ලේක්හවුසියේ දරුවා
පරංගි පැමිණීමේ පන්සිය වසර සැමරීමට සූදානම් වූ රනිල් එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය වෙනුවෙන් ජාතික කොඩිය අඩ කුඹ කිරීමට තීරණය කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. සිංහලයන්ගෙ ඉතිහාසය ගැන පොත් කියෙවුවත් සිංහල සංස්කෘතිය ගැන පොතපතින් දැන ගත්තත් ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමීපයි. ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ විවාහයට පෙර සමසමාජ පාක්‍ෂිකයකු බව බොහෝ දෙනා නොදන්නවා ඇති. ඔහු විජේවර්ධන පවුලෙන් විවාහයක් කරගෙන ලේක්හවුසියේ ඉහළ තනතුරකට පත්වෙද්දී සමසමාජ සාමාජිකත්වය අත්හැරියා. එහෙත් ඔහු ක්‍රිස්තියානිය අත්හැරියෙ නැහැ.
රනිල්ට සම්බන්ධකම් ඇත්තේ බටහිර ක්‍රිස්තියානි
රටවල් සමගයි. ඊනියා උගතුන් බොහෝ දෙනා හිතා හිටියේ ඔහුට ආර්ථික අර්බුදයට විසඳුම් ඇත
කියා. ඔවුන් හිතුවේ බටහිරත් සමග ඇති සම්බන්ධකම් නිසා ඔහුට ඩොලර් ලැබේවි කියා. ඒ
ආධාර ලෙස නොවුණත් ඔවුන් හිතුවා ණය ගන්නවත් පුළුවන් වේවි කියා. ඒත් ඔහුට ලැබුණු
ණයක් නැහැ. රනිල් බලයට (අගමැති/ජනාධිපති) පත්වෙලා දැන් මාස හතරක් වෙනවා. තාම ඩොලර්
නැහැ.
ජාමූලෙට දහසය වතාවක් ගිහින් තව තවත් අමාරුවේ
වැටුණත් අප පාඩමක් ඉගෙන ගන්නෙ නැති ජාතියක්. දැන් රනිල් දාහත්වැනි වතාවටත් ගිහින්.
ආණ්ඩුව ජාමුල සමග යම් ආකාරයක ගිවිසුමකට ඇවිත්. එහෙත් ඒ ගිවිසුම තවමත් අමාත්‍ය
මණ්ඩලයටවත් ඉදිරිපත් කර නැහැ. සමහර විට එහි ඇතැම් කොටස් ඉදිරිපත් කරන්න ඉඩ
තියෙනවා. කතානායක ගිවිසුම ගැන කතා කියනවා. කතානායකගෙ වැඩේ කතා කීම නම් නො වෙයි. අප
අනුකරණය කරන බිරිතානි සම්ප්‍රදාය ගැන එහි නව අගමැතිනි ට්‍රස්ගෙන අහන්න, නැත්නම්
චාල්ස්ගෙන් අහන්න.
පහුගිය අවුරුදු හැත්තෑපහේ අපට වුණු ලොකුම
ඇබැද්දිය තමයි රනිල් ජනාධිපති වීීම. ඔහු බටහිරයන් විසින් පත්කෙරුණු ජනාධිපති.
පරංගි පරගලය ඔහුට වාහකයක් වුණා පමණයි. පරගලයන් හිතනව නම් පරගලය ඔවුන්ගෙ වැඩක් කියල
ඔවුන්ට පිළිගන්න වෙනව තමන් රනිල් බලයට පත්කරපු බව. රනිල් වජිරට ඇමතිකමක් දීල නැහැ. ඒත් වජිර
ඇමතිවරයකු වගේ. රාජ්‍ය ඇමතිල නම් තොගයක් පත් කරල. තව ඇමතිලාත් පත් කරන්න යනවලු. ඒ
මදිවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිලත් පත් කරල. දැන් නියමෙට සංවර්ධනය වෙයි.
ඩොලර් නැතුව හරි සංවර්ධනය වෙයි. ඇමතිවරුන්ට දෙන වරප්‍රසාද වෙනුවෙන් වියදම් වෙන
මුදල ගැන මා කතා කරන්නෙ නැහැ. ඒව දෙකයි පනහෙ ප්‍රශ්න.
අද මේ සියල්ල දෙමළ ජාතිවාදීන් තම අවශ්‍යතා ඉටු
කර ගන්න යොදා ගන්නවා. හෙට අනිද්දා ජෙනීවා විගඩම නැවත රඟ දක්වනවා. දෙමළ ජාතිවාදීන්
වරක් ලැහැස්ති වුණා ඩොලර් දීල රට බෙදන්න. තාම ඒ කතාව ඉවර නැහැ. අර සමූලඝාතන කතා
මෙවර චාල්ස්ගෙ ආණ්ඩු පක්‍ෂයෙන් ගෙනේවි. එයට චාල්ස්ගෙ විරුද්ධ පක්‍ෂය ද සහාය දෙනව.
චාල්ස්ගෙ මෞලි මංගල්‍යයට යන්නෙ කවුද?
චීන තානාපතිගෙ ප්‍රකාශයක් ගැන යාපන විශ්වවිිිද්‍යාලයෙන්
විරුද්ධතාවක් පැන නැගිලා. අද මෙරට ආණ්ඩුවක් තිබුණට ආණ්ඩුවක් නැති ගානයි. අද ඇති
ලොකුම ප්‍රශ්නය මෙරට ජාතිකත්වයේ පක්‍ෂයක් හා නායකයකු නැති වීම. එය බටහිරයන් පරගලය
වාහකය කරගෙන ගෝඨාභය පන්නපු දවසෙ ඉඳන් තියෙන ප්‍රශ්නයක්. ශ්‍රී ල නි ප මැරිල හුඟක්
කල්. එය මැරුණෙ මෛත්‍රිපාල ආප්ප කාපු දවසෙ. එයටවත් මෛත්‍රිපාලටවත් කිසිම දේශපාලන
අනාගතයක් නැහැ. ජාතිකත්වයේ පක්‍ෂය මරා දැමීම ගැන බැසිල් ද වග කියන්න ඕනෙ.
පොහොට්ටුව ජාතිකත්වයෙ පක්‍ෂයක් වුණෙ නැහැ. ඒත්
ගෝඨාභය ජාතිකත්වයෙ නායකයා වුණා. බටහිරයන් ඉතා සැලසුම් සහගත ව මහින්ද හා ගෝඨාභය
ඉවත් කළා. පරගලයන් හිතනවා නම් තමන් තමයි ඒ කෙළේ කියා එහෙම හිතාගෙන රනිල් බලයට පත්
කෙරුණෙත් තමන් විසින්ම කියල හිතා ගන්න. අද ජාතිකත්වයට පක්‍ෂයක්වත් නායකයකුවත්
නැහැ. ඒත් දැන් වස්සාන කාලය ඉවර වෙලා. දැන් විවිධ පුද්ගලයන් පක්‍ෂ හිටවනවා. ඒ එක
පක්‍ෂයක්වත් මෙරට මුල් ඇද ගන්නෙ නැහැ. ඔවුන් ව්‍යාජ ජාතිකවාදීන්. ගෝඨාභය ඉවත්
කරන්න ඔවුනුත් දායක වුණා.
මෙයින් කියන්නෙ නැහැ මෙරට ජාතිකත්වය ඉවරයි
කියල. ජාතිකත්වය හැමදාමත් තියෙනවා. එය නැත්තෙ පංතියක් ගැන විකාර කියවන පඬි
නැට්ටන්ට. ඔවුන්ගෙ කියවීම මොකක් ද කියල අහන්න. 1952න් පස්සෙ අවුරුදු හැත්තැවක් ගිහින්. 1952 ශ්‍රි
ල නි ප ජාතිකත්වයෙ පක්‍ෂය වුණු වසර. ධර්මපාලතුමාගෙ අඩු පාඩු තියෙන්න ඇති. ඒත්
එතුමා කලක් මෙරට ජාතිකත්වයේ නායකයා. ඕල්කට්තුමා ලේක්හවුසිය එක්ක එකතු වෙලා
ධර්මපාලතුමා පන්න ගත්ත කියා මා කියන්නෙ නැහැ. ධර්මපාලතුමා පන්නා ගැනීමට ඒ දෙකොටසම
වැඩ කළා.
අදත් සිදු වී ඇත්තේ එවැන්නක්. ගෝඨාභය හා මහින්ද
පන්න ගන්න බටහිරයන්
සමග විවිධ කොටස් දායක වෙලා තියෙනවා. රනිල් ලේක්හවුසියේ දරුවා. තවත් අය ඕල්කට්තුමා
වගේ.