විද්‍යා නම් දැරිය
එහෙත් අවාසනාවකට සිද්ධිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්විය. සාමාන්‍ය ජනතාව යැයි හැඳින්වෙන පුද්ගලයෝ සංවිධානාත්මක ව පොලීසියට විරුද්ධව ක්‍රියා කළහ. ඔවුහු පොලීසියට පමණක් නොව උසාවියට ද පහර දුන්හ. රටේ නීතියට කිසිදු ගරු සැලකිල්ලක් නොවන ආකාරයකට ඔවුහු ක්‍රියා කළහ. තමන්ට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති වූ විටක ඔවුන් එසේ ක්‍රියා කෙළේ ඇයි?
මෙය ජනතාවගේ ස්වාධීන උද්ඝෝෂණයක් ද නොවන බව පැහැදිලි ය. ඒ පිටුපස දෙමළ ජාතිවාදී නායකයෝ සිටියහ. ඔවුහු යාපනයෙහි හා තවත් නගරවල හර්තාල් සංවිධානය කළහ. මේ හර්තාල් රැල්ල තවමත් අවසන් වී නැත. නායකයෝ ජනතාවට දුර්වල ගණයේ නායකත්වයක් දෙන අතර ජනතාවට රිස්සක් කර ගැනීමට ද අවසර දුන්හ. ඔවුන්ට අවශ්‍ය ජනතාව පාරට බැස්සවීමට ය.
ජනතාව විශේෂයෙන් ම පාසල් දරුවන් පාරට බැස්සවීමෙන් ආණ්ඩුට විරුද්ධව දැක්කවීමට දේශපාලන විරුද්ධවාදීන්ට අවශ්‍ය විය. එදින කොටි කොඩි ලෙලවීමට ඉඩ දීමෙන්් ද බලලෝභී දේශපාලනඥයෝ තම අභිලාෂය ලොවට හෙළි දරවු කළහ. දෙමළ ජාතිවාදීන් මේ එන්නේ මොකාට දැයි තේරුම් ගැනීම අපහසු නො වෙයි.
ඔවුන්ට අවශ්‍ය දැරියගේ සිද්ධියට මුවා වී සංවිධානාත්මක ව ආණ්ඩුවට හා රජයට විරුද්ධව කැරළි ගැසීමට ජනතාවට අනුබල දීමට ය. පොලීසිය සැකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසුවවත් දෙමළ ජනතාවට පොලීසිය කෙරෙහි විශ්වාසයක් ඇති නොවන ආකාරයට ක්‍රියා කිරීම දෙමළ ජාතිවාදීන්ගේ අරමුණ විය. හර්තාල් ව්‍යාපාරය අද වෙනත් නගරවලට ද පැතිරී ගොස් ය. ආණ්ඩුව වහාම මේ තත්ත්වයට පිළියම් යෙදිය යුතු ය.
එසේ නොකළහොත් තව අවුරුදු කිහිපයකින් සංහිඳියා ප්‍රභාකරන්ලා විහි වීම වැළැක්විය නො හැකි ය. මේ ආණ්ඩුවේ ඊනියා සංහිඳියාව යනු අන්කිසිවක් නොව සිංහල බෞද්ධ උරුමය දෙමළ ජාතිවාදයට පාවාදීම ය. අද රටේත් විශේෂයෙන් ම යාපනයේත් අවශ්‍යතාව නැවතත් ප්‍රභාකරන්ලා බිහිවීම වැළැක්වීම ය. එය ඊනියා සංහිඳියාවකින්වත් දෙමළ ජනයා පොලීසියට විරුද්ධව පෙළ ගැස්සවීමෙන්වත් කළ හැකි වූවක් නො වේ.
විද්‍යා දැරියගේ දූෂකයන්ට හා ඝාතකයන්ට දැඩි දඬුවම් දිය යුතු ය. ඒ අතර ජනතාව ආණ්ඩුවට හා රාජ්‍යයට එරෙහිව සංවිධානය කළ අයට ද දැඩි දඬුවම් පැණවිය යුතු ය.
නලින් ද සිල්වා
2015 මැයි 21