රතන හිමි දෙසන මෙච්චර උගතුන්ටත්
උත්තර ලංකා සභාගයටත් උත්තර නැහැ.
වමාලා හා ව්‍යාජ ජාතිකවාදීන් රඟන රැඟුම්.
රතන හිමි දෙසන මෙච්චර උගතුන්ටත්
උත්තර ලංකා සභාගයටත් උත්තර නැහැ.
වමාලා හා ව්‍යාජ ජාතිකවාදීන් රඟන රැඟුම්.
ගොර්බචොෆ් හා දේශපාලන කතා
සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටි ලාංකිකයන්
අතරින් දේශපාලනය කතා කෙළේ ෆ්රැන්ක් ප්‍රනාන්දු හා මහේන්ද්‍රන් පමණයි. ෆ්රෑන්ක්
දක්ෂිණාංශික මත දැරූ අයෙක්. ඔහු සෝවියට් දේශයටවත් ඊනියා සමාජවාදයටවත් කැමැත්තක්
දැක්වූයේ නැහැ. ඔහුගේ කැමැත්ත තිබුණේ බටහිර ක්‍රමයට. ඔහු කිසි පරස්පරයක් නැතිව එහි
ජීවත් වුණා. 1969-70 කාලයේ දී සෝවියට් සංගමය කඩා වැටෙන්න
පටන් අරන්. 1953 ස්ටැලින්ගේ මරණයත් සමග තවදුරත් රාජ්‍ය ධනවාදය
ක්‍රියාත්මක කිරීම අසීරු වුණා. ස්ටැලින්ගෙන් පසු බලයට පැමිණි කෘෂ්චොෆ් 1964 දී
බලයෙන් පහවෙන විට නමින් සන්ධීය රාජ්‍යයක් වූ සෝවියට් සංගමය දෙදරා යෑම ආරම්භ වී
තිබුණා. 1968 දී චෙකොස්ලොවේකියාවේ සිදු වූ ප්‍රතිසංස්කරණ
සමග සෝවියට් සංගමය එරට ආක්‍රමණය කළා.
වැඩවසම් රෙද්ද
සසෙක්ස් විශ්වවිද්‍යාලයට යන විට මා සමසමාජ පක්ෂයේ
සාමාජිකයෙක්. එනම් මාක්ස් ට්‍රොට්ස්කිවාදියෙක්. ඒ විශ්වවිද්‍යාලය රැඩිකල්
විශ්වවිද්‍යාලයක් ලෙස නමක් දරා තිබුණා. 1967 දී යුරෝපය පුරා පැතුරුණු ශිෂ්‍ය
අරගලවල දී එහි සිසුන් ක්‍රියාකාරීව සහභාගි වී තිබුණා. මා සමග තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ
ආචාර්ය උපාධි සඳහා වැඩ කළ සිසුන් එතරම් දේශපාලනයක් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ.
එහෙත් ඔවුන් වැඩි දෙනා ලේබර් පක්ෂයේ හිතවතුන් බව තේරුම් ගියා. එහි දී කැපී පෙනෙන
සිසුන් දෙදෙනකු හිටියා.
පඬි කතා අනුව සියලු නොබෙල් සහ වෙනත් තෑගි ලංකාවට. ආර්ථික විිද්‍යා නොබෙල් තෑග්ගට දැඩි තරගයක්. ඇඹිලිපිටියේ හිමි නමක් පෙරමුණේ.
ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු
මගේ ආ ගිය තොරතුරු අද ලියන්නෙ නැහැ. හෙට පාන්දර ගෝඨාභය එනවා. පරංගි පරගලය කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට. පරංගි පටන් ගත් වැඩේ කෙළවරක් කරන්න. ඒත් ඒක හරි ගියේ නැහැ. පරගලයට සහභාගි වුණු හාමුදුරුවරුත් දැන් ටික ටික පරගලය තේරුම් ගන්න පටන් අරන්. අර වස් කැඩුණු හාමුදුරුවරුන්ට මොක ද දන්නෙ නැහැ වුණෙ.
නික්ම යෑම
මා දැන් ලියමින් සිටින්නේ 1979 ට පමණ පෙර කාලය ගැනයි. 1979 පමණ සිට 1985 පමණ දක්වා කාලය මගේ ජීවිතයේ සංක්රමණීය කාල පරිච්ඡෙදයක්. ඇතැමුන් 1979 ට පෙර කාලයෙහි සිදු වූ දේ අද සිදුවන දේ ලෙස සලකන බව පෙනී යනවා.