Main Logo

Thursday, 11 January 2024

අරුන් හමුව

අරුන් හමුව

අරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු කලක සිට මා හා දුරකථනයෙන් සම්බන්ධ වී තියෙනවා. ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා.

Wednesday, 10 January 2024

සමසමාජ සමාජවාදය හා සමාජවාදී ජේ ආර්

 

සමසමාජ සමාජවාදය හා සමාජවාදී ජේ ආර්

 

බලාගෙන ගියාම මෙරට වාමාංශික ව්‍යාපාරය මහා විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. ඉතාමත් බුද්ධිමත් වමකුට අනුව සමසමාජ ව්‍යාපාරය සදා නොමැකෙන දෙයක් මේ රටේ කර තියෙනවා. බුද්ධිමතා එසේ මෙසේ බුද්ධිමතකු නො වෙයි. සමහර විට අද මෙරට ඉන්න ඉහළ බුද්ධිමතා වෙන්න පුළුවන්. ඔහු වමාලාට නම් කිසිම සැකයකින් තොරව ඉහළ බුද්ධිමතා. ජී එල්ගේ වචනවලින් නම් බව සක්සුදක් සේ පැහැදිලියි. කවුදෝ ඇහුවලු ඉන් කියැවෙන්නේ ශක්‍රයාගේ සුද කියා.

 

මේ අග්‍ර ගණ්‍ය බුද්ධිමතාට අනුව සමසමාජ ව්‍යාපාරය දැන් අවසන්. එහෙත් එහි දායකත්වය හැම දා තියෙනවා. අඩු තරමෙන් මෙරට සිරිමා බණ්ඩාරනායක වර්ගයේ ජනරජ පවතින තුරු තියෙනවා. දැනටමත් අවුරුදු පනහක් පමණ පැවතිලා තියෙනවා. තමයි සමාජවාදය.

 

කිසිවකු හිතන්න පුළුවන් සමසමාජ ව්‍යාපාරයෙන් මෙරට සමාජවාදය ඇති කරල කියලා. අපොයි නැහැ. මාක්ස්වාදී සමාජවාදය තමයි සමසමාජ ව්‍යාපාරයට අවශ්‍ය වුණේ. ඒ් කියන්නේ කොමියුනිස්ට් සමාජයකට පෙර ඇති වෙන කම්කරු පංති ආඥාදායකත්වය (Dictatorship of the Proletariat). එහෙම කම්කරු පංති ආඥාදායකත්වයක් ලෝකෙ කොහෙවත් ඇති වෙලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව  කම්කරු පංතියක් කියල එකක් හොයා ගන්න බැරි වීම.

 

අසහාය බුද්ධිමතාට අනුව සමසමාජ ව්‍යාපාරය මෙරට කරල තියෙන කටයුත්ත තමයි ජේ ආර් ජයවර්ධන ලවා සමාජවාදය පිළිගැනීමට සැලැස්වීම. බුද්ධිමතී මේ ගැන මොනව කියනවද කියල දැනගන්න නැහැ. බුද්ධිමතයි බුද්ධිමතියි දැන් එක පක්‍ෂයකට හෝයියා කියනවා. නැහැ පක්‍ෂය සමාජවාදී නො වෙයි. කලක් එය මාක්ස්වාදයත් ජාතිකවාදයත් අතර දෝලනය වුණා. කාලෙ තමයි ගුණදාස අමරසේකර උගත් ගැමි තරුණ පරපුර මගින් මෙරට විමුක්තිය අත්කර ගන්න හැදුවෙ. ඔහු ගණඳුරු මැදියම අරුණළුත් දුටුවා.

 

අද වන විට පක්‍ෂය ජාතිකත්වයත් මාක්ස්වාදයත් දෙකම අත්හැරලා හරිණි සමාජවාදය වැළඳ ගෙන. අද එය තනිකර පුංචි ජා පක්‍ෂයක්. රනිල්දාස තඹුත්තේගමින් නො වෙයි බිබිලෙන් ආවත් ඊට වඩා දෙයක් කරන්න බැහැ. අද ගුණදාස අමරසේකර අනාථ වෙලා. ඔහුට ඇත්තේ තවත් දත් දොස්තරලා දෙන්නකු පමණයි. නිසා තමයි ඔහු පහුගිය දා පැවැත්වූ උපහාර උළෙලේ දී එක් දත් දොස්තර කෙනකුට අනුව සුපිරි කතාවක් කරමින් අපට අනාගතයක් දකින්න බැහැ කියා කිවුවෙ. ඒක සුපිරි කතාවක් වුණෙ කොහොමද කියල නොදත් දොස්තර කෙනකුගෙන් තමයි අහන්න ඕන.

 

ජේ ආර් සමාජවාදය පිළිගත්ත කිවුව මට පුදුම හිතුණා. අද රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන වගඋත්තරකරු ජේ ආර්. ඔහුගෙ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තමයි ණයට කෑම අධිපරිභෝජනය හා බොරු ෂෝක්වලට අමතර    අපට මේ විපත ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වුණෙ. මා දැන හිටියෙ නැහැ මාක්ස්වාදයෙන් විවෘත ආර්ථිකේ කියැවෙනව කියල. ඩාස් කැපිටල් කියන එක දාස් කැපිටල් කියල කිවුව ප්‍රාග් ධනයේ දාස කියන තේරුමක් ලැබෙනවා ? රනිල්දාස දන්නවා ඇති.  

 

හැබැයි ඒක එහෙම නොවෙයි කියල මට පස්සෙ දැන ගන්න ලැබුණා. ජේ ආර් සමාජවාදය පිළිගෙන තියෙන්නෙ වෙන අර්ථයකින්. ඔහු ව්‍යවස්ථාවෙ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියල සඳහන් කරලා. මදැයි. දැන් ඉතින් ලංකාව සමාජවාදී රටක්. තවත් මොන විප්ලව ? සමසමාජ ව්‍යාපාරයට පස්වණක් ප්‍රීතියෙන් උදම් වෙන්න පුළුවන්. ජේ ආර් රට සමාජවාදී ලෙස නම් කරල. බව වටහාගත්ත බුද්ධිමතාට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා.

 

ඒත් පොඩි කොස්සක් තියෙනවා. ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ නැහැ මාක්ස්වාදී සමාජවාදය එහෙමත් නැත්නම් මාක්ස්වාදීන් කියන විධියට මනෝරාජික මාක්ස්වාදය කියල. ඔය ෆුරියර් ආදීන් කියවපු සමාජවාදයකුත් තිබුණා. මාක්ස්වාදීන් එයට කිවුවෙ මනෝරාජික සමාජවාදය කියලා. සමාජවාදය මාක්ස්වාදී සමාජවාදය වගේ විද්‍යාත්මක නැහැ කියලයි මාක්ස්වාදීන් කිවුවෙ.

 

අපි දන්නෙ නැහැ ජේ ආර් විද්‍යාත්මක කියල, දැන් ඔය ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ මොන සමාජවාදය කියල දැන ගන්න විධියක් වමාලට තියෙනවා ? බුද්ධිමතුනට බුද්ධිමතියනට තියෙනවා ?       




Tuesday, 9 January 2024

ලිපිය

 අද (ජනවාරි 9) ලිපිය පළ නොවන බව කරුණාවෙන් සලකන්න.

කදුරුගොඩ සිංහයා

 

කදුරුගොඩ සිංහයා

 

පහුගිය දා සන්ඩේ ටයිම්ස් පත්තරේ කදුරුගොඩ ගැන ලිපියක් පළ වුණා. එහි කිසිසේත්   ලයිට් හවුස් තියෙනවා කියන්න බැහැ. රනිල් තම යාල්පානම් වට වන්දනාවේ දී කදුරුගොඩ වැඳ පුදා ගත්තා දන්නේ නැහැ. සමහර විට ලයිට් හවුස් නොවන නිසා නොගියා වෙන්නත් පුළුවන්. කදුරුගොඩ ඔය උස නැති ලයිට් හවුස් අහවල් දේකට හැදුව කියල රනිල් තමයි දන්නවා ඇත්තෙ. කොහොමටත් රනිල් යාපනේ දි අරුන් හම්බවෙලා තියෙන බවට ආරංචියක් තියෙනවා . අරුන් කිවුවෙ අරගොල්ලන් නො වෙයි අරුන් සිද්ධාර්ථන්. රනිල් අරුන් ජනාධිපති අපේක්‍ෂකයා කරන්න සාකච්ඡා කළා කියල හිතන්න අමාරුයි.

Sunday, 7 January 2024

රනිල්ගේ යාල්පානම් වන්දනාව

 

රනිල්ගේ යාල්පානම් වන්දනාව

 

රනිල් තමන් ඔළුව බිම තියාගෙන කතා කළත් තමාට සිංහල ඡන්දවලින් ජනාධිපති වෙන්න බැරි බව දන්නවා. සමහර විට බව නොදන්නේ ලන්සා වැන්නන් පමණක් වෙන්න පුළුවන්. ජා පක්‍ෂයේ හිටපු කිරිඇල්ල කබීර් හෂිම් ආදීන් රනිල් සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුවත් ඔහුට ඡන්ද දිනන්න බැරි බව දන්නවා. ඔවුන් සජිත් සමග ඉන්නේ සජිත් හොඳ නායකයකු නිසා නොව ඔහුට රනිල්ට වඩා ඡන්ද ආකර්ෂණයක් තිබෙන බැවින්. මනුෂ නානායක්කාර හා පාස්කු ප්‍රහාරයෙන් ගැලවුණු හරින් ප්‍රනාන්දු නම් රනිල් ගැන විශ්වාසයක් තිබුණත් නැතත් ඇමතිකම් ගැන විශ්වාසයක් ඇති අය. පාස්කු ප්‍රහාරයෙන් කාදිනල්තුමා ගැලවුණු බව මහමොළකරු කියනවා.

Saturday, 6 January 2024

පීඨාධිපති කෝලම

 

පීඨාධිපති කෝලම

 

මෙරට ප්‍රශ්නය දේශපාලනඥයන්ගේ නො වෙයි. ඔවුන් යම් ප්‍රමාණයකට ප්‍රශ්නයට සාධකයක් වී ඇති බව පැහැදිලියි. එහෙත් මෙරට මූලික ප්‍රශ්නය උගතුන්ගේ. අද පරිපාලනයේ ඉන්නේත් උගතුන්ගෙන් කොටසක්. මොටාව කරගෙන යන්නේ උගතුන්. මෙටාවෙත් විශාල ප්‍රමාණයක් උගතුන්. අද මෙරට වැටී ඇති තත්වය දැන ගැනීමට මෙටාවට යෑම ප්‍රමාණවත්. අවශ්‍ය නම් මොටාවල දේශනවලටත් සහභාගි වී බලන්න පුළුවන්.

Friday, 5 January 2024

උගතුන් මැද නූගතකු කළ දේශනය හා මොටාව

 

උගතුන් මැද නූගතකු කළ දේශනය හා මොටාව

 

මා අසාර්ථක පුද්ගලයකු බව පෙරේදා (ජනවාරි 03) පැවති ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ රැස්වීමේ දී නැවතත් තහවුරු වුණා. එතැන රැස්වී සිටියේ මහජන පුස්තකාලයේ රැස්වීමකට පැමිණෙන පිරිස නො වෙයි. එතැන සිටියේ උගත් පිරිසක්. ඔවුන් මා කියන දේ අසාගෙන සිටින්නවත් උත්සාහ ගත්තේ නැහැ. ඔවුන් නිතර බාධා කළා. මට තේමාවකට කතා කරන්න දුන්නේ නැහැ. එහෙත් මා හැකිතාක් කෝප නොවී මගේ කතාව කරගෙන ගියා. මට පොඩි ළමුන් කරන දේට කේන්ති යන්නේ නැහැ.  ඊයේ පළ කළ පහත රාමුවේ ඇති රූහඬපටය නැරඹීමෙන් උගතුන්ගේ හැසිරීම තේරුම් ගන්න පුළුවන්.