Main Logo

Sunday, 4 September 2022

උත්තර සංධානයට උත්තර නැහැ

                                         රතන හිමි දෙසන මෙච්චර උගතුන්ටත්

 උත්තර ලංකා සභාගයටත් උත්තර නැහැ.                                                    

 වමාලා හා ව්යාජ ජාතිකවාදීන් රඟන රැඟුම්.

ගොර්බචොෆ් හා දේශපාලන කතා

 ගොර්බචොෆ් හා දේශපාලන කතා

 

සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටි ලාංකිකයන් අතරින් දේශපාලනය කතා කෙළේ ෆ්‍රැන්ක් ප්‍රනාන්දු හා මහේන්ද්‍රන් පමණයි. ෆ්‍රෑන්ක් දක්‍ෂිණාංශික මත දැරූ අයෙක්. ඔහු සෝවියට් දේශයටවත් ඊනියා සමාජවාදයටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහුගේ කැමැත්ත තිබුණේ බටහිර ක්‍රමයට. ඔහු කිසි පරස්පරයක් නැතිව එහි ජීවත් වුණා. 1969-70 කාලයේ දී සෝවියට් සංගමය කඩා වැටෙන්න පටන් අරන්. 1953 ස්ටැලින්ගේ මරණයත් සමග තවදුරත් රාජ්‍ය ධනවාදය ක්‍රියාත්මක කිරීම අසීරු වුණා. ස්ටැලින්ගෙන් පසු බලයට පැමිණි කෘෂ්චොෆ් 1964 දී බලයෙන් පහවෙන විට නමින් සන්ධීය රාජ්‍යයක් වූ සෝවියට් සංගමය දෙදරා යෑම ආරම්භ වී තිබුණා. 1968 දී චෙකොස්ලොවේකියාවේ සිදු වූ ප්‍රතිසංස්කරණ සමග සෝවියට් සංගමය එරට ආක්‍රමණය කළා.

 

Saturday, 3 September 2022

වැඩවසම් රෙද්ද

 

වැඩවසම් රෙද්ද

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයට යන විට මා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. එනම් මාක්ස් ට්‍රොට්ස්කිවාදියෙක්. ඒ විශ්වවිද්‍යාලය රැඩිකල් විශ්වවිද්‍යාලයක් ලෙස නමක් දරා තිබුණා. 1967 දී යුරෝපය පුරා පැතුරුණු ශිෂ්‍ය අරගලවල දී එහි සිසුන් ක්‍රියාකාරීව සහභාගි වී තිබුණා. මා සමග තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්ය උපාධි සඳහා වැඩ කළ සිසුන් එතරම් දේශපාලනයක් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් ඔවුන් වැඩි දෙනා ලේබර් පක්‍ෂයේ හිතවතුන් බව තේරුම් ගියා. එහි දී කැපී පෙනෙන සිසුන් දෙදෙනකු  හිටියා.

 

Friday, 2 September 2022

නොබෙල් තෑග්ග ඇඹිලිපිටියට

 පඬි කතා අනුව සියලු නොබෙල් සහ වෙනත් තෑගි ලංකාවට. ආර්ථික විිද්යා නොබෙල් තෑග්ගට දැඩි තරගයක්. ඇඹිලිපිටියේ හිමි නමක් පෙරමුණේ.

ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු

 

ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු

 

මගේ ආ ගිය තොරතුරු අද ලියන්නෙ නැහැ. හෙට පාන්දර ගෝඨාභය එනවා.  පරංගි පරගලය කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට. පරංගි පටන් ගත් වැඩේ කෙළවරක් කරන්න. ඒත් ඒක හරි ගියේ නැහැ. පරගලයට සහභාගි වුණු හාමුදුරුවරුත් දැන් ටික ටික පරගලය තේරුම් ගන්න පටන් අරන්. අර වස් කැඩුණු හාමුදුරුවරුන්ට මොක ද දන්නෙ නැහැ වුණෙ.

Thursday, 1 September 2022

රනිල්ට බැහැ

                                    රනිල්ට බැහැ

ලිබරල්වාදයටත් බැහැ සමාජවාදයටත් බැහැ

නික්ම යෑම

 

නික්ම යෑම

 

මා දැන් ලියමින් සිටින්නේ 1979 ට පමණ පෙර කාලය ගැනයි. 1979 පමණ සිට 1985  පමණ දක්වා කාලය මගේ ජීවිතයේ සංක්‍රමණීය කාල පරිච්ඡෙදයක්. ඇතැමුන් 1979 ට පෙර කාලයෙහි සිදු වූ දේ අද සිදුවන දේ ලෙස සලකන බව පෙනී යනවා.