Main Logo

Thursday 28 May 2015

කාලෝ ෆොන්සේකාට පිළිතුරක්

කාලෝ ෆොන්සේකාට පිළිතුරක් 

කාලෝ ෆොන්සේකා මැයි 28 වැනි දා දිවයින පුවත්පතේ වටමඬලට මාර්ටින් වික්‍රමසිංහ ගැන ලිපියක් ලියමින් මෙසේ කියයි. “ඛෙදජනක දේ වන්නේ 1914 වර්ෂයේ දී මාර්ටින් වික්රාමසිංහ සූරීන් වයස 24 දී අවබෝධ කරගත් දේ අවබෝධ කරගත නොහැකි වත්මන් ජාතික චින්තන ප්රාඥයන් විසින් 21 වැනි සියවසේ දී රජරට වකුගඩු රෝග විනිශ්චය, ආවේශ වූ කාන්තාවකගේ සහ නාථ දෙවියන්ගේ අනුභාවයෙන් කිසි දු බුද්ධිමය ලඡ්ජාවකින් තොර ව සිදු කිරීම යි. ”


මොහු මේ කියන්නේ මා ගැන බව ඉතා පැහැදිලි ය. කාලෝ තොප්පිය හරියන්නේ නම් දාගත්තාට කමක් නැත ආදී කෝපි කාලේ ඉංගිරිසි කියමන් ඇද බාන්නට ඉඩ ඇත. ඒ හුදු කියමන් පමණ ය.  මා විසින් ලියන ලද බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ පොත එළිදැක්වීමේ දී දේශනයක් කිරීම සඳහා කාලෝ ෆොන්සේකාට ද ආරාධනය කෙළෙමු. ඔහු එදින නම් අපට විරුද්ධව කිසිවක් නො කීවේ ය. ඔහුගේ බුද්ධිමය අවංකභාවය එබඳු ය. අපි මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් දැනුම ලබාගත්තෙමු. එහි ඇති වරද කුමක් ද? 

වයස 24 දී මම ද බටහිර විද්‍යාව ප්‍රිය කෙළෙමි. මා ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනාගෙන ඒ වයසේ දී සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වීමට ය. එහෙත් වයස 25 දී සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වීමට නොහැකි බව තේරුම් ගත්තෙමි. එයින් අදහස් කරන්නේ කසිකබල් ආචාර්ය උපාධියක් ලබාගැනීමට නොහැකි බව නො වේ. බෝධි ධනපාල නම් සිතන්නේ එසේ ය. වයස 35 දී පමණ එසේ නොහැකි වීමට හේතුවද මට දැනෙන්නට විය. මම බටහිර විද්‍යාවෙන් කැඩුණෙමි. මාර්ටින් වික්‍රමසිංහටත් කාලෝ ෆොන්සේකාටත් වයස 80 දීත් සිංහලයන්ට බටහිර වි්‍යාඥයන් වීමට නොහැකි බවවත් සිංහලයන්ගේ චින්තනය බටහිර විද්‍යාවේ චින්තනයෙන් වෙනස් බවවත් තේරුම් ගැනීමට නොහැකි විණි.   

අපට බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම පසුපස ගොස් අත්කරගත හැකි විමුක්තියක් නැත. අප අපේ ම වූ දැනුමක් ගොඩනගාගත යුතු ය. කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ අපේ දැනුම එසේ ගොඩනගා ගත්තකි. ඊනියා ලාංකික විද්‍යාඥයන් එයට විරුද්ධ වීම පුදුමයක් නො වේ. ඔවුන්ගේ විරුද්ධත්වය අපේ ධෛර්යයට හේතු වේ. ඔවුහු වැඩ බැරි ටාසන්ලා පමණක් වෙති. අද දැනුම් යුද්ධයේ දෙවැනි අදියරේ ආරම්භය සනිටුහන් කරයි. 

අපි පේන අසමු. කේන්දර බලමු පංචෙන්ද්‍රිය ගෝචර නොවන ජීවීන් හා වස්තු ගැන විශ්වාස කරමු. අපට අපේ මග යෑමට ලජ්ජාවක් නැත. ලජ්ජා විය යුත්තේ බටහිර දැනුමේ දාසයන් වීමට ය. කාලෝ ෆොන්සේකා වැන්නෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකරෂණ හා වෙනත් එවැනි ප්‍රවාද විශ්වාස කරමින් නාථ දෙවියන්ටත් අපටත් හිනාවෙති. කාලෝ හෝ වෙනත් කවරකු හෝ ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රියවලින් ගෝචර කරගෙන තිබේ ද? කාලෝ ෆොන්සේකාගෙන් එක් ප්‍රශ්නයක් අසමි. ඔහු පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය පිළිගන්නේ ද? ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරු මත තවත් ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වෙමි. 

පැරණි සිංහල බෞද්ධයන් දෙවියන්ගෙන් ද දැනුම ලබාගත් බව සිතිය හැකි ය. අපිදු ඒ අනුව කටයුතු කෙළෙමු. අවාසනාවන්ත හේතු නිසා අද කැලණිය කණ්ඩායම ලෙස හැඳින්වූණූ කණ්ඩායම ක්‍රියාත්මක නො වෙයි. එහෙත් අප අපේ දැනුමක් ගොඩ නැගීමේ කාර්යය අත්හැර  නැත. එහි දී අපි බටහිරව දැනුමට අවශ්‍ය විට විරුද්ධ වෙමු. බොහෝ දෙනා නොදැන සිටියාට ප්‍රභාකරන් පැරදවිය නොහැකිය යන බටහිර දැනුම අපි ෙසෙද්ධාන්තික ව පරාජය කෙළෙමු. කාලෝ ෆොන්සේකා එකල පින්ලන්තයේ දී සිංහල විරෝධී පොත් ලීවේ පිනට නො වේ. 

කාලෝ මෙසේ ද කියයි. “වාසනාවට වත්මන් දරු පරපුර ලෝකය දෙස බලන්නේ මාර්ටින් වික්රසමසිංහ සූරීන් ලක්‌වැසි ජනතාව යොමු කිරීමට යත්න දැරූ විධියටය.” අද දරුවන් බටහිරයන් බලන ආකාරයෙන් ලෝකය දෙස බලන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය හේතුකොටගෙන මිස වික්‍රමසිංහගේ දක්‍ෂතාවක් නිසාවත් බටහිරයන්ගේ ක්‍රමය සත්‍ය නිසාවත් නො වේ. 

කෙසේ වෙතත් කාලෝ ෆොන්සේකාට තමන්ගේ පරස්පර නො තේරෙයි. ඔහු ලීලා කෘතියෙහි සංඥාපනය උපුටා දක්වමින් මෙසේ කියයි. ''ආසියාතිකයන්ට එක ශාස්‌ත්ර යකුත් යුරෝපීයයන්ට එක ශාස්‌ත්රනයකුත් යනුවෙන් ශාස්‌ත්රබ දෙකක්‌ තිබිය නොහැකියි. ලෝකයේ සියලු තන්හිම ස්‌වභාව ධර්මය එකාකාරයි. ශාස්‌ත්රපයයි කියන්නේ ස්‌වභාව ධර්මයාගේ ක්රිෙයා කිරීම පරීක්‌ෂාකොට විස්‌තර කිරීමයි. ඉතින් අපේ හෝ යුරෝපීයයන්ගේ හෝ විස්‌තර කිරීමෙහි වරද මිස ස්‌වභාව ධර්මයාගේ වෙනසක්‌ නොවේ.'' ඒ එසේ නම් බටහිරයන් බලන ආකාරය (මාර්ටින් වික්‍රමසිංහ බැලීමට යොමු කළ ආකාරය) යනුවෙන් වෙන ම ආකාරයක් තිබිය හැකි ද? කාලෝට  සංගත ව යමක් ප්‍රකාශ කිරීමේ ශක්තියවත් නැත. බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන මැයෙන් මා සමග වාචික විවාදයකට එළඹීමට කාලෝ ෆොන්සේකා සූදානම් ද? 

නලින් ද සිල්වා

2015 මැයි 28