ලංකාවේ දේශපාලන තත්වය කුම්බලා මාළු කෑ බළලාගේ තත්වයයි
Main Logo
Thursday, 15 September 2022
සතපහක ආධාරයක් දෙන්නෙ නැතුව බෙල්ල හිර කිරීම
සතපහක ආධාරයක් දෙන්නෙ නැතුව බෙල්ල හිර
කිරීම
ක්‍රිකට් වසන්තය තව දින කිහිපයකින් ඉවර වෙනවා. රනිල් එලිසබෙත් වින්ඩ්සර්ගෙ මළගෙදර ගිහින් ශෝක වෙලා ජාතියත් නිල වශයෙන් ශෝක කරල ආවට පස්සෙ ඒ කතාවත් ඉවරයි. ක්‍රිකට් කුසලාන අස්සෙ එක දෙයක් මගේ සිත් ගත්තා. වනිඳු හසරංග ආසියා කුසලානත් අරගෙන ගුවන් තොටුපොළේ ඉඳන් කොළඹට එන බසයේ මා හිතන්නේ ගමන ආරම්භයේ දී සාදු සාදු කිවුවා. අපි ගමනක් අරඹන විට සාදු සාදු කියනවා. ඒ යහපතක් වේවා කියන හැඟීමෙන්. වනිඳුට ඒ සංස්කෘතික පුරුද්ද හිතට ආපු එක හොඳයි. වනිඳුටත් කණ්ඩායමටත් යහපතක් ම වේවා!
Wednesday, 14 September 2022
ක්‍රිකට් වසන්තයෙන් පසු
ක්රිකට් එලිසබෙත් අවසන් වූ පසුව නැවතත් ආර්ථිකය. ගෙවන්න මුදල් වෙන් නොකර ප්රමාද ගාස්තු ගෙවන්න සිදුවන රටක අනාගතය?
ක්‍රිකට් හා අපි
ක්‍රිකට් හා අපි
ක්‍රිකට් හා දැල් පන්දු ගැන අප කතා කළත් අපේ වැඩි උනන්දුව ක්‍රිකට් වෙතටයි. යම් අයුරකින් වෙනත් දවසක දැල් පන්දු ආසියානු ශූරතාව දිනා ඒ කණ්ඩායම පැමිණියා නම් අද මෙන් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වොලිබෝල් ගැන එතරම් කතාවක් නැහැ. අප කුමක් කීවත් මෙරට ජාතික ක්‍රීඩාව බවට ක්‍රිකට් පත් වෙලා. මා හිතන්නේ අද බොහෝ පාසල්වල ක්‍රිකට් කණ්ඩායම් තියෙනවා. සමහර විට දෙවැනි කණ්ඩායම් ඒ කණ්ඩායම් අවුරුදු දහසයෙන් පහළ කණ්ඩායම් ආදී වශයෙන් ද කණ්ඩායම් තියෙනවා වෙන්න පුළුවන්.
Tuesday, 13 September 2022
රනිල්ගේ රැජන
ව්යවස්ථාවෙන් මිස එලිසබෙත් වින්ඩ්සර් මෙරට රැජන නොවීය, රනිල් මෙරට ජනාධිපති නොවේ.
රැජන ඇයයි රනිල් රාජ්ජේශ්රී වික්‍රම රාජසිංහ රජු දවස ඇරඹි රිච්මන්ඩ් විදුහල
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස
ඇරඹි රිච්මන්ඩ් විදුහල
මෙරට පැරණි පාසල් ලැයිස්තුව ගැන අවධානය යොමු කරන විට කාරණා කිහිපයක් පැහැදිලි වෙනවා. ඒ ලැයිස්තුවේ ඇත්තේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන් වූ පාසල් ලෙස ගත් විට අද අප මුහුණ පා සිටින ගැටළුව අවබෝධ කර ගැනීම පහසු වෙනවා. ඒ ලැයිස්තුවේ අති විශාල බහුතරය විවිධ ක්‍රිස්තියානි හා කතෝලික සභා විසින් පිහිටුවන ලද පාසල්. ඒ පාසල්වලිනුත් බහුතරය උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටුවා ඇත්තේ. ඒ දිනවල අද පවතින පළාත් මායිම් නොතිබුණත් එහි යම් රටාවක් දකින්න පුළුවන්.
Monday, 12 September 2022
ජය පරාජේ
ආර්ථිකයෙන් ආසියාවෙ බංකොළොත් අපි ආසියාවේ ක්රිකට් හා දැල්පන්දු ශූරයන් ශූරියන්. ඊනියා උගතුන් හා බුද්ධිමතුන් පරාද ද? අපි ඔක්කොම පරාද ද?