන්ධිට මෙරට වත්මන් බමුණන් බෞද්ධ සංස්කෘතියට එරෙහිව එකතුවීම කිසිසේත් ම අහම්බයක් නො වේ. එදත් අදත් බමුණන් වැඩකරන්නේ බෞද්ධයන්ට හා බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය.

ජේ ආර් ජයවර්ධන අවසානයේ දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ හමුදා ආරක්‍ෂාව යටතේ මන්ත්‍රීවරුන් කොළඹ හෝටලයක සිට පාර්ලිමේන්තුවට රැගෙන යෑමෙනි. එයට විරුද්ධ ව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වූ බවත් ආණ්ඩූවට ඇඳිරි නීති පැනවීමට සිදු වූ බවත් අද ආණ්ඩුවේ සිටින කුමාර් රූපසිංහගේ ජනවේගකාරයන් ඇතුලු ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂික ඇමතිවරුන්ට ද මතක්කර දිය යුතුව ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂයට, ම එ පෙරමුණට, ජ වි පෙරමුණට ඉන් කැඩී ගිය ජා නි පෙරමුණට මෙන් ම ජාතික හෙළ උරුමයට ද දහතුනට විරුද්ධ වීමට නියමිත ව ඇති බව සඳහන්කිරීමට ය. ජනවේගකාරයන්ට අවශ්‍ය නම් දහතුන ආරක්‍ෂාකරගැනීමට කියමු. එහෙත් ඔවුන්ට මන්ත්‍රීධුර ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ල නි පක්‍ෂය ඉඩදිය යුතු නො වේ. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවයට තර්ජනයකි. බමුණන් කියනු ඇත්තේ අපට ඒකීය රාජ්‍යය හිමිවූයේ ඉංගිරිසින්ගෙන් බව ය. එහෙත් බමුණන් නොදන්නා කරුණ නම් එක්සේසත් රාජ්‍යය මෙරට අනාදිමත් කාලයක සිට ඇති බවත් ඒ රාජ්‍යය අද බටහිරයන්ගේ වහර අනුව වුවත් ඒකීය රාජ්‍යයක ප්‍රභේදයක් බවත් ය. අවුරුදු විසිපහකට පෙර ද දහතුනේ ඇති ආදීනව අපි පෙන්වා දුනිමු. එකල ආරම්භ කළ කාලය සඟරාව අද වෙබ් අඩවියක් ලෙස පමණක් පවත්වාගෙන යන නමුත් චින්තන පර්ෂදය ඒ ඔස්සේ දහතුන මගින් ජනතා පරමාධිපත්‍යය නැතිවන බව පැහැදිලි කර දුන්නේ ය. එදා කී දේ අද අත්දැකීම් ඔස්සේ තහවුරූ වී ඇත. දිවිනැගුම පනත සම්මත කරගැනීමට නම් එයට පළාත්සභාවල ද අනුමැතිය තිබිය යුතු බව භ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. මෙයින් සිදුවන්නේ පාර්ලිමේන්තුවට මුළු රටට ම බලපාන පරිදි පනත් සම්මත කර ගැනීමට තිබූ තනි අයිතිය නැතිවීම ය. පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුවත් එය රටේ නිතිය බවට පත්වීම වැළැක්වීමට තනි පළාත්සභාවකට හැකි ය. අද රටේ සියලු පළාත්සභාවල බලය ආණ්ඩු පක්‍ෂයට වෙයි. එහෙත් එය එසේ නොවන දිනයක් ද තිබිය හැකි ය. දිවිනැගුම පනත කාගේත් ඇස් හරවන නරක පූර්වාදර්ශයක් සපයයි. පාර්ලිමේන්තුවේ බලය සීමිත බවත් පාර්ලිමේන්තුව ඔස්සේ ක්‍රියාත්මක වන ජනතා පරමාධිපත්‍යයේ තටු කපා ඇති බවත් පැහැදිලි ය. එදා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයට යොමු කළ අවස්ථාවේ දී අධිකරණයේ විනිසුරුවෝ හතරදෙනෙක් පනත ව්‍යවස්ථාවට එකඟ නොවන බවට තීන්දු කළහ. පනත ව්‍යවස්ථාවට එකඟ බවට තීන්දුවක් දුන්නේ ද විනිසුරුවන් හතරදෙනකු පමණ ය. එක් විනිසූරුවෙක් එක් පැත්තකටවත් එකඟ නොවී තින්දුවක් දුන්නේ ය. ඉතා පැහැදිලිව ම ශ්‍රෙෂ්ඨාධිකරණය වැඩි ඡන්දයකින් පනත ව්‍යවස්ථාවට එකඟ බවක් නො කීවේ ය. එහෙත් ජයවර්ධන ඉතා කපටි ලෙස ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි එක් පැත්තකටවත් පක්‍ෂව තීන්දුවක් නොදුන් විනිසුරුවරයාගේ තීරණය ද පනත ව්‍යවස්ථාවට එකඟ යැයි කී තීරණයක් ලෙස පෙන්නුම් කරමින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එබැවින් පනතේ නීත්‍යානුකූල බව පිළිබඳව ම ප්‍රශ්න ඇති බව වනසුන්දර විනිශ්චයකාරතුමා පෙන්වා දී ඇත. දිවිනැගුම පනත පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පැහැදිලි වන්නේ රටේ ස්වෛරීභාවයට හා ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අහෝසි කළ යුතු බව ය. මේ බව අප සැප්තැම්බර් 26 වැනි දා “දි අයිලන්ඩ්” පුවත්පතට සැපයූ ලිපියකින් පැහැදිලිවම කියා ඇත. ඒ ලිපිය බොහෝ දෙනා අමතක කළ ද අද ප්‍රශ්නයේ බැරූරුම්කම යම් පිරිසකට අවබෝධ වී ඇත. දහතුන අහෝසි කළ යුතුව තිබුණේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ විගස ම යැයි අප කියා ඇත්තේ ද ඇතැමුන් මෙන් අද ඊයේ නො වේ. එදා ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමට බාධා තිබෙන්නට ඇත. එහෙත් අද එසේ නො වේ. ආණ්ඩු පක්‍ෂයේ කිහිප දෙනකු ඡන්දය නොදී සිටිය ද අද ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමේ හැකියාව ඇත. අද දිවිනැගුම පනත ඔස්සේ ආණ්ඩුවටත් ජනතාවටත් ප්‍රායෝගික අත්දැකීමක් ලැබී ඇත. ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යය හා පාර්ලිමේන්තුවට මුළු රටටම බලපාන අයුරින් බාධාවකින් තොරව පනත් සම්මත කිරීමට තිබිය යුතු අයිතිය තහවුරු කරමින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට වහාම පියවර ගත යුතු ය.

දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති සරත් ෆොන්සේකාගේ කටයුතු ගැන කතාකිරීමට තරම් දෙයක් නොමැති වුව ද දහඅටවැනි දා පවත්වන ලද එක්සත් භික්‍ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලදැයි කියන රැස්වීම ගැන කෙටි සටහනක් කළ යුතුව ඇත. අද මෙරට ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනකි. එහි දී ව්‍යාජ සිංහල බෞද්ධ බලවේගයක්වත් ගොඩ නොනගා විජාතික බලවේගවලට සටනක් කළ නොහැකි ය. මේ සජිත්, සෝභිත හිමි ආදීන්ට ගොඩ නැගීමට නොහැකි වූ ව්‍යාජය නැවත සරත් ෆොන්සේකා ලවා ගොඩනැගීමට බමුණන්, විජාතික බලවේග කරන අසාර්ථකවන උත්සාහයක් පමණකි.

චින්තනය හා සුසමාදර්ශ


චින්තනය යන්න මා යොදාගන්නේ සිතීම යන අර්ථයෙන් නො වේ. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් විසින් නිර්මාණයකෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක් වේ නම්, ඒ චින්තනය වෙයි. චින්තනය යන්න සමස්තය ගැන කියැවෙන සංකල්පයකි. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් නිරාමාණ කරන්නේ යම් චින්තනයක ය. චින්තනයකට, ඥාන විභාගයක්, දාර්ශනික පසුබිමක් හා ආකල්ප වෙයි. ඒ එකිනෙකට බැඳී ඇති අතර එකිනෙකින් ස්වායත්ත නො වේ. එමෙන් ම ඒ සංස්කෘතියෙහි ම කොටස් වෙයි. ඥාන විභාගය ද ආකල්ප ද දාර්ශනික පසුබිම ද දැනුමෙහි කොටස් ලෙස ගත්විට බිහිවන්නේ චින්තනයක ය. එහි ඇත්තේ චක්‍රීය (cyclic) ස්වභාවයකි. ආකල්ප ආදිය නිර්මාණයවන විට චින්තනය ද වෙනස්වන බව පැහැදිලි විය යුතු ය. කිසිම සමාජයක ස්ථිතික චින්තනයක් නැත. එමෙන් ම චින්තනය යනු සියළු දෙනා බැඳගන්නා ඒකශෛල පබ්බතයක් වැනි දෙයක් ද නො වෙයි. එහෙත් ඕනෑම සමාජයක විශාල බහුතරයක් සතු පොදු චින්තනයක් දැකගත හැකි ය. ඒ ඒ සමාජයේ ඇතැම් පුද්ගලයන් පොදු චින්තනයෙන් බැහැරව කටයුතුු කරන බව ද පැහැදිලි ය. එමෙන්ම ඇතැම් පුද්ගලයන් අතින් සමාජයක චින්තනය වෙනස්කරන ක්‍රියාවලින් ද සිදු විය හැකි ය. චින්තනයක් එක රැයකින් වෙනස් නොවන බව ද පැහැදිිලි විය යුතු ය.

චින්තනයට සියල්ල ඌනනය කළ හැකි ය යන්නක් ද මෙයින් නො කියැවෙයි. චින්තනය යනු සමස්තය ගැන කියැවෙන සංකල්පයකි. එහෙත් යම් චින්තනයකට අයත් සියළු දෙනා කිසිම වෙනසකින් තොරව එකම චින්තනයකට අයත්වන බවක් ද නොකියැවෙයි. ප්‍රාදේශීය වශයෙන් ගුරුකල ආදී වශයෙන් පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් වෙති. එසේ වුවත් ඒ වෙනස්කම් අතර පොදු බවක් ද වෙයි. බටහිරයන්ට මේ තත්වය අවබෝධ කරගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්කෝ සෑම දෙනාම අනෙක් සෑම දෙනාගෙන් ම වෙනස් වෙති. එසේ්ත් නැත්නම් සියල්ලෝම එකම ආකාරයේ වෙති. බටහිර නූතනත්වයට අනුව සියළු මිනිස්සු සමාන වෙති. අප සියළු දෙනාට ම පොදු බවක් ඇත. අප සියළු දෙනාට ම එකම ශාරීරික උෂ්ණත්වයක් ඇතැයි බටහිර වෛද්‍ය විද්‍යාවේ දී උපකල්පනය කෙරෙන්නේ එබැවිනි. බටහිර පශ්චාත්නූතනවාදී අදහස් බිහිවන්නේ ඒ එසේ නොවන බව තේරුම් ගැනීමත් සමග ය. එහෙත් බටහිරයන්ට හුරු පුරුදු ඇරිස්ටෝටලීය න්‍යායට අනුව ඔවුහු එහි දී අනෙක් අන්තයට ගොස් පොදු බවක් නැතැයි යන අන්තයට යති.

එහෙත් අපි මේ අන්ත දෙක ම ප්‍රතික්‍ෂෙප කරමු. මිනිසුන් වශයෙන් අප අතර පොදු බවක් ඇති අතර එකිනෙකා අතර වූ වෙනස්කම් ද වෙයි. සිංහලයන් වශයෙන් ගත්ත ද ඒ එසේම ය. ඒ වෙනස්කම් ඇති නිසා සිංහල යනුවෙන් ජාතියක් නැත3යි කීමට මොවුහු උත්සාහ කරති. එහෙත් ඒ අතර දෙමළ ජනයාගේ එකිනෙකා අතර ඇති සියළු වෙනස්කම් මැද දෙමළ යනුවෙන් ජනවර්ගයක් ඇති බව ඔවුහු පිළිගනිති. එලෙස ම මිනිසුන් යනුවෙන් සත්ව වර්ගයක් ඇති බව ද ඔවුහු විශ්වාස කරති. බටහිරයන්ට අද කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගැනීමට හැකි වී ඇත්තේ මේ කසිකබල් පශ්චාත්නූතනවාදී අදහස් මත පිහිටමිනි. යම් කුලකයක අවයව අතර සමානකම් මෙන් ම අසමානකම් ද ඇත යන්න බටහිරයන්ට තේරුම්ගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්කෝ කුලකයේ සාමාජිකයෝ සමාන වෙති. නැත්නම් සියල්ලෝ අසමාන වෙති. එවිට පො1දු බවක් නැති හෙයින් කුලකයක් ද නො මැත. මීළඟ ලිපියෙන් මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙමි. එවිට සාධාරණීකරණය පිලිබඳ ව ද තව දුරටත් දැනගත හැකි වනු ඇත.

චින්තනයක සුසමාදර්ශ කිහිපයක් පැවතිය හැකි ය. අද බටහිර චින්තනය අප විසින් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නමින් හැඳින්වෙයි. ඒ චින්තනයෙහි නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්ටයිනීය සුසමාදර්ශය මෙන් ම ක්වොන්ටම් සුසමාදර්ශය ද වෙයි. ක්වොන්ටම් සුසමාදර්ශය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඇත්තේ විකෘති ස්වභාවයකින් ය යනු මගේ වැටහීම ය. ඒ සුසමාදර්ශය වැඩෙනු ඇත්තේ සිංහල බෞද්ධ හෝ වෙනත් ථෙරවාදී චින්තනයක ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මෙන් ම බටහිර සාහිත්‍යය හා කලා ශිල්ප ද ගොඩනැගී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඒ චින්තනය බටහිර එක රැයකින් පහළ වූවා නො වේ. අවුරූදු පන්සීියකට පමණ පෙර බටහිර යුරෝපයේ පැවතියේ කතෝලික චින්තනය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කලින් සඳහන්කර ඇති ආකාරයෙන් සකස් වෙමින් වර්ධනයවූයේ කතෝලික චින්තනය ක්‍රමයෙන් පසුබස්ස වමිනි. තවමත් කතෝලික චින්තනය මුළුමනින් ම පරාජය වී ඉවත් ව ගොස් නැත. අද දා වින්චි කෝඩ් පොතින් හා චිත්‍රපටියෙන් පෙන්නුම්කරන්නේ මේ අරගලය තවමත් තිබෙන බව ය. ඒ කෘතිවලට විරුද්ධවන්නේ කතෝලික චින්තනයෙහි පදනම් වෙමිනි. තවමත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට තමන්ට අවශ්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කරගැනීමට නොහැකි වී ඇත. ඉහත සඳහන් කෘතීන් වත්මන් බටහිර චින්තනයට අවශ්‍ය ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කිරීමෙහි ලා යම් කාර්යභාරයක් ඉටුකරයි.

කතෝලික චින්තනය මත පදනම් වූ දේශපාලන දර්ශන දෙකක් ම විසිවැනි සියවසෙහි යුරෝපයෙහි දැකගත හැකි විය. එනම් ෆැසිස්ට්වාදය හා මාක්ස්වාදය ය. මාක්ස්වාදීන් මේ කියමන සමග කෙසේවත් එකඟ නොවනු ඇත. එහෙත් ඒ දෙකම පැන නැගුණේ එකම මූලාශ්‍රයෙන් ය. එහි මුල ඇත්තේ හෙගල් විද්වතා ය. ඔහුගේ දර්ශනය කතෝලික චින්තනය මත පදනම්විය. එහි නැවත වතාවක් සමස්තයට යෑමේ ප්‍රවනතාවක් විය. එහි න්‍යාය කතෝලික චින්තනයෙහි මෙන් ම ත්‍රිකෝටික විය. කාල් මාක්ස් පඬිවරයා කෙළේ හෙගල් පඬිවරයාගේ විඥානවාදී පදනමෙන් ද්‍රව්‍යවාදී පදනමකට මාරුවීම ය. ඒ කතෝලික චින්තනයෙහි වෙනත් සුසමාදර්ශයක් පමණක් විය. කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතාකළ ද මාක්ස්වාදීන්ට කිසි දිනෙක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනගාගත හැකි නො වේ. ඔවුන්ගේ හා ෆැසිස්ට්වාදීන්ගේ සමස්තයෙහි සමාජය මිස තනි තනි පුද්ගලයන් නැත. ඒ සමස්තය යුරෝපීය මධ්‍යකාලීන සමාජවල පාප්වහන්සේගේ ආධිපත්‍යය යටතේ පැවති සමස්තයෙන් වෙනස් නො වේ. හිට්ලර් මෙන් ම ස්ටැලින් ද ඒ ඒ සමාජවල ඉටුකෙළේ පාප් වහන්සේගේ කාර්යභාරය ය. ෆැසිස්ට්වාදය මෙන්ම මාක්ස්වාදය ද නැවතත් කතෝලික චින්තනය වෙත යුරෝපය කැඳවා ගෙන යෑමේ ප්‍රවණතා විය. ඒ දෙකම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ රාජ්‍ය විසින් යථා කාලයේ දී පරාජය කරනු ලැබිණි. අද කතෝලික චින්තනය බටහිර ලෝකයෙහි ආධිපත්‍යයක් නො දරයි. අද පාප්වහන්සේට ද ජීවත්වීමට සිදු වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක පමණක් නො වේ. එතුමාගේ පැවැත්ම සඳහා ම අද එතුමාට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රාජ්‍ය වෙනුවෙන් සේවයකිරීමට සිදු වී ඇත. සෝවියට් ක්‍රමය බිඳවැට්ටවීමේ දී (එවකට සිටි) පාප්වහන්සේ පෝලන්තයේ සිදුකළ කාර්යභාරය බොහෝ අයට මතක ඇත.

කතෝලික චින්තනයෙහි බටහිර විද්‍යාව බිහිවීමේ ඉඩක් නො තිබිණි. එහෙත් පහළොස්වැනි සියවසේ දී පමණ බටහිරයන්ට තම චින්තනය වෙනස්කරගැනීමේ අවශ්‍යතාවක් විය. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආසියාවෙන් ලැබුණු දැනුම ය. අපි මේ ක්‍රියාවලිය කලින් සාකච්ඡා කළෙමු. පාප් වහන්සේ හා කතෝලික පල්ලිය මුල සිටම බටහිර විද්‍යාවට විරුද්ධ වූයේ චින්තනයේ තිබූ වෙනස්කම හේතුවෙනි. පසු කලෙක ඩාවීනීය පරිණාමවාදයට ද විරුද්ධ වූයේ කතෝලික චින්තනය මත පදනම් වෙමිනි. පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූවක් විය. බොහෝ දෙනා පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි මැවුම්වාදයට විරුද්ධ යැයි සිතන්නේ පරිණාමවාදයෙහි දෙවියන් වහන්සේ කෙනකුගේ මැදිහත්වීමක් නොමැති බැවිනි. එහෙත් එහි ඇත්තේ ඒක රේඛීය චින්තනයකි. මිනිස් පරිණාමය ගැන ඩාවීනීය පරිණාාමවාදයෙහි සඳහන් නොවෙතත් අද මානව විද්‍යාවේ කියැවෙන අදහස් අනුව සියළු මිනිසුන් පරිණාම වී ඇත්තේ එක් කාලයක අප්‍රිකාවේ වාසයකළ මිනිස්වර්ගයාට අයත් ස්ත්‍රියකගෙනි. ඇයගේ මුතුන් මිත්තන් ඔස්සේ ආපස්සට යන අපට අවසානයේ දී ඒක ෙසෙල ජීවයක් හමුවේ. ඒ ජීවය ද පසුකරමින් ආපස්සට ගියවිට අපට රසායනික පරිණාමය ද එය ද ඉක්මවා ගිය කල අවසානයේ දී මහා පිපිරුම ද හමුවෙයි. බටහිර විද්‍යාවේ පරිණාමය පටන්ගැනෙන්නේ මහා පිපිරුමෙනි. මහා පිපිරුම ඇතිවූයේ කෙසේ ද යන්නට බටහිර විද්‍යාව පිළිතුරක් නො දෙයි. මහා පිපිරුමෙන් පටන්ගෙන මන්දාකිණි හා තාරකා ඇති වී ඉන්පසු පෘථිවිය වැනි ග්‍රහවස්තු ඇති වී එහි ජීවය පහළ වී අවසානයේ දී මනුෂ්‍යයා ඇතිවීම බයිබලයේ සඳහන්වන එක් උත්පත්ති කතාවකින් ආකෘතික වශයෙන් වෙනස් නො වේ. බටහිර විද්‍යාවේ දෙවියන් වහන්සේ කෙනකු අතින් සිදුවන මැවීමක් නැත. එහෙත් ලෝකය (විශ්වය) මැවුනේ වෙයි. බටහිර විද්‍යාවේ ලෝකෝත්පත්තියෙහි සිට පරිණාමය දැක්වෙන්නේ බයිබලයේ උත්පත්ති කතාවක් පරිදි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර විද්‍යාවේ ඒ ප්‍රවාද නිර්මාණය වී ඇත්තේ බයිබලයට එකඟව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ග්‍රීක යුදෙව් චින්තනයෙහි නිර්මාණය කෙරී ඇත.

එපමණක් නොව නිව්ටන්ගේ අවස්ථිති සමුද්දේශ රාමු (inertial frames of reference) ද බාහිර බල ද පිටුපස ඇත්තේ දෙවියන් වහන්සේ ය. මුල් අවස්ථිති සමුද්දේශ රාමුව හෙවත් නිරපේක්‍ෂ අවකාශයෙහි (absolute space) සමුද්දේශ රාමුව යනු දෙවියන් වහන්සේගේ සමුද්දේශ රාමුව මිස අනෙකක් නො වෙයි. බටහිර විද්‍යාවෙහි සෑම පද්ධතියක ම සෑම ක්‍ෂෙත්‍රයක ම පාහේ බාහිර බලවේග ගැන සඳහන්වෙයි. එහි අභ්‍යන්තර ව ප්‍රශ්නයක් විසඳීම ගැන සඳහන් නොවීමෙන් පෙන්නුම් කරන්නේ සෑම අවස්ථාවක ම සිටින්නා වූ දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳීමෙහි දී අද ද බාහිර ව මැදිහත් වන්නේ ය යන්න ය. මුළු මහත් බටහිර විද්‍යාවෙහි ම මුල ඇත්තේ දෙවියන් වහන්සේ ය. මේ සම්බන්ධ යම් විස්තරයක් විද්‍යා කතන්දර කෘතියෙහි වෙයි.

බටහිර විද්‍යවට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියනි චින්තනයෙහි ලක්‍ෂණ මගේ ලෝකය කෘතියෙහි යුදෙව් චින්තනය යටතෙහි දැකිය හැකි ය. (දැනට අවුරුදු විස්සකට පමණ පෙර මා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හැඳින්වූයේ යුදෙව් චින්තනය ලෙස ය.) මෙහි දී ඉන් එක් ආකල්පයක් ගැන පමණක් සඳහන් කෙරෙයි. ග්‍රීක යුදෙව් චින්තනයෙහි එක් ආකල්පයකට අනුව මිනිසා තමා ස්වභාව ධර්මයෙහි ස්වාමියා ලෙස ද, ස්වභාව ධර්මය තමා වෙනුවෙන් නිර්මාණය වී ඇති ලෙස ද සලකයි. ඒ පරණ තෙස්තමේන්තුවෙන් එන අදහසකි. දෙවියන් වහන්සේ ලෝකය මවා ඒ ආදම්ට භාර දුන්නේ ඔහුගේ ස්වාමීත්වය යටතට ගැහැණිය වූ ඒවා ද ඇතුළු සියල්ල පත්කරමින් ය. බටහිර මිනිසා අද ලෝකය දෙස බලන්නේ මේ ආකල්පයෙනි. මේ හේතුවෙන් බටහිරයෝ තම ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිර විද්‍යාව ද යොදා ගනිමින් මුළු ලෝකය ම (ස්වභාව ධර්මය) සූරාකති. ඒ අතර පරිසරය රැකගැනීම පිළිබඳ කතාකරති. බටහිර විද්‍යාවෙන් හා එයට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි රැකගත හැකි පරිසරයක් නැත. පරිසරය රැකගනිමින් බටහිර විද්‍යාවට වර්ධනය විය නොහැකි අතර, මිනිසුන්ට රිසි සේ ඉන්ද්‍රිය පිනවීම ද නො කළහැකි ය.

බටහිර විද්‍යාව යනු මිනිසා විසින් නිර්මාණය කෙරී ඇති තවත් දැනුම් පද්ධතියක් පමණකි. බටහිර විද්‍යාව පිළිබඳ දාර්ශනිකයන් සඳහන් කරන ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වැනි සුවිශේෂ ලක්‍ෂණ එහි නොමැත. එමෙන් ම බටහිර විද්‍යාව වර්ධනය වන්නේ ධනපති ක්‍රමය නිසා ද නො වේ. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර විද්‍යාවේ වර්ධනයට හේතුව බටහිරයන් විසින් නිර්මාණයකෙරී ඇති ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එයට පදනම් වූ චින්තනය නිසා මිස එහි ඇතැයි කියැවෙන වෙනත් මහේශාඛ්‍ය ගුණයක් නිසා නො වෙයි.

Culture, Knowledge, Relativism and Bududahama – II


Before answering the questions raised by Prof. N. A. de S. Amaratunga it would be beneficial to at least some of the readers if the objective existence is discussed without referring to any texts in Bududahama or western science or any other tradition. It is clear that the objective existence is something that has no “objective” validity. There is nobody who can establish, prove, show, ascertain etc., objectively that objects (including sathva) exist independent of the mind. Objective existence implies that objects exist irrespective of any observer, and if there are observers then the objects are independent of the observers. In other words an object should be the same for all observers. Thus a ball is a ball to any observer and different observers using different languages would mean the same thing whether they call a ball, a ball, panduva, bolaya or whatever. Different observers may have different views of a statue but a statue exists independent of the observers and whether it is observed from the front sides or from any other angle. These observations are different views of a statue existing independently of the observers from different angles. Or else there may be close ups, zooms etc. of the same statue as captured by cameras placed at different positions.

Now how do we know that irrespective and independent of the observers the statue exists. It is nothing but knowledge and no knowledge is independent of the mind. Whether Prof. de S. Amaratunga would reply or not I cannot resist asking him a question. How does he know that an object exists, say the statue exists, if he does not have a mind? It has to be emphasised that the mind exists relative to the mind and has no objective existence in “Nirmanathmaka Sapekshathavadaya” as described in “Mage Lokaya” and other works published by me. If Prof. de S. Amaratunga calls it Mahayana it is immaterial to me as my views are in agreement with Buddha Desana. Could Prof. de S. Amaratunga explain objective existence without appealing to the mind that also has no existence independent of the mind?

Objective existence is also a concept, and all concepts are created by the mind. There is no concept as far as observers are concerned that is independent of the mind. Thus objective existence is also a concept created by the mind and hence objective existence is also subjective. Has Prof. de S. Amaratunga pondered on how an animal other than a human being grasps what the humans observe as a ball? This question is not clearly formulated as it could mean that it is asked to “describe” how a ball is grasped by an elephant for example. It is not the case as an elephant could “sense” much more or less than what a human being grasps as a ball. Our knowledge is relative to our senses and a fish who (that, if necessary for some readers) could sense what is known as an electromagnetic field may see the sea differently from what the human divers see.

A well known Sinhala novelist has told a newspaper that the cup before him existed therefore the cup has an objective existence. For him it is as simple as that! However, what he does not realise is that the cup, exists are his concepts created by his mind and relative to his culture. Any concept is created by an observer relative to his mind, sense organs and culture. If the cup was shown to a member of the Vedda Community say hundred years ago, would he have come out with the response “koppa pojja” or something to that effect? I have described this phenomenon using the example of an “udakkiaya” type “chairs” in “Mage Lokaya”. Perhaps Prof. de S. Amaratunga could write a critique of “Mage Lokaya”.

Of course it does not mean that each and every observer creates all the concepts he uses. Most of the concepts are introduced to an observer by his culture through parents, relatives, teachers, media people etc., and it may be that he adds his own flavour to the concept that he had been introduced by the culture. In any event no observer without a mind can have the concept of objective existence neither can he express objective existence without using concepts created by the mind. The objective existence is nothing but a concept created by the mind through induction which is a process “exercised” by the mind. We as observers are introduced to concepts such as cups, trees, flowers, animals etc., and since almost all human beings experience the same cups now a days, and trees we tend to think that all observers have the same experience. This is an abstract generalization of the mind which comes to the conclusion that cups, at least trees exist independent of the mind and the observer. A tree is a tree for all observers independent of the observer is a generalization and an abstraction extracted through the process of induction and the tree has been elevated to an objective tree in the process. The fact that all human beings have the “same sense organs” and “similar minds” enables the mind to make this abstraction and generalisation and hence at least some human beings believe in objective existence.

This is only a fraction of ideas I have expressed on objective existence and it is very unlikely that Prof. de S. Amaratunga, the Sinhala novelist would have missed all that I have written in Sinhala over the years. I wonder why he has taken upon himself the task of objecting to relative existence in English at this juncture. Of course, there are half baked relativists in the west but that does not imply that I am imitating them in rejecting objective existence. Even in the theories of Relativity both Special and General, Einstein was interested in expressing objective existence and not relativities. It is true he considered different observers and how they observe (measure) phenomena, but his theories more than anything else express the invariants that are independent of the observers.

In Newtonian or Galilean Relativity, the velocities of objects relative to different observers may be relative. However, Newtonian Mechanics and in general Newtonian Physics depend on the invariance of distances between objects as measured by different observers. In other words the distance between any two objects is the same for all observers irrespective of the velocities of the objects relative to the observers. In Galilean or Newtonian Relativity the so called objectivity is regarding the distances between objects. However, in Einsteinian Relativity the distance between two objects do not remain the same for all observers neither the time interval between two events as measured by different observers.

What is observed to be the same between two events is what is known as the space –time interval between two events. This invariance of the space – time interval between two events is a corner stone of both the Special Theory of Relativity and General Theory of Relativity and the invariance of the space - time interval is a so called objective fact independent of the observers in both theories. The various disciplines of western science including Theories of Relativity are based on this objectivity though objectivity has no objective existence. What is said here is that there is no way of proving, establishing, showing etc., of objective existence or objectivity in an “objective” manner.
(To be continued)


Copyright Prof. Nalin De Silva

අරාබියෙන් පකිස්තානයට යන බමුණු කුලය


පනස්හයේ මැතිවරණයෙන් පසු බමුණු කුලය බිඳ වැටීම ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා ලීවේ ය. එය සිද්ධියට පසුව කරන ලද සටහනක් වුවත් ඒ මහතාට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබිණි. වික්‍රමසිංහ මහතා බමුණු කුලයක් ගැන කතා කළේ දැනුම පදනම් කරගනිමින් නොව පාලක පිරිසක් යන අරුතිනි. එසේ වුවත් පැරණි දඹදිව හා භාරතයේ බමුණෝ රජවරුන්ගේ අනුශාසකයෝ වූහ. වික්‍රමසිංහ මහතා ඒ සංකල්පීය වෙනස ගෑන සිතා නැති බව පැහැදිලි ය. අද මෙරට උග්‍ර කුල භේදයක් වෙයි. එය පනස්හයේ ද පැවතිණි. එහෙත් එදා ඒ කුල භේදය ගැන එතරම් සංවේදී බවක් නො තිබෙන්නට ඇත. අද මෙරට සමාජයෙහි ඇති කුලභේදය පැරණි ලංකාවෙහි තිබූ ආකාරයෙන් ම රැකියාව මත පදනම් වෙයි. එහි දේශපාලකයෝ එක් කුලයකට අයත් වෙති. මහජන ඡන්දයෙන් පත්වුව ද ඔවුහු සමාජයෙහි ඉහළින් වැජඹෙති. රාජ්‍ය බලය ඇත්තේ ඔවුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් හෝ ලැබ සමාජයේ ඉහළ යැයි ගැනෙන වෘත්තීන්හි යෙදෙන්නෝ බමුණු කුලයට අයත් වෙති. ඉංගිරිසියෙන් කතාබස් කිරීමට, ලිවීමට හැකි අය එහි ඉහළින් ම වෙති. ඉහළ බමුණු කුලයට අයත් පිරිස අතර බටහිර වෛද්‍යවරු, බටහිර ඉංජිනේරුවෝ, විනිසුරුවන් ද ඇතුලු නීතිඥවරු, ඉගෙනීමෙන් ඉහළ රැකියාවලට පැනගත්තෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයකයෝ ආදීහු වෙති. ඔවුන්ගේ පොදු ලක්‍ෂණය නම් ඔවුන් පාසල් විශ්වවිද්‍යාල හෝ අනාකෘතික හෝ ඉහළ බටහිර අධ්‍යාපනයක් ලබා ඒ අනුව සිතන්නන් වීම ය. මොවුහු දේශපාලකයන්ට උපදෙස් දෙති. දේශපාලකයන් සමග සම්බන්ධකම් පවත්වති. බමුණු කුලයේ පහළ ශ්‍රේණියක් ද වෙයි. ඔවුහු ද බටහිර අධ්‍යාපනයක් ලැබ ඒ අනුව සිතන්නෝ වෙති. බොහෝ විට ඔවුන් අඩු තරමෙන් උසස් පෙළ දක්වා බටහිර අධ්‍යාපනයක් ලබා ඇත. එමෙන් ම ඒ අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් ලබා ඇත. බමුණු කුුලයේ පහළ ශ්‍රේණියේ අය ඉහළ භ්‍රේණියට ගරු කරති. කම්කරුවෝ, ගොවියෝ ආදීහු ඒ සියල්ලන්ට වඩා පහළ යැයි කිවහැකි කුලවලට අයත් වෙති. ඔවුන් බොහෝ විට එතරම් උසස් බටහිර අධ්‍යාපනයක් සිංහලෙන්වත් ලබා නැත. වත්මන් කුල භේදය ද කුල ක්‍රමයක් මත පදනම් වුවත් අද සමාජයේ කුල භේදය පැරණි සමාජයේ කුල භේදයට වඩා බෙහෙවින් උග්‍ර ය. එයට හේතුව සමාජය පුරා තම ආධිපත්‍යය පවත්වන බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. බටහිර විද්‍යාව ඇතුලු බටහිර අධ්‍යාපනයට මහේසාක්‍ය බවක් අත්කර දෙනු ලැබ ඇත්තේ අධිපතිවාදී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මගිනි. බටහිර අධ්‍යාපනයක් ලැබූ බමුණු කුලය සමාජයෙහි ආධිපත්‍යය දරන්නේත් අධිපතිවාදී සංස්කෘතිය හේතුවෙනි.

ඉහළ බමුණු කුලයේ ඇතැමෙක් බටහිර රටවල විශ්වවිද්‍යාල ඇදුරෝ වෙති. නැතහොත් බටහිර රටවල වෛද්‍යවරු ආදී වෘත්තිකයෝ වෙති. තවත් සමහරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ තනතුරු දරන්නෝ වෙති. කෙසේ වෙතත් බමුණු කුලයේ ඉහළ ශ්‍රේණිය ගැන බමුණු කුලයේ පහළ ශ්‍රේණියේ ඇත්තන් අතර ඇත්තේ මහත් ගෞරවයකි. බමුණු කුලයේ ඉහළ ශ්‍රේණියට මෙන් ම පහළ ශ්‍රේණියට ද බටහිර දැනුම ගැන ඇත්තේ ආගමික භක්තියකි. බටහිර විද්‍යාව ඉගෙන තිබුණත් නැතත්, බටහිර ඊනියා විද්‍යාව මේ කොයි කාටත් ඉතා සම්භාවනීය ය. එ ජා පක්‍ෂය බමුුණු කුලයට, විශේෂයෙන් ම ඉහළ ශ්‍රේණීයට වඩා ආකර්ෂණීය වෙයි. එ ජා පක්‍ෂයට ව්‍යාපාරිකයන්ගේ ද ඉහළ ම ආධාරයක් සාධාරණ (පොදු අරුතෙන්) වශයෙන් ලැබෙයි. ව්‍යාපාරීිකයෝ වෙන ම කුලයකට අයත් වෙති. බමුණු කුලය ද ව්‍යාපාරික කුලය ද බොහෝ විට ඕල්කට් බෞද්ධයන්ගෙන් සමන්විත වෙයි. බමුණු කුලයේ ඇතැමෙක් විද්‍යාත්මක, හේතුවාදී, භෞතිකවාදී ආදී බෞද්ධයෝ වෙති. මේ බමුණු කුලය පනස්හයේ දී බිඳ නො වැටිණි. සිදු වී ඇත්තේ මේ බමුණු කුලය ඉතා ශක්තිමත් වීම ය. බමුණු කුලයට බොහෝ විට ජාතිකත්වයක් නැත. යම් ජාතිකත්වයක් ඇති අය වුව ද ඇතැම් විට පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරති. බටහිර දැනුමෙන් උදම් වී ඇති ඔවුහු ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් ඔබ්බට යෑමට අකමැති වෙති. ඒ ඒ පුද්ගලයන් අතර යම් යම් වෙනස්කම් තිබුණ ද බමුණු කුලය හඳුනාගැනීම අපහසු නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය මෙරට බමුණු කුලයට අයත් නොවූවන්ගේ පක්‍ෂය වෙයි. එහෙත් එහි ඇතැම් නායකයෝ බමුණු කුලයට අයත් වෙති. ඔවුන් සමහර දෙනකුට ජාතිකත්වයක් ද නැත. එසේ වුවත් පොදුවේ ගත්කල බමුණු කුලය, විශේෂයෙන් ම ඉහළ බමුණු කුලය ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ වෙයි. ඉහළ බමුණු කුලය පොදුවේ එ ජා පක්‍ෂයට සහාය දෙන අතර පහළ බමුණු කුලය පොදුවේ ඊනියා වාමාංශික පක්‍ෂවලට සහාය දෙයි. බටහිර අධ්‍යාපනයෙන් නොමග නොගිය, එමෙන් ම බොහෝ විට නුගතුන් යැයි කියැවෙන, ජාතිකත්වයක් ඇති අයගෙන් බහුතරය බොහෝ විට පක්‍ෂයේ සාමාජිකයන් නොවූව ද ශ්‍රී ල නි පක්‍ෂයට සහාය දෙති. ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වන්නේ එබැවින් මිස එහි නායකත්වය දරන්නන්ට පොදුවේ ගත්කල ජාතිකත්වයක් ඇති නිසා නො වේ. සිංහල ජාතිකත්වය දෙමළ ජාතිකත්වය මෙන් නොව පහළින් මෙයෙවන එකක් බැවින් ශ්‍රී ල නි පක්‍ෂයට ජතිකත්වයට පක්‍ෂපාති නොවී පැවැත්මක් නැත. බමුණු කුලය ලෙස උගත්තු පොදුවේ ගත්කල එක්කෝ එ ජා පක්‍ෂයට සහාය දෙති. එසේත් නැත්නම් ඊනියා වාමාංශික පක්‍ෂවලට සහාය දෙති. ශ්‍රී ල නි පක්‍ෂයට විශ්වවිද්‍යාලවල බලයක් ගොඩනගා ගැනීමට නොහැකි ප්‍රධාන කාරණය එය යැයි සිතමි. අදීන සිංහල සංස්කෘතියක් ගැන කතා කළ ද, මාර්ටින් වික්‍රමසිංහ මහතා වුව ද අයත් වූයේ බටහිර විද්‍යාව ඇතුලු දැනුම පමණක් නොව යටත්විජිතවාදී නම්බු නාම ද අගය කළ ඒ දැනුම් ආධිපත්‍යයට යට වූ බමුණු කුලයට ය. බමුණු කුලය ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රධාන ආණ්ඩුවලට පොදුවේ සහාය නො දෙයි. ශ්‍රී ල නි පක්‍ෂයට පාලනය ගෙන යෑමේ දී මහත් අසීරුකම්වලට මුහුණ පෑමට සිදුවන්නේ මේ හේතුවෙනි. ශ්‍රී ල නි ප ප්‍රමුඛ ආණ්ඩුවලට විරුද්ධව කුමන්ත්‍රණ ඇතිවන්නේ ද බමුණු කුලයෙනි. එ ජා පක්‍ෂය යටතේ සියළු නොපණත්කම් ඉවසන ඉහළ බමුණු කුලය ශ්‍රී ල නි පක්‍ෂයට යහපාලනය ගැන බයිලා කියයි. බමුණු කුලය බටහිර අධ්‍යාපනයක් ලැබූ අනුකාරක පුස්සන්ගෙන් සමන්විත වෙයි.

ඉහළ බමුණු කුලය පොදුවේ ගත්කල පහළ බමුණු කුලයට මෙන් ම කම්කරුවන් ගොවීන් ලිපිකරුවන් ආදීන්ට වඩා ඉහළින් සිටීමට උත්සාහ ගන්නා නමුත් ඉහළ බමුණු කුලයේ ඒ ඒ ශ්‍රේණි අතර ප්‍රශ්න ඇති වෙයි. පසුගිය දා ඇති වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය පළමුව ඒ ඒ ශ්‍රේණි අතර ඉහළින් සිටීමට කරන ලද අරගලයක් විය. ඉහළ බමුණු කුලයේ අනෙක් ශ්‍රේණි පරයා වැටුප් ලබාගෙන සමාජ තත්වය රඳවා ගැනීම අරගලයේ පදනම විය. ඇදුරන් අරගල කළේ පඩිපත වැඩිකර ගැනීමේ අරමුණෙන් මිස නිස්සරණාධ්‍යාශයෙන් නො වේ. එහෙත් බටහිර අධ්‍යාපනයක් ලැබ එයට වන්දනාමාන කරන ඇදුරන් මෙහෙයවීම බටහිරයන්ට හා අනෙක් බටහිර ගැත්තන්ට අසීරු කරුණක් නො වේ. ඇදුරෝ උගතුන් විය හැකි වුව ද බුද්ධිමත්තු නො වෙති. ඉහළ බමුණු කුලය සමාජයේ උසස් තනතුරු දරන්නේ බටහිර අධ්‍යාපනයේ ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් දක්‍ෂතාවක් ඇති නිසා නො වේ. ඇදුරු සටන ආණ්ඩු විරෝධී අරගලයක් බවට පත්කෙරුණේ අරාබි වසන්තය සිහි කරමින් ඇතැම් ඇදුරියන් අධ්‍යයනික වසන්තයක් ගැන කතාකරමිනි. මුළු වැටුප හංගා මුලික වැටුප ගැන කතා කරමින් ඇදුරෝ වැටුප් වැඩිකිරීමට ඉල්ලා සිටියෝ ය. එසේ කළේ ෆෝරම්කාරයන්ට හා වෙනත් අයට අවශ්‍ය ආකාරයට වර්ජන රැල්ලක් ඇතිකර එමගින් ආණ්ඩුව අස්ථායී කිරීමට ය. එහෙත් ඔවුන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නො හැකි විය. ඉන්පසු ඔවුන් අල්ලා ගත්තේ අපකීර්තිමත් 6% ය. එය මුලින් ඉදිරිපත් වූයේ කවුරුන් අතින් වුව ද එය ජනතාව ඒකරාශී කරන ආණ්ඩු පෙරලීමේ සටන්පාඨයක් කරගත හැකි යැයි ඉහළ මෙන් ම පහළ බමුණු කුලවලට කා වැද්දිණි. සති අන්තයට එක් වී කෑම දිරවා ගැනීමට නිවේදන නිකුත් කරන සතිඅන්ත සංසද (වීක් එන්ඩ් ෆෝරම්) කරුවෝ ආදීහු තමන්ට මහජන මතය සකස් කළ හැකිය යන හැඟීමෙන් ඇදුරන්ට තල්ලුවක් දුන්හ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් දැරූ පමණින් හෝ විශ්වවිද්‍යාල උපකුලපතිකමක් දැරූ පමණින් හෝ ජාතිකත්වයක් ඇති මෙරට බහුතර මතය වෙනස්කළ නොහැකි බව පුස්සන් වූ මේ උද්ධච්චයෝ නො දනිති. විශ්වවිද්‍යාල දේශපාලනීකරණයකට අද විරුද්ධ වන මොවුහු තමන් ජනාධිපතිවරුන් ජනාධිපතිනියන් පසුපස ගොස් උපකුලපති තනතුරුවලට පත් වූ ආකාරය අමතක කරති. ඊනියා 6% පට්ටපල් බොරුවක් බව හා ඇදුරන්ගේ ඉල්ලීම් ව්‍යාජයක් බව හෙළි කිරීමට බමුණු කුලයට විරුද්ධ ගොවියා පුත් මහෞෂධවරුනට හැකි විය. මෙරට ඉතිහාසයේ පෙර ද සිදු වී ඇති ආකාරයට මහෞෂධවරුන් හමුවේ බමුණෝ පැරදුණ හ.

ඇදුරු වර්ජනය දවස් සියයක් ඇදී ගියේ ආණ්ඩුවේ වරදිනි. ආණ්ඩුව මුල සිට ම ශක්තිමත්ව ක්‍රියාත්මක වී නම් සති දෙක තුනක් ඇතුළත වර්ජනය අවසන් කිරීමට තිබිණි. බමුණු කුලයේ පහළ ශ්‍රේණියේ ඇතැමුනට අනුව එස් බී දිසානායක ඇමතිතුමා බේරාගනු ලැබුයේ බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි. මේ අසත්‍යයකි. ඉහළ බමුණු කුලයට පැනගැනීමට උත්සාහ කරන ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන තවත් ඉහළ යෑම හැරෙන්නට වෙනත් කිසිම ධම්මයක් හෝ දිසාවක් හෝ නැති ඇදුරකු බැසිල් රාජපක්‍ෂ මහතා සමග එක්නොවන්නට වර්ජනය අවසන් වීමට තිබුණේ බොහෝ කලකට පෙර ය. බැසිල් රාජපක්‍ෂ මහතා එස් බී දිසානායක මහතාට ආධාර කළා නොව වර්ජනය දිග්ගැසීමට ආධාර කළ බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. අවසානයේ දී සත පහකවත් පඩි වැඩි කිරීමක් නැතිව ඇදුරන්ට වර්ජනය අවසන් කිරීමට සිදුවූයේ ආණ්ඩුව වර්ජනය තේරුම් ගෙන දැඩි ස්ථාවරයක පිහිටි බැවිනි. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශවලින් ගම්‍යවන්නේ වැටුප් වැඩිකළ බවකි. සත පහකින් වුවත් ඇදුරු වැටුප් වැඩි කළේ නම් මා ආණ්ඩුවට විරුද්ධ වන බව මම ප්‍රසිද්ධියේ කීවෙමි. කෙසේ වුවත් සත පහකින්වත් වැටුප් වැඩි නොකිරීම ප්‍රසංශනීය වෙයි. බටහිරින් මෙරටට ආරෝපනය කෙරුණු අධ්‍යාපනය පුස්සකි. ඊනියා ඉහළ රැකියාවලට පුහුණු කිරීමක් හැරෙන්නට ජාතිකත්වයක් ඇති ගුණ ධර්මවලින් පිරුණු පුරවැසියෝ් එමගින් ඇති නො කෙරෙති. ජාතිකත්වයක් හා ගුණ ධර්ම සහිත අධ්‍යාපනයක්, අඩු තරමෙන් ඒ සඳහා වෙන ම ආයතනයක්, ඇතිකිරීමට ආණ්ඩුවට අනගි අවස්ථාවක් ලැබී ඇත. මේ පුස්සන් ලවා මෙරට දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ආණ්ඩුව සිතන්නේ නම් ඒ රටේ අභාග්‍යයකි. බටහිර දැනුම මත පදනම් වූ කෘෂි රසායනය හේතුවෙන් අද වකුගඩු රෝගයෙන් දහස් ගණනක් මියගොස් ඇත. ඒ පිළිබඳ ආණ්ඩුව විවේචනය කරන පහළ බමුණු ශ්‍රෙණියේ කසිකබල් මාක්ස්වාදීන්ට බටහිර වෛද්‍ය විද්‍යාව, කාබනික කෘෂිකර්මය ද ඇතුලු බටහිර කෘෂිකර්මය හැරෙන්නට වෙනත් විකල්පයක් වේ ද? අපට නම් මෙරට පැරණි ක්‍රමයට නිෂ්පාදනය කරන පොහොර ද ප්‍රතිකර්ම ද ඇත. අපි ඒ සුලුවෙන් නමුත් කරගෙන යමු. ආණ්ඩුව හෝ ජාතිකත්වයක් ඇති දානපතියකු හෝ අපට එහි දී ආධාර කරන්නේ නම් කෘෂි රසායනය වෙනුවට අපේ ගොවිකමක් ද බටහිර වෛද්‍ය විද්‍යාව වෙනුවට අපේ සිංහල වෙදකමක් ද රටට ම හඳුන්වාදීමට අපට හැකි ය.

කෙසේ වෙතත් අද ඉහළ බමුණු කුලයේ තවත් ශ්‍රේණියක් වූ බටහිර වෛද්‍යවරු ඇදුරන්ට පඩි වැඩි කළේ නම් තමන්ට ද පඩි වැඩි කළ යුතු යැයි කියමින් වර්ජනාංගුලිය දික්කරති. ගුණ ධර්මයක් නැතිව ඉහළට යෑමට පුරුදු කෙරුණු බමුණු කුලයෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය හැකි නො වේ. ආණ්ඩුව එකහෙළා කිව යුත්තේ ඇදුරන්ට පඩි වැඩි නොකළ බවත් බටහිර වෛද්‍යවරුන් ද වර්ජනය කළත් ඔවුන්ට ද වැඩි පඩි නො ලැබෙන බවත් ය. නිදහස් අධ්‍යාපනයට මුදල් දෙන මෙරට ජනතාව නොවන්නට මේ බමුණු කුලය නොමැති බව බමුණන් තේරුම් ගත යුතු ය. ආණ්ඩුව බමුණන්ට ඉඩ දිය යුතු නො වේ. අද බමුණු කුලය උත්සාහ කරන්නේ විධායකය හා අධිකරණය අතර විරසකයක් ඇති කර පකිස්තානයේ ක්‍රමයට ආණ්ඩුව පෙරළීමට ය. බමුණු කුලය අරාබියෙන් පකිස්තානයට යෑමට සැරසෙන්නේ ඊනියා යහපාලනයක් ඇතිකිරීමට නොව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ට නොනැමුණු මේ ආණ්ඩුව පෙරළා දැමීමට ය. අධිකරණයට ගල්ගැසූවන් සමග කුප්‍රසිද්ධ ජනාධිපති සමා දුන් අය සමග බටහිර ක්‍රමයට වුවත් අධිකරණයේ ස්වාධීනත්වය රකින්නේ කෙසේ ද? අප අධිකරණ නියෝග පිළිගත යුතු ය. එහෙත් අධිකරණ නියෝග විවේචනය කිරීමට පරමාධිපත්‍යය ඇතැයි කියන මහජනයාට හැකි විය යුතු ය. අධිකරණ සේවා කොමිසමේ පත්වීම් ආදිය පමණක් නොව හැසිරීම් රටා ද පාරදෘශ්‍ය විය යුතු ය. මෙරට පහළ බමුණු කුලයේ ආධාරය ඇතිව ඉහළ බමුණු කුලය ලවා ආණ්ඩුව පෙරළීමට බටහිරයන් උත්සාහ ගන්නේ ඔවුන් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ට අකමැති බැවිනි. රාජ්‍ය නොවන සංවිධාන ද එහි දී යොදා ගැනෙයි. ඒවාහි ද අඩුවැඩි වශයෙන් බමුණෝ ම වෙති.