සිංහල ලිත් ඉලක්කම්
෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
0 1 2 3 4 5 6 7 8 9
ජාතික මතවාද හා රටේ ආරක්ෂාව
අද අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස්වෙනවා. මේ පාර්ලිමෙන්තුවේ ජාතිකවාදී මත දරණ පිරිසක් ඉන්නවා. සමහර විට ජාතික මතධාරී පිරිසක් වැඩියෙන් ම ඉන්න පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් සියලු දෙනා ම සෑම දෙයක් ගැන ම එකම මතයක ඉන්නවා කියා. ජාතික මතවාදයක් මෙරට ගොඩ නැගුණේ රටේ ස්වාධීනත්වය, පසු කලෙක ස්වෛරීභාවය, ආරක්ෂාව, ඒකීය භාවය, රාජ්ය භාෂාව, බුද්ධාගමට හිමි තැන, සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට සුවිශේෂත්වය ආදී කරුණු මුල් කර ගෙන. එය එක ම මතවාදයක් නොවුණත් එහි යම් පොදු එකඟතාවක් තිබුණා. අද ඒ මතවාදය සමස්තයක් ලෙස ගත් කළ විශාල ප්රමාණයකට ජයග්රහණය කරලා.