Main Logo

Sunday, 31 May 2015

රනිල්ගේ තර්ක

රනිල්ගේ තර්ක

රනිල් වික්‍රමසිංහ මා දන්නා තරමින් නීතිඥයකු වුව ද උසාවියට ගොස් නඩුවලට පෙනී සිටීමේ පළපුරුද්දක් ඇති අයකු ලෙස ප්‍රසිද්ධ නැත. ඔහුගේ දේශපාලන ජීවිතයත් සමග නීතිඥ වෘත්තිය කරගෙන යෑම අපහසු නිසා එසේ වූවා දැයි නො දනිමි. එහෙත් දේශපාලනයෙහි යෙදී සිටිය දී ම සාර්ථක ව නීතිඥ වෘත්තියෝ යෙදුණු අය වෙති. රනිල් නීතිඥ වෘත්තියෙන් බැහැර වී සිටින්නේ ඔහුගේ හැකියාවන් ගැන ඔහුට අවබෝධයක් තිබෙන නිසා විය හැකි ය. 

රනිල් මෛත්‍රිපාල ගැටුම

රනිල් මෛත්‍රිපාල ගැටුම

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක් පැන නැගී ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. එය අද ඊයේ පැන නැගුණක් ද නො වේ. එහෙත් එක්තරා අයුරකින් ගත්කල එය සාකච්ඡා කළ යුත්තක් ද නො වේ. ඒ අවසානයේ දී රනිල් ජයග්‍රහණය කරන බැවිනි. එහෙත් සංධානයේ කිසිවකු මෙවැනි ගැටුම් පිළිබඳ සුළුවෙන් වුවත් අවධානය යොමු නො කිරීම ප්‍රශ්නයකි. 

Saturday, 30 May 2015

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

මෛත්‍රිපාල වැඩ කරන්නේ ගනුදෙනුව අනුව ය. එය සියවසේ ප්‍රධානම ගනුදෙනුව වෙයි. එ ගනුදෙනුව අනුව මෛත්‍රිපාල රනිල්ට අවශ්‍යතාක් මේ පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයිය යුතු ය. අවශ්‍ය පරිදි ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට ගර්ජන තර්ජන කළ යුතු ය. ඔවුන්ට දේශපාලන අල්ලස් දිය යුතු ය. විශ්වාසභංග යෝජනා තම විපක්‍ෂ නායකයා ලවා කඩාකප්පල් කළ යුතු ය. 

බටහිරයන් මෛත්‍රිපාලට එරවීම

බටහිරයන් මෛත්‍රිපාලට එරවීම

එ ජා ප සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යෑම පිළිබඳ ව මෛත්‍රිපාල සිරිසේන කාර්යක්‍ෂම ව කටයුතු කරන නමුත් බටහිරයෝ ඔහුගේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් ව නො සිටිති. ආණ්ඩුවට විරුද්ධ ව ගෙනා විශ්වාසභංග යෝජනා අකර්මණ්‍ය කිරීම, දහනවය සම්මත කරගැනීම ආදියට මෛත්‍රිපාලගෙන් සේවයක් වී ඇති බව ඔහුගේ විරුද්ධවාදීනට වුවත් පිළිගැනීමට සිදුවෙයි. ඒ ක්‍රියාවලින් රටට අයහපතක් වී තිබීම වෙන ම කරුණකි. 

Friday, 29 May 2015

විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට ය. සමහරවිට අප කියන දෙය ද වැරදි විය හැකි ය. එසේ නම් ඒ ගැන සාකච්ඡාවක් තිබිය යුතු ය. අද දේශපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ කාර්යභාරය කුමක් ද යන්න ගැන යම් ආකාරයක කතන්දරයක් ගොතා ගැනීමෙන් තොරව, එනම් අවබෝධයක් ලබා ගැනීමෙන් තොරව, කරන කියන සෑම දෙයක් ම පුස්ස බින්දා වැන්නක් වනු ඇත. අපේ කතන්දරය වැරදි නම් ඒ වෙනස්කර ගත යුතු ය. 

මෙරට සිංහල බෞද්ධ නො වේ

මෙරට සිංහල බෞද්ධ නො වේ

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව සිංහල බෞද්ධ නොවන බව අපි කල් ඇතිව ම ප්‍රකාශ කෙළෙමු. එහෙත් කිසිවකු එයට සවන්දුන් බවක් නැත. ජූනි 3 වැනි දා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ දී තහවුරු වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එහි සංයුතිය පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී වන බව නිසැක ය. එහෙත් සංධානය කළ යුත්තේ කුමක් දැයි නො දනියි.

Thursday, 28 May 2015

කාලෝ ෆොන්සේකාට පිළිතුරක්

කාලෝ ෆොන්සේකාට පිළිතුරක් 

කාලෝ ෆොන්සේකා මැයි 28 වැනි දා දිවයින පුවත්පතේ වටමඬලට මාර්ටින් වික්‍රමසිංහ ගැන ලිපියක් ලියමින් මෙසේ කියයි. “ඛෙදජනක දේ වන්නේ 1914 වර්ෂයේ දී මාර්ටින් වික්රාමසිංහ සූරීන් වයස 24 දී අවබෝධ කරගත් දේ අවබෝධ කරගත නොහැකි වත්මන් ජාතික චින්තන ප්රාඥයන් විසින් 21 වැනි සියවසේ දී රජරට වකුගඩු රෝග විනිශ්චය, ආවේශ වූ කාන්තාවකගේ සහ නාථ දෙවියන්ගේ අනුභාවයෙන් කිසි දු බුද්ධිමය ලඡ්ජාවකින් තොර ව සිදු කිරීම යි. ”