Main Logo

Sunday, 23 November 2014

දෙමළ ජාතිවාදය පැරදවීම


මහින්ද රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි වාරයේ දී ඉටුවිය යුතු ප්‍රධාන කරුණු දෙකක් වෙයි. පළමුවෙන් ම දෙමළ ජාතිවාදය පැරදවිය යුතු වෙයි. දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල්හද දී පරාජය කෙරුණු නමුත් එංගලන්තයේ ඇමරිකාවේ හා බටහිර රටවල වාසය කරන විසිරුණු දෙමළ ජනයා මගින් අදටත් දෙමළ ජාතිවාදය මෙරට ආණ්ඩුවට හා සිංහලයන්ට එරෙහි ව ක්‍රියාත්මක වෙයි. ඒ පරාජය කළ යුතු වෙයි. එමෙන් ම ඒ පරාජය කළ හැකි වෙයි. ඒ සඳහා අප ආර්ථික වශයෙන් ද දැනුම (සංස්කෘතික) වශයෙන් ද දේශපාලන වශයෙන් ද ශක්තිමත් විය යුතු ය. 

බටහිරයන් අපට එරෙහිව ආර්ථික සම්බාධක පණවනු ඇත. අපට එයට සූදානම් විය හැක්කේ ආර්ථික ව ශක්තිමත් වීමෙන් පමණ ය. දේශපාලන වශයෙන් අපට ශක්තිමත් විය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අඩු තරමෙන් තවත් වසර දහයක් පවත්වාගෙන යාමෙන් හා ශක්තිමත් දේශපාලනඥයකු විධායක ජනාධිපති බවට පත්කර ගැනීමෙනි. අද ඒ සඳහා සිටින ශක්තිමත් ම බටහිරට නොනැමෙන පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. අපට එංගලන්තය හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට පණිවුඩයක් දිය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට වලංගු ඡන්දයෙන් 55% ට වැඩි ඡන්දයක් ලබා දීමෙනි. දුර්වල දේශපාලනඥයකු විධායක ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් හෝ අපට දෙමළ ජාතිවාදය පරාජය කළ නො හැකි ය. දුර්වලයා සැම විට ම බටහිරයන්ගේ පදයට නටන ඉත්තෙකි.

දැනුම වශයෙන් ගත්කල අද සිංහලයන්ට විරුද්ධ ව ඇති චෝදනා සියල්ලට ම පිළිතුරු දීමට අප සමත් විය යුතු ය. ඒ සම්බන්ධයෙන් අප විසින් ද ලියන ලද පොත්පත් ලිපි ප්‍රමාණය ඉතා අධික ය. දෙමළ ජාතිවාදීන් නගන සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. අපට එංගලන්තයත් ඇමරිකාවත් අනෙක් රටවලුත් පරාජය කළ හැකි ය. එමගින් දෙමළ ජාතිවාදය ද පරාජය කළ හැකි ය. ඒ කළ යුතු දෙයකි. 

අද විධායක ජනාධිපති ක්‍රමය අහොසි කළ යුතු යැයි කියන්නෝ මූලික වශයෙන් බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට සේවය කරති. ඔවුන් තමන් එසේ නො වේ යැයි කීමට ඉඩ ඇත. ජාතික හෙළ උරුමය හෝ ඉන් කොටසක් හෝ නැවතත් මංගල සමරවීර සමග එක වේදිකාවේ පෙනී සිටීම ගැන අපි පුදුම නො වෙමු. 1994 දී ද ඔවුහු ජනතා මිතුරෝ හෝ වෙනත් සංවිධානයක හෝ නමින් පෙනී සිටිමින් මංගල සමරවීර සමග එකට ජාතිකත්වයට එරෙහි ව වැඩ කළහ. එදවස පැවති මහා මැතිවරණයේ දී මංගල සමරවිරට ආධාර කළහ. මේ සම්බන්ධයෙන් තවත් දේ කීමට ඇතත් එය පසුවට කල් දමමි.  

මහින්ද රාජපක්‍ෂ මහතාට තම තෙවැනි වාරයේ දී ආර්ථික ය තව තවත් ශක්තිමත් කිරීමට සිදුවනු ඇත. ඒ ඔහුගෙන් බලාපොරොත්තුවන දෙවැනි කරුණ ය. ආර්ථික සංවර්ධනය බටහිර අච්චුවට පමණක් සීමා නොවිය යුතු ය. එය දේශීය මගක් ද ගත යුතු ය. අපේ ගොවිකම දියුණු කිරීමෙන් අපට කෘෂිරසායන භාවිතයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් විය හැකි ය. එමගින් වස විසෙන් ද අපට වෙන් විය හැකි ය. දේශීය වෙදකම දියුණු කිරීමෙන් අපට බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා වියදම් වන මුදල් රුපියල් කෝටි ගණනින් ඉතිරි කරගත හැකි ය. 

එ ජ නි සංධානයේ ප්‍රතිපත්ති ඉහත සඳහන් ආකාරයෙන් සකස් කරගත යුතු වෙයි. අද බටහිරයෝ අප පාලනය කරති. අපට නිදහසක් තිබිණි ද එය සීමිත නිදහසකි. බටහිරයෝ  විසිරුණු දෙමළ ජනයා මගින් අපට බලපෑම් කරති. ඔවුහු බටහිර සිටින කොටින් ද ඇතුලු දෙමළ ජාතිවාදීන්ට ආධාර කරති. පසුගිය දා යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කළ අතර අපට ආර්ථික තහංචියක් පැණවී ය. ඒ අපේ මාළු මිළදී නොගෙනීමට තීරණය කිරීමෙනි. ඉදිරියේ දී අප තව තවත් එවැනි ක්‍රියා බලාපොරොත්තු විය යුතු ය.

යුරෝපා සංගමයට අපේ අභ්‍යන්තර ප්‍රශ්නයකට අත පෙවීමට අයිතියක් නැත. ඔවුන් කර ඇත්තේ ඔවුන්ගේ ආධිපත්‍යය අප මත පැටවීමකි. අප එහි දී ක්‍රියාකළ යුතුව තිබුණේ කෙසේ ද? ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ, තොප්පිගල යනු කැලෑවක් පමණක් යැයි කියමින් අපේ හමුදාවන් සමච්චලයට ලක්කළ රනිල් වික්‍රමසිංහ හදිසියේ ම දේශප්‍රේමියකු වී ආණ්ඩුව යුරෝපා සංගමයට එරෙහිව කටයුතු නොකළේ ඇයි දැයි අසයි. ඔහු ඉන් නොනැවතී යුරෝපා සංගමයට ලිපියක් ද යවා ඇත. රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ කුමක් ද?

ඒ ඔහුට හුරු පුරුදු කාර්යයකි. එනම් රට හා සිංහලයන් පාවා දීමකි. යුරෝපා සංගමයට අපේ රටේ අභ්‍යන්තර කරුණුවලට මැදිහත් වීමට කිසිම අයිතියක් නැත. ඔවුන් තමන්ගේ සමිති සමාගම්වල අපට විරුද්ධව විවිධ යෝජනා සම්මත කරගන්නා විට අප කළ යුත්තේ ඒ සඳහා මැදිහත් වීම නො ව ඔවුන් මුළුමනින් ම නොසලකා හැරීම ය. ආණ්ඩුව කළ යුතු පරිද්දෙන් යුරෝපා සංගමය නොසලකා හැර රටේ හා ජනතාවගේ ස්වෛරීභාවය රැකගත්තේ ය. යුරෝපා සංගමයට අපේ ප්‍රශ්නවලට මැදිහත්වීමට අයිතියක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. 

එහෙත් රනිල් වික්‍රමසිංහ කළේ කුමක් ද? ඔහු ඊනියා දේශප්‍රේමීත්වයක් අටවාගෙන විපක්‍ෂ නායක ධුරය ද යොදා ගනිමින් සුපුරුදු අන්දමින් රට පාවාදීමට පියවර ගත්තේ ය. ඔහු තම ලිපිය මගින් යුරෝපා සංගමයට අප රටේ කරුණුවලට මැදිහත්වීමට අයිතියක් ඇති බව පිළිගත්තේ ය. ඔහුගේ දේශප්‍රෙමයේ නිරුවත දිස්වන්නට පටන් ගත්තේ ය. ඔහුගේ පක්‍ෂයෙන් කවුරුන් ඉදිරිපත් වුවත්  ඒ තැනැත්තා ද බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට රට පාවාදෙනු ඇත.

ජනාධිපතිවරණය ද ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටනකි. එහි දී ජාතික හෙළ උරුමය  විජාතික බලවේගවලට යට වුව ද ජාතිකත්වයේ අති විශාල බහුතරය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජාතිකත්වය පැත්තේ ය. ජාතික හෙළ උරුමයට වුව ද එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඉවත්වීමට තරම් ශක්තියක් නැත. ඔවුන් කර ඇත්තේ ඇමති ධුර අත්හැරීම පමණකි. ජාතික හෙළ උරුමයට පැවැත්මක් ඇත්තේ සංධානය තුළ පමණකි. සංධානයෙන් පිටවූ විගස ඔවුන් දේශපාලන පක්‍ෂයක් ලෙස දිය වී යනු ඇත. සංධානයේ පක්‍ෂයක් ලෙස සිටිමින් ගන්නා මනාප ඒ ඒ පක්‍ෂවලට ලැබෙන මනාප නොවන බව ජ වි පෙරමුණ ද ජාතික නිදහස් පෙරමුණ ද දනියි. ජාතික හෙළ උරුමය ද ඒ පාඩම හැකි ඉක්මනින් ඉගෙන නොගතහොත් මින් පසු අත්හැරීමට ඇමතිධුර නොව මන්ත්‍රීධුර ද නැතිවනු ඇත.   


නලින් ද සිල්වා

2014-11-23

Wednesday, 19 November 2014

Solheim as the common candidate of the banana intellectuals


Sri Lanka is not an Arab country and the west finds it difficult to impose its will in this country. The western policy with respect to Asia, Africa and South America can be partially summarized in one sentence knowing very well that summaries do not often convey the meaning of the original. The west wants weak governments in these countries and the moment they come across a strong government that does not listen to them, they want to destabilize the relevant country by hook or crook. The countries where there are strong leaders are called banana republics only to create a unhealthy impression among western educated “intellectuals” and other henchmen and henchwomen of the west. 

The west breaks up countries where there are strong leaders not liked by them and sometimes kills the leaders as well. Some Arab leaders were given adverse publicity as dictators before they were killed. The west wants a world that obeys them and to maintain the hegemony over politics, culture and economics. It is the educational system in the Asian and other countries that is used by the west together with media to maintain the western hegemony.

The banana republics are those countries, which are manipulated by the west but the western “intellectuals” as usual having hegemony as far as knowledge is concerned propagates the opposite view altogether. The so called intellectuals in this country most of whom are maintained by the universities and the western governmental organisations can only repeat the western concepts as they themselves cannot think originally. In fact these “intellectuals” can be called   banana intellectuals.

They may say that the so called banana republics have dictators and weak economies but what is not realised by the banana intellectuals is that the yardsticks on politics, economy and culture are created by the western intellectuals. The banana intellectuals will rally round western slogans of so called democracy and good governance etc., without realizing that there is no democracy or transparency as such in the western countries. How many Norwegians know that Norway supplied arms and funds to the LTTE terrorists? How many English people know that Norway was only a pawn in this exercise and England was the real culprit?

It is good that the President Mahinda Rajapaksa has come out openly with the involvement of Solheim and Norway in the LTTE activities. The west led by England used Tamil separatism to divide the country into pieces in the name of peace even before Mahinda Rajapaksa became the President. They continue to do the same using the dispersed Tamils in their countries. The west has been against Sinhala Buddhists of the country and during the time of the English governors used English speaking Tamil elite against the Sinhala people in general and Sinhala Buddhists in particular. The so called nineteenth century Buddhist revival was against mainly the cultural policy of the English and the colonialists know very well that the struggle against them continues to date.

The Sinhala people have had two leaders after 1948, who stood against western hegemony. One was Mrs. Sirimavo Bandaranaike and the other is Mahinda Rajapaksa. There was a coup against Mrs Bandaranaike steered by non Sinhala Buddhist high ranking officers in the armed forces but it failed as the conspiracy was leaked out thanks to some Sinhala Buddhists.

It is not easy to plan a coup against Mahinda Rajapaksa using armed forces as the composition of the forces have been changed since the coup of 1962. The composition was changed mainly due to the untiring efforts by L H Mettananda and N Q Dias. The west has to resort to other means to oust Mahinda Rajapaksa and the Presidential elections are being used for that purpose.
                                                       
It has to be realised that Sinhala Buddhists protected the sovereignty of the people from 1506 to 1815 and none of the European nations was able to capture the country through war. It was the crafty diplomacy of the English led by Doyle that finally annexed the country as a whole but even after 1815 Sinhala people have given the English tough time though the products of English Christian education took the side of the colonial master. The latter continue to do so even today.

Though the situation has changed during the past it is the banana intellectuals with their tin pot hegemony that dominate the media and the universities. They are not creative at all but they have been projected as intellectuals by themselves. It is nothing but back scratching and the banana intellectuals who may have read a few books here and there without pondering over them could quote from Kalama Sutta to Post Modernism, General Relativity and Quantum Physics without understanding them. However ordinary people cannot be fooled by them though the banana intellectuals would praise each other without an end.  

It was the banana intellectuals who started the campaign for good governance. Ven. Sobhitha Thera began his campaign and some academic trade unionists supported him. How many ordinary Sinhala people are interested in western concepts such as good governance and transparency? How many banana intellectuals with their little “empires” in the intellectual world wanted transparency from Solheim? The banana intellectuals are maintained by the west through the western governmental organizations (so called NGOs) but the ordinary people are not. They cannot be fooled by the banana intellectuals and they knew by intuition what Solheim was up to in the country. In spite of banana intellectuals and Solheim and their campaign that the LTTE cannot be defeated the ordinary people knew that the LTTE can be defeated provided we had a strong political leadership.

It was the political leadership of Mahinda Rajapaksa and the strategically planning of the Defense Secretary and of course the heroic sacrifices made by the “Ranavirvans” that defeated the LTTE. It is this victory that prevented the country being not bifurcated but trifurcated and the west is all out to take revenge. The talk on abolition of executive presidency is mainly because it was that post that enabled Mahinda Rajapaksa to give a strong political leadership. The west thought that Ven. Sobhitha Thera has support among the Sinhala Buddhists but did not know that Sobhitha Thera of the twenty first century is not the same as the Thera who became a household name among the ordinary people during the “Buddhism Betrayed” days. The Thera may be a household name among the banana intellectuals but his effectiveness ends there. The academic trade unionists and the left out leftists who gather in Naga Vihara, Kotte have no say beyond press conferences they hold and their hunt for the common candidate to defeat Mahinda Rajapaksa has ended up in disarray. It may not be a bad idea to find out whether it is possible to have Solheim as the common candidate even by giving him citizenship as early as possible. After all he has been involved with politics of the country for so long and has the “credentials” to be the common candidate.  


The west cannot try their tactics in Sri Lanka and their Arab springs with the support of the JVP are bound to fail. Whether the banana intellectuals, Solheim and Sobhitha Thera like it or not Mahinda Rajapaksa would poll more than 55% of the valid vote making the west to eat the humble pie.



Nalin De Silva

19-11-2014

අශෝකට එරෙහි ව අමරතුංග


ඩී.එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කරවටක්‌ මඩේ එරී ඇත. ඔහු වැඩි කල් නො ගොස්‌ මුළුමනින් ම මඩේ එරෙනු ඇත. ඔහු තමාට කියෑවීමට ලැබුණු ජනප්‍රිය ඉංගිරිසි පොතකින් (පොත්වලින්) කරුණු කිහිපයක්‌ අහුලාගෙන (ඒ තේරුම් ගෙන නො වේ) සුපුරුදු පරිදි වචනවල අර්ථ ගැන විමසීමකින් තොර ව ඒ විදුසර පාඨකයන් වෙත දමා ගසයි. අපට ඇති මූලික ම ප්‍රශ්නය නම් අමරතුංග මහතා බටහිර විද්‍යාව හා වෙනත් දාර්ශනිකයන් බටහිර විද්‍යාව පිළිබඳ කියා ඇති දේ විදුසර පාඨකයන්ට කියන්නේ ඇයි ද යන්න ය. 

මේ දාර්ශනිකයන් ලියන්නේ පහළොස්‌ වැනි සියවසෙන් පසුව බටහිර ඇති වූ විද්‍යාව ගැන ය. එනම් බටහිර විද්‍යාව ගැන ය. ඔවුන්ට අවශ්‍ය බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වූ දැනුම් පද්ධතියක්‌ බව පෙන්වීම ය. එහි දී ඔවුහු අනෙක්‌ දැනුම් පද්ධතිවලට නැති දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ බටහිර විද්‍යාවට ඇතැයි කීමට යත්න දරති. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ බව මම ද පිළිගන්නෙමි. එහෙත් ඒ බටහිර දාර්ශනිකයන් කියන දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ එහි ඇති නිසා නො වේ. 

බටහිර විද්‍යාවේ චින්තනයක්‌ ඇත. එය නිර්මාණය කෙරෙන්නේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට සාපේක්‌ෂ ව ය. එහි දී කෙරෙන්නේ අමරතුංග මහතා බටහිර දාර්ශනිකයන් ගේ මත පුනරුච්චාරණය කරමින් තම නොවැම්බර් 12 වැනි දින ලිපියෙන් කියන පරිදි ඊනියා යථාර්ථයක්‌ තේරුම්ගැනීමට උත්සාහ කිරීම නො ව පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම්ගැනීම සඳහා පට්‌ටපල් බොරු කතාන්දර ගෙතීම ය. අප කියන්නේත් බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ බව ය. එහෙත් ඒ බටහිර දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ ගැන ගොතන බොරු කතාන්දර නිසා නො වේ. 

අමරතුංග මහතා කියා සිටියේ ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. එසේ නම් බටහිර විද්‍යාවට අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වූ දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ තිබිය නොහැකි ය. එයට ම ආවේණික වූ දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ ඇතැයි කියන බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලට වඩා වෙනස්‌ විය යුතු ය. එහෙත් දිගින් දිගට ම අමරතුංග මහතා ගේ ස්‌ථාවරය වූයේ ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. දැන් අමරතුංග මහතා උපුටා දක්‌වන්නේ එසේ නො ව බටහිර විද්‍යාවට අනන්‍ය වූ දර්ශනයක්‌ හා විධික්‍රමයක්‌ ඇති බැවින් එය අනෙක්‌ දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වන්නේ යෑයි කියන දාර්ශනිකයන් ගේ කියුම් ය. 

බටහිර විද්‍යාවේ හා අනෙක්‌ දැනුම් පද්ධතීන් අතර වෙනසක්‌ නැති බව අමරතුංග මහතා පෙන්වා දෙන්නේ කෙසේ ද? බටහිර දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ ඇතැයි කියන දර්ශනය හා විධික්‍රමය අනෙක්‌ දනුම් පද්ධතිවලත් ඇතැයි අමරතුංග මහතාට පෙන්වා දිය හැකි ද? එසේ නො කරන තාක්‌ අමරතුංග මහතාට ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ යෑයි කිව හැකි නො වේ. අමරතුංග මහතා තමාට විරුද්ධ ව ම කරුණු ඉදිරිපත් කරන්නේ ඇයි දැයි තේරුම් ගන්නේ කෙසේ ද?

මෙහි දී අමරතුංග මහතා ගේ උපක්‍රමය වී ඇත්තේ සියලු විද්‍යා ආනුභවික යෑයි කීම ය. ඇතැම් දැනුම් පද්ධතීන් පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධිවලින් පටන්ගන්නා බව සැබෑ ය. එහෙත් එයින් ඒ සියලු දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාව මෙන් වූ විද්‍යාවන් යෑයි කිව හැකි නො වේ. වඩාත් වැදගත් වන්නේ ඒ ඒ දැනුම් පද්ධතියෙහි පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දෙන්නේ කෙසේ ද යන්න ය. 

උදාහරණයක්‌ ලෙස ලෝකයේ පවතින බව, බොහෝ දැනුම් පද්ධතීන්ට අනුව පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් ඒ ලෝකය ඇති වූයේ කෙසේ ද යන්න විවිධ දැනුම් පද්ධතීන් තේරුම්ගන්නේ විවිධ ආකාරයෙනි. බටහිර විද්‍යාවට අනුව ලෝකය (විශ්වය) ආරම්භ වූයේ මහා පිපිරුමෙනි. එය ඇති වූ වහා ම උද්ධමනයකට (Inflation) යටත් වී යෑයි ඊයේ පෙරේදා වනතුරු ම බටහිර විශ්වවේදියෝ කියා සිටිය හ. එහෙත් දැන් ඔවුන් කියන්නේ උද්ධමනයක්‌ නො වූ බව ය. එසේත් නැත හොත් උද්ධමනය යනු පට්‌ටපල් බොරුවක්‌ බව ය. ඔවුන් නො කියන්නේ ඒ ඔවුන් ගෙතූ පට්‌ටපල් බොරුවක්‌ බව ය. 

එහෙත් දේව ධර්මයන්ට අනුව ලෝකය ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමෙන් නො වේ. දේවධර්මයන්ට අනුව ද ලෝකය පැවතීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ ලෙස සැලකිය හැකි ය. එහෙත් දේව ධර්මයට අනුව ලෝකය ආරම්භ වී ඇත්තේ දෙවියන් වහන්සේ ගේ මැවීමත් සම`ග ය. ලෝකයේ පැවැත්ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ ලෙස සලකමින් දේව ධර්මය ද විද්‍යාවක්‌ ලෙස සැලකීමට අමරතුංග මහතා සූදානම් ද? එසේ නැත්නම් දේවධර්මයට අනුව පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය පංචෙන්ද්‍රිය ගෝචර ආනුභවික සංසිද්ධියකින් ආරම්භ වීත් එය විද්‍යාවක්‌ නො වන්නේ ඇයි දැයි අමරතුංග මහතාට තේරුම් කර දිය හැකි ද? 

අමරතුංග මහතා කිසිවක්‌ ඉගෙනීමට සූදානම් නැත. ඔහුට වචන ගැන සැලකිලිමත් විය යුතු බව කෙතරම් කීවත් ඔහු ඒ ගැන කිසි ම තැකීමක්‌ නො කරයි. ඔහුට දැන් බටහිර විද්‍යාවේ ඇති දුර්වලකම් පිළිගැනීමට සිදු වී ඇත. එහෙත් ඔහු එහි දී ද ඉන්පසුව ද මතවාදය යන වචනය කිසි ම වගවිභාගයකින් තොර ව යොදාගනියි. අපි ඔහු ගේ නොවැම්බර් 12 වැනි දින ලිපියෙන් උපුටා දක්‌වමු. "විද්‍යාව තුළ දුර්වලතා කොතෙක්‌ තිබුණත් යම් මතවාදයක්‌ ස්‌ථිර ව ම ඔප්පු කරන්නට හැකි වෙනත් ක්‍රමයක්‌ නැති බව දාර්ශනිකයන් පෙන්වා දී ඇති බව ද එම ලිපියේ සඳහන් කොට ඇත. විද්‍යාව සැම විට ම සාර්ථක නො වන බව සැබෑ ය. එහෙත් විද්‍යාව ඉවත දැමීමට එම දුර්වලතාව හේතුවක්‌ නො වන්නේ ය. විද්‍යාව ඉවත දැමීම කළ නොහැකි, නො කළ යුතු දෙයක්‌ වුව ද එහි දාර්ශනික පදනමේ ඇති නොයෙකුත් ගැටලු පිළිබඳව සොයා බැලීම කළ යුතු දෙයකි. ඉන් විද්‍යාවේ දියුණුව සිදු විය හැකි බැවිනි" 

බටහිර විද්‍යාව ඉවත දැමීමක්‌ ගැන අප කිසි විටෙකත් කියා නැත. බටහිර විද්‍යාව පමණක්‌ නො ව බටහිර කිසි ම දැනුම් පද්ධතියක්‌ ඉවත දැමිය යුතු යෑයි අපි කියා නැත්තෙමු. එසේ කියා ඇති තැනක්‌ ඇත්නම් ඒ බව නිදර්ශන සහිත ව පෙන්වා දෙන මෙන් අපි අමරතුංග මහතාට අභියෝග කරමු. අප කියා ඇත්තේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ය. එහෙත් අපේ ජීවිතයේ දී අපි පට්‌ටපල් බොරු ද වෙනත් විවිධාකාරයේ බොරු ද යොදාගන්නෙමු. මම යනුවෙන් අයකු ඇතැයි සැලකීමට වඩා බොරුවක්‌ තවත් වේ ද? අපට අවශ්‍ය නම් හා අපට ගැලපේ නම් බටහිර බොරු හා පට්‌ටපල් බොරු යොදාගත හැකි ය. අපට බොරු නැති ව ජීවත් විය නො හැකිය. අමරතුංග මහතා ගේ ලිපිවලට ප්‍රතිචාර දැක්‌වීමට සිදු නො වන්නට ඇත්ත හා බොරුව ගැන සාකච්ඡාවක්‌ සඳහා අපට මෙයට වඩා ඉඩකඩ ලැබෙන්නට තිබිණි. අපි මඳක්‌ පමා වී වුව ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. එහෙත් කරවටක්‌ මඩේ එරී ඇති අමරතුංග මහතාට තව තවත් මඩේ එරීමට අප අවස්‌ථාව සලසා දිය යුතු ය. එබැවින් අමරතුංග මහතා ගේ ලිපිවලට ප්‍රතිචාර දැක්‌වීමට සිදු වේ. මා දන්නා බුදුදහමට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන් අසත්‍ය වන අතර බුදුදහම සත්‍ය හෝ අසත්‍ය නො වේ. බුදුදහමෙහි ඉගැන්වෙන්නේ අසත්‍යයෙන් වෙන් වීම ය. 

අපි නැවතත් අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියට අවධානය යොමු කරමු. එහි මෙසේ සඳහන් වෙයි. "..... වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී ද සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic) සහ ඒවායෙන් ලැබෙන නිගාමී ඵලය (Deductive Consequence) වන්නේ ය." 

අමරතුංග මහතා මතවාදය යන්න යොදාගන්නේ තියරි (Theory) යන වචනය සඳහා ය. මේ වැරැදි බව අප කිහිප වතාවක්‌ ම පෙන්වා දී ඇති නමුත් තම ගෞරවය හේතුවෙන් දෝ ඔහු ඒ කිසිවක්‌ නො සලකයි. තියරි යනු ප්‍රවාදය ය. මතවාදය යන්න අවශ්‍ය නම් අයිඩියොලොජි (Ideology) යන්න වෙනුවට යොදාගත හැකි ය. අනෙක්‌ අතට ස්‌ට්‍රක්‌චර් (Structure) යනු ස්‌වභාවය නො වේ. ස්‌ට්‍රක්‌චර් යන්නට යොදාගත හැක්‌කේ ව්‍යුහය යන්න ය. එහි අරුත ස්‌වභාවය යන්නෙන් කෙතරම් වෙනස්‌ ද? ව්‍යුහය හා ස්‌වභාවය එකක්‌ ලෙස සැලකිය හැකි ද? අමරතුංග මහතාට සිංහල හෝ ඉංගී්‍රසි හෝ දෙක ම හෝ නො තේරෙයි. 

කෙසේ වෙතත් අමරතුංග මහතා කීමට තැත් කරන්නේ පහත සඳහන් කරුණු යෑයි සිතිය හැකි ය. සමහර බටහිර විද්‍යා දාර්ශනිකයෝ බටහිර විද්‍යාත්මක ප්‍රවාදවලට ව්‍යුහය ඉවතට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් තර්කානුසාරී ආනුභවිකවාදීන් ප්‍රවාදය යනු කුමක්‌ දැයි නිර්වචනය කර ඇත. ඔවුන්ට අනුව ප්‍රවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශ හා එහි නිගාමී සංවිපාක ය. අමරතුංග මහතා දක්‌වා ඇති අන්දමට නම් මෙහි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සම්බන්ධයක්‌ නැත. මේ නිර්වචනයට අනුව බටහිර ගණිතයෙහි දක්‌නට ලැබෙන ප්‍රමේය ද ප්‍රවාද ය. අමරතුංග මහතා ගේ අවබෝධය එබඳු ය.


නලින් ද සිල්වා

2014-11-19

Saturday, 15 November 2014


මෙම ලිපිය ඉරිදා දිවයින පුවත්පතෙහි නව කතුවරයා විසින් 2014 නොවැම්බර් 16 වැනි දා පුවත්පතෙහි පළකරනු නො ලැබිණි. ඉරිදා දිවයින ජාතිකත්වයෙන් ඉවත් වී ඇති බව පැහැදිලි ය. පුවත්පත ආරම්භයේ සිට ම අවුරුදු තිස්තුනකට අධික කාලයක් දිවයිනට ලිපි සැපයුව ද තවදුරටත් එසේ කිරීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇත. මෙයින් මතු රිවිර පුවත්පතට ලිපි සැපයීමට බලාපොරොත්තු වෙමි.

දෙමළ ජාතිවාදය පැරදවීම

මහින්ද රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි වාරයේ දී ඉටුවිය යුතු ප්‍රධාන කරුණු දෙකක් වෙයි. පළමුවෙන් ම දෙමළ ජාතිවාදය පැරදවිය යුතු වෙයි. දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල්හද දී පරාජය කෙරුණු නමුත් එංගලන්තයේ ඇමරිකාවේ හා බටහිර රටවල වාසය කරන විසිරුණු දෙමළ ජනයා මගින් අදටත් දෙමළ ජාතිවාදය මෙරට ආණ්ඩුවට හා සිංහලයන්ට එරෙහි ව ක්‍රියාත්මක වෙයි. ඒ පරාජය කළ යුතු වෙයි. එමෙන් ම ඒ පරාජය කළ හැකි වෙයි. ඒ සඳහා අප ආර්ථික වශයෙන් ද දැනුම (සංස්කෘතික) වශයෙන් ද දේශපාලන වශයෙන් ද ශක්තිමත් විය යුතු ය. 

බටහිරයන් අපට එරෙහිව ආර්ථික සම්බාධක පණවනු ඇත. අපට එයට සූදානම් විය හැක්කේ ආර්ථික ව ශක්තිමත් වීමෙන් පමණ ය. දේශපාලන වශයෙන් අපට ශක්තිමත් විය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අඩු තරමෙන් තවත් වසර දහයක් පවත්වාගෙන යාමෙන් හා ශක්තිමත් දේශපාලනඥයකු විධායක ජනාධිපති බවට පත්කර ගැනීමෙනි. අද ඒ සඳහා සිටින ශක්තිමත් ම බටහිරට නොනැමෙන පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. අපට එංගලන්තය හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට පණිවුඩයක් දිය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට වලංගු ඡන්දයෙන් 55% ට වැඩි ඡන්දයක් ලබා දීමෙනි. දුර්වල දේශපාලනඥයකු විධායක ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් හෝ අපට දෙමළ ජාතිවාදය පරාජය කළ නො හැකි ය. දුර්වලයා සැම විට ම බටහිරයන්ගේ පදයට නටන ඉත්තෙකි.

දැනුම වශයෙන් ගත්කල අද සිංහලයන්ට විරුද්ධ ව ඇති චෝදනා සියල්ලට ම පිළිතුරු දීමට අප සමත් විය යුතු ය. ඒ සම්බන්ධයෙන් අප විසින් ද ලියන ලද පොත්පත් ලිපි ප්‍රමාණය ඉතා අධික ය. දෙමළ ජාතිවාදීන් නගන සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. අපට එංගලන්තයත් ඇමරිකාවත් අනෙක් රටවලුත් පරාජය කළ හැකි ය. එමගින් දෙමළ ජාතිවාදය ද පරාජය කළ හැකි ය. ඒ කළ යුතු දෙයකි. 

අද විධායක ජනාධිපති ක්‍රමය අහොසි කළ යුතු යැයි කියන්නෝ මූලික වශයෙන් බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට සේවය කරති. ඔවුන් තමන් එසේ නො වේ යැයි කීමට ඉඩ ඇත. ජාතික හෙළ උරුමය හෝ ඉන් කොටසක් හෝ නැවතත් මංගල සමරවීර සමග එක වේදිකාවේ පෙනී සිටීම ගැන අපි පුදුම නො වෙමු. 1994 දී ද ඔවුහු ජනතා මිතුරෝ හෝ වෙනත් සංවිධානයක හෝ නමින් පෙනී සිටිමින් මංගල සමරවීර සමග එකට ජාතිකත්වයට එරෙහි ව වැඩ කළහ. එදවස පැවති මහා මැතිවරණයේ දී මංගල සමරවිරට ආධාර කළහ. මේ සම්බන්ධයෙන් තවත් දේ කීමට ඇතත් එය පසුවට කල් දමමි.  

මහින්ද රාජපක්‍ෂ මහතාට තම තෙවැනි වාරයේ දී ආර්ථික ය තව තවත් ශක්තිමත් කිරීමට සිදුවනු ඇත. ඒ ඔහුගෙන් බලාපොරොත්තුවන දෙවැනි කරුණ ය. ආර්ථික සංවර්ධනය බටහිර අච්චුවට පමණක් සීමා නොවිය යුතු ය. එය දේශීය මගක් ද ගත යුතු ය. අපේ ගොවිකම දියුණු කිරීමෙන් අපට කෘෂිරසායන භාවිතයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් විය හැකි ය. එමගින් වස විසෙන් ද අපට වෙන් විය හැකි ය. දේශීය වෙදකම දියුණු කිරීමෙන් අපට බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා වියදම් වන මුදල් රුපියල් කෝටි ගණනින් ඉතිරි කරගත හැකි ය. 

එ ජ නි සංධානයේ ප්‍රතිපත්ති ඉහත සඳහන් ආකාරයෙන් සකස් කරගත යුතු වෙයි. අද බටහිරයෝ අප පාලනය කරති. අපට නිදහසක් තිබිණි ද එය සීමිත නිදහසකි. බටහිරයෝ  විසිරුණු දෙමළ ජනයා මගින් අපට බලපෑම් කරති. ඔවුහු බටහිර සිටින කොටින් ද ඇතුලු දෙමළ ජාතිවාදීන්ට ආධාර කරති. පසුගිය දා යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කළ අතර අපට ආර්ථික තහංචියක් පැණවී ය. ඒ අපේ මාළු මිළදී නොගෙනීමට තීරණය කිරීමෙනි. ඉදිරියේ දී අප තව තවත් එවැනි ක්‍රියා බලාපොරොත්තු විය යුතු ය.

යුරෝපා සංගමයට අපේ අභ්‍යන්තර ප්‍රශ්නයකට අත පෙවීමට අයිතියක් නැත. ඔවුන් කර ඇත්තේ ඔවුන්ගේ ආධිපත්‍යය අප මත පැටවීමකි. අප එහි දී ක්‍රියාකළ යුතුව තිබුණේ කෙසේ ද? ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ, තොප්පිගල යනු කැලෑවක් පමණක් යැයි කියමින් අපේ හමුදාවන් සමච්චලයට ලක්කළ රනිල් වික්‍රමසිංහ හදිසියේ ම දේශප්‍රේමියකු වී ආණ්ඩුව යුරෝපා සංගමයට එරෙහිව කටයුතු නොකළේ ඇයි දැයි අසයි. ඔහු ඉන් නොනැවතී යුරෝපා සංගමයට ලිපියක් ද යවා ඇත. රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ කුමක් ද?

ඒ ඔහුට හුරු පුරුදු කාර්යයකි. එනම් රට හා සිංහලයන් පාවා දීමකි. යුරෝපා සංගමයට අපේ රටේ අභ්‍යන්තර කරුණුවලට මැදිහත් වීමට කිසිම අයිතියක් නැත. ඔවුන් තමන්ගේ සමිති සමාගම්වල අපට විරුද්ධව විවිධ යෝජනා සම්මත කරගන්නා විට අප කළ යුත්තේ ඒ සඳහා මැදිහත් වීම නො ව ඔවුන් මුළුමනින් ම නොසලකා හැරීම ය. ආණ්ඩුව කළ යුතු පරිද්දෙන් යුරෝපා සංගමය නොසලකා හැර රටේ හා ජනතාවගේ ස්වෛරීභාවය රැකගත්තේ ය. යුරෝපා සංගමයට අපේ ප්‍රශ්නවලට මැදිහත්වීමට අයිතියක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. 

එහෙත් රනිල් වික්‍රමසිංහ කළේ කුමක් ද? ඔහු ඊනියා දේශප්‍රේමීත්වයක් අටවාගෙන විපක්‍ෂ නායක ධුරය ද යොදා ගනිමින් සුපුරුදු අන්දමින් රට පාවාදීමට පියවර ගත්තේ ය. ඔහු තම ලිපිය මගින් යුරෝපා සංගමයට අප රටේ කරුණුවලට මැදිහත්වීමට අයිතියක් ඇති බව පිළිගත්තේ ය. ඔහුගේ දේශප්‍රෙමයේ නිරුවත දිස්වන්නට පටන් ගත්තේ ය. ඔහුගේ පක්‍ෂයෙන් කවුරුන් ඉදිරිපත් වුවත්  ඒ තැනැත්තා ද බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට රට පාවාදෙනු ඇත.

ජනාධිපතිවරණය ද ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටනකි. එහි දී ජාතික හෙළ උරුමයෙ කොටසක් විජාතික බලවේගවලට යට වුව ද ජාතිකත්වයේ අති විශාල බහුතරය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජාතිකත්වය පැත්තේ ය.


නලින් ද සිල්වා

2014-11-16

Friday, 14 November 2014

Defeating Tamil racism


The Presidential Election campaign has given a flying start to Mahinda Rajapaksa with the opposition still looking for the common candidate. It is almost certain that neither Ranil Wickremesinghe nor Chandrika Kumaratunga would be the common candidate as both of them are not favoured by the western countries led by England and US. It is unfortunate that sixty six years after limited independence the opposition led by the UNP is still getting instructions from the former colonial masters. The latest addition to the list of colonial followers is a section of the Jathika Hela Urumaya (JHU) that has become a part of the vijathika balavegaya (non national forces). This section is neither Jathika nor Hela and could be called Vijathika Hela Virodhi Karumaya. They would be leaving the UPFA and the government in a short time and would be lost in political wilderness.

In the meantime the JNP and the Deshahithaishee Jathika Vyaparaya (DJV) that were talking of bringing down the government before the Uva Provincial Elections has made a U turn to support the government after their dismal performance at the said elections. They are overdoing their act now inviting those who had supported and protected the government on a principled position albeit having differences with the government on certain issues, to join them under their banner to protect the government! If one goes through the recent issues of Muragala the journal of the DJV one would realise the change of position of the Vyaparaya. However, we must be happy that this movement has not become part of the vijathika balavegaya like a section of the JHU, thanks to the Uva Provincial elections.

The Presidential elections is an extension of the fight between the Jathika (national) and  Vijathika (non national) forces. This is going to be the Presidential election that would decide whether we defeat Tamil racism or not, and the western countries that have created and promoted Tamil racism will leave nothing unexplored as they know that if Mahinda Rajapaksa is elected this time he would defeat Tamil racism as well. In his first term Mahinda Rajapaksa defeated Tamil terrorism that was sponsored by the western countries and the Gandhi family in India, and put the country on a development programme albeit on the western model. In the second term he consolidated these two and the country is on a development path whether we like it or not. In the third term he has to defeat Tamil racism and engage in developing the economy on the western model gradually turning towards a national model.

The Jathika forces are led by Mahinda Rajapakse while the Vijathika forces have still not found a leader. The western countries prefer Karu Jayasuriya to Ranil Wickremesinghe and Chandrika Kumaratunga and Ven Maduluwawe Sobhitha thera is likely to withdraw with Ven Athureliye Rathana Thera of the JHU if Karu Jayasuriya is given the ticket to contest and lose the Presidential elections. However, the pseudo Sinhala Buddhist leanings of Karu Jayasuriya could go against him when canvassing the support of the TNA and few other Tamil parties. These parties would prefer Ranil Wickremesinghe or Chandrika Kumaratunga but their anti Sinhala policies have been obvious. The west would prefer a minster of the government to Karu Jayasuriya provided they can find one.

Ranil Wickremesinghe in the meantime has blamed the government for not challenging the decision of the European Union to effectively allow the LTTE and its front organisations to collect funds lifting the ban on the LTTE. The EU has also imposed economic sanctions on Sri Lanka by not buying fish from Sri Lanka on flimsy grounds. Ranil Wickremesinghe the man who betrayed the country and especially the Sinhala people by signing the infamous Ceasefire Agreement with the terrorist leader Prabhakaran is now blaming the government for not challenging the EU on lifting the ban on the LTTE. Prabhakaran and Wickremesinghe were the darlings of the westerners and one is dead now.

Has Ranil Wickremesinghe all of a sudden become a patriot? No he is only legitimizing the EU decision to lift the ban on the LTTE. The position of the government is that no international jury, so called united nation human rights and other organisations have  jurisdiction over what happened during the humanitarian operations. The government has already appointed the Paranagama Commission to look into these matters and Sri Lanka is not bound by hearsay evidence of so called NGO (western governmental organisations) activists without supplying hard facts.

Had the government challenged the European Union it would have legitimized the European Union to interfere in the national policies of Sri Lanka. We are in a mess because the UNP governments and the government of Chandrika Kumaratunga (anti Sinhala leader for all purposes who is fit to be the common candidate of the west) allowed the west and India to interfere in our internal affairs. Ranil Wickremesinghe is only continuing with his pro western policies and his letter written to the European Union on behalf of LTTE (legitimizing the terrorists and their sponsors in the west) has to be deplored  by the national forces that excludes the Ven. Ratana faction of the JHU. It is not difficult to identify the wolf (tiger) in sheep cloth.

The clamour of the opposition to abolish the executive Presidency has to be considered in this light. Tamil racism that is maintained by the western countries can be  defeated only by “defeating” those countries. We have to evolve a method to defeat these countries by going against their knowledge that is imposed on us in the field of politics, economics and culture not to mention the other fields such as western science. When we defeated Tamil terrorism we had our own knowledge without getting stuck with United Nations resolutions and so called modern knowledge in politics and warfare.

The government is being led along the garden path by some anti national forces that have come closer to the government during the last few years. However, these forces can be defeated only by helping the government to overcome the defects, and not by joining hands with the westerners themselves. The section of the JHU that is hell bent on defeating Mahinda Rajapaksa has played into the hands of the enemy.


If the executive presidency is abolished at this juncture it will give power to a parliament that would abdicate legislative powers and other powers of the people to the colonial powers in the name of a non existing democracy in the west. The west wants a weak government in Sri Lanka led by a puppet so that they could dictate terms to us. A puppet cannot effectively lead and the words led by a puppet are contradictory. It only means that there is no effective leadership in the country and the leadership is provided by the Ministers of state and foreign affairs in the western countries. Unfortunately for the west the President is elected and not appointed and the people in Sri Lanka can identify not only the enemy but the agents of the enemy as well. 


Nalin De Silva

14-11-2014

Wednesday, 12 November 2014

Chandrika and the common candidate


A response to the article by Mr. Mahinda Pathirana that appeared on Wednesday the 5th November 2014 has to be postponed as politics takes precedence over philosophy. It is clear that Mr. Pathirana understands the word after with respect to time and not with respect to any other variable. The word after can be used even with respect to space and in fact it can be engaged with respect to elements in a set, which have a property that can be mapped on to the real line (numbers). If a and b are elements associated with properties that can be arranged in a sequence (mapped on to the real line) then one can have concepts such as a>b (greater than, taller than,  after - not necessarily in time, etc., ). I will explain this with respect to paticcasamuppada once politics takes a back seat.

The opposition is still looking for a common candidate though they have formed a joint front. The high commissioners and ambassadors are also involved in the hunt and they are going round the country canvassing for their choice of common candidate. This is going to be the Presidential election that would decide whether we defeat Tamil racism or not, and the western countries that have created and promoted Tamil racism will leave nothing unexplored as they know that if Mahinda Rajapaksa is elected this time he would defeat Tamil racism as well.


Firstly they want to defeat Mahinda Rajapaksa and send him to gallows for so called war crimes. They know that as long as Mahinda Rajapaksa is the President of the country they cannot bring him before a so called international jury. Secondly Mahinda Rajapaksa as the executive President is a challenge to them more than Mahinda Rajapaksa without the Presidency and definitely more than Karu Jayasuriya or anybody else with executive Presidency. The man who understands this better than anybody else, Ranil Wickremesinghe, wants to abolish executive presidency during the time of Mahinda Rajapaksa without postponing it to the next Parliament.

It is in this context we have to understand the statement made by the President that as long as Tamil racism exists it is necessary to have the executive Presidency. Those in the JHU who were of the view that the executive Presidency helped to defeat Tamil terrorism of the LTTE and the others will have to think hard on what they are doing at present.

The west does not mind having the executive presidency without Mahinda Rajapaksa and their fear is that Mahinda Rajapaksa would become the executive president for a third time that would see Tamil racism defeated. Tamil racism is maintained today b y England and US that nurtures it through the dispersed Tamils living in the western countries, against the Sri Lankan government and Sinhala people. It is very artificial but it can be defeated only by challenging England. The west is very likely to impose economic sanctions on Sri Lanka giving the Tamil racists the freedom to work against the Sri Lankan government and the Sinhalas as has been already done by the European Union.  We should expect more and more steps taken along these lines by the western countries during the third term of Mahinda Rajapaksa.

The opposition cry over the abolition of executive Presidency has to be understood in the above context and the west more than anybody else is of the view that Ranil Wickremesinghe is not the best candidate to defeat Mahinda Rajapaksa. They would have gone for Chandrika Kumratunga had Sarath Silva not spoiled her chances with his argument that Mahinda Rajapaksa is not qualified to contest for a third time.

We still do not know the decision of the Supreme Court on the questions referred to it by the President, but Sarath Silva’s argument is valid in the case of Chandrika Kumartaunga. The now well known Article 31(2) of the constitution states: “No person who has been twice elected to the office of President by the people shall be qualified thereafter to be elected to such office by the People.” The question that has to be answered is at what point a person becomes disqualified to be elected to the post of President having being elected twice to the Post. Is it at the point of election for the second time or after that at the time of elections to elect the President following the election for the second time?

For a person to be qualified or disqualified to be elected it is necessary to have an election for electing the President of the country. In the case of Mahinda Rajapaksa no election for electing the President of the country had been held after he was elected for the second time while the Article 31(2) was legally binding. Thus so far he has not become disqualified and there is no possibility that he would be disqualified at a future election as the relevant Article has been repealed by the eighteenth amendment.

However, in the case of Chandrika Kumaratunga she became disqualified to contest for the third time at the elections held in 2005 as the Article 31(2) was legally binding at that time. Once disqualified she is disqualified for ever, unless the barriers are removed by an Act of parliament that amounts to amending the constitution. It is certain that no legislation would be introduced by the present government before the next Presidential election to remove the impediments on Chandrika Kumartaunga to contest at the next Presidential elections.

Thus the west that would have loved to see Chandrika Kumaratunga becoming the President again would have strongly advised not to come forward as the common candidate. Under the above circumstances Chandrika has no choice but to support another candidate as the common candidate against Mahinda Rajapaksa.

Karu Jayasuriya is the next choice and the west might be thinking that with his pseudo Sinhala Buddhist leanings he stands some chance of giving Mahinda Rajapaksa a fight at the next Presidential elections. The opponents of Mahinda Rajapaksa must be thinking that with some subsidiary common candidates they would be able to curtail the vote of Mahinda Rajapaksa to less than 50% of the valid vote and that they would be in a position to stage an Arab spring during the nonagatha period between the first count and the second count of preferences. The JVP that claims that the entire elections are illegal if Mahinda Rajapaksa contests will most probably support the Arab spring. They still have to take a stand on whether they would support a candidate at the Presidential elections or not.


Nalin De Silva

12-11-2014

අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් අගයයි


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා ලියන්නේ මොනවා දැයි නො දන්නා බව පැහැදිලි ය. ඔහුට තමා ලියන දේ නො තේරෙයි. එබැවින් ඔහු ලියන දේ පාඨකයන් තේරුම් ගනී වි යෑයි සිතීම අපහසු ය. පසුගිය ඔක්‌තෝබර් 22 වැනි දා විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ඔහු ලියා ඇති ලිපිය ඒ සඳහා කදිම උදාහරණයකි. ඒ ලිපියෙහි ඇති සම්භාවිතාව අසත්‍යකරණය ආදිය පිළිබඳ අදහස්‌ ඔහුට නො වැටහෙයි. ඔහුට එවැනි අදහස්‌ තබා කාල වකවානු පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ද නැත. තමන්ට නො තේරෙන අදහස්‌ රැගත් ඉංගිරිසි පොතපත සිංහලට පරිවර්තනය කර පළ කිරීමේ දී සිදු වන්නේ තමන්ට නැති පාණ්‌ඩිත්‍යයක්‌ ප්‍රදර්ශනය කිරීම නො ව මොනර සෙයHdවෙන් රංගන ඉදිරිපත් කිරීමකි. 

ඉහත සඳහන් ලිපියෙන් උපුටාගෙන ඇති පහත සඳහන් වාක්‍ය දෙස සිත යොමු කරන්න. ඉහත සඳහන් දුර්වලතාව ඇත්තේ සෝපාධික නිගාමී ක්‍රමයේ ගුණාත්මක සාධාරණකරණ ක්‍රමය තුළ බව මතක තබාගත යුතු ය. මේ ගුණාත්මක (qualitative) සාධාරණ කිරීමේ ක්‍රමය වෙනුවට ප්‍රමාණාත්මක (quantitative) සාධාරණ කිරීම තර්කානුකූල ආනුභූතවාදීන් (Logistical Empiricist – Rudolf
Carnap 1891-1970) විසින් අනුගමනය කරන්නට යෙදුණේ ඉහත සඳහන් දාර්ශනික ප්‍රශ්නයෙන් ගැලවීමට ය. ඕනෑ ම අදහස්‌ දෙකක්‌ සැලකිල්ලට භාජන කිරීමේ දී එකක්‌ අනෙකට ආධාරකයක්‌ වන්නේ හෝ එකග වන්නේ කිනම් ප්‍රමාණයකට ද යන්න ගණනය කළ හැකි බව ඔවුහු පැවසුවෝ ය. මේ ගණනය කිරීම සම්භාවිතාව (probability) ලෙස හැඳින්වේ. මේ ක්‍රමය නැත හොත් සම්භාවිතාව මගින් යම් අදහස්‌ දෙකක්‌ අතර ඇති එකඟතාව ප්‍රමාණාත්මක ලෙස සාධාරණ කිරීම තවත් දුරට වර්ධනය කරන ලද්දේ තෝමස්‌ බේයස්‌ (Thomas Bayes-1702- 61) නමැති ගණිතඥයා විසිනි. ඔහු ගේ අදහස වූයේ සාක්‌ෂි ලැබෙන විට සම්භාව්‍යතාව වෙනස්‌ වන බව ය. යම්කිසි උපන්‍යාසයක්‌ සත්‍ය වීමේ සම්භාව්‍යතාව ප්‍රථමයෙන් 1/50 යෑයි සිතමු. සාක්‌ෂි කිහිපයක්‌ ලැබෙන විට එය 1/25 දක්‌වා වෙනස්‌ විය හැකි ය. තවත් සාක්‌ෂි ලැබෙන විට එය 1/10 දක්‌වා වෙනස්‌ විය හැකි ය."

පළමුව අමරතුංග මහතාට ලොජිස්‌ටිකල් (logistical) යන වචනය හා ලොජිකල් (logical) යන වචනය අතර වෙනස නො තේරෙන බව පැහැදිලි ය. අමරතුංග මහතාට අවශ්‍ය කාර්නැප් කවුරුන් දැයි පාඨකයාට හඳුන්වා දීම ද? එය පැහැදිලි නැත. ලොජිකල් යන්නට තර්කානුකූල, තර්කානුසාරී යන වචන පාරිභාෂිත ශබ්දමාලාවල සඳහන් වෙයි. ඒ අනුව ලොජිකල් එම්පිරිසියම් (logical empiricism) යනු තර්කානුසාරී අනුභූතිවාදය වෙයි. 

ලොජිස්‌ටිකල් යන්නට ශබ්දකෝෂවල දී ඇත්තේ ක්‍රමානුකූල ව සංවිධානය, හමුදා මෙහෙයුම් සංවිධානය ආදි අදහස්‌ දෙන තේරුම් ය. එසේ වුවත් පාරිභාෂික ශබ්දමාලාවල සඳහන් වන්නේ ප්‍රවර්ධන, සංකේත තර්ක ශාස්‌ත්‍රය ආදිය ය. ඒ අනුව ලොජිස්‌ටිකල් එම්පිරිසියම් යනු ප්‍රවර්ධන අනුභූතිවාදය, සංකේත තර්කානුසාරී අනුභූතිවාදය ආදිය ය. ඉතා පැහැදිලි කරුණ නම් ලොජිස්‌ටිකල් එම්පිරිසියම් යනු තර්කානුසාරී අනුභූතිවාදය නො වන බව ය. එහෙත් අමරතුංග මහතාට ඉන් කම් නැති. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාට වචනවලින් දමා ගසා ඔවුන් නොමග යෑවීම ය. 

ඉහත සඳහන් වාක්‍ය කියවීමෙන් යමකුට සම්භාවිතාව යනු කුමක්‌ දැයි දල වශයෙන් වත් තේරුම් ගත හැකි ද? එම ඡේදය කියවන විට යමකුට සම්භාවිතාව ඇති කළේa කාර්නැප් ආදීන් යෑයි සිතෙනු ඇත. එහෙත් ඒ සමග ම මෙන් අමරතුංග මහතා පවසන්නේ බේස්‌ මේ අදහස්‌ තවදුරටත් වර්ධනය කළ බව ය. එසේ වුවත් කාර්නැප් 1891-1970හි ජීවත් වී ඇති අතර බේස්‌ ජීවත් වී ඇත්තේ 1702-1761 කාලයෙහි ය. කලින් ජීවත් වූවකු පසුව ජීවත් වූවකු ගේ අදහස්‌ වර්ධනය කරන්නේ කෙසේ ද යන්න මූලික ප්‍රශ්නයකි.

ඉතා පැහැදිලිව අමරතුංග මහතා තමාට නො තේරෙන විෂයයක්‌ සම්බන්ධයෙන් ඉංගිරිසියෙන් ඇති ජනප්‍රිය පොත් කියවා තම ඊනියා පාණ්‌ඩිත්‍යය ලොවට හෙළි කිරීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. "ඕනෑ ම අදහස්‌ දෙකක්‌ සැලකිල්ලට භාජන කිරීමේ දී එකක්‌ අනෙකට ආධාරකයක්‌ වන්නේ හෝ එකග වන්නේ කිනම් ප්‍රමාණයකට ද යන්න ගණනය කළ හැකි බව ඔවුහු පැවසුවෝ ය. මේ ගණනය කිරීම සම්භාවිතාව (Probability) ලෙස හැඳින්වේ". මෙහි පළමු වාක්‍යයෙන් කියෑවෙන්නේ අවසානයේ දී බේස්‌ සංඛ්‍යානය ලෙස සම්මත වී ඇති අදහස්‌වල ප්‍රාථමික ප්‍රකාශයකි. ඒ දෙවැනි වාක්‍යHයෙන් කියෑවෙන පරිදි සම්භාවිතාව නො වේ. 

සම්භාවිතාව වඩා සාධාරණ සංකල්පයකි (සාධාරණ යනු කුමක්‌ දැයි අමරතුංග මහතාට නො තේරෙයි) බේස්‌ ගේ නමින් ඇති සම්භාවිතාවෙන් කෙරෙන්නේ වඩා විශේෂිත වූ සම්භාවිතාවක්‌ ගණනය කිරීමකි. අමරතුංග මහතා එහෙත් මෙහෙන් ජනප්‍රිය පොත්වලින් කරුණු අහුලා ගෙන පාඨකයා නොමග නො යවන්නේ නම් මැනවි. බේස්‌ සම්භාවිතාවෙන් කෙරෙන්නේ යම්කිසි සිද්ධියක්‌ සිදුවීමෙන් පසු යන්නට යටත් ව වෙනත් සිද්ධියක්‌ සිදුවීමේ සම්භාවිතාව ගණනය කිරීම ය. උපන්‍යාස අලුතෙන් එකතු වීම සලකා බැලුව හොත් මෙහි දී කියෑවෙන්නේ යම්කිසි ප්‍රවාදයක ඊනියා සත්‍ය උපන්‍යාසය සොයා ගැනීම ගැටලුවක්‌ වන බව ය. 

ඕනෑ ම ප්‍රවාදයක්‌ ඉතා සරල නො වේ නම් උපන්‍යාස ගණනාවකින් යුක්‌ත වෙයි. නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි උපන්‍යාස ගණනාවක්‌ වෙයි. ඕනෑ ම අංශු දෙකක්‌ (විශ්වයේ කොතැනක කවදා තිබුණත්) එකිනෙක ආකර්ෂණය කරන බව පළමු උපන්‍යාසය වෙයි. මේ සැම උපන්‍යාසයක්‌ ම යම් කිසිවකු විසින් ගොතන ලද කතාන්දරයක්‌ පමණක්‌ බවත් ඒ කතාන්දර ගොතන්නේ යම්කිසි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම්ගැනීම සඳහා යෑයි කියමින් බවත් පැහැදිලි කරගත යුතු ය. මේ කතාන්දර පට්‌ටපල් බොරු ය. ඊනියා විද්‍යාඥයන්ගේ හිතළු ය. 

නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි අනෙක්‌ උපන්‍යාසවලින් කියෑවෙන්නේ ඉහත සඳහන් ගුරුත්වජ ආකර්ෂණයේ අගය නිර්ණය කරන ආකාරය ය. එය කොටස්‌ කිහිපයකින් යුක්‌ත වෙයි. ආකර්ෂණය අංශුවල ස්‌කන්ධ (ඊනියා ගුරුත්වජ ස්‌කන්ධ) මත පදනම් වෙයි. වැඩිදුරටත් ගත හොත් එය ස්‌කන්ධවල ගුණිතයට සමානුපාතික වෙයි. එමෙන් ම ආකර්ෂණය අංශු අතර ඇති දුර මත පදනම් වෙයි. වැඩිදුරටත් එය දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වෙයි. 

දැන් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි ඊනියා සත්‍යතාව රැඳී ඇත්තේ කිනම් උපන්‍යාසයක ද? එසේත් නැත්නම් සියලු උපන්‍යාසවල ද? නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය තව තවත් උපන්‍යාස (බොරු කතාන්දර) එකතු කිරීමෙන් වර්ධනය කළ හැකි ද? අප මෙහි දී මතක තබාගත යුත්තක්‌ නම් කාල් පොපර් ගේ ඊනියා අසත්‍යකරණය මෙහි අනෙක්‌ පැත්ත බව ය. යම් ප්‍රවාදයක්‌ අසත්‍යකරණයට ලක්‌ කිරීම යනුවෙන් කියෑවෙන්නේ කුමක්‌ ද? අසත්‍යකරණයට ලක්‌ කෙරෙන්නේ කිනම් විශේෂිත වූ උපන්‍යාසය ද? එසේත් නැත හොත් සියලු උපන්‍යාස ද?

අමරතුංග මහතා නො දන්නවාට, තේරුම් නො ගත්තාට, ඔහුට අනුව මනස විකෘති වූ ෆෙයරාබන්ඩ් තම විධික්‍රමයට එරෙහි ව (Against method) කෘතියෙහි පොපර්ට විරුද්ධව ගෙන එන්නේ අමරතුංග මහතා තමන්ට නො තේරී සෝපාධික නිගාම්වාදයට එරෙහි ව උපුටා දැක්‌වීමට යත්න දරන අදහස්‌වල අනෙක්‌ පැත්ත ය. විකෘති වී ඇත්තේ කා ගේ මනස දැයි තේරුම් ගැනීම ම ගැටලුවක්‌ වෙයි. 

සෝපාධික නිගම්වාදයෙහි ප්‍රශ්නය වනුයේ ඊනියා සත්‍ය ප්‍රකාශය වනුයේ ප්‍රවාදයක කිනම් උපන්‍යාසයක්‌ ද යන්න ය. ඊනියා අසත්‍යකරණයට ලක්‌ කිරීමේ ලා ප්‍රශ්නය වනුයේ අසත්‍යකරණයට ලක්‌ කෙරෙන්නේ ප්‍රවාදයක කිනම් උපන්‍යාසයක්‌ ද යන්න ය. අපි බොහෝ විට සාකච්ඡා කර ඇති උදාහරණයක්‌ ගනිමු. බුධ ග්‍රහ වස්‌තුවෙහි චලිතය නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට අනුකූල ව සිදු නො වන බව බටහිර විද්‍යාඥයෝ මුල සිට ම මෙන් දැන සිටිය හ. බුධ ග්‍රහ වස්‌තුව සූර්යයා වටා අචල ඉලිප්සයක චලනය නො වෙයි. 

මෙයින් කියෑවෙන්නේ ඊනියා සත්‍යතාව කෙසේ වෙතත් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අසත්‍ය බව ය. දැන් ප්‍රශ්නය වනුයේ එසේ අසත්‍යය වනුයේ ප්‍රවාදයෙහි කිනම් උපන්‍යාස (උපන්‍යාසය) ද යන්න ය. එකල විසූ ඇතැම් බටහිර විද්‍යාඥයෝ අසත්‍යය උපන්‍යාසය ලෙස දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික යන උපන්‍යාසය සැලකූ හ. ඔවුහු ඒ අනුව ඒ උපන්‍යාසය ඉවත් කර වෙනත් උපන්‍යාසයක්‌ හඳුන්වා දුන් හ. 

ඔවුන් හඳුන්වා දුන් උපන්‍යාසයට අනුව ගුරුත්වාකර්ෂණයෙහි අගය දුරෙහි වර්ගයට නො ව වෙනත් බලයකට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික විය. නව උපන්‍යාසයට අනුව එය d1.99999999999ට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික විය. එලෙස ගුරුත්වාකර්ෂණයෙහි අගය වෙනස්‌ කළ විට (9 ඉලක්‌කම් සංඛ්‍යාව ඉහත සඳහන් අයුරෙන් ම යෑයි නො සැලකිය යුතු ය. අපට මෙහි දී වැදගත් වන්නේ සංකල්පය ය) බුධ ග්‍රහ වස්‌තුවෙහි සූර්යයා වටා චලිතය විස්‌තර කළ හැකි විය. එසේ නම් අසත්‍යකරණයට ලක්‌ වූයේ නිවුටෝනීය ප්‍රවාදයේ එකී උපන්‍යාසය ද?

එහෙත් පසු කලෙක අයින්ස්‌ටයින් මුළු මහත් ප්‍රවාදය ම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහුට අනුව මුල් ම උපන්‍යාසය ම වැරැදි ය. එනම් අංශු අතර ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැත. දැන් අසත්‍යකරණයට ලක්‌ වූයේ මූලික උපන්‍යාසය මිස අප්‍රධාන උපන්‍යාසයක්‌ නො වේ. බටහිර විද්‍යාවේ ප්‍රවාද හා උපන්‍යාස යනු බටහිර විද්‍යාඥයන් ගොතන කතාන්දර මිස වෙනත් දෙයක්‌ නො වන බව අමරතුංග මහතා තම ලිපිවලින් තහවුරු කිරීම ගැන ඒ මහතාට කෘතඥ වෙමි.


නලින් ද සිල්වා

2014-11-12