Main Logo

Thursday, 8 September 2022

මා තවමත් ගොඩයෙක්

 

මා තවමත් ගොඩයෙක්

 

රාජකීය විදුහල ගැන බොහෝ දේ ලියන්න තිබුණත් කරුණක් දෙකක් පමණක් සඳහන් කරනවා. එය ලංකාවේ ඉහළ ම අනුකාරක පාසල. ඒ පාසල 1835 දී අරඹා ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින් එංගලන්තයේ ඊට්න් පාසල අනුකරණය කරමින්. ඉංගිරිසින් යටතේ ම ටික කලකින් එය රජයේ පාසලක් බවට පත් වී තියෙනවා. එහි කලක් ඉගෙන ගත්තේ මෙරට ඉහළ ම කොළඹ ආශ්‍රිත ඉංගිරිසි අනුකාරකයන්ගේ දරුවන් පමණයි. පසු කලෙක 1851 දී ශාන්ත තෝමස් විදුහල අරඹා ඇත්තේ මා හිතන විධියට ප්‍රධාන වශයෙන් ම ප්‍රාදේශීය ඉංගිරිසි අනුකාරක ප්‍රභූන්ගේ දරුවන් සඳහා. ඒත් ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින් ඇති කරන ලද අනෙක් ප්‍රධාන පිරිමි පාසල මහනුවර ත්‍රිත්ව විදුහල. අදත් රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව යන විදුහල් ත්‍රිත්වය උසස් පාසල් ලෙස සැලකෙනවා. අනුරූප ගැහැණු පාසල කාන්තා විද්‍යාලය. මෙරට අනෙක් පාසල් කරන්නේ තමන්ට හැකි විධියට ඒ පාසල් අනුකරණය කිරීමයි. බොහෝ පාසල් දෙවැනි තුන්වැනි හතරවැනි nවැනි ගණවල අනුකාරක පාසල්.

Wednesday, 7 September 2022

ඉඳුරුවෙ ආචාරීන්

 ලංකාවට වෙලා තියෙන්නෙ ඉඳුරුවෙ ආචාරියාට වෙච්ච එක.  මෙරට ආචාරින් වැඩියි. ජාමුලෙ ගිහින් අමාරුවෙ වැටිල. ණය කල්දාගන්න කී ආචාරින් කෝ?

සමසමාජ මුල්

 

සමසමාජ මුල්

 

මගේ දේශපාලන ජීවිතය ඇරඹුණේ පාසල් වියේ දී. මා ඇසුරු කළවුන් අතර විවිධ දේශපාලන මත දැරූ අය සිටියා. විශේෂයෙන් ම සාහිත්‍ය සංගම් වැඩ නිසා. ඉන්දික ගුණවර්ධන කියන්නෙ දිනේෂ් ගුණවර්ධනගේ වැඩිමහල් සොහොයුරා. ඔහු තම පියා හා සොහොයුරන් මෙන් ම දේශපාලනඥයකු වුණා. බර්ටි ජයසේකර පසුව විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ පාඨමාලාව හදාරා පරිපාලන සේවයට එකතු වුණා. ඔහු ග්‍රන්ථ කතෘවරයකු ද වුණා. පද්මල් වීරවර්ධන හෙවත් ඩබ් පී ද සිල්වා විශ්වවිද්‍යාලයේ දී සංස්කෘත විශේෂ උපාධිය ප්‍රථම පංතියේ සාමාර්ථයක් සහිත ව ලබාගෙන මනෝ විශේලේෂණය පැත්තට යොමු වුණා. කලක් පේරාදෙණියේ දර්ශන අධ්‍යනංශයේ සේවය කර පසුව ලංඩන් විශ්වවිිද්‍යාලයේ කථිකාචාර්යවරයකු බවට පත් වුණා.  අප සියලු දෙනා ම සමසමාජ අදහස් දැරූ අය. අවාසනාවකට ඒ තිදෙනාම දැන් මිය ගිහින්. පද්මල් හෙවත් ඩබ්ලිව් පී මට මතක හැටියට අටවැනි පංතියේ පමණ සිටිය දී උගුඩු විත්ති නමින් පොතක් පළ කළා. අප සමග දක්‍ෂිණාංශික අදහස් දැරූ අයත් සිටියා. රංජිත් සන්දනායක, හේමන්ත වර්ණකුලසූරිය ඒ අතර වුණා. රංජිත් පසුව ඇමරිකානු තානාපති කාර්යාලයේ පුස්තකාලයේ නිලධාරියකු ලෙස සේවය කළා. හේමන්ත ප්‍රසිද්ධ නීතිඥයකු වුණා. ඔහු නීිතිඥ සංගමයේ ලේකම් ලෙසත් කටයුතු කළා. ඒ දෙදෙනා ද නිලන් තිරුචෙල්වම් ද අද ජීවතුන් අතර නැහැ. එකල දේශපාලනයක් නොකළත් පසුව දේශපාලනයට පිවිසි ඩී එම් ස්වාමිනාදනුත් මා ත් තවම ඉන්නවා. අප ඉඳහිට පංති හමුවීම්වල දී මුණ ගැසෙනවා.

Tuesday, 6 September 2022

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ලේබර් ක්ලබ්

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ලේබර් ක්ලබ්

 

දැන් නම් වමක් නැහැ. ඒත් වමාල ඉන්නවා. ඔවුන්ගෙ දැන් රාජකාරිය තමන්ට වැරදුනෙ කොතන ද කියල හොයල බලන්න උනන්දු වෙන එකවත් නො වෙයි. උනන්දු වුණත් වැඩක් නැහැ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ පද්ධතියක් කියන එක ඔවුන්ට දරා ගන්න බැහැ. කොහොමටත් දැන් ඔවුන් කරන්නෙ අනෙක් අයට වැරදුන කියල තමන් හිතන එක කියන එක පමණයි.

 

Monday, 5 September 2022

ව්‍යාජ ගිණුම

 ගෝඨාභය ළඟින් ම සිට අවසානයේ දී ඔහුට ද්රෝහි වූ අයකු මගේ නමින් ව්යාජ ගිණුමක් පවත්වා ගෙන යනවා.            මා මහාචාර්යවරයකු නොවෙයි.

ඉංගිරිසිකම

 ඉන්දීය සම්භවයක් ඇති රිෂි සුනක්ට බිරිතානි අගමැති වීමට තරම් ඉංගිරිසිකම තවමත් මදි!

උත්තර නැති උත්තර සභාගය

 

උත්තර නැති උත්තර සභාගය

 

අදත් ආගිය තොරතුරු ලියන්නේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්‍ෂත් ඇවිත් ඉන්නවා. පරංගි පරගලය කිවුවෙ ඔහුට ගෙදර යන්න නේ. ඔහු දැන් රජයෙන් ලැබුණු ගෙදරක කොළඹ හතේ මලලසේකර මාවතේ පදිංචි වෙලා කියලයි ආරංචිය. ඔය පැත්ත රගර් ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. දැන් රගර් ක්‍රීඩාවටත් ප්‍රසිද්ධියක් ජාතික රූපවහිනියෙන් ලැබෙනවා . වැඩිකල් යන්න ඉස්සර රගර් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් බවට පත්වේවි. ගෝඨාභයට කොහොමත් මිරිහානෙන් කොළඹට එන්න පරගලය නිසා ඉඩ ලැබිලා. ඒ අතර ලංකා වසන්තය බාගෙට උදාවෙලා රනිල් ජනාධිපතිවෙලා. කාට ද ආඩම්බරේ?