Main Logo

Thursday, 20 August 2020

ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව 


අද අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස්වෙනවා. මේ පාර්ලිමෙන්තුවේ ජාතිකවාදී මත දරණ පිරිසක් ඉන්නවා. සමහර විට ජාතික මතධාරී පිරිසක් වැඩියෙන් ම ඉන්න පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් සියලු දෙනා ම සෑම දෙයක් ගැන ම එකම මතයක ඉන්නවා කියා. ජාතික මතවාදයක් මෙරට ගොඩ නැගුණේ රටේ ස්වාධීනත්වය, පසු කලෙක ස්වෛරීභාවය, ආරක්‍ෂාව, ඒකීය භාවය, රාජ්‍ය භාෂාව,  බුද්ධාගමට හිමි තැන, සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට සුවිශේෂත්වය ආදී කරුණු මුල් කර ගෙන. එය එක ම මතවාදයක් නොවුණත් එහි යම් පොදු එකඟතාවක් තිබුණා. අද ඒ මතවාදය සමස්තයක් ලෙස ගත් කළ විශාල ප්‍රමාණයකට ජයග්‍රහණය කරලා.

Wednesday, 19 August 2020

අම්බලමේ පිනා හා තවත් කතා



  සිංහල ලිත් ඉලක්කම්

                         

0  1    2     3      4    5   6   7    8    9




අම්බලමේ පිනා හා තවත් කතා



මගෙන් කිහිප දෙනකු ම අහල තිබුණ ජ වි පෙ අම්බලමට වළං කදක් ගෙනා පිනා කවුද කියලා. එක පිනෙක් නොවෙයි පිනාලා රාශියක් ම  වළං කදවල් ගෙනල්ලා. හැබැයි අර ළමයි සෙල්ලම් කරන වළං. ඒ වළං ඔක්කො ම අගෝස්තු පස්වැනි දා බිඳලා. දැන් පිනාලා ලොකු සාකච්ඡාවක් පටන් අරන්. ඒ වළං බින්දෙ මොක ද කියන එක ගැන නොවෙයි. වළං බිඳපු අය ගැනත් නො වෙයි. ඒ වළං හැදුවෙ කවුද කියලත් නො වෙයි. වෙන වළං හදන අය ගැන. වෙන වළං බිඳිලා නැත්තෙ ඇයි කියන එක ගැන. පිනාලට  ඒ වළං බිඳින්න පුළුවන් කියන එක ගැන. සමහර පිනාලා හිතනවා ඔවුන් ලෝකෙ ම පිනට පහළ වෙච්ච අය කියලා. පිනා කියන්නෙත් එහෙම නිසා කියල හිතනවා ද දන්නෙ නැහැ.

Tuesday, 18 August 2020

ජාතිකත්වයට විරුද්ධ ඊනියා වමට අම්බලමක් වූ ජවිපෙ

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





ජාතිකත්වයට විරුද්ධ ඊනියා වමට අම්බලමක් වූ ජවිපෙ


ඊයේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියවා නැහැ. එහි මාතෘකාව බොහෝ දෙනාට එතරම් ආකර්ෂණීය වී නැහැ. මා හිතුවාට එහි සාහිත්‍ය රසයක් නොතිබෙන්න ඇති. ඔවුන් හරිනි වැදගත් නැහැ කියලත් හිතන්න ඇති. හරිනි මෙරට දේශපාලනයට සතපහක වැදගත්කමක් නැති බව ඇත්ත. මා ඇගේ නම අවසානයේදීත් මාතෘකාවේදීත් සඳහන් කෙළේ ජ වි පෙරමුණට වී ඇති ඇබැද්දිය කීමට පමණයි. ජ වි පෙරමුණ දැන් අවශ්‍ය වී ඇත්තේ නාගරික පුහු උගතුන් කිහිප දෙනකුට පමණයි. ඔවුන් අතර ඊනියා මහාචාර්යවරුන් මෙන් ම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට තරම් උසස් පෙළ පරීක්‍ෂණයෙන් ලකුණු ගැනීමට බැරිව තම දෙමව්පියන්ගේ මුදලින් හරි දෙමව්පියන්ගේ දේශපාලන සම්බන්ධකම්වලින් හරි පිටරට මොකක් හරි විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධිය ගත්ත අයත් ඉන්නවා. එ සමහරුන්ට පශ්චාත් උපාධිත් ඇති. අපි නොදන්න පශ්චාත් උපාධි! 

Monday, 17 August 2020

හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

ජාතිකත්ව කරත්තයක් ගැන මා ඊයේ කතා කළා. කරත්තය ගැන කතාව මට අවශ්‍ය වුණෙ බල්ලන් බිරුවත් කරත්තය ඉදිරියට යන බව කීමට. එය තේරුම් ගන්නේ කෙසේ ද යන්න සංදර්භය,  සිංහල දන්න අයට පැහැදිලියි. කවුරු හරි ඇහුවොත් කරත්තය ඇද ගෙන යන්නෙ කවුද, කරත්තය (ගොනා) දක්කන්නෙ කවුද, ගොනාට කන්න දෙන්නෙ කවුද, ගොම ටික අයිති කාට ද, කරත්තය අවශ්‍ය වුණොත් පිළිසකර කරන්නෙ කවුද  ආදී ප්‍රශ්න අප පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. ගොනාට තරමක නිග්‍රහයක් වුණත් ගොන් ප්‍රශ්න කියල නිහඬ වෙනවා, එහෙම නැත්තන් සුද්ධ සිංහලෙන් ම හොඳවයින් දෙකක් කියනවා. 

Sunday, 16 August 2020

ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9





ජාතිකත්ව කරත්තය ඉදිරියට බල්ලෝ බුරත්වා


කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු සුවාදීනයන්ට, ඔවුන්ගෙන් පැවත එන අයට (ගෝලයන්ට)  හා ඔවුන් ඈසුරු කරන්නන්ට  සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නෙ මොකක් ද කියන එක ගැන කිසිම වැටහීමක් නැහැ. ඔවුන් අවුරුදු තිස්පහකට පමණ ඉහත දී හිතන් හිටියෙ ජාතික චින්තනය කියන්නෙ බරකරත්තෙන් ආපසු අනුරාධපුරයට යෑම කියලා. පඬියන් මෙන් නොව ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ සර්වතෝභද්‍ර පුද්ගලයෙක් නො වෙයි. එහෙත් පසුගිය මාස අටක පමණ කාලයක ඔහු කර ඇති දෙයින් පැහැදිලි වන්නෙ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය හඳුනන බවයි. දැන් අලි සබ්‍රි ගැන අහාවි. ඔහු ගැන මා ලියා තියෙනවා. ඊයේ එක් පඬියකුට අවශ්‍ය වුණා මා ඥානසාර හාමුදුරුවන් ගැන ලියල අලි සබ්‍රි ගැන ලියන්නෙ නැත්තෙ මොකද කියල දැනගන්න!  

Saturday, 15 August 2020

මගේ ජන බල පක්‍ෂ තුන

                          


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9






මගේ ජන බල පක්‍ෂ තුන

එංගලන්තයේ කීනී මීනි සංවිධානයේ කුලී හේවායන් අසූවේ දශකයේ කොටි සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරම පිළිබඳ ව ලන්ඩන් පොලීසිය සොයන්න පටන් අරන්. අසූ ගණන්වල මුල එංගලන්තය කොටි සංවිධානයට විරුද්ධවයි කටයුතු කෙළේ. එකල තිබුණේ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව. එංගලන්තය ජේ ආර් ආණ්ඩුවට සහාය දීම පුදුමයක් නො වෙයි. දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී එංගලන්තය දෙමළ ජාතිවාදයට විරුද්ධ ව කටයුතු කළ එක ම කාල පරිච්ඡොදය එය වන්න පුළුවන්. මේ සම්බන්ධ ලිය කියවිලි ඉදිරියේ දී එළිදකීවි ද? 

Friday, 14 August 2020

දහතුන, දහනවය, යාපනේ ඡන්ද හා දෙමළ ජාතිවාදය

                           


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



දහතුන, දහනවය, යාපනේ ඡන්ද  හා දෙමළ ජාතිවාදය



දහනවය සංශෝධනය කරන එක තමයි මේ ආණ්ඩුවෙන් කෙරෙන මුල් ම ව්‍යවස්ථා සංශෝධනය. දහතුන ගැන කතාවක් තවමත් නැහැ. පසුව නව ව්‍යවස්ථාවක් ගෙනෙන විට ඒ ගැන කතා කරන්න වේවි. අපි පළමුව දහනවය ගැන කතා කරමු. කෙරෙන්නේ දහනවය ටින්කරින් කිරීම තමයි. ටින්කරින් කිරීමට විරුද්ධව එක ම ජාතිකවාදී හෝ නොවන හෝ ඇමතිවරයකු ආණ්ඩුවෙන් එළියට බහින්නෙ නැහැ. බැස්සොත් බැස්ස තමයි කියල කවුරුත් දන්නවා.