පරම්පරාව ඈසුරෙන් ඉතිහාසය -
අපට ද සිල්වා හා ලිඳමුලගේ නම් ලැබුණේ කෙසේ ද යන්න කීමට පෙර ඨකුර් පරපුරේ මාණ්ඩලික රජවරු ගැන යමක් කියන්න ඕන. එයින් මෙරට ඉතිහාසය ගැන ද යමක් කියැවෙනවා. අප රටේ මාණ්ඩලික රජවරු ඒ ඒ ප්‍රදේශවල සිටි බව එයින් තේරුම් ගන්න පුළුවන්. සෙනරත් පරණවිතාන මහතා මේ සම්බන්ධයෙන් කියා ඇති දේ මත මේ මාණ්ඩලික කතාවත් ඒ හා සම්බන්ධ කතාත් පදනම් වෙනවා. පරණවිතාන මහතා කියා ඇති ඇතැම් දේ මෙරට ඉතිහාසඥයන් නොපිළිගන්නා බවත් සඳහන් කරන්න ඕන. ඒ මහතා සෙල්ලිපිවල පේළි අතර කියවා ඇති දේ ද ඉතිහාසඥයන් පිළිගැනීමට අකමැත්තක් දක්වනචා.
පරණවිතාන මහතා ලංකාව හා ශ්‍රී විජය රාජ්‍යය අතර
වූ සම්බන්ධකම් ගැන බොහෝ විට කියා තිබෙනවා. ශ්‍රී විජය රාජ්‍යයට ඉතාමත් සරු කාලයේ
දී සුමාත්‍රා ජාවා මලයාසියාවේ (මලයාව) කොටස් අයිති වී තියෙනවා. එහි බුදුදහම පැතිරී
තියෙනවා. බොරෝබොදුර් ලෝක ප්‍රසිද්ධයි. ශ්‍රී විජය රාජ්‍යයේ සමරතුංග නම් රජකු ගැන
කියැවෙනවා. මෙහි සිංහල ආභාසයක් තියෙනවා වෙන්න පුළුවන්. අප රටේ චාවාකච්චේරි ජාවා
සමග සම්බන්ධයි. අප මියන්මා සිට වියට්නාමය දක්වා අග්නිදග ආසියාව සමග තිබූ
සම්බන්ධකම් අධ්‍යයනය නොකිරීම විශාල අඩුවක්.
පරණවිතාන මහතාට අනුව හයවැනි පරාක්‍රමබාහු රජු
පැමිණ ඇත්තේ ශ්‍රි විජය රාජ්‍යයෙන්. එකල ඒ රාජ්‍යය වැටී තිබුණු කාලය. ඔහු ලංකාවට
ඒමට පෙර ජාවා රටේදී විවාහ වී තියෙනවා. ලංකාවට පැමිණි පසු ඔහු දැදිගම රාජ පුත්‍ර
ඨකුරගේ දියණිය ස්වර්ණ මාණික්‍යා විවාහ කරගත් බව සෙල්ලිපිවල සඳහන් වෙන බව කියනවා.
රාජාවලිය කියන්නේ ඒ කීරවැල්ලේ කුමාරිකාවක වූ බවයි. මේ දැදිගම රාජ පුත්‍ර ඨකුර් ඒ
ප්‍රදේශයේ මාණ්ඩලික රජු ලෙස සලකන්න පුළුවන්. එමෙන් ම ස්වර්ණ මාණික්‍යා යනු
රන්මැණිකා බව පැහැදිලියි.
මැණිකාලා බණ්ඩාරලා රජ පවුල්වල ක්‍ෂත්‍රිය
වාංශිකයන් එකල යොදා ගත් නම් වෙන්න ඕන. විමලධර්මසූරිය රජු කොනප්පු බණ්ඩාර වූ අතර
ඔහුගේ පියා වීරසුන්දර බණ්ඩාර වුණා. හයවැනි පරාක්‍රමබාහු රජුගේ හා ස්වර්ණ මාණික්‍යාගේ
දුව වූ චන්ද්‍රාවති ලෝකනාථ නමින් ද ප්‍රසිද්ධ වී තියෙනවා. උලකුඩය කියන්නේ ලෝකනාථ
කියන නමෙහි දෙමළ ස්වරුපය බව ද කියැවෙනවා. තොටගමුවේ රාහුල හිමියන් පරෙවි සන්දේශය
රචනා කර ඇත්තේ චන්ද්‍රාවති කුමරියට සැමියකු ලබා දීමට දෙවියන්ට කීමට. චන්ද්‍රාවති
කුමරිය විවාහ වී ඇත්තේ 1448 අප්‍රේල් 10
වැනි දා රුවන්වැලි මළුවේදී බව සෙල්ලිපිවල සඳහන් වන බව කියනවා.
ඒ පෘතුගිසින් පැමිණීමට පෙර. ඒ විවාහය පල්ලියේ
විවාහ අනුගමනය කර කළ එකක් බව කියන්න බැහැ. එමෙන් ම මෙරට විවාහ සිරිත් තිබූ බවත් ඒ
භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෙරෙන්න ඇති බවත් හිතන්න පුළුවන්. විවාහ චාරිත්‍ර
අපට ලැබුණේ බටහිරයන්ගෙන් නො වෙයි. චන්ද්‍රාවතී දැදිගම රාජ පුත්‍ර ඨකුර්ගේ
මිණිබිරියක් බව සඳහන් කරන්න ඕන.
ස්වර්ණ මාණික්‍යාගේ ඥාතිවරයකු වූ ඨකුර් කෙනකු
එදා සීගිරියේ මාණ්ඩලික රජු බව පරණවිතාන මහතා පවසනවා. ඨකුර්ලා කිහිප දෙනකු මාණ්ඩලික
රජවරු ලෙස ඉන්න ඇති. කෙසේ වෙතත් ස්වර්ණ මාණික්‍යා, චන්ද්‍රාවති හා ඇගේ සැමියා ටික කලක්
සීගිරි මාණ්ඩලික රජුගේ පිදුරංගල මාළිගාවේ නැවති සිටි බව සඳහන් වෙනවා. රාහුල
හාමුදුරුවන් ද පිදුරංගල රජ මාළිගාවේ අවුරුද්දක් පමණ වැඩ වාසය කරමින් සීගිරි කැටපත්
පවුරේ ගී 400ක් පමණ කියවා අර්ථකථනය කළ බව සඳහන් වෙනවා. මේ
තොරතුරු මා අන්‍යයන්ගෙන් ලබා ගත් බව මතක් කරන්න ඕන. එහෙත් මා එකතු කරන කතා (විවරණ)
ද එහි තියෙනවා.
ආදිත්‍ය බණ්ඩාර අවසන් කාලයේ දී පෘතුගීසීන්ට
මනාපයක් දක්වා නැහැ. ඔහුගේ පුතුන් කිහිප දෙනකු ම මායාදුන්නේගේ පැත්තේ මුල සිට ම
කටයුතු කර තියෙනවා. දොන් ජුවන් ධර්මපාල ආදිත්‍ය බණ්ඩාරට මරණීය දණ්ඩනය නියම කර ඇතත්
තමා බුවනෙකබාහු රජුට කළ සේවය මතක් කර දී ආදිත්‍ය බණ්ඩාර සමාවක් අරගෙන තියෙනවා.
ආදිත්‍ය බණ්ඩාර තම දියණියට නෑම සඳහා ඉතා අලංකාර ලිඳක් කප්පවා තියෙනවා. ලිඳමුලගේ
යන්න ලැබුණේ එලෙසයි. දොන් ජුවන් ධර්මපාල නම් ආදිත්‍ය බණ්ඩාරට ලිඳමුලගෙ යන්න යොදා
ගෙන තියෙන්නෙ අපහාසත්මක ව.
ආදිත්‍ය බණ්ඩාරට හා සිරිබර කුමරියට ලැබුණු එක්
පුතකු පේදුරු ද සිල්වා නමින් බෞතීස්ම වෙලා තියෙනවා. ඒ තමයි අප ද සිල්වා වූ අයුරු. de Silva යන්නෙහි තේරුම of forest යන්නයි. අවශ්‍ය නම් බැද්දගේ කියා
පරිවර්තනය කරන්න පුළුවන්. අපේ පරම්පරාවේ
ඉතා වැඩි දෙනකු කතෝලික වෙලා. පසුව ඔවුන් සමහරකු ඇංග්ලිකන් ක්‍රිස්තියානි වෙලා.
ඔවුන් වැඩි වශයෙන් කෝට්ටේට කිට්ටු මොරටුව ප්‍රදේශයේ දකින්න පුළුවන්. ඔවුන් අතර ඉතා
ධනවත් අය ද ඉන්නවා.
අපේ පරම්පරාවේ කොටසක් නැවත බෞද්ධ වෙලා පාණදුරේ
පදිංචි වෙලා. මොරටුවේ පවුලක් තමයි පළමුවෙන් ම ද සිල්වා වෙනුවට දේවාදිත්‍ය නම යොදා
ගත්තේ. අපත් දැන් දේවාදිත්‍ය නම දරුවන්ට යොදා තියෙනවා. මෙහි පළවන්නේ ලිඳමුලගේ
පරම්පරාවේ පංචරංග කොඩියයි. බෞද්ධ කොඩියක්
නිර්මාණය කිරීමට පත් කළ කමිටුවට ජී ජේ ආර් ද සොයිසා මැතිණිය (ලිඳමුලගේ පරපරාවේ
කාන්තාවක්) පංචරංග කොඩිය දී තියෙනවා. ඒ අනුව සංශෝධන සහිත ව බෞද්ධ කොඩිය නිර්මාණය
කර තියෙනවා.