කතෝලික සාමූහිකත්වයෙන් ක්‍රිස්තියානි
පෞද්ගලිකත්වයට
බටහිර වෛද්‍ය විද්‍යාවට කොවිඩ් 19 ගැන කියන්න කරන්න දෙයක් නැහැ. එන්නත් තමයි එක ම උත්තරය. එහෙත් ඒ ඒ එන්නත් අතර තරගයක් තියෙනවා. ඒ පිටුපස ඉන්නේ වෙළෙඳ සමාගම්. බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් නොව සමස්ත බටහිර දැනුමට ම අද ප්‍රශ්නවලට උත්තර නැහැ. බටහිර භෞතික විද්‍යාව කඩා වැටෙන්න ගත්තෙ විසිවැනි සියවස මුල. දශක කිහිපයක් තිස්සෙ අඳුරු ශක්තිය (Dark Energy) හා අඳුරු ද්‍රව්‍යය (Dark Matter) කියන්නෙ මොනවද කියන්න කතන්දරයක් (ප්‍රවාදයක්) හදා ගන්න බැරි වෙලා. ක්වොන්ටම් භෞතිකය හා නිව්ටෝනීය සම්භාව්‍ය භෞතිකය ඒකාබද්ධ කරන්න අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් තිස්සේ ගන්නා උත්සාහ අසාර්ථක වෙලා.
