Main Logo

Thursday 28 May 2015

ශක්තිය හා මනස (විදුසර ලිපියකි)



ශක්තිය හා මනස

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බෞද්ධයකු නොවන බව පැහැදිලි ය. ඔහු විඤ්ඤාණය තේරුම් කරන්නේ පටිච්චසමුප්පදාය ඇසුරෙන් නොව බටහිර විද්‍යාව ඇසරෙනි. ඔහුගේ ඌනිතවාදී විද්‍යාව ගැන බොහෝ දේ කීමට ඇති මුත් බෝධි ධනපාල හා කීර්ති තෙන්නකෝන් මහතුන්ට පිළිතුරු දීමට ඇති බැවින් ඒ පමා කිරීමට සිදුවෙයි. එහෙත් පාඨකයාට අමරතුංග මහතාගේ ලිපිය විචාරාත්මක කියවීම සඳහා දැනට ඔහුගේ මැයි මස 20 වැනි දා ලිපියෙන් උපුටා ගැනීමි කිහිපයක් පළ කර විවේචනයක් කිරීමට සිදුවෙයි. 


අමරතුංග මහතා ශක්තිය ගැන කතා කරයි. මේ ශක්තිය බටහිර විද්‍යාවේ කියැවෙන ශක්තිය ද? ඒ ශක්ති සංස්ථිති නියමයට යටත් ද? එය සාපේක්‍ෂතාවාදයේ ශක්ති ගම්‍යතා ආතානකය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? ඒ කතා අපි පසුව සාකච්ඡා කරමු. දැනට පහත සඳහන් වාක්‍ය පිළිබඳ ව පාඨකයාගේ අවධානය යොමු කරමු. 

“මොළය ක්රිතයා විරහිත වූ විට මනස ද ක්රිඅයා විරහිත වේ. එවැනි අවස්‌ථාවක හැඟීම්, විඤ්ඤාණය, උද්වේගය වැනි දේ ක්රිරයා කරන්නේ නැත. එහෙත් මනස ක්රිදයා විරහිත වූ විට මොළය ක්රිුයා විරහිත වන්නේ නැත. විඤ්ඤාණය, හැඟීම්, උද්වේගය, වැනි දේ මනසේ ක්රිරයාදාමයන් ලෙස ගත හැකි ය. හෘදය, ශ්වසනය, වැනි ක්රිායාදාම මොළය විසින් පාලනය කෙරෙයි. එහෙත් හෘද ස්‌පන්දනය බියක්‌ වැනි හැඟීම් නිසා ද වෙනස්‌ වන බව පෙනේ. හැඟීම් දැනීම ඖෂධ මගින් අඩු කළ හැකි ය. එතැන දී සිදු වන්නේ මනසේ ක්රියාකාරිත්වය අඩු වීම ද නැතිනම් මොළයේ ක්රියාකාරිත්වය අඩු වීම ද? මොළය සහ මනස වෙන් කරගැනීම එතරම් ලෙහෙසි නැති බව පෙනී යයි. සාමාන්ය යෙන් ශරීරයේ භෞතික ක්රිමයාවන් මොළය මගින් ද, මානසික ක්රි යාවන් මනස මගින් ද සිදු කෙරෙන බව පැවසුව ද මොළය සහ මනස සංකීර්ණ වූ එක ම පද්ධතියක්‌ ලෙස හැඳිනගැනීම වඩා නිවැරැදි විය හැකි ය.”

මොළය නැති සත්ත්වයන්ට විඤ්ඤාණයක් නැත් ද යන ප්‍රශ්නය නැවත නැවතත් අමරතුංග මහතාගෙන් ඇසීමට සිදුවෙයි. මොළය සෑදී ඇත්තේ ද්‍රව්‍යයෙනි. එය බටහිර විද්‍යාවේ කියැවෙන ද්‍රව්‍ය යැයි ගනිමු. අමරතුංග මහතා දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ආදී සත්ත්වයන් සිටින බව විශ්වාස කරන්නේ ද? ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන බැවින් අමරතුංග මහතාට ඒ සත්ත්වයන් ගැන විශ්වාසයක් නැද්ද? නැත්නම් කරුණාකර ඒ බව කියන්න. එවැනි සත්ත්වයන් ඇති බව අමරතුංග මහතා විශ්වාස කරන්නේ නම් පංචේන්ද්‍රිය ගෝචර ආනුභවික බටහිර විද්‍යාවට කුමක් සිදුවේ ද? ඔවුන්ගේ ශරීර සෑදී ඇත්තේ බටහිර විද්‍යාවේ ද්‍රව්‍යයෙන් ද?  

අමරතුංග මහතා මෙසේ ද කියා ඇත. “ශරීරයේ මානසික ක්රි්යාදාමයන්, මනසේ ක්රි්‍යයාකාරී බව, විඤ්ඤාණයේ ස්‌වභාවය යනාදිය තුළ ද ශක්‌තිය විශාල ලෙස සහභාගි වන බව කිව හැකි ය. මොළය (brain), මනස (mind), හැඟීම් (feelings), උද්වේගය (emotion), විඤ්ඤාණය (consciousness)  යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි සොයා බැලිය යුතු ය. මේ සඳහා ස්‌නායු කායික විද්යාඉවේ (neurophysiology) සහාය මෙන්ම බුදු දහමේ මේ ගැන කර ඇති විග්රහයන් ද ප්රේයෝජනයට ගත හැකි ය.”

අපට අමරතුංග මහතා කියන ශක්තිය කුමක් දැයි නිශ්චිත ව දැනගැනීමට අවශ්‍ය ය. මේ ශක්තිය ද්‍රව්‍යය බවටත් ද්‍රව්‍යය ශක්තිය බවටත් පත්කළ හැකි ද? ඒ මහතා විඤ්ඤාණය යනුවෙන් හඳුනාගන්නේ ඉංගිරිසියෙන් කොන්ෂස්නස් යනුවෙන් කියැවෙන දෙය ය. ස්නායු කායික විද්‍යාව හා බුදුදහම අතර ඇති සම්බන්ධය කුමක් ද? විඤ්ඤාණයේ ස්වභාවය තුළ ශක්තිය විශාල ලෙස සහභාගි වන බව අමරතුංග මහතා කියයි. එයින් ඒ මහතා අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි නැත. ඊනියා ශක්තිය නැති වූ විට විඤ්ඤාණය නැති වේ ද? නිවන් අවබෝධ කර ගැනීමේ දී මේ ශක්තියට සිදුවන්නේ කුමක් ද? එය වෙනත් ශක්ති ප්‍රභේදයකට පෙරළෙන්නේ ද? එසේත් නැත්නම් විශ්වයෙන් පිටට කාන්දු වෙයි ද? 

බෝධි ධනපාල මහතා මේ කාන්දු වීමේ කතාව කීවේ ය. විශ්වයෙන් පිටත ඇත්තේ කුමක් ද? විශ්වය යනු සියල්ල නො වේ ද? බටහිර විද්‍යාවට පැහැදිලි ව ම විශ්වය යන්නවත් අර්ථදක්වා ගත නො හැකි ය. විශ්වයෙන් පිටතට කාන්දු වන්නේ යැයි කීම ම අර්ථශූන්‍ය ය. විශ්වයෙන් පිට කිසිවක් තිබිය නො හැකි ය. පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට සංගත ව විශ්වය යනු කුමක් දැයි කිව නො හැකි ය. විශ්වයෙන් පිටතට කිසිවක් කාන්දු විය නො හැකි ය. අපි ඒ ගැන පසුව තවදුරටත් කතාකරමු. දැන් නැවතත් අමරතුංග මහතා දෙසට හැරෙමු. 

“එහෙත් මෙසේ පාලනය වන්නේ අපට අවදි ව සිහියෙන් සිටීමට අවශ්ය  සංඥා පමණක්‌ ද? අප තුළ සිතිවිලි හැඟීම් ඇති වන්නේ කෙසේ ද? ඥානය භාවිත වන්නේ කෙසේ ද? ආත්මීය ක්රිායාදාමය සිදු වන්නේ කෙසේ ද? තැලමසයේ තිබෙන විශේෂ වූ කොටසක්‌ වන intra laminar nuclei වනාහි ආත්මීය ක්රිේයාදාමය සිදු වන ස්‌ථානය බව විශ්වාස කරන විද්යා ඥයෝ සිටිති (J.Bogen, B. Baab, J. Newman). මේ අදහස ඔප්පු කිරීමට අවශ්යත සාක්‌ෂි ලෙස ඔවුන් පවසන්නේ එම ස්‌ථානයට සුළු රෝගයක්‌ වුව සෑදුණොත් මුළු විඤ්ඤාණය ම ක්රි්යා විරහිත වන බව ය. මොළයේ වෙනත් ස්‌ථානවලට රෝග පීඩා තුවාල සිදු වූ විට විඤ්ඤ්ණය වෙනස්‌ වනවා මිස සම්පූර්ණයෙන් ක්රිවයා විරහිත වන්නේ නැත.”

ආත්මීය ක්‍රියාදමය යනුවෙන් අමරතුංග මහතා හඳුන්වන්නේ කුමක් ද? කරුණාකර ඒ පැහැදිලි කර දිය හැකි ද? අමරතුංග මහතා යම් කිසි ඉංගිරිසි පොතකින් හෝ පොත්වලින් මේ කරුණු ලබාගන්නා බව පැහැදිලි ය. ඒ මහතා අඩු තරමෙන් තමන් ආත්මීය යනුවෙන් පරිවර්තනය කරන්නේ කිනම් ඉංගිරිසි වදනක් ද යන්න කියන්නේ නම් මැනවි. කෙසේ වෙතත් මොළයේ තැලමසයේ විශේ’ෂ කොටසකට සුළු රෝගයක් වුව සිදුවුණහොත් මුළු විඤ්ඤාණය ම ක්‍රියා විරහිත වන බව ය. එයින් කියැවෙන්නේ එවිට විඤ්ඤාණය නැති වන බව ද? ඒ සුළු රෝගය සුව නොකර එසේ ම තිබෙන්නට හැරියහොත් මරණය තෙක් ඒ පුද්ගලයාට විඤ්ඤාණයක් නැත් ද? පටිච්චසමුප්දයට කුමක් සිදුවේ ද? විඤ්ඤාණයක් නැති ඔහුට නිවන් අවබෝධ වේ ද? අමරතුංග මහතා මේ කරුණු පැහැදිලි කරන්නේ නම් මැනවි. 

ධනපාල මහතා තම ලිපිවල ඉහත සඳහන් අන්දමට ශක්තිය කාන්දුවීමක් ගැන කියා තිබිණි. ඔහු කුමක් නමුත් කියා පාසල් ශිෂ්‍යයකු මෙන් තමන් විවාදයෙන් ජයගත්තේ යැයි සිතයි. මම විශ්වයේ ශක්ති එකතුව ගැන කතා කළෙමි. මගේ ප්‍රශ්නය වූයේ ශක්ති සංස්ථිති නියමය බුදුදහමට එකඟ ද යන්න ය. ශක්තිය නමින් සමස්තය ලෙස වෙනස් නොවන රාශියක් තිබීම ආත්මවාදී නිත්‍යවාදී අදහසකි. එය බුදුදහමට පටහැණි ය. මා ප්‍රශ්න කෙළේ විශ්වයේ ම ඇති ශක්තිය පිලිබඳ ව ය. එය සමස්ත විශ්වය කරා ගෙන යෑම අනිවාර්ය නො වේ. යම්කිසි සංවෘත පද්ධතියක ශක්තිය වුව ද සංස්තිථියක් නම් එය බුදුදහමට පටහැණි ය. මෙහි දී ශක්තිය එක් ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට මාරුවිම නොව සියළු ශක්තීන්ගේ (ප්‍රභේදයන්ගේ) එකතුව සැලකෙයි. එය වෙනස් නො වෙයි. එහි දී අනිත්‍ය හා අනාත්මය අවලංගු කාසි බවට පත්වෙයි. 

විශ්වය සම්බන්ධයෙන් ශක්තිය සංස්ථිති නොවන ආකෘතියක් තම දර්ශනපති උපාධියට ඉදිරිපත් කළ නිබන්ධය මගින් මගේ ශිෂ්‍යයකු නිර්මාණය කළ බැව් මම සඳහන් කෙළෙමි. එහි දී ධනපාල මහතා තම පාසල් ශිෂ්‍ය වෘත්තය අනුගමනය කරමින් කියන්නේ මා ඒ ශිෂ්‍යයා නොමග යවා ඇති බව ය. ඒ ශිෂ්‍යයාට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඒ නිබන්ධය පදනම් කර ගනිමින් දර්ශනපති උපාධියක් පිරිනැමිණි. ඒ උපාධිය නිකම් ආවට ගියාට පිරිනමන ලද්දක් නො වේ. නිබන්ධය  කියවා පරීක්‍ෂා කිරීම සඳහා පරීක්‍ෂකවරුන් දෙදෙනකු පළමුව විශ්වවිද්‍යාලයෙන් පත් කෙරිණි. ඉන්පසු ඒ දෙදෙනාද ඇතුළත් වූ පරීක්‍ෂක මණ්ඩලයක් ඉදිරියේ ශිෂ්‍යයා වාචික පරීක්‍ෂණයට පෙනී සිටිය යුතු විය. 

දැන් මේ පරික්‍ෂකවරුන් දෙදෙනා ලෙස කැලණිය විශ්වවිද්‍යාලය විසින් පත්කෙරුණේ පාසල් ගුරුවරයකු හා දන්ත වෛද්‍ය පීඨයක මහාචාර්යවරයකු නො වේ. ඒ පිළිබඳ ව නම් විශ්වවිද්‍යාලයට දොස් පැවරිය යුතු ය. විශ්වවිද්‍යාලය විසින් පරීක්‍ෂකවරුන් ලෙස පත්කෙරුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු ය. සමහරවිට ධනපාල මහතා කියනු ඇත්තේ ඔවුන් මගේ මිතුරන් බව හෝ මට ඇති බිය නිසා අදාළ ශිෂ්‍යයා පරීක්‍ෂණයෙන් සමත් කළ බව ය. ධනපාල මහතාට තම මතය තහවුරු කරනු වස් කිව නොහැකි දෙයක් නැත. ඔහුගේ තාර්කික විධික්‍රමය එබඳු ය.  

විශ්වය විවෘත ද සංවෘත ද යන ප්‍රශ්නය මෙහි දී අදාළ නො වේ. විශ්වය යනු සියල්ල ය. බටහිර විද්‍යාවට විශ්වයෙන් බාහිර වූ දේ ගැන කතාකිරීමට සිදුවන්නේ පට්ටපල් බොරුවලට සංගත වීම අසීරු බැවිනි. විශ්වයේ ශක්තිය යනු විශ්වය කොටස්වල එකතුවක් ලෙස ගතහැකි නම් ඒ කොටස්වල ශකිතිවල එකතුව ය. ඒ කොටස් සංඛ්‍යාව අනන්තයක් ද නැද්ද යන්නවත් ශක්තිවල එකතුව අභිසාරී ද අපසාරී ද යන්නවත් මෙහි දී ප්‍රශ්න නො වේ.  මා ප්‍රශ්න කරන්නේ ඒ එකතුව නිත්‍ය ද යන්නත් එලෙස ශක්තියක් ඇත් ද යන්නත් ය. ඒ දෙක ම අනිත්‍යයට හා අනාත්මයට පටහැණී ය. ශක්තිය සංස්ථිති නොවීමක් ගැන කීමට ධනපාල මහතා ඊනියා කාන්දුවීමක් ඇද ගනියි. ශක්තිය විශ්වයෙන් පිටතට කාන්දු වන්නේ යැයි කීම ම බංකොළොත් සංකල්පයකි. විශ්වයෙන් පිට කිසිවක් නැත. රික්තයක්වත් නැත. සියලු රික්ත විශ්වයට අයත් ය.  

ඇතැම් සිංහල බෞද්ධයන් අනිත්‍ය යන්න තම තමන්ට අවශ්‍ය ආකාරයට බටහිර විද්‍යාවට යටකර තේරුම් ගනු දක්නට හැකි ය. අනිත්‍ය යනු පවතින යමක් වෙනස්වීම නො වේ. මට අනිත්‍ය යනු කුමක් දැයි නො තේරෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධවන්නේ නිවන් අවබෝධයෙහි දී ය. එහෙත් මට දැනෙන දෙයක් ඇත. අනිත්‍ය යන්න යමක වෙනස් වීමක් ලෙස ගැනීම ඒ යමක් ඇති බව ගැනීමකි. එසේ ගැනීම ආත්මවාදී ය. මා වයසට යන්නේ යැයි කීම, වයසට ගියත් මා යනුවෙන් කෙනකු හඳුනාගත හැකි යැයි පැවසීම ආත්මවාදී ය. වෙනස් වන වස්තුවක් හෝ පුද්ගලයකු හෝ නැතිව වෙනස්වීම තේරුම් ගැනීම අනිත්‍ය අනාත්ම අවබෝධයට සම්ප යැයි සිතමි. 

මා මේ කරුණු වර්ධනය කරන්නේ අවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ ය. ධනපාල මහතා වැන්නෝ ඒ කිසිවක් නො දනිති. ශක්ති සංස්ථිතිය දෙවියන්වහන්සේ මැවූ ලෝකයේ ශක්තිය විනාශ කළ නොහැකි ය හා එයට ශක්තිය එකතු කළ නොහැකි ය යන්නෙන් ගලා එන බව කී විට ධනපාල මහතා අසන්නේ එය කෝරානයෙන් හෝ වෙනත් තැනකින් හෝ  ලබාගත්තක් ද  යන්න ය. මා එය ලබාගන්නේ මා ලියා ඇති කරුණුවලිනි. ඒ එහි අඩංගු ය. 

බටහිර විද්‍යාව වර්ධනය වන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි බව මා කියා ඇත්තේ එක් වරක් නො වේ. ඕනෑම දැනුම් පද්ධතියක් යම් චින්තනයක් පදනම් කර ගනිමින්  යම් සංස්කෘතියක නිර්මාණය වෙයි. යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ආරම්භයක් ඇත. ආරම්භයක් යනු නිර්මාණයකි. එහි දී නිර්මාපකයකු සහභාගි වන්නේ ද නැද්ද යන්න ප්‍රශ්නයක් නො වේ. විශ්වයට ඇත්තේ එක් ආරම්භයකි. එහි දී විශ්වයට ලැබුණු ශක්තිය නො නැසී පවතියි. බටහිර විද්‍යාවේ ශක්ති සංස්ථිති නියමය ගලා එන්නේ එතැනිනි. බෞද්ධයනට ආරම්භයක් කොහෙන් ද? විශ්වයේ ආරම්භය අචින්ත්‍ය වෙයි. හීන මානයෙන් පිරුණු ඇතැම් සිංහල බෞද්ධයන් බටහිර විද්‍යාවට කිසිම එකතුවක් නොකර තමන් විද්‍යාඥයන් බව පළකරමින් බුදුදහම බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යටකිරීම පරාජය කළ යුතු ය.

නලින් ද සිල්වා   

2015 මැයි 27