Main Logo

Friday, 30 September 2022

රජකමින් ගුරුකමට

 

රජකමින් ගුරුකමට

 

ඨකුර් අර්ථදේව ආදිත්‍ය කියන්නෙ රජ පෙළපත්වලට සම්බන්ධ වූ සමහර විට මාණ්ඩලික රජවරුන් ලෙස හිටි අය. ගාර්දියවසම් හෙවත් රජුගේ ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානියා කියන නිලයත් සමහරු දරා තියෙනවා. ආදිත්‍ය ලිඳකුත් කපලා තම දියණියට නෑමට. ආදිත්‍යගේ පුතකු පේදුරු ද සිල්වා නමින් බෞතීස්ම ලබා දොන් ජුවන් ධර්මපාලට සේවය කරලා. ආදිත්‍යගේ අනෙක් පුතුන් මායාදුන්නෙට සේවය කරලා. ඒ ඉතිහාසය. වර්තමානයේ ඨකුර් අර්ථදේව ආදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා හෙවත් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා සිංහල ගුරුවරයකු වුණා. සිංහල ගුරුවරුන්ට ඉංගිරිසි ගුරුවරුන්ට තරම් වැටුපක් ලැබුණෙත් නැහැ.

Thursday, 29 September 2022

කුලය හා කුලවැද්දුම

 

කුලය හා කුලවැද්දුම

 

උභය කුල පාරිශුද්ධ කිසිවකු ඉන්දියාවේ හරි ලංකාවෙ හරි ඉන්නව කියල මා හිතන්නෙ නැහැ. ලංකාවට කුල කතාව එන්න ඇත්තෙ ඉන්දියාවෙන් (භාරතයෙන්) වෙන්න ඕන. කුලය කියන්නෙ පවුලට. එක් අතකින් ගත්තොත් කුලය කියන්නෙ ඉතාම විස්තෘත පවුලක් (extended family) හැටියට හිතන්න පුළුවන්. එහෙත් මේ කිසිම පවුලක අර උභය කුල පාරිශුද්ධ අය නැහැ. කුලවලට පිටින් වැද්ද ගන්නවා. අප යොදා ගන්න වචනයක් තියෙනව කුලවැද්දුම කියල. විවාහයෙන් කුලයකට වැද්ද ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිලයෙන් හරි නිලයකට යෑමට අවශ්‍ය නිසා හරි කුලයකට වැද්ද ගන්න පුළුවන්.

Wednesday, 28 September 2022

මෙහෙමත් ණයක්

 ණය අරගෙන තත්වයක් ලබා ගැනීමට හා තත්වය රැක ගැනීමට ගිය මධ්යම පංතිය තවමත් ණය ගැනීම ගැන මිස ණය ගෙවීම ගැන හිතන්නෙ නැහැ

තොටගමුවේ රාහුල හිමියන් තලංගම දී හමුවීම

 

තොටගමුවේ රාහුල හිමියන් තලංගම දී හමුවීම

 

මට දැනට වසර කිහිපයකට උඩ දී කැලණියේ සේවය කරද්දී තලංගම කොස්වත්ත හංදිය අසල නිවසක දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ හමුවුණා. උන්වහන්සේ (එතුමා) මට කිවුවේ අනුරාධපුර යුගයේ සිට හඳුනන මිතුරා කියා. ශ්‍රී රාහුල හිමිපාණන් හයවැනි පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරේ වැඩී තියෙනවා. උන්වහන්සේ කඳවුරු කුලයේ කියා කියනවා. ඒ පිළිබඳ ඇති ජනප්‍රවාද කෙසේ වෙතත් ඒ යම් ක්‍ෂත්‍රිය කුලයක් වෙන්න ඇති. රජු අන් අයකු තම පුත් තනතුරේ හදා වඩා ගනීවි කියා හිතන්න බැහැ. රජු පුත් තනතුරෙහි හදා ගත් අනෙක් දෙදෙනා වූයේ සපුමල් කුමරු හා අම්බුළුගල කුමරු නිසා එය තවත් තහවුරු වෙනවා. මා රාහුල හිමියන්ගෙන් ඇහුවේ නැහැ කඳවුරු කුලය කියන්නෙ මොකක් ද කියා. ඒ දිනවල මා ඒ ගැන හිතල තිබුණෙ නැහැ.

Tuesday, 27 September 2022

මඤ්ඤොක්කා හා විිද්‍යාව

 මඤ්ඤොක්කා හා විිද්‍යාව 


මඤ්ඤොක්කා දණ්ඩක් විසි කළත් අල බහින රටේ මන්දපෝෂණය.  සමාජයීය විිද්‍යාවේදී පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මඤ්ඤොක්කා ගෙනාවෙ පිටරටින් බටහිරයන් කියලා. රටට අවැඩක් මිස වැඩක් නැති සමාජයීය විද්‍යා පීඨ හා කෘෂිකර්ම විිද්‍යා පීඨ වසා දමා මඤ්ඤොක්කා හිටවමු ද? පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කිවයුත්තක් නම් මෙය ජේ ආර්ගේ සාහිත්‍යය කන්න ද යන්න වැන්නක් නොවන බවයි. 




පරම්පරාව ඈසුරෙන් ඉතිහාසය - ද සිල්වා හෙවත් බැද්දගේ

 

පරම්පරාව ඈසුරෙන් ඉතිහාසය -  ද සිල්වා හෙවත් බැද්දගේ

අපට ද සිල්වා හා ලිඳමුලගේ නම් ලැබුණේ කෙසේ ද යන්න කීමට පෙර ඨකුර් පරපුරේ මාණ්ඩලික රජවරු ගැන යමක් කියන්න ඕන.  එයින් මෙරට ඉතිහාසය ගැන ද යමක් කියැවෙනවා. අප රටේ මාණ්ඩලික රජවරු ඒ ඒ ප්‍රදේශවල සිටි බව එයින් තේරුම් ගන්න පුළුවන්. සෙනරත් පරණවිතාන මහතා මේ සම්බන්ධයෙන් කියා ඇති දේ මත මේ මාණ්ඩලික කතාවත්  ඒ හා සම්බන්ධ කතාත් පදනම් වෙනවා. පරණවිතාන මහතා කියා ඇති ඇතැම් දේ මෙරට ඉතිහාසඥයන් නොපිළිගන්නා බවත් සඳහන් කරන්න ඕන. ඒ මහතා සෙල්ලිපිවල පේළි අතර කියවා ඇති දේ ද ඉතිහාසඥයන් පිළිගැනීමට අකමැත්තක් දක්වනචා.

Monday, 26 September 2022

විජයබා කොල්ලය හා කුලය

 

විජයබා කොල්ලය හා කුලය

 

මා අපේ පරම්පරාව ගැන ලියන්නේ රජ පෙළපතකට ඇති සම්බන්ධය ගැන ලියන්නවත් වංසෙ කබල් ගෑමටවත් නො වෙයි. මට අවශ්‍ය අවසානයේ දී ලංකාවේ දේශපාලනයට කුලය බලපාන හැටිත් කියන්න. ඒ වගේ ම කුලවල විකාශය ගැනත් යමක් කියන්න. අද ලංකාවේ කුලය බලපාන අවස්ථා තුනක් තියෙනවා. එකක් විවාහය, තවෙකක් දේශපාලනය, තුන්වැනුව  පැවිදිවීම. සමහර විට එතරම් පොදු නොවූවත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරය, දියවඩන නිළමේ පදවිය සඳහන් කළ හැකියි. රාජ්‍ය නායක පදවිය දේශපාලනයට සම්බන්ධ නිසා අමුතුවෙන් කිවයුතු නැහැ කියා හිතනවා. වෙල්ලාලයන්ටත් මේ පදවි දරන්න බැහැ. ගොවිගම නොවන පඬි නැට්ටන් හා දෙමළ ජාතිවාදීන් පරගලයේදිත් වෙනත් ඇතැම් දේශපාලන අවස්ථාවලදීත් එක්වීම ගැන මා පුදුම වන්නේ නැහැ.