Main Logo

Monday, 6 December 2021

පාර්ලිමේන්තු වරප්‍රසාද

 පාර්ලිමේන්තු වරප්‍රසාද


පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී බොහෝ මන්ත්‍රීවරුන් බොරු කියන බව පැහැදිලියි. මන්ත්‍රීවරුන් තම තමන්ට පමණක් නොව බාහිර පුද්ගලයන්ට ද අපහාස කරනවා. පාර්ලිමේන්තුවේ නොයෙකුත් ගිවිසුම් ගැන කියනවා. ඒ කියන සියල්ල ඇත්ත නොවන බව අප දන්නවා. ඒත් අපට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. රනිල් කියන විධියට අපට හම්බන්තොට වරාය ගැන චීනය සමග ඇති අනූනව අවුරුදු ගිවිසුම ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන් ද?  මෙහි ඇත්ත යනුවෙන් කියන්නේ සම්මුති අරුතකින් පමණයි. මා හිතන පතන විධියට නම් සියල්ල බොරු, මනසේ නිර්මාණ. 

Sunday, 5 December 2021

සාගල නුවර ඝාතනය වුණු දියවඩන

 සාගල නුවර ඝාතනය කෙරුණු දියවඩන 


පකිස්ථානයේ සියල්කොට් හි ලාංකිකයකු ඝාතනය කෙරිලා. පළමුවෙන් ම ප්‍රියන්ත දියවඩනගේ පවුලේ සාමාජිකයන්ට මගේ සංවේගය පළ කරනවා. ඉංජිනේරුවකු වූ ප්‍රියන්ත පකිස්ථානයට යන්න ඇත්තේ තම දරු පවුල වෙනුවෙන්. එහෙත් අද ඔවුන්ට ඔහු අහිමි වෙලා. අප මොන කතා කීවත් අවසානයේ දී ඝාතනයේ සොව පමණක් නොව බර ද දරා ගන්න වෙන්නෙ දරු පවුලට.  අප නිකම් කතා කියනවා පමණයි.

Saturday, 4 December 2021

මගේ පරම පැතුම

 

මගේ පරම පැතුම

 

ඩග්ලස් වික්‍රමරත්න ගැන මා හිතූ තරම්වත් මෙරට ප්‍රබුද්ධයන් දන්නේ නැහැ. මා එයට සම්පූර්ණයෙන් ම වරද පටවන්නේ ජඩමාධ්‍යයට. ඔහු සිංහල ජාතියට කළ සේවය මෙරට ජනයා නොදන්නේ ඔහුගේ වැඩ කටයුතු ගැන කිසිම ප්‍රසිද්ධියක් ජඩමාධ්‍යයෙන් නොදුන් නිසයි. එසේ වූයේ ඇයි ද කියන එකට මට දැනට තියෙන හිතළුව ජඩමාධ්‍යවේදීන් ඊනියා හිට් කතාවලට දක්වන උනන්දුවයි. ඔවුන් දන්නේ ජනතාවට ඕන යැයි කියන දේ දීමට. ඒත් ජනතාව ඉගෙන ගන්නේ ජනමාධ්‍යයෙන්. මෙය විෂම චක්‍රයක් වෙලා. 

Friday, 3 December 2021

ඩග්ලස් වික්‍රමරත්න

 

ඩග්ලස් වික්‍රමරත්න

 

අද උදේ ම දැන ගන්නට ලැබුණේ කණගාටුදායක පුවතක්. එංගලන්තයේ ලන්ඩන් නුවර විසූ ඩග්ලස වික්‍රමරත්න මිය ගිහින්. ඔහු තම නිවසේ ම වැටී ඒ නිසා ඇති වූ ආබාධයක් නිසා සතියක් පමණ රෝහල් ගත වී පෙරේදා මිය ගිහින්. ඔහු මිය යන විට අසූ තුන් වැනි වියේ පසු වුණා. ඩග්ලස් ගැන මෙරට බොහෝ දෙනා නොදන්නවා ඇති. විශේෂයෙන් ම තරුණයන් නොදන්නවා ඇති. එංගලන්තයේ වුවත් වත්මන් සිංහල තරුණයන් ඩග්ලස් ගෑන අහල නැතිව ඇති. ජාත්‍යන්තර ව සිංහලයන් වෙනුවෙන් කටයුතු කළ අය අතර ප්‍රමුඛයා වුණේ ඩග්ලස් වික්‍රමරත්න.

Thursday, 2 December 2021

ගෑස් පිපිරීමට වැරදිකරු බෙංගාල බොක්ක ද?

 

ගෑස් පිපිරීමට වැරදිකරු බෙංගාල බොක්ක ද?

 

මේ වන විට ගෑස් පිපිරීමට හේතුව කාටත් තේරෙනවා. ලිට්රො සමාගම හැසිරෙන විධියට මතක් වෙන්නෙ ගලේ පහරපු බළලා. සමාගම මෑතක දී වෙළෙඳපොළට නිකුත් කළ ගෑස්වල සංයුතිය කලින් සංයුතියට වඩා වෙනස් බව පැහැදිලියි. ඒ බව වහන්න සමාගමට බැරි බවත් පැහැදිලියි.

ජනවාර්ගික වෙනස්කම්

 ජනවාර්ගික වෙනස්කම්

පහත සඳහන් පුවත අල් ජරා පුවත්පතින්. අල් ජරා මෙවැනි පුවත් පළ කරනවා. ලෝකයේ විවිධ රටවල මුස්ලිම් විරෝධී කතාවලට ඔවුන් ප්රසිද්ධියක් දෙනවා. මේ පුවත ගැන මා කිසිවක් කියන්නේ නැහැ. එය පළ කරනවා පමණයි. දින කිහිපයකට පෙර එංගලන්තයේ මූස්ලම් ක්රිකට් කීඩකයකුට වූ වෙනස්කමක් ගැන ද මා දැක්කා.
කතෝලිකයන්ට වන වෙනස්කම් ගැන කියැවෙන පුවත් වෙබ් අඩවි තියෙනවා.
මා හිතන්නේ ලෝකයේ කිසිම රටක බෞද්ධයනට වෙනස්කම් සිදු නොවන බවයි.

Wednesday, 1 December 2021

මහා පිපිරුමේ සිට ගෑස් පිපිරීමට

 

මහා පිපිරුමේ සිට ගෑස් පිපිරීමට

 

කංසා,  රසායනික පොහොර, ගෑස් පිපිරීම, මහා පිපිරුම, කළු කුහර, දෙමළ ජාතිවාදය, පාස්කු ප්‍රහාරය, ඩොලර් අර්බුදය, මියන්මා, කාදිනල්තුමා, ජී එල් පීරිස්, දේවානන්ද වෛද්‍යසේකර,  සුනිල් සාන්ත, සුනිල් ආරියරත්න, පඬි නැට්ටන්, අශෝක අමරතුංග මේ සියල්ල සහ තවත් දේ එකිනෙකට සම්බන්ධයි. මහා පිපිරුම හා කළු කුහර නොවන්න අනෙක් සියල්ල මේ ඉර හඳ යට සිදු වෙන දේ බව කියනවා. ඒ සියල්ල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ සංසිද්ධි.  කළු කුහර තියෙන්නේ ඉරට උඩින් ද? මහා පිපිරුම මුළු මහත් විශ්වයට ම සම්බන්ධයි. ඒක ගෑස් පිපිරුම වගේ නො වෙයි. බටහිර විශ්වවේදීන් කියන විධියට නම් මහා පිපිරුම නොවන්න ගෑස් පිපිරුමක් නැහැ. මොන එහෙකට මහා පිපිරුමක් ඇති වුණා ද? දෙයියො තමයි දන්නෙ.