Main Logo

Wednesday, 17 December 2014

අමරතුංග මහතා ගේ සුපිරි අනාත්මවාදය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් ඌනිතවාදය ගැන ඔහු ගේ ඇති විශ්වාසය (එය විශ්වාසයක්‌ මිස අන් කිසිවක්‌ නො වේ) පාඨකයන් මත ද පැටවීමට උත්සාහ කරයි. එහෙත් එමගින් ඔහු තමා බෞද්ධයකු නො වන බව ද ලෝකයට හෙළිදරවු කරයි. අපි ඔහු ගේ ලිපියෙහි අදාළ ඡේදයක්‌ උපුටා දක්‌වමු. "කරුණු මෙසේ වුව ද සැම අවස්‌ථාවකට ම ඔබින එක්‌ පොදු සංකල්පයක්‌ නිර්මාණය කිරීම විද්‍යා දාර්ශනිකයන් ගේ ප්‍රයත්නය වූයේ ය. මේ ගැන සොයාබැලීම සඳහා අවශ්‍ය නම් සමාජ විද්‍යාවෙන් වුව ද පටන්ගත හැකි ය. සමාජීය ක්‍රියාදාමයන් ඇති වන්නේ පුද්ගලයන් එකිනෙකා සම්බන්ධව ක්‍රියා කරන අන්දම මත පදනම් ව ය. පුද්ගලයන් ක්‍රියා කරන්නේ ඔවුන් ගේ මනෝ විඤ්ඤාණයේ පාලනයට යටත් ව ය. මනෝ විඤ්ඤාණය ක්‍රියා කරන්නේ මොළයේ ස්‌නායුවල ඇති වන රසායනික ප්‍රතික්‍රියාවලට අනුකූල ව ය. මේ රසායනික ප්‍රතික්‍රියා වනාහි පරමාණුවල ඇති වන සහ නැති වන බන්ධන මිස වෙන කිසිවක්‌ නො වේ. එම නිසා ඒ රසායනික ප්‍රතික්‍රියා ක්‌ෂුද්‍ර භෞතික විද්‍යාව (Micro Physics) ලෙස සැලකිය හැකි ය. මින් පැහැදිලි වන්නේ පුද්ගලයන් අතර ඇති වන සම්බන්ධතා පවා අවසානයේ භෞතික ද්‍රව්‍ය සෑදී ඇති කොටස්‌වල අතිශයින් සංකීර්ණ වූ ක්‍රියාවලියක ඵලයක්‌ ලෙස සැලකිය හැකි බව ය. එම නිසා ද්‍රව්‍ය සෑදී ඇති කොටස්‌වල ව්‍යqහයේ සත්‍ය ස්‌වභාවය සහ සංකීර්ණ වූ එම ක්‍රියාවලියේ ස්‌වභාවය පහදා දීම පොදු සංකල්පයක්‌ නිර්මාණය කිරීමේ දී කළ යුතු දෙයක්‌ වන්නේ ය. සියල්ල සඳහා මතවාදයක්‌ (Theory of Everything) යන සංකල්පය ගොඩනැෙගන්නේ මේ අන්දමට ක්‌වොන්ටම්වාදය තන්තුවාදය වැනි මතවාද එකතු කොට සියල්ලට පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීමට යත්න දරයි."

තියරි ඔෆ් එව්රිතිං (Theory of Everything) යන්නට සංකල්ප ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන අමරතුංග මහතා සුපුරුදු ආකාරයට වැරැදියට සියල්ල සඳහා මතවාදයක්‌ යන්න යොදාගනියි. එය සියල්ලෙහි ප්‍රවාදය ලෙස නිවැරරැදි විය යුතු ය. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට හා බටහිර දාර්ශනිකයන්ට (බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද ඇතුළු ව) සියල්ලෙහි ප්‍රවාදයක්‌ අවශ්‍ය වෙයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එක්‌ ප්‍රවාදයක්‌ මගින් මුළු ලොව ම ඔවුන් ගේ බසින් කියන්නේ නම් තේරුම්ගැනීමට ය. අඩු ම තරමෙන් මුළු ලොව ම නොහැකි වුවත් යම් ක්‍ෂෙත්‍රයක්‌ සියල්ලෙහි ප්‍රවාදයකින් තේරුම් ගැනීම ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මුළු ලොව ම හෝ අඩු තරමෙන් ක්‍ෂෙත්‍රයක්‌ හෝ ප්‍රවාදයකට ඌනනය කිරීම ය. මෙය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙන් ගලා එන්නකි. 

එය බටහිර ගණිතයෙන් ගලා එන්නකි. 

පැරැණි ග්‍රීකයෝ ජ්‍යාමිතිය ස්‌වසිද්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) කිහිපයකට ඌනනය කළ හ. යුක්‌ලිඩ් ගේ නමින් ඇති ජ්‍යාමිතිය ස්‌වසිද්ධි කිහිපයකින් ඇරඹෙයි. ඒ ස්‌වසිද්ධි වෙනත් ස්‌වසිද්ධියකින් හෝ ස්‌වසිද්ධිවලින් හෝ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ හැකි නො වේ. එහෙත් යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක්‌ සියලු ප්‍රතිඵල (ප්‍රමේය ද ඇතුළුව) ඒ ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ (Deduce) හැකි ය. ඒ නිගමන සියල්ල ගණිතමය අර්ථයකින් (භෞතික නො ව, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නො වී) සත්‍ය වෙයි. ඒ ප්‍රතිඵල ස්‌වසිද්ධි කිහිපයකට ඌනනය කළ හැකි යෑයි කියෑවෙන්නේ ප්‍රතිඵල සියල්ල ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය ඇසුරෙන් නිගමනය කළ හැකි බැවිනි. 

වත්මන් බටහිර ගණිතය ගොඩනැගී ඇත්තේ යුක්‌ලීඩීය ජ්‍යාමිතිය පූර්වාදර්ශය කර ගනිමිනි. සෛද්ධාන්තික භෞතික විද්‍යාව වර්ධනය වත් ම භෞතික විද්‍යාඥයන් අතර ද තම විද්‍යාවෙහි සියලු ප්‍රතිඵල එක්‌ ප්‍රවාදයකට හෝ ප්‍රවාද කිහිපයකට හෝ ඌනනය කළ හැකි ය යන අදහස ඇති විය. මැක්‌ස්‌වෙල් විද්යුතය හා චුම්බකත්වය තම ප්‍රවාදය (සමීකරණ කිහිපයකට) ඌනනය කළේ ය. අයින්ස්‌ටයින් පළමුව අවකාශය හා කාලය සම්බන්ධ ජ්‍යාමිතික (භෞතික) ප්‍රතිඵල උපකල්පන දෙකකටත් පසුව නිදැල්ලේ වැටෙන වස්‌තුවල චරිතය තම සාධාරණ සාපේක්‍ෂතාවාදයටත් ඌනනය කළේ ය. ඔහුට විද්යුත් චුම්බකවාදය ද තම සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග බද්ධ කර එක්‌ ප්‍රවාදයකට ඌනනය කිරීමේ අවශ්‍යතාව විය. එහෙත් ඔහු මිය යන තෙක්‌ ම ඔහුට ඒ කාර්යය ඉටු කරගැනීමට නොහැකි විය. එසේ වුවත් ඇතැම් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ සියල්ල එක්‌ ප්‍රවාදයකට ඌනනය කිරීමේ අදහස අත් නො හැරිය හ.

අමරතුංග මහතා ද එවැනි අදහසක පිහිටා ඇති බව පෙනී යයි. එහෙත් එයින් කියෑවෙන්නේ ඔහුට සියල්ලෙහි ප්‍රවාදය ගොඩනගාගත හැකි බව නො වේ. සියල්ලෙහි ප්‍රවාදය තබා කිසි ම ප්‍රවාදයක්‌ ගොඩනගාගැනීමට ලංකාවේ ඊනියා විද්‍යාඥයන්ට හැකියාවක්‌ නැත. ඔවුන්ට නව දැනුමක්‌ සම්ම ජාතියේ නිර්මාණය කළ නො හැකි ය. වැඩි ම වුව හොත් ඔවුන්ට කළ හැක්‌කේ තිබෙන දැනුම උපයෝගී කරගනිමින් තම ක්‍ෂේත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටලුවක්‌ විසඳීම පමණකි. එහෙත් ඔවුහු ජනතාව ඉදිරියේ විද්‍යාඥයන් ලෙස පෙනී සිටින්නේ සමාජ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. 

අමරතුංග මහතා බොහෝ දේ අවබෝධ කරගෙන නොමැති බව ඔහු ගේ ඉහත සඳහන් ලිපියෙහි පහත සඳහන් ඡේදයෙන් ද කියෑවෙයි. "මීට පෙර විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ද වර්ෂ 1905 සිට 1915 දක්‌වා කාලය තුළ මෙවැනි ම වූ ප්‍රයත්නයක නිරත ව සිටියේ ය. තමා ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය (Theory of Special Relativity) සහ විද්වත් අයිසෙක්‌ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතවාදය සහ එවැනි අනෙකුත් මතවාද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම ඔහු ගේ අදහස විය. සාමාන්‍ය (සාධාරණ) සාපේක්‌ෂතාවාදය බිහි වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඊට පසු විද්වත් නීල්ස්‌ බොහොර් විසින් ක්‌වොන්ටම්වාදය ඉදිරිපත් කරන ලදී. විද්වත් අයින්ස්‌ටයින් මුල දී ඊට විරුද්ධ විය. පසුව සාපේක්‌ෂතාවාදය සහ ක්‌වොන්ටම්වාදය එකතු කිරීමේ ප්‍රයත්නයක්‌ ද විය." 

අප බොහෝ විට කියා ඇති පරිදි අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය යනු විශේෂ සාපේක්‌ෂතාවාදය හා නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය එකතු කර එක්‌ පොදු ප්‍රවාදයක්‌ නිර්මාණය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ නො වේ. එහි දී සිදු වූයේ ගුරුත්වාකර්ෂණය යනුවෙන් බලයක්‌ නොමැති බවත් නිදැල්ලේ වැටෙන (චලනය වන) වස්‌තුවල චලිතය ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිසා නො ව අවකාශ කාලයේ වක්‍රතාව නිසා වන බව පෙන්වා දීමත් ය. නිදැල්ලේ වැටෙන වස්‌තු යන්නට පැහැදිලි අර්ථකථනයක්‌ ලැබුණේ සාධාරණ සාපේක්‌ෂතාවාදය හේතු කොටගෙන ය. නිදැල්ලේ යන්නෙහි කිසි ම බලයක්‌ නොමැති ව යන අර්ථය වෙයි. එහෙත් නිවුටන්ට අනුව නිදැල්ලේ වැටෙන වස්‌තු ගුරුත්වාකර්ෂණ බලයක්‌ යටතෙහි චලිත වෙයි. අයින්ස්‌ටයින්ට අනුව නිදැල්ලේ වැටෙන වස්‌තු මත ක්‍රියා කරන බලයක්‌ නැත. ඒ වස්‌තු එසේ නිදැල්ලේ චලනය වන්නේ අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. නිදැල්ලේ චලනය වන වස්‌තු සම්බන්ධයෙන් නිදැල්ලේ යන වචනයට යුක්‌තිය ඉටු කළේ අයින්ස්‌ටයින් ය. අමරතුංග මහතාට නිදැල්ලේ චලනය වන වස්‌තු නැත. ඔහු ගේ ඊනියා නිදැල්ලේ චලනය වන වස්‌තු ගුරුත්වය යටතේ චලනය වෙයි. 

නීල්ස්‌ බෝර් ගේ ක්‌වොන්ටම් භෞතිකය ගැන අමරතුංග මහතා දොඩවන්නේ සන්තතික හා අසන්තතික චලිත පිළිබඳ අවබෝධයක්‌ නැති ව බව පැහැදිලි ය. අයින්ස්‌ටයින් ක්‌වොන්ටම් භෞතිකයට මුල දී පමණක්‌ නො ව පසු වත් විරුද්ධ විය. ඔහුට කිසි දිනෙක ක්‌වොන්ටම් භෞතික විද්‍යාව හා සාධාරණ සාපේක්‌ෂතාවාදය එකතු කිරීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. වෙනත් භෞතික විද්‍යාඥයන්ට ඒ අවශ්‍යතාව තිබිණි ද අද වන තුරු ඒ බද්ධ කිරීමට කිසිවකුට හැකි වී නැත. අමරතුංග මහතා තමා ලියන දේ පිළිබඳ ව නිරවුල් අදහසක්‌ ඇති කරගත යුතු ය. 

අමරතුංග මහතාට අනුව පුද්ගලයන් ගේ සමාජයීය ක්‍රියාකාරකම් හෙවත් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති වන්නේ මනෝ විඤ්ඥාණය හේතු කොටගෙන ය. මනස මෙහි දී ප්‍රධාන වෙයි. එය බුදුදහමට එකග ය. බුදුදහමට අනුව අන්තර් පුද්ගල ක්‍රියාකාරකම් පමණක්‌ පුද්ගලයකු ගේ අභ්‍යන්තර ක්‍රියාකාරම් ද මනස ප්‍රධාන කොට ඇති වෙයි. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ මනස යනු කුමක්‌ දැයි බටහිර විද්‍යාවට අනුව තේරුම් ගැනීමේ දී ය. අමරතුංග මහතාට අනුව, එනම් ඔහු අනුගමනය කරන බටහිර විද්‍යාඥයන්ට අනුව, ඊනියා මනෝ විඤ්ඥාණය ක්‍රියා කරන්නේ මොළයේ ස්‌නායුවල රසායනික ප්‍රතික්‍රියාවලට අනුකූලව ය. එනම් අමරතුංග මහතා ගේ බටහිර විද්‍යාඥයන්ට අනුව මනස මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියාවලට ඌනනය වෙයි. එවිට කර්මය පෑළ දොරෙන් පැන යයි. මනස සියල්ලට ප්‍රධාන නො වෙයි. පුද්ගලයකු යනු මොළයේ ස්‌නායුවල රසායනික ප්‍රතික්‍රියා ය. 

අමරතුංග මහතා ගුරු කොටගන්නා බටහිර විද්‍යාඥයෝ එතැනින් නො නවතිති. ඔවුන්ට අනුව මේ රසායනික ප්‍රතික්‍රියා යනු පරමාණුවල ඇති වන හා නැති වන බන්ධනය ය. අමරතුංග මහතාට අනුව මෙයින් පැහැදිලි වන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා යනු ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවක ප්‍රතිඵල ය. මෙයින් කියෑවෙන්නේ සම්මුති වශයෙන් වුවත් පුද්ගලයකු නැති බව ය. අප කරන කියන දේ පිළිබඳ ව අප වග කිව යුතු නො වේ. ඒ සියල්ලට වගකිව යුතු වන්නේ ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාව ය. එසේත් නැත්නම් එහි ප්‍රවාද ය. 

කලකට පෙර බටහිර විද්‍යාඥයකු වූ ඊ. ඕ. විල්සන් නමැත්තා බටහිර සමාජ විද්‍යාව බටහිර ජීව විද්‍යාවට ඌනනය කිරීමට තැන් කළේ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට පවා එය දිරවාගත නොහැකි විය. ඇතැමුන්ට අනුව බටහිර ජීව විද්‍යාව බටහිර රසායනික විද්‍යාවට ද බටහිර රසායනික විද්‍යාව බටහිර භෞතික විද්‍යාවට ද ඌනනය කළ හැකි ය. අද අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් පසුපස ගොස්‌ පුද්ගලයා යන්න පරමාණුවලට ඌනනය කළ හැකි ය යන්න විශ්වාස කරමින් එය ප්‍රචලිත කිරීමට උත්සාහ ගනියි. ඒ අතින් ගත් කල ඔහු සුපිරි අනාත්මවාදියෙකි. ඔහු ආත්මයක්‌ නැතැයි පෙන්වීමට උත්සාහ කරයි. ඔහුට අනාත්මවාදීන් අතර අග්‍රස්‌ථානය ලබා දිය යුතු යෑයි සිතමි. ඔහුට තරගයක්‌ දිය හැක්‌කේ බටහිර විද්‍යාඥයන් පසුපස ගොස්‌ මනස මොළයට ඌනනය කිරීමට කතා කරන කාලෝ ෆොන්සේකා මහතාට ය. 

එහෙත් මේ සුපිරි අනාත්මවාදීහු බුදුදහමට විරුද්ධ වෙති. ඔවුන් බුදුදහමට පක්‍ෂව කතා කරනවා විය හැකි ය. එහෙත් ඔවුහු බෞද්ධයෝ නො වෙති. බෞද්ධයෝ කර්මය ගැන විශ්වාස කරති. සම්මුති වශයෙන් පුද්ගලයකු ඇතැයි සිතති. පුද්ගලයා එවැනි ම සම්මුතියක්‌ වූ පරමාණුවට ඌනනය කළ හැකි යෑයි විශ්වාස නො කරති. තමන් කරන කියන දේට බෞද්ධයෝ පරමාණුවලට වගකීම නො පවරති. 

මේ සුපිරි අනාත්මවාදීන් නො දන්නා කරුණක්‌ වෙයි. එනම් ගර්ඩ්ල් ප්‍රමේයයෙන් ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වී ගොස්‌ ඇති බව ය. ගර්ඩ්ල් ප්‍රමේයට අනුව අංක ගණිතය ඇතුළත් පද්ධතියක ඒ පද්ධතියෙහි සත්‍ය වූ එහෙත් පද්ධතියෙහි ස්‌වසිද්ධිවලින් නිගමනය කළ නොහැකි ප්‍රකාශන ඇත. ඒ අනුව එවැනි පද්ධතියක්‌ පද්ධතියෙහි ස්‌වසිද්ධිවලට ඌනනය කළ නො හැකි ය. අමරතුංග මහතා ගේ සුපිරි අනාත්මවාදය එතැනින් කෙළවර වෙයි.


නලින් ද සිල්වා

2014-12-17

මෙය ආරම්භය හෝ අවසානය හෝ නොවේ


බොහෝ දෙනා සැලකිල්ලට නොගත්ත ද 2015 ජනධිපතිවරණය පැවැත්වෙන්නේ ශී‍්‍රලනි පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා උපන් දිනයෙහි ය. එමෙන් ම ජනවාරි 08 වැනි දා එජාප ආණ්ඩුව විසින් දඹරාවේ රතනසාර හිමියන් අපවත් කළ දිනය ද වෙයි.

උන්වහන්සේ අපවත් වූයේ සිංහල විරෝධී එජාප ආණ්ඩුවේ (සෑම එජාප ආණ්ඩුවක්ම සිංහල විරෝධී වෙයි. එසේ වන්නේ එජාප මූලික වශයෙන් එංගලන්තය ප‍්‍රමුඛ බටහිර රටවල විජාතික බලවේගවල ප‍්‍රධාන නියෝජිතයා වන බැවිනි.) දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව 1968 දී උද්ඝෝෂණ පෙළපාළියකට සහභාගි වන අතර වෙඩි පහරට ගොදුරු වීමෙනි. 

ඒ එජා පක්ෂයේ සිංහල විරෝධී ප‍්‍රතිපත්තියට මෙන්ම ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා යහපාලනයට උදාහරණයකි. එජාප ආණ්ඩුවල වෙඩි පහරින් මිය ගිය හා මිය යන දේශපේ‍්‍රමීන් ගැන ඊනියා මානවහිතවාදීන්ගේ හද කම්පා නොවන්නේ ඔවුන් ද සිංහල විරෝධීන් වන බැවිනි.

මෙවර පැවැත්තෙන ජනාධිපතිවරණය ද පසුගිය වතාවල මෙන්ම ජාතික හා විජාතික බලවේග අතර කෙරෙන සටනකි. ජාතික හා විජාතික බලවේග අතර සටන පෘතුගි‍්‍රසීන් පැමිණි දිනයේ සිට ම පැවැත්වෙයි. එදා ද විජාතිකයන්ගේ පැත්ත ගත් සිංහලයෝ සිටියහ. 


රනිල් වික‍්‍රමසිංහට 2005(6) දී පෘතුගී‍්‍රසින් පැමිණීමේ පන්සිය වසර සැමරීමේ දොළදුකක් උපන්නේ ඔහුගේ විජාතිකත්වය පිළිබිඹු කරමිනි. ගියවර ජනාධිපතිවරණයෙහි දී විජාතික බලවේගවල නියෝජිතයා වූයේ සුදු කොඩි කතාවේ සරත් ෆොන්සේකා ය. නන්දිකඩාල් සටනෙන් පසුව ඇමෙරිකාවට ගිය ඔහු ආපසු පැමිණියේ වෙනස් පුද්ගලයකු ලෙස ය. ඔහුට විරුද්ධව යුද්ධාපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකන් උසාවියක පවරා තිබූ නඩුවක් අස්කර ගැණුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් එහි වගඋත්තරකරුවකු ලෙස තබා ගනිමිනි. 


ෆොන්සේකා සුදු කොඩි කතාව ඔස්සේ රාජපක්ෂ මහතාට එරෙහිව ඇසින් නොදුටු සාක්කියක් ගෙතුවේ ය. ඔහු එක් රැුයකින් වීරයෙක් විය. ඔහු ඊනියා පොදු අපේක්ෂකයා විය. ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ඔහු පුම්බා නැති රැල්ලක් මැව්වේ ය. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරන තෙක් ජයග‍්‍රහණය කර තිබුණේ සරත් ෆොන්සේකා ය. එහෙත් ඔහු ඡන්ද දහඅට ලක්ෂයකින් පරාජයට පත්විය.


අද මෛතී‍්‍රපාල සිරිසේන විජාතික බලවේගවල අපේක්ෂකයා වෙයි. ඔහු කාගේ පොදු අපේක්ෂකයා ද යන ප‍්‍රශ්නය යමකුට ඇත්නම් එයට පිළිතුර ඔහු එංගලන්තය ප‍්‍රමුඛ පොදු විජාතික බලවේගවල අපේක්ෂකයා බව ය. දේශීය වශයෙන් පොදු විපක්ෂයක් නැති තැන විපක්ෂයේ දේශීය පොදු අපේක්ෂකයෙක් නැත. එහෙත් මේ නොපොදු විපක්ෂයේ පොදු බව ලැබෙන්නේ ඔවුන්ගේ සිංහල විරෝධී පොදු බව මගිනි. ඒ පොදු බව ඇති කරන්නේ එංගලන්තය හා ඇමෙරිකාව ය. මෙරට සිංහල විරෝධී දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් එය පවත්වාගෙන ගියේ හා යන්නේ ඉංගිරිසින් බවත් අපි අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්සේ කියා ඇත්තෙමු.

එහෙත් තවමත් බහුතර සිංහලයන් එය වටහාගෙන ඇති බවක් නොපෙනෙයි. අද වන විට ඇමෙරිකාව එංගලන්තය සමඟ එක් වී ඇති අතර පසුගිය දශක කිහිපයෙහි මේ රටවල් දෙක කැනඩාව, ස්වීඩනය හා නෝර්වේ වැනි රටවල් සිංහලයන්ට විරුද්ධව යොදා ගත්තේ ය. මෛතී‍්‍රපාල සිරිසේන දෙමළ ජාතිවාදය. විසිරුණු දෙමළ ජනයා පරාජය කිරීම, දහතුන් වැනි සංශෝධනය, පොලිස් හා ඉඩම් බලතල, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම ආදිය ගැන කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමු.

ජාතික හෙළ උරුමය මෛතී‍්‍රපාල සිරිසේනට සහාය දීම හේතුවෙන් ඔහුගේ විජාතිකත්වය අඩු නොවේ. ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන්ට කෙසේ වෙතත් එහි නායකයන්ට කිසි දිනෙක ජාතිකත්වයක් නොතිබිණි. පාසල් වියේ ජවිපෙ ආධාරකරුවන් වූ ඔවුහු ඉතා කෙටි කලක් චින්තන පර්ෂදයට සම්බන්ධ වු සිටියහ. එහෙත් ඔවුහු නොබෝ කලකින් ජාතිය මළකඳක් යැයි කියමින් මංගල සමරවීර සමග රටවැසි පෙරමුණ ගොඩ නගා ගත්තෝ ය. ඔවුහු එකල යුද්ධයට විරුද්ධව ඊනියා සාමය වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් නැවතත් ඔවුන් ජාතික දේශපාලනයට පැමිණියේ ජාතිකත්වයට ඉල්ලුමක් ඇතැයි යන පදනමෙන් මිස ජාතිකවාදීන් ලෙස නොවේ. 

අද ඔවුන් විජාතිකත්වයට ආපසු ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සිටින තෙක් ඔවුන්ට ජාතිකත්වයේ ධජය නොලැබෙන බව අවබෝධ කර ගනිමිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලය හා බලය පමණකි. ඒ සඳහා ඔවුන්ට ප‍්‍රතිපත්ති වෙනස් කිරීම ඇඳුම් මාරුකිරීමට වඩා අසීරු කාරියක් නො වේ. අද එංගලන්තය ප‍්‍රමුඛ විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ඔහු දංගෙඩියට යැවීම ය. ඒ මහතා රාජ්‍යය නායකයාව සිටිනා තෙක් එය කිරීම අපහසු බව ඔවුහු දනිති. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයෙන් පහ කිරීම විජාතික බලවේගවල අවශ්‍යතාවයකි. ඒ සඳහා ඔවුහු අභූත යුද්ධාපරාධිකරණ චෝදනා නගති.

ඇසින් දුටු සාක්ෂිකරුවන් නොමැති වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. ඔවුන් එහි දී යොදා ගන්නේ පඬියන් හා ජඩමාධ්‍යවේදීන් ය. ඒ සියල්ලන්ටම පාහේ මුදලින් හා වෙනත් ක‍්‍රමවලින් ආධාර කිරීමට බටහිරයෝ අමතක නොකරති. බටහිරයනට සිංහලයන්ට එරෙහිව කරන සටනෙහි දී මහින්ද රාජපක්ෂ මහතා එලෙස දංගෙඩියට යැවීම මෙන්ම කිසි දිනෙක බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට එරෙහිව කිසිම ආකාරයට නැගී සිටිය නොහැකි ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ අවශ්‍යතාව ද වෙයි. ඉතාම දුර්වල අපේක්ෂකයකු වූ මෛතී‍්‍රපාල සිරිසේන ඊනියා පොදු අපේක්ෂකයා වන්නේ මේ සන්දර්භයෙහි ය. එහෙත් මෛතී‍්‍රපාල සිරිසේනට දිනිය නොහැකි බව ඔවුහු දනිති. 

ඔහු ව්‍යාජ ජාතිකත්ව සළු පිළි පැළඳ ගත්ත ද රනිල් වික‍්‍රමසිංහට තරම්වත් ඡුන්ද නොලැබෙන බව ඔවුහු දනිති. එහෙත් ඔහු හැසිරවීම ඉතාම පහසු බව ද ඔවුහු දනිති. චන්ද්‍රිකා කුමාරතුංග මගින් බටහිරයෝ මෛතී‍්‍රපාලට ජනාධිපති අපේක්ෂකයා වීමේ වැදගත්කම ලබා දී ඔහු ඊනියා පොදු අපේක්ෂකයා කළහ.

ජවිපෙ මුල දී කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වන ඡුන්දය නීති විරෝධී වන බැවින් එය වර්ජනය කළ යුතු බවය. ඔවුන්ට වුවමනා වූයේ ඒ මගින් ජනතාව වීදි කැඳවා අරාබි වසන්තයක් ඇතිකර ලේ විලක් නිර්මාණය කිරීම ය. එහෙත් අද ඔවුහු එය තරමක් වෙනස් කර ගායනා කරති. අද ඔවුන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන ලෙස ය. ඔවුහු දිනවන්නේ කවුරුන් දැයි නො කියති. 

එයට හේතුව මහින්ද රාජපක්ෂ මහතාට වඩා කිසිවකුට ඡන්ද ගැනීමට නොහැකි වීම ය. ඔවුන්ට අද අවශ්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණකි. ඔවුන් එයින් අදහස් කරන්නේ ඒ මහතාට ඡුන්ද සියයට පනහක් ලබා නොදීම ය. එවිට දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවෙයි. ඒ කාලය අරාජික නොනගත කාලයකි. බටහිරයන්ගේ අවශ්‍යතාව මත ජවිපෙ අරාබි වසන්තය අරඹන්නට යන්නේ මේ නොනගත කාලයෙහි ය. අරාබි වසන්තයෙහි ප‍්‍රතිඵලය ලෙස මෛතී‍්‍රපාල සිරිසේන පඹ ජනාධිපතිවරයා කිරීමේ අවශ්‍යතාව බටහිරයන්ට වෙයි.

එහෙත් ජනතාව විජාතික බලවේගවල සියලූ සැලසුම් පරාජය කර මහින්ද රාජපක්ෂ මහතාට 55% ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා දෙනු ඇත. අපේ වෑයම විය යුත්තේ එය 65% දක්වා වැඩිකිරීම ය. ඒ බටහිරයන්ගේ ඊළඟ සැලසුම ද පරාජය කිරීමට පදනම දමා ගැනීම සඳහා ය. 


ඊනියා ජාත්‍යන්තර අධිකරණය මගින් හෝ ජවිපෙ - එජාප අරාබි වසන්තය මගින් හෝ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට නොහැකි වුවත් බටහිරයන් තම වෑයම අත් නොහරිනු ඇත. ආර්ථික සම්බාධක ඔස්සේ රට අස්ථායී කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියකු බවට ලෝකය පුරා ජනමතයක් ඇති කිරීමටත් එමගින් ඒ මහතා ඝාතනය කිරීමටත් බටහිරයන් උත්සාහ දරනු ඇත. අද වන විට ද බටහිරයන් ඒ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගෙන ඇත. විජාතික බලවේගවල ඒ සියලූ උත්සාහයන් පරාජය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රතිශතය හැකිතාක් වැඩිකර අප ජාතියක් ලෙස එක මතයක සිටින බව බටහිරයන්ට දැනගැනීමට සැලැස්වීමෙනි.

නලින් ද සිල්වා

2014-12-17

Sunday, 14 December 2014

රටට එරෙහි සියලු බලවේග පරාජය කිරීම ජනතා යුතුකමක්


“මා කල්පනා කරන විදියට මේ ජනාධිපතිවරණ සටන තුළ අද වනවිට ජාතිකත්ව කඳවුරත් විජාතිකත්ව කඳවුරත් දෙකට බෙදී තිබෙනවා.

ජාතිකත්ව කඳවුරේ පැහැදිලි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එලෙස ජාතිකත්ව කඳවුරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දෙද්දී විජාතික කඳවුරට නායකත්වය දෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල නොව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ ඒ විජාතික වැඩපිළිවෙළ මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය දෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියයි. ඇගේ වෛරයත් සමඟ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ වැඩපිළිවෙළ ඇගේ ම වැඩපිළිවෙළක් ලෙස ඇය ක්‍රියාත්මක කරන්නේ රටට ආදරයකින් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් පහකර දමන්නට ද ඇයට තිබෙන වුවමනාව මතයි.

පසුගිය සතියේ ජනාධිපතිවරයා සමඟ එක්වූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ වුවමනාව වුණේ එජාපයෙන් තමන්ගේ ම වූ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් කිරීමය. මේ අරමුණ හරි හෝ වැරදි වේවා එජාපයට තමන්ගේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ඉඩදුන්නේ නැත.

චන්ද්‍රිකාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි තරහව එළිපිට පෙනෙන්නට තිබුණත් ඇය සැබෑ ලෙස ම රනිල්ටත් විරුද්ධ ය. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති අවදියේ චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු කිරීමට ඉඩ නොදීමේ තරහ ඇගේ සිතේ රනිල්ට විරුද්ධව අදටත් ඇත. ඇයට රනිල්ව ජනාධිපති කරන්නට හෝ අගමැති කරන්නට වුවමනාවක් නැත. චන්ද්‍රිකාට අවශ්‍යය වී ඇත්තේ මේ ඇති කරන අවුල මැද්දේ ඇයම නැවත වරක් ජනාධිපති හෝ අගමැති වීමට ය.

සරත් සිල්වා ඉදිරිපත් කර ඇති නීති තර්ක නිසා ඇයට නැවත වරක් ජනාධිපති තරගයකට ඉදිරිපත් විය නොහැකි ය. මේ නිති ප්‍රශ්නය නිසා චන්ද්‍රිකාට අවශ්‍ය වී ඇත්තේ ඊළඟ වතාවේත් රටේ බලය තමන් සතු කර ගැනීම සඳහා ඉතා ම දුර්වල මිනිහෙක් ලෙස ඇය සලකන මෛත්‍රිපාල මහතා නමට රටේ ජනාධිපති කරවීමට ය. මෛත්‍රීපාල පඹයෙක් නැතිනම් ඉත්තෙක් ලෙස හැසිරවිය හැකි යැයි ඇය කල්පනා කරනවා විය යුතු ය. එම වුවමනාව නිසාමය ඇය මෛත්‍රීපාල මහතා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්ගේ වුවමනාව අනුව ආණ්ඩුවෙන් එළියට ගෙන එය විපක්ෂයේ පොදු වුවමනාව බවට පත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ජාතිකත්වයක් තියනවා කියා හිතන ජාතික හෙළ උරුමයේ රතන හාමුදුරුවන්වත් මෙතනදී ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයේ නායකත්වය දරන රතන හාමුදුරු‍වන් ඇතුළු උඩ ඉන්න කිහිප දෙනෙකුට මා කීප විටක් පෙන්වා දී ඇති පරිදි ජාතිකත්වයක් නොමැති නමුත් එම පක්ෂයේ බොහෝ දෙනෙකුට ඉතා වැඩි පිරිසකට ජාතිකත්වයක් තිබෙන බවත් මෙතනදී කිව යුතු ය.

ජාතික හෙළ උරුමයේ ගම්මන්පිල මහතා ද නැවත වරක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට වේදිකාවට නැග්ගේ ඔහුට ජාතිකත්වයක් තිබෙන නිසා විජාතිකත්වය සමඟ සිටිය නොහැකි බව අවබෝධකර ගැනීමෙන් පසුව බව පැහැදිලි ය. ඒ නිසා ජාතික හෙළ උරුමයේ පිරිසෙන් මේ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට ගත් ජාතික හෙළ උරුමය ගත් තීරණය සමඟ අවසානයේ සිටින්නේ එම පක්ෂයේ එම තීරණය ගැනීමට එකතු වූ හතර පස් දෙනෙකුහෝ පස් හය දෙනකු පමණක් බව ඉදිරියේ වඩා හොඳින් පැහැදිලි වනු ඇත.”

“දැන් මේ උත්සාහය දරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන සිංහල බෞද්ධ අතිබහුතර ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාල සිරිසේන මහතාට සිංහල - බෞද්ධ ආරෝපණයක් කර කඩා දැමීමට ය. නමුත් මේක කරන්නට ලැබෙන්නේ නැත. ඒ මේ රටේ බුද්ධිමත් මිනිස්සු ජාතිකත්වයක් ඇති පිරිස හඳුනා ගැනීමට සමත් නිසා ය.

විපක්ෂ පොදු අපේක්ෂකයාට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක් නැති බව කීවත් එතන ද හෙළි නොකරන ගිවිසුමක් තිබෙන බව පැහැදිලි ය. මේ ගිවිසුමේ අරමුණ වනු ඇත්තේ උතුරු නැ‍ඟෙනහිර පළාත් දෙක නැවත එකට එකතු කර පෙඩරල් රාජ්‍යයකට පාර කැපීම ය. එංගලන්තයට ඇති මේ වුවමනාව අනුව චන්ද්‍රිකාගේත් කැමැත්තෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ මෙවැනි ගිවිසුමකට මෛත්‍රීපාල මහතා අස්සන් කරනු ඇත.

මෙතන තිබෙන ලොකුම අනතුර වනු ඇත්තේ ඡන්දයෙන් කෙසේවත් පරාජය කළ නොහැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඡන්දය ජයගෙන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වුවත් බටහිර වුවමනාව අනුව ඔහුව ඝාතනය කිරීමට ඇති අනතුරයි.‍

ඡන්දයෙන් පරාජය කරගත හැකි වුණොත් බලයෙන් පහ කළ ජනාධිපතිවරයා හා හමුදා නිලධාරීන් හේග් යුද අධිකරණය වෙත ගෙන ගොස් විදුලි පුටුවේ ඉන්දවීමේ බටහිර වුවමනාව ඉටු කරගත හැකි වුණත් ඔහු ඡන්දයෙන් පැරදවිය නොහැකි නම් එලෙස බලයේ සිටින ජනාධිපතිවරයාව යුද අධිකරණයට ගෙන යාමට හැකි වන්නේ නැත.

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල - සිරිසේන මහතා පෝස්ටර් කටවුට් ගහන්නේ නැතැයි රටට කීවත් ඔහුට සිදුව ඇත්තේ ඔහුගේ පෝස්ටර් හෝ කටවුට් ගැසීමට සංවිධානයක් හෝ කෙනෙකු නොමැතිවීම ය. ඔහුගේ ආධාරකරුවන් සිටින පොළොන්නරුවේ ඔහු ඇති තරම් පෝස්ටර් කටවුට් ගසා ගත්තත් රටපු‍රා ගොස් එසේ කරන්නට යාන්ත්‍රණයක් මෛත්‍රීපාල මහතාට නැත.

යූඇන්පී යාන්ත්‍රණය රටපුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ජනාධිපති කරන්නට පෝස්ටර් ගහන්නේ නැත. එවැනි වුවමනාවක් එජාප නායකත්වයට ද ගමේ සිටින යූඇන්පී කාරයා තුළ ඇති කළ නොහැක. රනිල් හෝ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නම් මේ යූඇන්පී කාරයන් පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවා රට පුරා ඇති තරම් පෝස්ටර් කටවුට් ගසනු ඇත. රට පුරා පෝස්ටර් කටවුට් ගහන්නට බැරි වූ මෛත්‍රීපාල මහතා දැන් කියන්නේ තමන්ට පෝස්ටර් කටවුට් ගැසීමට බැරි බව නොව එසේ නොකරන බව ය.

තමන්ට එජාජ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එජාපයෙන් ඉවත් වූ තිස්ස අත්තනායක මහතාගේ ක්‍රියාමාර්ගයෙන් පෙන්වන්නේ සැබෑ එජාප පාක්ෂිකයන්ගේ වුවමනාව ය. මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් නොගසන එජාප පාක්ෂිකයන් එජාප නායකයන් කුමක් කීවත් අන්තිමේ තම විරුද්ධවාදී පිලෙන් ආ මෛත්‍රීපාල මහතාට ඡන්දය දීමෙන් ද වැළකෙනු ඇත.

එදා විපක්ෂ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාගේ පොස්ටර් කටවුට් 2010 ජනාධිපතිවරණයේදී ගැසූ ජවිපෙ ද මෙවර මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් ගසන්නේ නැත.

ජනාධිපතිවරණයේදී ජේවීපීයට තමන්ට ජනාධිපතිවරණය දිනන්නවත් වෙන අයකු දිනවන්නවත් නොහැකි නිසා ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සියයට 50 ඉක්මවීම වැළැක්වීම ය. ජේවීපී ය ජනාධිපතිවරයා පරදවන බව කියන්නේ ඔවුන්ගේ මේ වුවමනාව අනුව ය. කිසිම අපේක්ෂකයකුට සියයට 50 ට වැඩිය ගන්න නොදී දෙවැනි මනාපයක් ගණින අරාජිකත්වයක් ඇති කර ලොකු විප්ලවයක් කර මෛත්‍රීපාලට බලය අරන් දීමේ බ්‍රිතාන්‍ය වුවමනාව අනුව ජේවීපීය හා එජාපය මෙහෙයවන්නට ඉඩ තිබේ.

මේ එකදු සැලැස්මක් හෝ ක්‍රියාත්මකවීමට ඉඩ නැත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් සියයට පනස් පහකවත් ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අත් කරගන්නා නිසා ය.

ඡන්දයෙන් පරදවන්නට බැරි මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වර ජනාධිපතිවීමෙන් පසු වෙනත් රටවල ශක්තිමත් නායකයන් ඝාතනය කළ ආකාරයට මේ නායකයා ද ඝාතනය කරන්නට ‍බටහිර රටවල් ක්‍රියා කරන්නට ඉඩ ඇත.

සෝභිත හාමුදුරුවන් විධායක ජනාධිපතිධූරය අහෝසි කර යහ පාලනය ඇති කරන්නට කතා කළත් උන්වහන්සේ ගේ යහපාලන කොතරම් ද පෙන්වමින් උන්වහන්සේගේ ගෝලයා ද පන්සලෙන් පැන ගොස් ඇතැයි වාර්තාවෙයි. අද සෝභිත හාමුදුරුවන් පස්සේ ඉන්නේ ඇට්ටකුණා වුණ සරසවි ආචාර්යවරු දෙතුන් දෙනෙකු පමණ ය.

පැරැණි වම අධිරාජ්‍ය විරෝධී වුවමනාව අනුව යමින් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙද්දී ජේවීපීයට සිදුව ඇත්තේ විජාතිකත්ව පිලට සහාය දීමට ය.

දේශපාලන පෙළ ගැස්වීම අනුව මෙන් ම ජ්‍යෝතිෂඥයන්ගේ පොදු මතය අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එය සියයට 55 ක ජයග්‍රහණයක් නොකර සියයට 65 ක තුනෙන් දෙකක ජයග්‍රහණයක් බවට පත් කර රටට විරුද්ධ සියලු බලවේග එකවර පරාජය කිරීම ජනතාවගේ වගකීම වනු ඇත.



නලින් ද සිල්වා

2014-12-14

Friday, 12 December 2014

Is the opposition contesting elections


The opposition parties in Sri Lanka consists of UNP, JVP, TNA and few other parties such as the Democratic Party of Sarath Fonseka. The JHU can be now considered as a party of the opposition and in addition there are certain individuals without affiliations to any recognized political party who are identified with the opposition. Maithripala Sirisena belongs to the latter category though he is contesting the Presidential Elections as a candidate of a recognized political party and as the common opposition candidate. It should be mentioned that a candidate nominated by a political party at the Presidential elections or Parliamentary elections or any other elections need not be a member of the political party.

These political parties or the individuals in the opposition do not form a common opposition nor are they babies in politics. The UNP has been in politics for about seventy years and Ranil Wickremesinghe has led the party for about twenty years. The JVP is now more than fifty years old and Anura Kumara Dissanayake is known in the political world for at least twenty five years. The TNA and its predecessors such as the Illankai Thamil Arasu Kadchi (ITAK) the Tamil Congress, Hindu Maha Sabhai, have been in politics since the days of Ponnambalams, meaning Ponnambalam Ramanathan, Arunacahalam and G G Ponnambalam. The JHU and its predecessors, Janatha Mithuro, Thrastha Virodhi Jathika Vyaparaya have participated in various political activities for about twenty five years. Only Sarath Fonseka is relatively new to politics but he is known for his white flag story (sudu kody kathava) since his visit to US in 2009 after the Nandikadal Victory.

It is well known that these political parties and individuals have different political policies and do not constitute one political unit. Neither Chandrika Kumaratunga nor Maithripala Kumaratunga belong to the SLFP at present despite the latter’s claim that he is still the secretary of the party. The elections commissioner has recognized Anura Priyadarshana Yapa as the secretary of the SLFP and the party has suspended the membership of Maithripala Sirisena. The latter’s claim that they will form an all party or national government if accepted means that it will be a government of the TNA and JHU as well. This is not altogether impossible as the JHU is capable of changing its policies opportunistically. The JHU leadership was with the JVP in their school days and then with the Chinthana Parshadaya for a short time, then joined Mangala Samaraweera and his federal politics opposing “war”, then coming to nationalistic policies after realizing that there was an “illuma” (demand) for such politics. They can go back to Mangala Samaraweera politics if they think that there is an “illuma” for federal politics. However, the SLFP under Mahinda Rajapaksa will not be in a so called all party conference, and it should not be forgotten that the SLFP has the biggest mass base at present.

In any event, Maithripala Sirisena has had to sign several pacts and it is clear that there is no common opposition. Let the so called common candidate spell out his policy on the Tamil problem, the devolution of powers to the provincial councils, on the northern and eastern provincial councils, police and land powers etc. This presidential elections is finally on defeating Tamil racism operated through the dispersed Tamils by England and US, and not on “good governance”  and western styled bogus democracy of Ven. Maduluwawe Sobhitha Thera and his team (not dayakayas) of left out leftists and academic trade unionists who have no existence if not for the publicity they receive from some sections of media. It is England the colonial superpower of yesteryear that established, nurtured and maintained Tamil racism against the Sinhala people (not a so called Sinhala government) to take revenge from the Sinhala people whom they could not defeat at “war” (they annexed the Sinhale or Sinhala kingdom through cunning diplomacy of Doyle in 1815 using a pact that they never wanted to implement) and to destroy the Sinhala Buddhist culture. We would like to know the policy of Maithripala Sirisena on the Tamil problem in general and his strategy of defeating the dispersed Tamil manipulated by England and US.

Ranil Wickremesinghe was not born last year and everybody knows his policy not only on the Tamil problem through the ceasefire agreement but also on giving employment in the public sector which he curtailed and “good governance”. Ven. Sobhitha Thera more than anybody else knows “good governance” of the UNP when he and the late Prof. Sarachchandra were given a “panchakarma” treatment of body massage. However, Ranil Wickremesinghe talks of democracy media freedom etc., as if he was born yesterday and it is clear that he and the others are dancing to the tune of somebody else. However, they do not know that it is the tune of Swan song. Chandrika Kumaratunga who has no mass base at all, (she is not a member of the Mahajana Party or Bahujana Nidahas Party of Rajitha Senaratne and two or three others) is known for her policy on PTOMS and other policies that were directed towards separatism and how she went to Chennai with her late husband who was anti Sinhala Buddhist to the core to discuss with Tamil terrorists. The JVP has had no consistent policy on the Tamil problem from Wijeweera days and they have been wavering between pseudo nationalism and what they understand as Marxism in their history. Their record on democracy is known at least since the late eighties when they threatened to kill those who wanted to exercise their franchise at the elections. The university students know the democracy practiced by the JVP (and the Peratugameens) and it is not known that the JVP has changed its policies this year.

The promises of all these parties and the individuals are nothing but mere statements to fool the people and Sri Lanka under Mahinda Rajapaksa has a better record of “democracy” media freedom etc. than during UNP or Chandrika days not to mention the “democracy” we experienced in the “occupied” areas during the JVP terrorist days. Except for the rhetoric there is nothing substantial in the speeches of the opposition (parties and individuals) and in any event they do not function as one unit. In that sense there is no opposition that contests the Presidential Elections.


There is another dimension to this phenomenon. The opposition is only an “achacharu” of political parties and individuals with different policies and they have been “united” by England and US who are interested in defeating Mahinda Rajapaksa at the Presidential Elections for his stand against Tamil terrorism and his policy on Tamil racism in general. Mahinda Rajapaksa is the most nationalist leader and his record as an anti colonialist is much better than most of the so called Marxists and left of centre pink socialists who are nothing but agents of the west and repressive western knowledge in the final analysis. Thus it is not the so called opposition that is contesting the elections as the opponent of Mahinda Rajapaksa but the western powers led by England and US. Maithripala Sirisena who is the weakest personality in the opposition is only the candidate of England and west not different from Sarath Fonseka of infamous white flag incident. Mahinda Rajapaksa would be opposed by the west led by England and US for the second time and our local boys and girls (guys and gals in American parlance) would be only the stage actors and actresses acting according to the script of present day Doyle s.


Nalin De Silva

12-12-2014

Wednesday, 10 December 2014

අමරතුංග ගේ ආකෘතිය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට ලැබී ඇති ජනප්‍රිය ඉංගිරිසි පොත හෝ පොත් හෝ තමන්ට තේරෙන පරිදි උපුටා දැක්‌වීමට ගොස්‌ අමාරුවේ වැටෙන්නේ එහි ඇත්තේ බොහෝ විට ඔහුට කෙසේ වත් නො තේරෙන බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ කරුණු බැවිනි. අමරතුංග මහතා උසස්‌ පෙළ පරීක්‌ෂණයෙන් පසු ඉගෙනගත් භෞතික විද්‍යාවක්‌ නැත. ඔහු කාලෝ ෆොaන්සේකා මෙන් ම බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ගැන දනියි. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. එහෙත් ඔවුන් දෙදෙනා ගෙන් එක්‌ අයෙකුට වත් බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ නැත. ඒ අවබෝධය ලබාගැනීමට බටහිර ගණිතය පිළිබඳ අවබෝධයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් ඔවුන්ට ඒ අවබෝධය නැත. මා සමග මුහුණට මුහුණ කරන සංවාදයකට හෝ විවාදයකට එළඹෙන්නේ නම් විනාඩි දහයකින් ඔවුන් ගේ අනවබෝධය හෙළිදරවු කරමි. 

අමරතුංග මහතා තම දෙසැම්බර් 03 ලිපියෙන් අගාධයෙන් අගාධයට යයි. බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යයක්‌ හෝ සත්‍ය කරා ළඟා වීමක්‌ හෝ නැති බව බටහිර දාර්ශනිකයන් ම උපුටා දක්‌වමින් ඔහු පවසයි. දැන් ඔහු කතා කරන්නේ ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන ය. ඔහු මෙසේ කියයි. "මතවාදයක්‌ තුළ සම්පූර්ණ සත්‍යතාවක්‌ බලාපොරොත්තු විය නොහැකි බව විද්‍යාත්මක යථාර්ථවාදීහු පිළිගත් හ. ඒ නමුත් එහි කොටස්‌ තුළ වුව ද සත්‍යතාවක්‌ තීබීම සාර්ථකත්වය සහ සත්‍යය සම්බන්ධ කිරීමේ ව්‍යායාමයට ඉතා බලවත් රුකුලක්‌ බව ඔවුන් ගේ අදහස විය. තව ද යම් අවස්‌ථාවල දී සාර්ථකත්වය ර¹ පවතින්නේ තාවකාලිකව ඉන්ද්‍රිය ගෝචර නො වූ ක්‍රියාදාමයන් පිළිබඳව යම් අදහසක්‌ ඇති කරගැනීමේ හැකියාව මත බව ඔවුහු පවසති. මතවාදයක්‌ සම්පූර්ණයෙන් සත්‍ය හෝ අසත්‍ය ලෙස සැලකිය නොහැකි බව ඔවුන් පිළිගන්නා අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් යම් දුරකට පිළිගන්නා අන්දම ඒ ලෙසින් පහදා දීමට ඔවුහු සමත් වූ හ. මෙලෙස විද්‍යාත්මක සත්‍යය (Scientific truth) යන සංකල්පය වෙත ඔවුහු පැමිණිය හ. මේ පිළිබඳව ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි." අපි මේ බංකොලොත් නිගමන ගැන පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුත්තේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවල (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) සත්‍යයක්‌ නැති බවත් එයින් ඊනියා යථාර්ථයක්‌ පිළිsබිඹු නො වන බවත් බටහිර දාර්ශනිකයන්ට වුව ද පිළිගැනීමට සිදු වී ඇති බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන කියවන්නේ එබැවිනි. 

අපි නැවතත් අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියට අවධානය යොමු කරන්නේ දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි සඳහන් කරුණු පසුව සැලකිල්ලට ගැනීමේ බලාපොරොත්තුවෙනි. අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "මෙහි එක්‌ ප්‍රතිඑලයක්‌ වූයේ අර්ථවිචාර අවබෝධය (Semantic Conception) බිහි වීම ය. එම සංකල්පයට අනුව මතවාද (Theory) වනාහි ආකෘති සමූහයක එකමුතුවක්‌ (Collection of Models) ලෙස සැලකේ. මේ ආකෘති ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් සමඟ එකඟ වන්නේ කෙසේ දැයි උපන්‍යාසයකින් (Hypothesis) පහදා දිය යුතු වන්නේ ය. මේ ආකෘති ගණිතමය ස්‌වභාවයක්‌ (Mathematical Structure) ලෙස හෝ භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ හෝ විය හැකි ය. ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ගණිතමය ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් වූයේ මේ සංකල්ප බිහි වීමට පෙර වර්ෂ 1905 සහ 1915 දී ය. ජෝන් ඩෝල්ටන් (1766 - 1844 දී) ඔහු ගේ පරමාණුකවාදය භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් කළේ ඊටත් පෙර ය. මොවුන් ගේ අදහස්‌ සහ නිපැයුම් ඉහත සඳහන් අර්ථවිචාර සංකල්පය වර්ධනය වීමට රුකුලක්‌ වූවාට සැක නැත. මින් ඔප්පු වන්නේ ද විද්‍යාව කඩින් කඩ නො ව අවිච්න්න වර්ධනයක්‌ පෙන්නුම් කරන බව ය. තෝමස්‌ කූන් ගේ සුසමාදර්ශ සංකල්පය ද මින් නිශ්ප්‍රභ කළ හැකි ය."

අමරතුංග මහතා කරුණු ඉදිරිපත් කරන්නේ ඔහු වෙනුවෙන් නම් නො වේ. ඇතැම් විට ඒ ඒ මහතා දැන් කියවන පොතේ ඇති කරුණු අවබෝධයකින් තොර ව ඉදිරිපත් කරනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) යනු ආකෘති එකතුවකි. එයින් කියෑවෙන්නේ කුමක්‌ ද? ප්‍රවාද යනු ආකෘතින්හි එකතුවක්‌ නම් ප්‍රවාද ඊනියා සත්‍ය විය නොහැකි ය. වැඩිම වුව හොත් ප්‍රවාද යනු ඊනියා සත්‍යයෙහි ආකෘතීන් වෙයි. එයින් කියෑවෙනුයේ ඇතැම් බටහිර දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවෙහි දී කෙරෙනුයේ ඊනියා සත්‍යයට ආකෘති සැපයීම ය. මෙහි දී ප්‍රශ්නයක්‌ වනුයේ තමන් නො දන්නා සත්‍යයක්‌ සඳහා බටහිර විද්‍යාවෙහි ආකෘති තනන බව මේ බටහිර දාර්ශනිකයන් දන්නේ කෙසේ ද යන්න ය. බටහිර විද්‍යාඥයෝ ඊනියා සත්‍යය නො දනිති. එහෙත් ඔවුහු තමන් නො දන්නා සත්‍යයට ආකෘති තනති. ඔවුන් එසේ කරන්නේ කෙසේ ද? 

අද ලංකාවේ ද ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ ඉටි රූප නිර්මාණය කිරීමේ කලාවක්‌ වෙයි. මේ ඉටි රූප නිර්මාණය කරන්නේ අප කවුරුත් පාහේ දන්නා පුද්ගලයන් ගේ ආකෘති ලෙස ය. මෙහි දී ආකෘතියක්‌ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නො න`ගී. එයට හේතුව ආකෘතියෙන් නිරූපණය වන පුද්ගලයා ගැන වැටහීමක්‌ ආකෘතිය නිර්මාණය කරන කලාකරුවාට තිබීම ය. එහෙත් බටහිර විද්‍යාඥයා ආකෘති නිර්මාණය කරන්නේ තමන් නො දන්නා ඊනියා යථාර්ථයක්‌ නිරූපණය කිරීමට ය. එසේ නම් එයට ආකෘති නිර්මාණයක්‌ යෑයි කියන්නේ කෙසේ ද? 

බටහිර විද්‍යාඥයා කරන්නේ අනුමිනිතයක්‌ (Guess) ඉදිරිපත් කිරීම පමණකි. (ඉංගිරිසියෙන් ඉන්ෆරන්ස්‌ - nference - යන්නට යෙදෙන්නේ අනුමානය යන්න ය. ඒ අනුමානය අනුමිනිතය සම`ග පටලවා ගත යුතු නො වේ.) එය හුදු හිතළුවක්‌ පමණකි. බටහිර විද්‍යාඥයෝ යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම් කර දීම සඳහා අනුමිනිත, එනම් හිතළු කිහිපයක්‌ ඉදිරිපත් කරති. මේ හිතළු පට්‌ටපල් බොරු ය. ඒ හිතළු පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බටහිර විද්‍යාඥයෝ තම පට්‌ටපල් බොරු වූ අනුමිනිත ආධාරයෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට උත්සාහ කරති. 

ඔවුන් එහි දී කරන්නේ තම හිතළු ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. ඉන්පසු ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සන්සන්දය කිරීම ය. එහි දී කිසි ම හිතළුවක්‌ ඇසුරෙන් ලබාගන්නා නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සියයට සියයක්‌ එක`ග නො වන බැවින් බටහිර විද්‍යාඥයෝ බටහිර සංඛ්‍යානය යොදාගනිමින් යම් සම්භාවිතාවකට අනුරූප ව තම හිතළුවලින් එකක්‌ හෝ කිහිපයක්‌ හෝ අදාළ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් කරන්නේ යෑයි පවසති. 

මේ ආකෘති වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි දී නම් බොහෝ විට ඉදිරිපත් වන්නේ බටහිර ගණිතය ආධාරයෙනි. එහෙත් ඒ කිසිවක්‌ ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදයෙහි (විශේෂ මෙන් ම සාධාරණ) බටහිර ගණිතය යොදාගන්නා බව සැබෑ ය. එහෙත් ඒ එකක්‌ වත් ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ උපකල්පන, හිතළු කිසිසේත් ම ගණිතමය ආකෘති නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි ද උපකල්පන හෙවත් ස්‌වසිද්ධි හෙවත් හිතළු ඉදිරිපත් කෙරී ඇත්තේ ගණිතයක්‌ ආධාරයෙන් නො වේ. කෙසේ වෙතත් අයින්ස්‌ටයින් දක්‌ෂ ගණිතඥයෙක්‌ නො වී ය. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයට අවකාශ - කාල සන්තානය (Continuum) මගින් බටහිර ගණිතය එකතු කළේ ඔහු ගේ ගුරුවරයකු වූ මින්කොවිස්‌කි ය. ඔහු ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදයට ගණිතය එකතු කරනු ලැබුයේ ඔහු ගේ ශිෂ්‍යයන් කිහිප දෙනකු විසිනි. 

ඩෝල්ටන් ගේ ආකෘතිය භෞතික හැඩයක්‌ ගත්තේ වී නමුදු එය ද හිතළුවක්‌ පමණකි. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. පරමාණුවක්‌ දැක ඇති, ස්‌පර්ශ කර ඇති, පුද්ගලයෙකු වේ ද? මේ හිතළු, පට්‌ටපල් බොරු ය. එහෙත් පට්‌ටපල් බොරු යොදාගනිමින් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මෙහි දී බටහිර විද්‍යාවට පිහිටට එන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ද බොරු වීම ය. මම යන්න මොන තරම් බොරුවක්‌ දැයි සිංහල බෞද්ධයෝ දනිති. එහෙත් මේ බොරු නොමැති ව අපට ජීවත් විය නො හැකි ය. බටහිර විද්‍යාවෙහි දී කෙරෙන්නේ බොරු පට්‌ටපල් බොරුවලින් තේරුම් කිරීම ය. අනෙක්‌ දැනුම් පද්ධතිවල බොරු, බොරුවලින් ම තේරුම් කෙරෙයි. මා දන්නා බුදුදහම දැනුම් පද්ධතියක්‌ නො වේ. එහි දී කෙරෙන්නේ දැනුම් පද්ධතිවලින් ඉවත් වීම ය. 

මේ කිසිවකින් බටහිර විද්‍යාව අවිච්äන්න ව වැඩෙන පද්ධතියක්‌ යෑයි ගම්‍ය නො වේ. අයින්ස්‌ටයින් හා නිවුටන් අතර හෝ ඩෝල්ටන් හා බෝර් අතර හෝ එවැනි අවිච්äන්න සම්බන්ධයක්‌ නැත. එබැවින් අමරතුංග මහතා ඉදිරිපත් කරන කරුණුවලින් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය කඩින් කඩ සුසමාදර්ශ ඔස්‌සේ සිදු වන බවට පළ කර ඇති මතය සාමාන්‍ය සම්මුතිය යටතේ බොරු වන්නේ නැත. බුදුදහමට අනුව නම් කූන් ද කියා ඇත්තේ බොරු ය. එහෙත් සම්මුතියෙහි ඔහු කියා ඇත්තේ බොරුවක්‌ නො වේ. 

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට මුහුණපෑමට සිදු වන ප්‍රධාන ම කරුණක්‌ නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන හිතළු හෙවත් පට්‌ටපල් බොරු යොදාගැනීම ය. බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නො වන දේ නො පිළිගනිති. ඔවුහු පුනබ්භවය, දෙවියන්, ප්‍රේතයන් විශ්වාස නො කරති. එහෙත් ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණය ආදී සංකල්ප, ප්‍රවාද පිළිගැනීමට සිදු වී ඇත. එහි දී ඔවුන් වැටී ඇති අගාධය අමරතුංග මහතා සඳහන් කරන දෙයින්a පැහැදිලි වෙයි. නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි. 

"ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. ඒ ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට සැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය."

අමරතුංග මහතා තමා කියන්නේ කුමක්‌ දැයි නො දනියි. ඉහත සඳහන් ඡේදයෙහි අවසන් වාක්‍ය දෙකෙන් ඔහු කියන්නේ කුමක්‌ ද? ගුරුත්වාකර්ෂණය සංකල්පයක්‌ ලෙස ගත්ත ද, ප්‍රවාදයක්‌ ලෙස ගත්ත ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි භාවිත කිරීම අත්‍යවශ්‍ය යෑයි අමරතුංග මහතා කියන්නේ එක්‌කෝ ඔහු ගේ පොත ඔහු වැරැදියට තේරුම්ගෙන ඇති බැවිනි. එසේත් නැත්නම් පොත වැරැදි බැවිනි. අමරතුංග මහතා තමා උපුටා ගන්නේ කිනම් පොතකින් දැයි කියන්නේ නම් ඒ උහතෝකෝටිකය විස¹ගත හැකි ය. 

එතෙක්‌ මෙහි දි සඳහන් කළ යුත්තේ ගහකින් ගෙඩියක්‌ වැටීම වැනි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම්ගැනීමට යෑයි කියමින් ගුරුත්වාකර්ෂණය යොදාගැනීම මිස ගුරුත්වාකර්ෂණය පහදා දීම පිණිස එවැනි සංසිද්ධි භාවිත කිරීමක්‌ බටහිර විද්‍යාවෙහි දී සිදු නො වීම ය. අමරතුංග මහතා ගේ අවබෝධය ගැන කියනුම කවරේ ද?



නලින් ද සිල්වා

2014-12-10

The Presidential election is not on good governance


What are the deciding factors at the presidential elections that will be held within a month on the 8th of January 2015, the 47th anniversary of the death of Ven. Dambarawe Ratanasara Thera. It is certainly not the killing of the Thera while he was going on a demonstration against a bill on usage of Tamil by the UNP government. Many people have forgotten the incident and it would not be an issue at the elections after nearly fifty years. January 8th happens to be the birthday of the late Mr. S W R D Bandaranaike but it is very unlikely that even Chandrika Kumaratunga remembers the day though she is fond of referring to so called Bandaranaike phobia of Mahinda Rajapaksa. If at all, it will be Mahinda Rajapaksa or his supporters who would mention the two anniversaries during the election campaign.

It is mainly the diehard UNPers, few academics and some so called educated people who would pay lip service to democracy and good governance. It has to be said that they only pay lip service as they would not compare the SLFP led governments with the UNP governments of yesteryear on good governance and democracy. The UNP is not a paragon of virtue as far as good governance and democracy are concerned as Ven. Maduluwawe Sobhita Thera himself knows. There is no so called good governance or democracy anywhere in the world and the UNP was not an exception. The seventeenth and eighteenth amendments are good for after dinner speeches as the common man is not bothered by any of these. The removal of Dr. Shirani Bandaranayake will not be an issue at all, as it was done legally even by the standards of so called democracy. It is good as a conversational topic for the so called educated people and if the former Chief Justice, I forget the serial number attached to her by the pundits who still believe that she is the CJ of the country, comes in support of the uncommon candidate Maithripala Sirisena, it will only devalue further her doubtful credentials.

The common man whom I meet in three wheeled vehicles and among the traders along my road at Maharagama are not at all interested in democracy and good governance. However they know that there have been more elections under Mahinda Rajapakse though it may not be a yardstick of democracy as far as some “intellectuals” are concerned and they talk of the tarred/concrete roads, highways, their job opportunities, electricity and water supplies to their homes, and of course the freedom to travel to any part of the country without any fear.  They know that their spouses and the children will return home from workplaces and schools as the case may be and that they do not have to guard the schools of their children on a rotational basis. The average Sinhala person may not have read the thirteenth amendment but he knows that Prabhakaran wanted a separate state and that he resorted to terrorism that was defeated by Mahinda Rajapaksa or in their language Mahinda Mahattaya or Janadhipathithuma. He also knows that the former Presidents including Chandrika Kumaratunga could not defeat Prabhakaran and terrorism. However he knows that Ranil Wickremesinghe signed a pact with Prabhakaran which is called a ceasefire agreement and with that the latter got the upper hand. However, the average person does not know that according to the constitution only the President can declare war and peace as stipulated in Article 33 (e) and Chandrika Kumaratunga as the President could have annulled the ceasefire agreement if she wanted using her powers as the President. Thus he is not aware that Ms. Kumaratunga was party to the ceasefire agreement, and Mr. Wickremesinghe had to carry the blame by himself. It is a case of blaming the father only while leaving out the mother for the birth of the ceasefire agreement.  

The average Sinhala person knows that the thirteenth amendment is on separatism though the pundits will claim that it is not so. The average person may not have heard of little now more later policy of Chelvnayakam but he knows by intuition that the “coming colour is no good” with respect to the thirteenth amendment. He is against the thirteenth amendment and would like to see it abolished and not the eighteenth amendment that has no relevance to his day to day life. The eighteenth amendment has relevance to the lives of even the pundits only in the abstract and its abolition is only a good conversational topic as has been mentioned earlier.

If an amendment to the constitution is going to have some impact on the Presidential Elections it is the thirteenth amendment that affects the lives of the people and not the eighteenth or the seventeenth amendments. The average person may know neither the intricacies of the thirteenth amendment nor that it was hatched by Indira Gandhi on the instructions of England and US but he knows that it was foul and that it undermined the sovereignty (freedom or nidahasa in his language) of the country. However, he also knows that the provincial councils based effectively on the thirteenth amendment (he is very unlikely to be aware of the provincial council act) cannot be abolished with so many Chief Ministers, Ministers and members, but would like to curtail some powers given by the thirteenth amendment, such as land powers and police powers. The average person unlike the “intellectuals” is not interested in abolishing or curtailing the powers of the executive presidency but would be happy to see that some powers of the provincial councils are curtailed. The average person knows that the LTTE could not have been defeated without an executive president who could stand up to pressure. He may not know exactly who applied pressure but he is aware of “parippu diplomacy” of the Gandhis and Solheim who considered Sri Lanka as his kitchen. Though he may not formulate in the same words he knows that executive presidency is only a necessary condition but not a sufficient condition to safeguard the sovereignty of the country. He knows that neither JR Jayawardhane nor Chandrika Kumaratunga could stand up to pressure from various forces but Mahinda Mahattaya could do so. As far as Maithripala Sirisena is concerned the average person knows his record as the Minster of health who could not stand up to the pressure of the doctors. The average person, unless he is a diehard UNPer would not think of Maithripala Sirisena as a strong personality even in his dreams.  

The average person by this time has lost his faith in the Parliament. The crossovers are not going to help him to have any confidence in the Parliament, and if those who spend money over the crossovers think that they could manipulate the destiny of the country with their wealth and funding then they are mistaken. The crossovers only undermine the authority of the Parliament if it had any, and would increase the confidence in a strong executive president. Those who encourage crossovers only help Mahinda Rajapaksa unknowingly or knowingly. The individuals associated with crossovers may think that they have a mass base that depends on their “personality” but they will learn their lessons after the presidential elections. It applies across the board from Maithripala Sirisena to Hirunika Premachandra through Tissa Attanayake. Most of the crossovers are not based on any policy but on personal reasons. The average person by now has realised that the crossovers only undermine his vote at the elections and he would like to see that his vote has a value over the entire period of any Parliament. With respect to a strong President he knows that his choice would not be bought by any agency and by selecting a weak defector as the so called common candidate of not one common opposition but of different oppositions with different policies the oppositions have failed. 


The average Sinhala person would not think of good governance or democracy when he votes but of the “nidahasa” of the country and of a person who would defend the “nidahasa” against all the powers. In short the presidential elections are only another step in the struggle against vijathika balawega (non national powers) and not on defending some abstract concepts imposed on us by the very same non national powers. 


Nalin De Silva

10-12-2014

Sunday, 7 December 2014

මෛත්‍රිපාල චන්ද්‍රිකා එ ජා ප ගිවිසුම කුමක් සඳහා ද


මෛත්‍රදපාල සිරිසේන මහතාට ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට සිදු වී ඇත. ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා වුවත්  පොදු විපක්‍ෂයක් නැත. සිරිසේන මහතාට ජා හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය සමග වෙන වෙන ම ගිවිසුම් අත්සන් කිරීමට සිදු වී ඇත. ඒ ගිවිසුම් එක් පැත්තකින් ජනතාව නොමග යැවීමට ය. අනෙක් පැත්තෙන් ඊනියා පොදු අපේක්‍ෂක කතාව තහවුරු කිරීම සඳහා ය. පොදු විපක්‍ෂයක් නැති වුවත් පොදු ගිවිසුමක් නැතිවුවත් අවසානයේ දී ක්‍රියාත්මක වනුයේ මෛත්‍රිපාල චන්ද්‍රිකා එ ජාප ගිවිසුමේ කොටස් ය. එම ගිවිසුමට විවිධ පුද්ගලයන් හා සංවිධාන අත්සන් කර ඇති නමුත් ඒ සංවිධාන බොහෝ විට එක පුද්ගල සංවිධාන වෙයි. ඒ සංවිධාන හා පුද්ගලයෝ (සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව) හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩ පමණක් වෙති. 

මේ ගිවිසුම අපි ප්‍රධාන ගිවිසුම ලෙස හඳුන්වමු. හෙළ උරුමයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම මිස වෙනත් කිසිවක් නො වේ. එම පක්‍ෂයට ජනතා මිතුරෝ සමයෙහි සිට ම ජාතිකත්වයක් නො තිබිනි. ඔවුහු කලක් ජාතිය යනඑ මළ කඳක් යැයි කීවෝ ය. පසුව ඉල්ලුමක් ඇතැයි සිතමින් ජාතිකත්වය වෙනුවෙන් ව්‍යාජ රඟපෑමක යෙදුණහ. අද නැවතත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම සඳහා එ ජා ප හා දෙමළ ජාතික සංධානය සමග එකතු වී ඇත. ඉදිරි කාලයේ දී ඔවුන්ගේ ව්‍යාජ රංගනය තව තවත් හෙළිදරවු කරමි. ඔවුන් මංගල සමරවීර වැන්නන් සමග එකතු වී ඇත්තේ අද ඊයේ නො වේ. මට ඔවුන්ගේ අවුරුදු විසිපහකට අධික ද්‍රෝහී ඉතිහාසය පිළිබඳ ව මෙරට වෙනත් කිසිවකුට වඩා අත්දැකීම් ඇත.

ප්‍රධාන ගිවිසුමෙහි සඳහන් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය ව්‍යාජ කතා පමණ ය. එ ජාප සමයෙහි තිබී ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ආදිය ගැන සාමාන්‍ය ජනතාවට මනා අවබෝධයක් ඇත. සෝභිත හිමියන්ට ඒ සියල්ල අමතක වී ඇත්නම් සමහර විට ඒ වයස නිසා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අධිකරණයට ගල් ගැසීම්, පාතාලයේ සුනිල් ලා ආදීන් ගෙන ගිය යහපාලනය ගැන දන්නෝ දනිති. අද පාතාලයේ බොහෝ චරිත දක්නට නැත. ඔවුන් පරළොව ගොස් ඇත්නම් ඒ යහපාලනයට එකඟ නොවන්නේ යැයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීහු කියත් ද? යහපාලනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ආදිය පිළිබඳ කතාව සිවල් (සිවිල් නො වේ) සමාජවලට බටහිර රාජ්‍ය සංවිධානවලට නන්නත්තාර වූ වාමාංශිකයන්ට හා ඇතැම් ජඩමාධ්‍යවලට සීමා වී ඇත. මේ ජඩමධ්‍ය නොවන්නට මෙරට අද ඇත්තේ ජේ ආර්, ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් යුගවල තිබි පාලනයට වඩා යහපත් පාලනයක් බව සැඟවිය නො හැකි ය. 

කෙසේ වෙතත් මේ සියළු ගිවිසුම් බටහිරයන්ගේ අවශ්‍යතා අනුව සකස්වන බව පැහැදිලි ය. මෙරට ප්‍රශ්නය යහපාලනයක් නැතිකම හෝ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නැතිකම හෝ නොව දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. ප්‍රශ්නය දහනව වැනි සියවසේ දෙවැනි දශකය කරා දිව යයි. ඒ පිළිබඳ විස්තර ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි දැක්වෙයි. හැකිනම් එහි ඇති කරුණුවලට අභියෝග කරන මෙන් යහපාලකයන්ගෙන් හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ඉල්ලා සිටිමි. දෙමළ ජාතිවාදය එංගලන්තයේ නිර්මාණයක් වෙයි. එය පෝෂණය කර හදාවඩා ගත්තෝ ද ඉංගිරිසිහු ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දොශපාලන නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීමෙන් හා රණවිරුවන්ගේ කැපකිරීමෙන් දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට අපි සමත්වීමු. එය හෙළ උරුමයේ වැඩක් නො වේ. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධව එකල පෝස්ටර ඇළවුහ. අප අවුරුදු විසිපහකට අධික කාලයක දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව හා කළ යුතු බව බොහෝ විට තනියම කියද්දී ඔවුහු අපට විරුද්ධ වුහ. 

අද බටහිර රටවල දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. එහි දී එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ඒ රටවල සිටින විසිරුණු දෙමළ ජනයා යොදා ගනියි. ඔවුන්ට දෙමළ ත්‍රස්තවාදය පැරදවූ, එමෙන් ම ඉදිරි වසර පහ තුළ දෙමළ ජාතිවාදය පරාජය කරන මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමේ අවශ්‍යතාව ඇත. ලෝක දෙමළ සංසදයේ සුරේන්ද්‍රන්ලා මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම ගැන කතාකරති. එහෙත් මේ සියල්ල අවුරුදු කිහිපයක් තිස්සේ අපි කියා ඇත්තෙමු. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටින තාක් ඒ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යෑමේ අපහසුතාව පෙන්වා දුන් අපි බටහිරයන් ඒ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත්කර දංගෙඩියට යැවීමට කටයුතු කරන බව අපි කීවෙමු. අද සුරේන් සුරෙන්ද්‍රන්ගේ කතාව ගැන ලෝකයට ඇසෙන්නට කතාකරන සියළු දෙනා ම පාහේ සෑම වදට ම කරන පරිදි අපේ පුරෝකථන නොසළකා හැරියහ. ංද ද ඔවුහු අප ඒ බවක් කී බව අමතක කරති. 

සෝභිත හිමියන්ගේ යහපාලන කතා පටන්ගත්තේ සිවල් සමාජවල අවශ්‍යතාවට ය. බටහිරයන්ගේ අවශ්‍යතා අනුව බොහෝ විට ඔවුන්ගේ මුදලින් නඩත්තු වන සිවල් සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට උත්සාහ කළහ. සෝභිත හිමියන් ක්‍රියාත්මක වූයේ ඒ පසුබිමෙහි ය. ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් අදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ලන්ට අමතක විය. ඔවුන්ගේ එකම පැතුම වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමට නුසුදසු ඒකාධිපතියකු බවට ජනතාව අතර මතයක් ඇති කිරීම ය. අවසානයේ දී ජනාධිපතිවරණයෙන් ඒ මහතා පරාජය කර චන්ද්‍රිකාගේ සහාය ලබන රනිලගේ ආණ්ඩුවක් ඇති කිරීම ය. ඒ පිටුපස සිටින්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ එමෙන් ම දෙමළ ජාතිවාදය පරාජය කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇති මහින්ද රාජප’ක්‍ෂ මහතා පරාජය කර දංගෙඩියට යැවීම ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා රුකඩයක් පමණකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු බොරු කතාවක් පමණකි. ඒ මහතා අත්සන් කරන විවිධ ගිවිසුම්වල ඒ පිළිබඳ ඇත්තේ විවිධ කතා ය. හෙළ උරුමයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නැත. රනිල්ට හෝ චන්ද්‍රිකාට හෝ අවශ්‍ය නැත. ඊනියා දින සීයේ මාස හයේ කතා ජනතාව නිදි කරවීමේ අරමුණෙන් කියන සූරංගනා කතා පමණකි. ආණ්ඩුවේ අමතිවරු මෙහි දී සිදුවීමට යන්නේ කුමක් දැයි පැහැදිලි කළ යුතුව ඇත. බටහිරට අවශ්‍ය රනිල්ට ව්‍යවස්ථාව යටතේ ම විධායක ජනාධිපති ධුරයේ බලතල පවරා මෛත්‍රිපාල සිරිසේන මහතා හුදු රුකඩයක් බවට පත්කිරීම ය. ඔවුන්ගේ තක්සේරුව අනුව ව්‍යාජ සිංහල බෞද්ධ ප්‍රතිරුපයක් ඇති සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ හැකියාවක් ඇත. ඔවුන්ට අවශ්‍ය ඌරගෙ මාළු උගේ පිටේ තබා කැපීමට ය. 

බොහෝ දෙනා නොදනිතත් මෛත්‍රිපාල සිරසේන මහතා ජනාධිපති වුවහොත් (එය දවල් සිහිනයක් පමණකි) ඔහුර ව්‍යවස්ථාවේ 43 වගනතිය යටතේ පාර්ලිමේන්තුවේ වැඩි පක්‍ෂපාතීත්වයක් ඇතැයි ඔහු සිතන අයකු අගමැති ලෙස පත්කළ හැකි ය. ඒ තැනැත්තට පාර්ලදමේන්තුවේ වැඩි බලයක් තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කෙරෙනු ඇත. ඉන්පසු ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය යටතේ එසේ පත්කරනු ලැබූ අගමැතිවරයා විධායක ජනාධිපති ධුරයේ කාර්යභාර  ඉටුකිරීම  සඳහා පත්කෙරෙනු ඇත. එහි දී අවශ්‍ය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට විධායක ජනධිපති ධුරයේ කාර්යභාර ඉටුකිරීමට කිනම් හේතුවක් නිසා නොහැකි බව පිළිගැනීම පමණකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තම නොහැකියාව පිළිගැනීමට සිදුවනු ඇත. ඉන්පසු මෙරට විධායක ජනාධිපතිධුරයේ කාර්යභාර ඉටුකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහු බටහිරයන්ගේ දෙමළ ජාතිවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත්තේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ පරිදි චන්ද්‍රිකා කුමාරතුංහ මහත්මියගේ ද කැමැත්ත පරිදි ය.      

නලින් ද සිල්වා

2014-12-07