ගොර්බචොෆ් හා දේශපාලන කතා
සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටි ලාංකිකයන්
අතරින් දේශපාලනය කතා කෙළේ ෆ්‍රැන්ක් ප්‍රනාන්දු හා මහේන්ද්‍රන් පමණයි. ෆ්‍රෑන්ක්
දක්‍ෂිණාංශික මත දැරූ අයෙක්. ඔහු සෝවියට් දේශයටවත් ඊනියා සමාජවාදයටවත් කැමැත්තක්
දැක්වූයේ නැහැ. ඔහුගේ කැමැත්ත තිබුණේ බටහිර ක්‍රමයට. ඔහු කිසි පරස්පරයක් නැතිව එහි
ජීවත් වුණා. 1969-70 කාලයේ දී සෝවියට් සංගමය කඩා වැටෙන්න
පටන් අරන්. 1953 ස්ටැලින්ගේ මරණයත් සමග තවදුරත් රාජ්‍ය ධනවාදය
ක්‍රියාත්මක කිරීම අසීරු වුණා. ස්ටැලින්ගෙන් පසු බලයට පැමිණි කෘෂ්චොෆ් 1964 දී
බලයෙන් පහවෙන විට නමින් සන්ධීය රාජ්‍යයක් වූ සෝවියට් සංගමය දෙදරා යෑම ආරම්භ වී
තිබුණා. 1968 දී චෙකොස්ලොවේකියාවේ සිදු වූ ප්‍රතිසංස්කරණ
සමග සෝවියට් සංගමය එරට ආක්‍රමණය කළා.
සමසමාජ පක්‍ෂයේ අප ස්ටැලින්වාදයෙන් ඊනියා නියම
සමාජවාදයකට සෝවියට් සංගමය පරිවර්තනය වේය යන බලාපොරොත්තුවක් ඇති කර ගෙන තිබුණා.
කෙසේ වෙතත් ෆ්‍රෑන්ක් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් 1969 මුල දී පවා විරුද්ධත්වයක් දැක් වූවා.
කෘෂ්චොෆ්ගෙන් පසු බලයට පැමිණි බ්‍රෙෂ්නොෆ්ට එ කඩා වැටීම වළක්වන්න බැරි වුණා. එහෙත්
කෘෂ්චොෆ් මෙන් ම බ්‍රෙෂ්නොෆ් ද බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මෙය
වෙනස් කෙරුවේ පසුගිය දා අභාවප්‍රාප්ත වූ ගොර්බචොෆ්. ඔහු බ්‍රෙෂ්නොෆ්ගෙන් පසුව කීප
දෙනකු නායකත්වය දැරීමෙන් පසු 1985 දී බලයට පත් වුණා. ඔහුගේ කාලයේ
දී ආර්ථික හා දේශපාලන වෙනස්කම් ඇති කළ
පෙරෙස්ත්‍රොයිකාවත් තොරතුරු දැනගැනීමට ඉඩ සැලසූ ග්ලාස්නොස්ට් ක්‍රමයත් ක්‍රියාත්මක
කළා. ඔහු සෝවියට් සංගමයට අයත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ.
එමෙන් ම ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකකට වඩා කැමති නම් ඒ රටවලට සෝවියට් සංගමයෙන්
ඉවත් වීමටත් හැකි වන පරිදි සෝවියට් ව්‍යවස්ථාව සංශෝධනය කළා. මේ සියල්ලෙහි ප්‍රතිඵලය
වූයේ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමයි. මේ සිද්ධි
දාමයෙහි එක් අවස්ථාවක් වූයේ 1989 දී බර්ලින් තාප්පය කඩා වැටීමයි.
ගොර්බචොෆ් ඉතිහාසගත වනු ඇත්තේ බටහිරත් සමග
සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊනියා සීතල යුද්ධය අවසන් කළ සෝවියට් සංගමය
විසුරුවා හැරීමට කටයුතු කළ පුද්ගලයා හැටියටයි. එය ඔහුගේ ක්‍රියාවකට වඩා ඊනියා
සමාජවාදයේ කඩා වැටීමක් ලෙස රාජ්‍ය ධනවාදයේ කඩා වැටීමක් ලෙස දකින්න පුළුවන්. එපමණක්
නොව එය මාක්ස්වාදයේ අවලංගු බවත් වමාලා හැරෙන්න අනෙක් බොහෝ අය දුටු අවස්ථාව ලෙසත්
දකින්න පුළුවන්. ස්ටැලින්වාදය කඩා වැටීම
මාක්ස්වාදයේ නැවත නැගිටීමක් ලෙස දකින්නට බලා සිටි ට්‍රොට්ස්කිවාදීන්ට එය පහරක්
වුණා. ඉන් පසු විවිධ පශ්චාත් මාක්ස්වාදී ගුරුකුල ඇති වුණා. අද සමහරුන්ට අනුව
සමාජවාදය අනිවාර්යයයෙන් ම ඇති වෙන ඊනියා වාස්තවික යථාර්ථයක් නොව විය හැක්කක්
පමණයි. නිවුටන් කිවුවලුු ඇපල් අනිවාර්යයෙන් ම වැටෙනවා නොව වැටෙන්න පුළුවන් කියා! මොවුන් මේ කියන්නේ ක්වොන්ට්ම් සම්භාවිතා ගැන
නො වෙයි.
අසූවේ දශකයේ මුල ම අපට මාක්ස්වාදයේ අවලංගු බව
දැක ගන්න පුළුවන් වුණා. ඒ කාලයෙ ගොර්බචොෆ් බලයට පත්වෙලා තිබුණෙ නැහැ. ඒ කතාව
පසුවට ආ ගිය තොරතුරුවලින්. අද ලංකාවේ වමාලාට
වමක් නැහැ. ඔවුන්ට සකර්බර්ග් සරණයි. ඔවුන්ට තමන්ගේ ඇහේ තියෙන පරාලය පෙනෙන්නේ නැහැ.
ෆ්‍රෑන්ක් ප්‍රනාන්දු හැරෙන්න දේශපාලනය කතා කළ
අනෙක් තැනැත්තා මහේන්ද්‍රන්. ඔහුට තිබුණේ එක ම එක දේශපාලනයක්. ඒ සිංහල විරෝධයක්.
එකල බොහෝ දෙනා එංගලන්තයට පශ්චාත් උපාධි සඳහා ගියේ ශිෂ්‍යත්වයකින් හරි රැකියාවෙන්
ලැබුණු වැටුපෙන් හරි. රජයේ ශිෂ්‍යත්ව, පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව, කොළඹ
ක්‍රම ශිෂ්‍යත්ව ආදී වශයෙන් ශිෂ්‍යත්ව තිබුණා.
එයට අමතර ව විශ්වවිද්‍යාලයේ සහකාර
කථිකාචාර්යවරුන් ලෙස පරිවාස පදනමකින් බඳවා ගනු ලැබූ අයට වැටුප් සහිත ව නිවාඩු
ලැබුණා. ඒ වැටුප එකල එංගලන්තයේ ජීවත් වීමට හොඳට ම ප්‍රමාණවත්. වෙනත් රජයේ රැකියාවල
ද ඒ පහසුකම තිබුණා. එහෙත් මහේන්ද්‍රන්ට එවැනි ශිෂ්‍යත්වයක් හරි පරිවාස සහකාර
කථිකාචාර්ය පදවියක් හරි තිබුණේ නැහැ. ඔහු එංගලන්තයට ගොස් තිබුණේ පෞද්ගලික
වියදමෙන්.
විශ්වවිද්‍යාලයේ පරිවාස සහකාර කථිකාචාර්ය
පදවියක් ලැබීමට (දැන් කථිකාචාර්ය ලෙස ඒ තනතුරු නාමය වෙනස් කර තියෙනවා) පළමු පංතියේ
හරි දෙවැනි පංතියේ (ඉහළ ශ්‍රේණියේ) හරි සාමාර්ථයක් තියෙන්න ඕන. එයත් ප්‍රමාණවත්
නැහැ. එවැනි අයදුම්කරුවන් කිහිප දෙනකු සිටියොත් ඇතැමුනට අවස්ථාව ලැබෙන්නේ
නැහැ. එහෙත් විශ්වවිිද්‍යාලවල මගඩි
සිදුවෙනවා. සමහර විට විවිධ හේතු නිසා දෙවැනි පංතියේ(පහළ ශ්‍රේණියේ) සාමාර්ථ ලැබූ
සිංහල දෙමළ මුස්ලිම් අයට එකී පදවි ලැබෙනවා. ඔවුන් මහාචාර්යවරුනුත් වෙනවා. කෙසේ
නමුත් දෙවැනි පංතියේ (පහළ ශ්‍රේණියේ) සාමාර්ථයක් ලැබ තිබූ මහේන්ද්‍රන්ට අර විශේෂ
හේතුවක්වත් තිබී නැහැ පරිවාස පදවියක් ලබා ගැනීමට. ඔය විශේෂ හේතු අතර බලවත්
දේශපාලනඥයකුහේ ඉල්ලීම, අධ්‍යනංශ ප්‍රධානියාගේ මතවාදී පක්‍ෂපාතිත්වය
ආදිය තියෙන්න පුළුවන්. ඒ අතර දේශපාලනඥයන්ගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කෙරෙන අවස්ථා ද
තියෙනවා. මහේන්ද්‍රන් සමත් වී ඇත්තේ 1965 වසරෙ. එකල ඔහට අර විශේෂ අවස්ථාවක්
උදාවෙලා නැහැ.
ඔහු තම වියදමෙන් එංගලන්තයට ගොස් කියා සිටියේ ඔහුට දෙමළ වීම නිසා පරිවාස සහකාර කථිකාචර්ය පදවියක්වත් ශිෂ්‍යත්වයක්වත් හිමි නොවූ බවයි. ඒ තමයි ඔහු දැන සිටි දේශපාලනය. ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේත් ඒ බව කියා තියෙනවා. ඒ තමයි දෙමළ ජාතිවාදය. එහෙත් ඔහුට ආචාර්ය උපාධිය නිම කර ලංකාවට පමිණි විගස කොළඹ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය (අද කියන විධියට නම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) පදවියක් ලැබුණා. මට වෙන්න ගියේ ඒකෙ අනෙක් පැත්ත. ඒකත් පසුවට.