Main Logo

Friday, 30 September 2011

උපකරණ හා මිනිස්සු

එක නෙස්ටෝරියන් කුරුසයක් හමු වූ පමණින් අනුරාධපුරයේ ක්‍රිස්තු භක්තියන් ජීවත් වී යැයි නිගමනය කළ හැකි නො වේ. අනෙක් අතට ඒ කුරුසය හමුවූයේ කෙසේ ද යන්න පිළිබඳව ද විශ්වාස සහගත ව කිව හැක්කේ කුමක් ද? එකල අනුරාධපුරය ලෝකයේ ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ බවට සාක්‍ෂි වෙයි. විවිධ රටවලින් විවිධ සංස්කෘතීන්ට අයත් වූවෝ එහි පැමිණියහ. ඒ වෙළෙන්දන් අතර නෙස්ටෝරියන් ක්‍රිස්තු භක්තියන් සිටියේ නම් පුදුම වන්නට දෙයක් නැත. එහෙත් ඔවුන් අනරාධපුරයේ ස්ථිර ව ජීවත් වූ බවක් කිවහැකි නො වේ. එසේ ජීවත් වූයේ නම් ඔවුන්ගේ ව්‍යාප්තියක් සිදු නො විණි ද? මේ ආදී නොයෙකුත් ප්‍රශ්නවලට සංගත පිළිතුරු නොමැති විට ඇතැම්හු ලිපියෙහි එක් කරුණක් උපුටා දක්වමින් ඒ වැරදි බව පෙන්වීමට උත්සාහ දරති.

මෙවැනි පිරිස් ගියවර ලිපියෙන් උපුටා දක්වන්නේ සතුන්ට මනස් නැති බවට බටහිර විද්‍යාඥයන් විශාල බහුතරයක් දක්වන අදහස ය. එහි ඇත්තක් නැතැයි පෙන්වීමට සමහරු උත්සාහ ගනිති. බටහිර විද්‍යාඥයන් කිහිප දෙනකු මිනිසුන් නොවන සතුන්ට මනස් ඇත් ද නැත් ද යන්න දැනගැනීමට පරීක්‍ෂණ පවත්වන බව සැබෑ ය. ඔවුන්ගෙන් යම් පිරිසක් සතුන්ට මනස් ඇති බව පිළිගන්නා බව ද සත්‍යය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාඥයන් සමස්තයක් ලෙස සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බවක් නො කියැවෙයි. ගිය සතියේ ලිපියෙන් මා කියා ඇත්තේ ද බටහිර ජීවත්වන විද්‍යාඥයබ්ගෙබ් සුළු පිරිසක් පමණක් සතුන්ට මනස් ඇති බව පිළිගන්නා බව ය. එය ද මෑතක සිට ය.

බටහිර විද්‍යාඥයන් විශාල පිරිසකට සතුන්ට මනස් ඇති බව පිළිගත නොහැක්කේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හේතුවෙනි. ඒ සංස්කෘතියෙහි සතුන් මවා ඇත්තේ මිනිසුන් සඳහා යැයි පැවසෙයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට මනස් නැත. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට අද සිදු වී ඇත්තේ හැකි නම් මේ සංස්කෘතික සීමා කඩා බිඳ දැමීම ය. සතුන්ට මනස් නැති බව බටහිර විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම බව නිව් සයන්ටිස්ට් සඟරාවෙහි ඒ පිළිබඳ ව විටින් විට පළවන ලිපි මගින් ද තහවුරු වෙයි. බටහිර විද්‍යාවට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා ඇතිවන එකම සීමාව සතුන්ගේ මනස් සම්බනධයෙන් පැන නගින්න පමණක් නො වේ.

අප කලින් සඳහන් කර ඇති පරිදි අයින්ස්ටයින් විද්වතා ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් බැඳ දමා තිබිණි. ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාවේ කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂෙප කළේ තම සංස්කෘතිය මත පිහිටා ය. යථාර්ථය, වාස්තවිකත්වය ආදිය පිළිගත් සංස්කෘතියක හැදුණු වැඩුණු අයින්ස්ටයින්ට පරීක්‍ෂණවල ප්‍රතිඵල සම්භාවිතාවක් මගින් පමණක් පුරෝකථනය කිරීම ප්‍රමාණවත් නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ පරීක්‍ෂණ කිරීමට පළමුව ම අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගය ඇති බව පැවසෙන අර්ථවිවරණයකි. පෞද්ගලික හෝ පොදු හෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද ලෝකයක අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධව නිශ්චිත අගය ඇතැයි ඔහු විශ්වාස කළේ ය. ඒ විශ්වාසය මත පදනම් ව අයින්ස්ටයින් කියා සිටියේ දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැති බව ය.

බෝර් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අයින්ස්ටයින්ට දෙවියන් වහන්සේ කළ යුත්තේ කුමක් දැයි කියා දිය නොහැකි බව ප්‍රකාශ කරමිනිි. අනෙක් අතට බෝර්ට චීන දර්ශනයෙහි බලපෑම විය. ඊනියා යථාර්ථය ප්‍රතික්‍ෂෙප කිරීම ඔහුට ප්‍රශ්නයක් නො වී ය. ලෝකය නිර්ණිත එකක් ය යන්න ඔහු විසින් අත්හැර දැමිණි. ඔහු එසේ කියා නැතත් දෙවියන් වහන්සේ දාදු කෙළීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකරන්නේ යැයි කීමේ හැකියාව ඔහුට තිබිණි. අයින්ස්ටයින් තම සංස්කෘතිය පිළිගනිමින් දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි කියා තම මතයේ ම එල්ල ගෙන සිටියේ ය. ඔහුට ඒ සංස්කෘතික බලපෑම නොවන්නට ඔහු අතින් ක්වොන්ටම් භෞතිකයෙහි වර්ධනයට විශාල යහපතක් ඉටුවන්නට තිබිණි.

බටහිර විද්‍යාවේ ඇත්තේ ඒ නුසුදුසුකම පමණක් නො වේ. තාපගතික වි්‍යාව හා ක්වොන්ටම් භෞතික විද්‍යාව හැරෙන්නට බටහිර විද්‍යාවේ අනෙක් සියළු දැනුම් නිර්මාණය වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහි න්‍යාය (ලඔගඉච) වනුයේ ඇරිස්ටෝටලීය න්‍යාය ය. පසුගිය දා ආසනික් සම්බන්ධ ප්‍රශ්නයෙහි දී ඇතැමුන් ඊනියා සම්පරීක්‍ෂණ හා පරීක්‍ෂණ ගැන කතාකළහ. කැලණිය විශ්වවිද්‍යාලයෙහි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමට අනෙක් ඊනියා පිළිගත් නිල කණ්ඩායම්වලට වඩා රජරටින් ලබාගත් ජල හා වෙනත් නියැදිවල ආසනික් ප්‍රමාණයක් දැකගත හැකි වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් විය. පහසුකම් ඇතැයි කියන නිල වශයෙන් පිළිගත් පර්යේෂණාගාරවල නිරීක්‍ෂණ පමණක් විශ්වාස කිරීමට රජය එකල කටයුතු කළේ ය. අද රජය එසේ නොසිතන බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල ද සේවය කරන්නේ මිනිසුන් වීම ය. බටහිර විද්‍යාව කටයුතු කරන ආකාරයට උපකරණවලට වඩා වැදගත් තැනක් ලැබෙයි. එයට ප්‍රධාන හේතුව උපකරණ වාස්තවික ලෙස පිළිගැනීමට ඇති කැමැත්ත ය. උපකරණවලින් ලැබෙන මාපාංක කියවීම් මිනිසුන්ගෙන් (නිරීක්‍ෂකයන්ගෙන්) ස්වායත්ත යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙයි. නමුත් ප්‍රශ්නය වනුයේ උපකරණ ද මිනිසුන් විසින් නිපදවනු ලැබීමත් ඒ ඒ නියැදි සකස්කිරීම, යොදාගන්නා විධික්‍රමය (ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නොවේ) ආදිය මිනිසුන් විසින් තීරණය කරනු ලැබීමත් ය. සියළු උපකරණවලින් එකම මාපාංක කියවීම් ලැබිය යුතු යැයි විශ්වාසයක් පවතින අතර එසේ නොවන්නේ නම් ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරයේ මාපාංක කියවීම් නිවැරදි ලෙස ගැනෙයි.

ආසනික් සම්බන්ධයෙන් ඒ ඒ පරීක්‍ෂණාගාරවල යොදාගත් විධික්‍රම (මේ සූපශාස්ත්‍ර විධික්‍රම මිස අනෙකක් නො වේ) වෙනස් විය. ඉවත යන වායු ප්‍රමාණය මෙන් ම අවක්‍ෂෙප ගැනීමද ඒ ඒ විද්‍යාඥයන් දැන සිටි ආකාරයට සිදු කෙරිණි. පරීක්‍ෂණයෙහි දී පිටවී යන වායු ප්‍රමාණය වැඩි නම් මිශ්‍රණය යම් උෂ්ණත්වයකට වඩා ඉහළට රත්කළ විට ආසනික් වායු අවස්ථාවට පත්වී ඉවත්වීමේ සම්භාවිතාව වැඩිවෙයි. පිටවී යන වායු ප්‍රමාණය වැඩි පරීක්‍ෂණාගාරයක සිදුකරන ලද පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය කෙරෙන ආසනික් ප්‍රමාණය පිටවී යන වායු ප්‍රමාණය අඩු පරීක්‍ෂණාගාරයක සිදු කරන ලද පරීක්‍ෂණවලින්් නිරීක්‍ෂණය කෙරෙන ආසනික් ප්‍රමාණයට වඩා අඩු වී නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. එහෙත් රජය මුල දී තීරණය කළේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල දත්ත නිවැරදි විය යුතු බව ය.

බටහිර විද්‍යාවේ ධුරාවලියක් ඇත. එය බටහිර සමාජයේ ද දක්නට ලැබේ. වැදගත් යැයි සැලකෙන ගෞරවනීය පවුල්වල සාමාජිකයන් වැරදි නොකරන්නේ ය යන මතය අද සමාජයේ මුල් බැසගෙන ඇත. ඊනියා වැදගත් තනතුරු හොබවන පුද්ගලයන් අතින් වැරදි සිදු නොවේ යැයි විශ්වාසයක් පවතියි. වැදගත් පවුල්වල සාමාජිකයන් රැකියාවලට බඳවා ගැනීමට විශාල සම්භාවිතාවක් ඇත. යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ධුරාවලිය සකස් කිරීමෙහි දී යොදා ගැනෙන නිර්ණායක අනුව මේ පිළිගැනීම් සිදුවෙයි.

ඉංගිරිසි ආණ්ඩුව පැවති සමයෙහි ඉංගිරිසි ආණ්ඩුවට දැක්වූ පක්‍ෂපාතිත්වය අනුව ද පුද්ගලයකුගේ වැදගත්කම තීරණය විය. අද ද බොහෝ විට වැදගත් වනුයේ නිල බලයට ගරු කරන්නවූන් ය. සිංහල බෞද්ධයන් අතර ද එක්තරා ආකාරයක ධුරාවලියක් වෙයි. එය නිවන හා සම්බන්ධ ධුරාවලියකි. බුදුරජාණන් වහන්සේට පසුව රහතන් වහන්සේලා ප්‍රධාන වෙති. අපේ ධුරාවලියෙහි රජවරු ද සාමණේර භික්‍ෂුවකට වඩා පසුපසින් වෙති. අශෝක රජුගේ මාළිගාවට වැඩම කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු අසුන ලෙස තෝරාගත්තේ සිංහාසනය ය. එයට හේතුව ඒ රාජසභාවෙහි උන්වහන්සේට ඉහළින්, එනම් ගුණයෙන් ඉහළින්, වෙනත් කිසිවකු නො වීම ය. අපේ ධුරාවලියෙහි එදා ගරු කෙරුණේ නිලයට නොව නිවන් දැකීමට හේතුවන වෙනත් ගුණවලට ය.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි උපත ලැබූ බටහිර විද්‍යාවට ඒ සංස්කෘතියෙන් උරුම වූ පිලිගැනීම් ඇත. ආසනික් අඩු යැයි හෝ නැතැයි හෝ කියූ පර්යේෂණාගාරවල මාපාංක කියවීම් පිළිගැණුනේ ඒ අයුරින් මිස යොදාගත් සූපශාස්ත්‍ර ක්‍රමවේදයෙහි ඌණතා අනුව නො වේ. කෙසේ වුවත් ඌණතා වැඩි පරීක්‍ෂණාගාරවලට ලැබුණු පිළිගැනීම වැඩිවිය. ඒ නිල බලයෙනි. මේ ඌණතා හා වෙනත් හේතු කරණ කොටගෙන බටහිර විද්‍යාවේ උජාරුවෙන් කියැවෙන ඕනෑම කෙනකුට කළහැකි පර්යේෂණ යන්නට තවත් පහරක් වැදෙයි.

ඒ පිළිබඳ ව අප දැනටමත් බොහෝ කරුණු කියා ඇත. ඒ පුහුණුව ආදිය සම්බන්ධයෙනි. එකම ආකාරයේ පුහුණුව ලැබූ අය සිටිය ද තමන් පරීක්‍ෂණ කරන පරීක්‍ෂණාගාරයේ ඇති උපකරණ මත අනුගමනය කෙරෙන සූපශාස්ත්‍ර විධික්‍රමය මත තමන් ලබාගන්නා මාපාංක කියවීම් වෙනස් වෙයි. එමෙන් ම එකම ආකාරයේ පුහුණුවක් ලබාගත්ත ද ඒ ඒ පුද්ගලයාගේ දක්‍ෂතා අතර වෙනස්කම් වෙයි. ඇතැම්හු නිර්මාණශීලී වෙති. සූපශාස්ත්‍ර විධික්‍රමයෙහි වුව ද සුළු සුළු වෙනස්කම් කිරීමට හැකි අය සිටිති. ඔවුන් ලබාගන්නා මාපාංක කියවීම් සාම්ප්‍රදායිකව ම ක්‍රියා කරන්නකු ලබාගන්නා මාපාංක කියවීම්වලට වඩා වෙනස් විය හැකි ය.

එමෙන් ම උපකරණවල සියුම් බව ද මෙහි දී බලපාන බව රහසක් විය නො හැකි ය. එකම පරීක්‍ෂණාගාරයක, එකම පුහුණුව ලැබූ අය එකම යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පරීක්‍ෂණ කළ ද ඒ ඒ අයගේ සියුම් බව අත්ගුණය ආදිය මත ප්‍රතිඵල වෙනස් විය හැකි ය. එබැවින් ඊනියා වාස්තවික අගයන් ඒ ඒ ගුණවලට ඇතැයි යනුවෙන් ගැනීම බටහිර විද්‍යාවේ ආධානග්‍රාහී සිතුවිල්ලක් මිස අන් කිසිවක් නො වේ. ආසනික් සම්බන්ධයෙන් ගතහොත් විවිධ පරීක්‍ෂණාගාරවල ජලයේ, පලිබෝධ නාශකවල ආදී වශයෙන් අඩංගු ආසනික් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිඵල ලැබී ඇත. එහෙත් ඇතැම් විට ඒ නිරීක්‍ෂණය කෙරුණු උපරිම අගයට ද වඩා ආසනික් ඒ නියැදිවල තිබෙන්නට ඇත. අපට බොහෝ විට කිව හැක්කේ විවිධ පරීක්‍ෂණාගාරවල ලැබුණු දත්තවල උපරිම ඒ ඒ නියැදිවල ඇති අවම ආසනික් ප්‍රමාණ බව ය.

මේ ලබාගත් ප්‍රතිඵල නිවැරදි දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මිනිසුන් අතින් මෙන් ම උපකරණ මගින් ද වැරදි සිදුවෙයි. එහෙත් ආසනික් තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාව අඩුවෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාවට අඩු යැයි සිතමි. යොදාගන්නා උපකරණවල කලින් ම ආසනික් තිබීම නිසා මාපාංක කියවීමෙන් ලබාගන්නා ආසනික් ප්‍රමාණය වැඩිවීමට ඉඩ ඇත. එහෙත් ඒ සඳහා ඒ උපකරණ ඒ ඒ රසායනික ද්‍රව්‍යවල (ද්‍රවණවල) සෝදා තිබිය හැකි ආසනික් ප්‍රමාණය දියකර හැරීමෙන් එලෙස ආසනික් වැඩිවීමට ඇති සම්භාවිතාව අඩුකර ගත හැකි ය.

බුදුන්වහන්සේ මෙරටට වැඩම කිරීම හා නෙස්ටෝරියන් කුරුසය

පැටළුණු අංශු පිළිබඳ තවත් බොහෝ දේ කීමට ඇතත් අපි එය පසුවට කල්දමමු. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෘශ්‍යමානය සත්‍යය ද අසත්‍යය ද යන්නත් අදෘශ්‍යමානය නිසැකයෙන් ම අසත්‍ය ද යන්නත් දැනගැනීම ය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති යන බෞද්ධ නොවන සම්ප්‍රදායක ලියැවුණු වාක්‍යයක් වැලිකඩ සිරගෙදර තාප්පවල ප්‍රදර්ශනය කෙරෙන අයුරු ඔබ ඇතැමි විට දැක ඇත. ඒ වැකිය බෞද්ධ සම්ප්‍රදායට අයත් නොවුණත්, අප තේරුම්ගත යුතු කරුණ නම් සිරකරුවන් ද මනුෂ්‍ය ප්‍රජාවට අයත්වන බව ය. මිනිස්සු ද සත්ව ගණයකට අයත් වෙති. මිනිසුන් පමණක් නොව තිරිසන් සත්තු ද සත්ව ගණයට අයත් වෙති. මිනිසුන් හැරෙන්නට අනෙක් සත්වයන්ගේ මනස පිළිබඳ බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට ප්‍රශ්න ඇත. ඔවුන් අති විශාල බහුතරයකට අනුව අනෙක් සතුන්ට මනස් නැත.

ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක් සත්වයන්ට ද මනස් ඇත. මේ පිළිබඳ ව මෙරට සිටින පුහු චණ්ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක් දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳ දරණ ස්ථාවරය ද මෙතෙක් නිරවුල් ව කියා නො මැති. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදුවන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන්ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳ යම් සංනිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සංනිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳ ව සංනිවේදනයක නිරතවන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්කල කිනම් ස්ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්තර මහතා ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බටහිර විද්‍යාඥයන්ට ගා බටහිර වෛද්‍යවරුන්්ට අප කියා සිටින්නේ ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස් ලොව සැරිසරන බවත් ය.

බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යචරුන් නොදැන සිටිය ද ප්‍රාණීන්ගේ ලෝකයකට හා අප්‍රාණ ජෛවීන්ගේ ලෝකයකට බටහිර විද්‍යාඥයන් විසින් ජෛවීන් ලෙස හැඳින්වෙන්නවුන්ගේ ලෝකය බෙදිය හැකි බව බෞද්ධයෝ දනිති. මේ ප්‍රාණීහු සසර සැරිසරති. ඔවුන්ට මනස් වෙයි. මනස් තිබීමට මොළය හා කොඳු ඇට පේළිය වැනි අවයව තිබීම අනිවාර්ය නො වේ. පණුවන්ට ද මනස් ඇත. තිරිසන් සත්තු අපා දෙපා සිවුපා බහුපා ලෙස වර්ග කරනු ලැබෙති. බටහිර විද්‍යාඥයන් ඒ සතුන්ට මනස් ඇති බව විශ්වාස නොකළ ද ඒ සතුන් ඇති බව විශ්වාස කරති. ඒ ඔවුන්ට මිනිසුන් මෙන් ම තිරිසන් සතුන් ද පෙනෙන බැවිනි. ඒ සත්වයන් මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන බැවින් ඒ සතුන්ගේ පැවැත්ම බටහිර විද්‍යාඥයන්ට, පශු වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් ප්‍රශ්නය වනුයේ දෙවිවරුන් වැනි නොපෙනෙන සත්වයන්ගේ පැවැත් ම ය. බටහිර විද්‍යාඥයන්ගෙන් අතිවිශාල බහුතරය දෙවිවරුන්ගේ පැවැත්ම විශ්වාස නොකරන්නේ එවැනි සත්වයන් නොමැති බව ඔවුන්ගේ ඊනියා පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බැවින් ද? නැති දෙයක් නැති බව ඔප්පු කිරීමට පර්යේෂණ කිරීමට අවශ්‍ය ඇයි දැයි යමකු ප්‍රශ්න කරනු ඇත. කළ යුත්තේ ඇති බව ඔප්පු කිරීම නො වේ දැයි එවැන්නකු තවදුරටත් කියනු ඇත. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සමග ද ගැට ගැසෙයි. එහෙත් අද ඒ ගැන ශිෂ්ට යැයි සම්මත සමාජයේ සාකච්ඡා නො කෙරෙයි.

දෙවියන් වහන්සේ නමින් හැඳින්වෙන ලෝකය නිර්මාණය කළා යැයි කියන අයකු ඇත් ද නැත් ද යන වග අප දැනගන්නේ කෙසේ ද? මේ දෙවියන් වහන්සේ ගැන ආබ්‍රහමික ආගම් ලෙස හැඳින්වෙන යුදෙව්, කතෝලික, ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ප්‍රධාන ආගම්වල විවිධ නම්වලින් සඳහන් වෙයි. එවැනි දෙවියන් වහන්සේ කෙනකු නැතැයි කීම යම් ආගමකට කරන අපහාසයක් යැයි කියන්නෝ වෙති. ඒ අතර තවත් අයට අනුව එසේ පැවසීම අන්‍ය ආගම් ඉවසීමට එරෙහිව යන්නකි. මේ අතර හින්දු භක්තිකයෝ ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මන් කෙනකු ගැන විශ්වාස කරති. බ්‍රහ්මන් නැතැයි කීම ද ආගමික සහජීනයට එල්ල කරන පහරක් යැයි කියන්නෝ ද වෙති.

එහෙත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුන්ගේ පැවැත්ම ගැන තම තමන්ට කැමති දෙයක් කීමේ නිදහස මෙරට ඕනෑම අයකුට ඇත. ඒ දෙවිවරුන් නැතැයි කීමේ දී ආගමික සහජීවනයට, අන්‍ය ආගමික මත ඉවසීම ආදී සම්මතයන්ට කුමක් සිුවන්නේ දැයි ප්‍රශ්න කරන කිසිවකු නැත. එහිදී ඊනියා යථාර්ථවාදී බෞද්ධයන්ගේ සහාය ඔවුන්ට ලැබෙයි. මේ යථාර්ථවාදී බෞද්ධයෝ බොහෝ විට බටහිර විද්‍යාව කටගාගත්තෝ වෙති. මේ ඇතැමුන්ට අනුව බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර නැත. ඔවුන් එසේ කියන්නේ බුදුන්වහන්සේ ලංකාවට වැඩි බවට සාක්‍ෂි නැතැයි කියමිනි. මේ සාක්‍ෂි අන් කිසිවක් නොව එකල, එනම් බුදුන් වහන්සේ වැඩි සමයෙහි ලිඛිත සාක්‍ෂි ය. පසු කලෙක ලියු ලේඛන ඔවුහු නො පිළිගනිති. තවත් සමහර යථාර්ථවාදී බෞද්ධයනට අනුව පුනරුත්පත්තියක් නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මේ ගණයට අයත් වෙති. ඒ පුනරුත්පත්තිය බටහිර විද්‍යාවට අනුව පෙන්විය නොහැකි නිසා ය. පුනරුත්පත්තිය නැතහොත් පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවේය යන්න එසේත් නැත්නම් ඒ සඳහා ආනුභවික පදනමක් නැත යන්න මේ යථාර්ථවාදී බෞද්ධයන්ගේ මතය වෙයි.

ඇතැම් යථාර්ථවාදී බෞද්ධයෝ (ඔවුන්ට බටහිර විද්‍යාත්මක බෞද්ධයන් යැයි කීමේ ද වරදක් නැත) පුනබ්භවයක් නැත යන්න ද ඉක්මවා ගොස් බුදුන්වහන්සේ රැවටිලිකරුවකු ලෙස පෙන්වීමට උත්සාහ දරති. කලක් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ද දැනට ඕස්ටේ‍ර්ලියාවේ පදිංචිකරුවකු වූ ද වික්ටර් ගුණසේකර මහතා පවසන්නේ බුදුන් වහන්සේ ආචාරධර්ම පද්ධතියක් දේශනා කළ බවත් එහෙත් මිනිසුන් එලෙස ආචාර ධර්ම පද්ධතියක් නිසගයෙන් ම නොපිළිගන්නා බැවින් ඔවුන් ඒ සඳහා යොමුකරවීමට එවකටත් දඹදිව විශ්වාසයක් ලෙස පැවති පුනබ්භවයක් ගැන සඳහන් කළ බවත් ය. එයින් අදහස් කරන්නේ බුදුන්වහන්සේ මිනිසුන් ලවා තමන්වහන්සේගේ ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරවීමට පමණක් නැති පුනබ්භවයක් ගැන කතාකළ බව ය. බුදුන්වහන්සේට මෙතරම් නිග්‍රහයක් කළහැකි බෞද්ධයන් මේ රටින් ම බිහිවීම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් මිස අනෙකක් නො වේ.

අප ඉතිහාසය ගොඩනගන්නේ, එනම් සංස්කරණය කරන්නේ වර්තමානයේ දී ය. සෑම ඉතිහාසයක් ම එසේ ය. එමෙන් ම වර්තමානය හා අනාගතය ද ඉතිහාසය විසින් සකස්කරනු ලැබෙයි. මෙහි ඇත්තේ චක්‍රීය ස්වභාවයකි. අද වැනි කාලයක සිද්ධි පිළිබඳ වාර්තා එදිනෙදා ම ලියැවෙන නමුත් අනාගතයේ දී ඒ ලියකියවිලි වුවත් කියැවෙන්නේ එකල ඇතිවන සමාජයට හෝ සමාජයේ විවිධ කොටස්වලට හෝ සාපේක්‍ෂව ය. අද පශ්චාත්නූතනවාදීන් මහත් උජාරුවෙන් අලුත් කියැවීමක් ආදී වශයෙන් සඳහන් කරන්නේ නව සාපේක්‍ෂ අර්ථවිවරණයකට මිස අනෙකකට නො වේ. අද ලියැවෙන ලිපි ලේඛන අනාගතයේ දී ඒ ඒ අයට (ඒ ඒ සමාජ කොටස්වලට) සාපේක්‍ෂව අර්ථවිවරණය කෙරෙන්නේ නම් ඉතිහාසය යනුවෙන් ඊනියා යථාර්ථයක් නොමැති බව එයින් පැහැදිලි වෙයි. අනාගතයට කල් නොදී වර්තමානයේ වුව ද සිද්ධීන් එකිනෙකා වාර්තා කරන්නේ ද තම තමන්ට සාපේක්‍ෂව බව අපට පෙනී යයි. එකම පුවත්පත් කාර්යාලයෙන් නිකුත් කරන සිංහල හා ඉංගිරිසි පුවත්පත්වල එක සිද්ධියක් පිළිබඳ ව අර්ථකථන දෙකක් දෙනු ලැබීම සුලබ කරුණක් වෙයි.

එසේ නම් පඬියන් ලිඛිත සාක්‍ෂි ඉල්ලීම එතරම් තේරුමක් ඇති දෙයක් නො වෙයි. ඇතැම් දේ ජනප්‍රවාදයෙහි අලිඛිත ව පරම්පරාවෙන් පරම්පරාවට සංනිවේදනය වෙයි. එසේ සංනිවේදනය වීමේ දී යම් යම් දේ එකතුවීම් අඩුවීම් සිදුවන බව පැහැදිලි ය. එහෙත් එසේ වන්නේ මුඛ පරම්පරාගත කරුණුවල දී පමණක් නො වේ. ලේඛන ද පරම්පරාවෙන් පරම්පරාවට පිටපත් කිරීමේ දී වෙනස් වෙයි. එසේ නොවුණ ද අර්ථකථන ලෙස ගතහොත් ඒ සියල්ල වෙනස් වෙයි. ඒ වෙනස සිිදුවන්නේ ඒ ඒ සමාජයේ ජීවත්වන විවිධ සමාජ කොටස්වලට අවශ්‍ය පරිදි ය. අප අනාගතය සකස්කරගන්නේ අතීතය හා වර්තමානය අනුව බැවින් අනාගතය වර්තමානයේ දී අප අතීතය දකින ආකාරයෙන් සකස් කෙරෙයි. ඒ අර්ථයෙන් ගතහොත් අප අනාගතය සකස්කරගැනීම සඳහා ඉතිහාසය අර්ථකථනය කරන්නේ යැයි කිසිවකුට කිව හැකි ය.

අපි ඉතිහාසය සකස්කර ගැනීමේ දී ලිඛිත සාක්‍ෂි මත ද ජනප්‍රවාද මත ද පදනම් වෙමු. ලිඛිත සාක්‍ෂි, එනම් අදාළ යුගයේ ම ලියැවුණු ලිඛිත සාක්‍ෂි නොමැතිව ඉතිහාසය හැදෑරිය නොහැකි නම් ප්‍රාග් ඉතිහාසයට කුමක් සිදුවේ ද? අද පුරාවිද්‍යාව නමින් හැදෑරෙන ක්‍ෂෙත්‍රයෙහි ඒ ඒ යුගවල ලියැවුණු ලිඛිත සාක්‍ෂි නොමැත. එහෙත් අපි ඒ සඳහා වෙනත් සාධක සාක්‍ෂි වශයෙන් ගනිමු. අපට අවශ්‍ය වන්නේ ජනප්‍රවාද, ලිපි ලේඛන (ශිලා ලේඛන ඇතුළත්ව), පුරාවිද්‍යාත්මක සාධක ආදිය උපයෝගී කරගනිමින් සංගත කතාවක් ගොඩනගා ගැනීම ය. කුමන ඉතිහාස කතාවක් වුව ද අර්ථකථනයක් බව අමතක නොකළ යුතු ය. එය විවිධ කරුණුවලට සාපේක්‍ෂ වූවකි. ඉතිහාසය පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ද සාපේක්‍ෂ වූ කතන්දර රාශියක එකතුවක් පමණකි.

එහෙත් අද ඇතැමුන් එක් පැත්තකින් ඊනියා සාක්‍ෂි නොමැතිව ලෝකය මැවූ දෙවියන් වහන්සේ පිළිගන්නා අතර සාක්‍ෂි නොමැති යැයි කියමින් දෙවිවරුන්ගේ පැවැත්ම නොපිළිගන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ බලපෑම හේතුකොටගෙන ය. ඒ අතර අද සමහර ක්‍රිස්තියානි අන්තවාදීහු කිසිම සාක්‍ෂියක් නොමැතිව කාශ්‍යප රජු ක්‍රිස්තු භක්තිකයකු යැයි කීමට උත්සාහ ගනිති. ඇතැම් ප්‍රසිද්ධ දේවස්ථානවල ක්‍රිස්තියානි කාශ්‍යප රජකුගේ පිළිම ඇඹීමකට උත්සහ ගනු පෙනෙයි. අනුරාධපුරයේ හමු වී යැයි කියන නෙස්ටෝරියන් කුරුසයක් මත පදමනම් වී එකල මෙහි ක්‍රිස්තියානින් ජීවත් වී යැයි කීමට හැකි නො වේ. පළමුවෙන් ම නෙස්ටෝරියන් කුරුසය හමුවීම පිළිබඳ සාම්‍ය සමාලෝචනයට බඳුන් වූ ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් තිබේ ද?

අප මේ ප්‍රශ්නය නගන්නේ සාම්‍ය සමාලෝචන හා පර්යේෂණ පත්‍රිකා ගැන අප විශ්වාස කරන බැවින් නොව එය ක්‍රිස්තියානි සම්ප්‍රදායට අයත් නිසා ය. නෙස්ටෝරියන් කුරුසයේ මතුවීම පිළිබඳ ව ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව පළ වී ඇති පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමේ කිසිදු වරදක් නැත. එවැනි කුරුසයක් තිබිණි ද එයින් ක්‍රිස්තියානි ස්ථිර පදිංචිකරුවන් සිටි බවක් ඔප්පු කිරීමට අන්තවාදීන්ට නො හැකි ය. බටහිර ආසියාවෙන් පැමිණි ක්‍රිස්තියානි වෙළෙන්දන් එවැනි කුරුසයක් ගෙන ඒමට ඇති සම්භාවිතාව ඉතා අධික ය. අන්තචාදීන් නෙස්ටෝරියන් කුරුසය තිබූ පමණින් කාශ්‍යප රජු ක්‍රිස්තියානි යැයි කියන්නේ කවර පදනමකින් ද? මේ නම් පැහැදිලිව ම ඉතිහාසය විකෘති කිරීමකි. ඉතිහාසය එලෙස විකෘති කරමින් ම බුදුන්වහන්සේ මෙරටට වැඩම කළ බවට සාක්‍ෂි නැතැයි කියන්නේ ජනප්‍රවාදය ඉවතලමිනි.


ආණ්ඩුව අස්ථායි කිරීම

මේ ආණ්ඩුව බලයට පත්වූයේත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේත් ජාතිකත්වය මුල්කරගෙන ය. ඒ බව ආණ්ඩුවේ මිතුරෝ මෙන් ම සතුරෝ ද දනිති. එහෙත් අවාසනාවකට ආණ්ඩුවේ සතුරන් ඇත්තේ පිටත පමණක් යැයි නොසිතිය යුතු ය. සතුරෝ පිටත මෙන් ම ඇතුළත ද සිටිති. ආණ්ඩුව වඩාත් ම ප්‍රවේසම් විය යුත්තේ ඇතුළත සිටින සතුරන්ගෙනි. මේ සතුරන්ගෙන් ඇතැමෙක් ජාතිකත්වයට විරුද්ධ වූවෝ වෙති. ඔවුන් අද ආණ්ඩුව ජාතිකත්වයෙන් ඈත්කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙයි. ජාතිකත්වයෙන් ඈත්වූ ආණ්ඩුවකට පැවැත්මක් නැත. ආණ්ඩුව අස්ථායිකිරීමට යොදාගත හැකි ප්‍රධාන ම පිරිස වන්නේ ආණ්ඩුව ඇතුළත සිටින ජාතිකත්වයට විරුද්ධ වූවන් ය.

අද ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය කාහට ද? එයට පිළිතුර ඉතා පැහැදිලි ය. ඒ අන් කිසිවකුට නොව ජාතිකත්වයට විරුද්ධ වූවන්ට ය. ජාතිකත්වයට පක්‍ෂ වූවෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙති. අද බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ ද කෙරී ගෙන යන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහි වූ රටවලට (නායකයනට) විරුද්ධ ව කරන සටනකි. එහි ආර්ථික සංරචකයක් ද ඇත. එහෙත් ඒ ප්‍රදේශයේ සිදුවන සියළු කටයුතු ආර්ථිකයට, තෙල් ලිං කිහිපයකට, ලඝු කළ නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිවූ රටවලට විරුද්ධව කරන සටන මෙහෙයවනු ලබන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල් විසිනි.

ලංකාවේ දැනට තෙල් නැත. තෙල් තිබේ යැයි කීව ද ඒ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්නකු නැත. අද ඇමරිකාව ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව අස්ථායි කිරීමට උත්සාහ කරන්නේ ඒ තෙල් බලාගෙන යැයි නො සිතිය යුතු ය. ආර්ථික වශයෙන් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ වෙනත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටකට හෝ ලංකාවේ ඇති වැදගත් කමක් නැත. ඒ රටවල් අද ලංකාවට විරුද්ධ වන්නේ ආර්ථිකයට වඩා සංස්කෘතිය හේතුවක් කරගනිමිනි. අප බොහෝ කලක සිට කියන කරුණක් නම් දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ඇතිකරන ලද්දක් වුව ද එය පෝෂණය කර සූරකිනු ලැබුයේ ඉංගිරිසින් විසින් බව ය. ඔවුන් දෙගොල්ලන් ම එසේ කළේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිරයන් හැකිනම් රට රටවල විසිරුණු දෙමළ ජනයා යොදාගැනීමට උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමට ය. එහෙත් එය එතරම් සාර්ථක නොවන බව මේ වන විට බටහිරයන්ට ද අවබෝධ වී අවසන් ය.

එබැවින් ඔවුහු ලංකාවේ ආණ්ඩුව ඇතුළත මෙන් ම පිටත ද සිටින සතුරන් ආණ්ඩුවට විරුද්ධව යොදාගැනීමට උත්සාහ දරති. අවුරුදු දෙසීයකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනය, එහි ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට ගෙන ආ සියළු විසඳුම් සමග ම නන්දිකඩාල් කලපුවේ ගිල්වා පරාජය කිරීමෙන් පසු බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමකට හෝ ඉන්දු ලංකා ගිවිසුමකට හෝ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයකට හෝ තවත් ඉඩක් නැත. ඒ සියල්ල දැන් අහෝසි වී ඇත්තේ හමුදා මෙහෙයුම් යනු අවසාන වශයෙන් ගතහොත් දේශපාලන විසඳුම් නිසාත් ලංකාණ්ඩුවේ හමුදා ලත් ජයග්‍රහණය සමග දැන් වෙනත්් දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක වන නිසාත් ය. හමුදාවේ මෙහෙයුම් ඉතා පැහැදිලිව ම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොලිස් හා ඉඩම් බලතල පැවරීමට එරෙහිව කරන ලද්දක් විය. හමුදාව ඒ මෙහෙයුම් ජයග්‍රහණය කිරීමෙන් පසුව තවදුරටත් පොලිස් බලතල දීම ගැන හෝ දහතුනට එහා යන විසඳුම් ගැන හෝ කතාකිරීම පවා අර්ථ ශූන්‍ය ය. එසේ කිරීම ජීවිත පූජාවෙන් මෙහෙයුම්වලට සහභාගි වූ රණවිරුවන්ට කරන අපහාසයකි.

බටහිරයන් එක් උපක්‍රමයක් පමණක් ඇතිව ලංකාණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන්නේ යැයි නොසිතිය යුතු ය. ඔවුහු විවිධ අංශ ඔස්සේ විවිධ උපක්‍රම යොදාගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කරති. ආණ්ඩුව අස්ථායි කිරීම සඳහා විවිධ මාර්ග සොයති. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ, එ ජා ප, ඊනියා බුද්ධිමතුන් ආදීන් වශයෙන් ඒ ආයතන හා පිරිස් වෙනස් වෙයි. පසුගිය දා මෙරටට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව භාර (ඔහු කටයුතු කරන්නේ් ඔහුට දකුණු ආසියාව භාර දී ඇතැයි යන පදනමිනි.) ලේකම් බිලේක් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණගැසීමට මහත් උනන්දුවක් ගත්තේ ය. ඩග්ලස් දේවානන්ද මහතා ඔහුට යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණ ගැසීමට අවස්ථාවක් නො සැපයී යැයි කියැවෙයි. එය ඇත්තක් නම් ඩග්ලස් දේවානන්ද මහතාට අපේ ස්තුතිය හිමිවිය යුතු ය. බ්ලේක්ට අනෙක් විශ්වවිද්‍යලයීය ශිෂ්‍යයන් මුණ ගැසුනේ දැයි කීමට නො දෙනිමි. ඔහු යම් අයුරකින් එසේ මුණගැසී ඇත්නම් එය ඉතා භයානක කටයුත්තක් බව අවධාරණය කළ යුතු ය. බ්ලේක් සූදානම් වන්නේ තවත් 1989ක් ඇති කිරීමට ද?

බටහිරයන්ට ආණ්ඩුව අස්ථායි කිරීමට අද ඇති එක් මගක් නම් රටෙහි කැරළි ඇතිකිරීම ය. ආණ්ඩුව ඔවුන්ට එහි දී කිසිදු ඉඩක් නොදිය යුතු ය. ආණ්ඩුවට විරුද්ධව උසිගැන්විය හැකි පහසුම පිරිස තරුණයෝ වෙති. විශ්වවිද්‍යාලවල ද ආයෝජන කලාපවල ද තරුණයෝ වෙති. ආණ්ඩුව මේ ආයතන ගැන වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු ය. මෙහි දී පසුගිය දා කටුනායක ඇති වූ කලබල පිළිබඳව ද අපේ අවධානය යොමු කළ යුතු ය. ජ වි පෙරමුණට ඒ තරුණ තරුණියන් උසිගන්වා ඔවුන් පොලීසියට විරුද්ධව මෙහෙයවීමට හැකි විය. එහි දී එක් තරුණයකු මියගිය අතර ආණ්ඩුව කලබල නොවී කටයුතු කිරීම හේතුවෙන් ජ වි පෙරමුණට තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට නොහැකි විය.

ජ වි පෙ යනු අද වන විට දුර්වල පක්‍ෂයකි. ජාතිකත්වය හමුවේ ඊනියා පැරණි පක්‍ෂවලට අත් වූ ඉරණම අද වන විට වසර පනහකට ආසන්න වයසක් ඇති ජ වි පෙරමුණට ද අත් වී ඇත. එය කැබලි කැබලිවලට කැඩී වෙන්වන තත්වයකට පත් වි ඇත. පසුගිය දා ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ගුණරත්නම් නමැත්තකුගේ නායකත්වයෙන් න්‍යායික වශයන් දරදඬු වූ ව්‍යාජ විප්ලවවාදීන් පිරිසක් කැඩී ගොස් ඇත. ජ වි පෙරමුණේ අධ්‍යාපනික කටයුතු භාරවී සිටි තැනැත්තා ද කාන්තා සංවිධායකවරිය ද කැඩී ගිය කණ්ඩායමේ වෙති. පක්‍ෂයේ ලංකා පුවත්පත ද මෙහෙයවන ලද්දේ මේ කණ්ඩායම විසිනි. මේ කණ්ඩායම න්‍යායික වශයෙන් නම් එතරම් ශක්තිමත් නොවන බව ඔවුන් ලංූකා පුවත්පතේ පළකරන අනුකාරක ලිපිවලින් ද එක් තැනැත්තකු විශේෂයෙන් ම රුසියන් පොත්වලින් පිටපත් කරමින් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ලියූ සත පහක් නොවටිනා පොතෙන් ද හෙළිවෙයි. එහෙත් ජ වි පෙරමුණට මේ අන්තවාදී කණ්ඩායම කැඩී යෑම තදින් දැනෙනු ඇත. කැඩී ගිය කණ්ඩායමේ කිසිම ජාතිකත්වයක් නැත. ඔවුහු ඊනියා ජාත්‍යන්තරවාදියෝ වෙති. ටිල්වින් සිල්වාගේ කණ්ඩායම ද තව තවත් ජාත්‍යන්තරවාදී වනු ඇත්තේ කැඩී ගිය අයට තරගයක් දීමට ය. ඔවුන් ඊනියා විප්ලවවාදීන් වී ඇමරිකානුවන්ගේ බළල් අතක් වීම වැළකිය නොහැකි වනු ඇත. මෙහි භයානක ප්‍රතිඵලය වනුයේ ඊනියා විප්ලවය කෙසේ වෙතත් ඇමරිකානුවන්ට ඒ මුවාවෙන් ව්‍යාජ විප්ලවවාදීන්ගේ මානව අයිතිවාසිකම් රැකීමට යැයි කියමින් ලංකාව ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබීම ය.

අද ජ වි පෙරමුණේ ඇතැමුන් එ ජා පක්‍ෂය සමග සම්බන්ධ වී ඇත. කලින් කී කණ්ඩායම වෙන්වීමට ද එක් හේතුවක් වී ඇත්තේ ජ වි පෙ හා එ ජා ප අතර සරත් ෆොන්සේකා වෙනුවෙන් ගොඩනැගූණු සංධානය ය. අද ඇතැම් විශ්වවිද්‍යාලවල එ ජා ප –- ජ වි පෙ ගුරුවරුන් හා සිසුන් එකට වැඩකරනු පැහැදිලිව පෙනෙන්නට ඇත. බ්ලේක් ජ වි පෙ ඔස්සේ ශිෂ්‍යයන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව පෙළ ගැස්වීමට සූදානම් වන්නේ ද? ආණ්ඩුව අස්ථායී කිරීමට හැකිනම්, එ ජා ප පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්‍ෂ වුව ද එයට හිතවත් ගුරුවරුන් ජ වි පෙ සමග උද්ඝෝෂණවලට එකතුවනු ඇත. ආණ්ඩුව මෙහි දී කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයි. මෙරට ඉතිහාසයේ ජ වි පෙ දෙවැනි ත්‍රස්තවාදයට එළඹුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔස්සේ ය. අද තත්වය එදාට වඩා බෙහෙවින් වෙනස් වුව ද ආණ්ඩුව ප්‍රශ්නය නිවැරදිව විග්‍රහ කිරීමට සමත් වී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකට වඩා උපාධිධාරීන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයකි. නිදහස් අධ්‍යාපනය ඔස්සේ උපාධි ලබන අයට ලැබීමට තිබෙන රැකියා යම් ප්‍රමාණයක් වෙනත්් උපාධිධාරීන්ට ලැබීම මෙහි ප්‍රධාන ප්‍රශ්නය ය. නිිදහස් අධ්‍යාපනයේ නාමයෙන් එයට විරුද්ධවීම ගැන එකඟ විය නොහැකි ය. ඇතැම් දක්‍ෂ ආචාර්යවරුන් වැඩි වැටුපට පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට යෑමෙන් එවැන්නන් රජයේ විශ්වවිද්‍යාලවලට අහිමි වේද යන ප්‍රශ්නය ද ඇත. ඒ කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට රජයේ රෝහල්වල හා වෙනත් ආයතනවල පහසුකම් හා කීර්තිනාම මුදල් ගෙවා හෝ නොගෙවා හෝ යෙදාගැනීමට අවසරදීම නම් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට ප්‍රශ්නයක් වනු ඇත. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ කොළඹ විශ්වවිිද්‍යාලයේ උපාධිය මුලින් කී විද්‍යාලයේ උගත් සිසුන්ට ද ලබාදීිම ය. ආණ්ඩුව මේ හා තවත් ප්‍රශ්න ගැන අවධානය යොමුකර සුද්දන් අපට උරුමකර දුන් අධ්‍යාපනයක් විසින් ඇතිකෙරෙන මේ උපාධි –- රැකියා ප්‍රශ්නයට යම් විසඳුමක් දිය යුතු ය. කිසිම අයුරකින් රට අවුල් කිරීමට ජ වි පෙ, එ ජා ප, දෙමළ ජාතික සංධානය යොදාගැනීමට බටහිරයන්ට ඉඩ නොතැබිය යුතු ය.

මර්වින්ගේ පුණ්‍යකර්මය

මර්වින් සිල්වා ඇමතිතුමා කරන කියන දේ සියල්ල එකක් එකක් නෑර අනුමත කරන්නන් ඇත් දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා පසුගිය දා හලාවත කෝවිලකට ගොස් කළ දේ බොහෝ දෙනකු අනුමත කරන්නේ යැයි සිතමි. ඒ සතුන් පණ බේරාගත්තේ ඇමතිතුමා නිසා ද එසේත් නැත්නම් අධිකරණ තීන්දුවක් නිසා ද යන්න විවාදාත්මක විය හැකි ය. ඒ අධිකරණ තීන්දුවක් නිසා වුවත් ඒ මහතාගේ යම් දායකත්වයක් එහි දී සිදවණු බව ඒ මහතාගේ විරුද්ධකාරයන්ට වුව ද පිළිගැනීමට බලකෙරෙයි. මර්වින් සිල්වා ඇමතිතුමාට ඒ අහිංසක සතුන්ගේ ජීවිත බේරාගැනීමට දායකවීමට ලැබීමෙන් මහත් පිනක් අත්වන්නට ඇත. ඒ අතර කෝවිලට සම්බන්ධ පිරිසක් ඒ මහතාට දඬුවම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් කර ඇති බව ද පැවසෙයි. බලි බිලි බලා සිටින දෙවිවරුන් (මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් ද සිටින බව අමතක නොකළ යුතු ය. එහෙත් ඔවුන්ගේ බල පුළුවන්කාරකම් කෙමෙන් අඩුවන බවක් පෙනෙයි) ඒ මහතා සමග උරණ වුව ද මේ කරුණෙහි දී සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් ඒ මහතා රකිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය.

එහෙත් ඒ පිළිබඳ වෙනත් ප්‍රශ්න නගන්නන් නැතැයි මෙයින් නො කියැවෙයි. මර්වින් සිල්වා මහතා නීතිය අතට ගෙන ක්‍රියා කළේ ද? අධිකරණයේ තීන්දුවක් දුන් පසු එය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ඇත. මන්ත්‍රීවරුන් එයට සහභාගි විය යුත්තේ ඇයි දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් අප රටේ පොලිසියේ ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී දක්වන උදාසීනභාවය වෙනත් කාහටත් වඩා හොඳින් දේශපාලනඥයෝ දනිති. එයට එක් හේතුවක් වන්නේ ද පොලීසිය උදාසීන වීමට ඇතැම් විට අක්‍රියාත්මකවීමට දේශපාලනඥයන්ගේ මැදිහත්වීම බලපෑම ය. අදාළ ප්‍රශ්නයේ දී පොලීසිය අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන තුරු බලා සිටියේ නම් ඇතැම් විට සතුන් බිලිදීම වැළැක්වීමට නොහැකි වන්නට තිබිණි. අතීතයේ දී දේශපාලනඥයන් නීතිය අතට ගැනීමට පොලීසියේ ඇතැමුන් අහිංසක මිනිසුන්ට කරදර කිරීම ද බලපෑ බව නිසැක ය. මුල දී එසේ වුවත් පසුව දේශපාලනඥයන් නීතිය අතට ගැනීම පුරුද්දකට ගොස් ඇති බව පෙනී යයි.

හුණුවටයේ කතාවෙහි අසඩක් ගැන කියන නීති බින්දෝ එය රැකීමට යන වැකිය මෙහි දී මතක් වෙයි. බටහිර නීතිය සකස් වී ඇති ආකාරයට ඇතැම් විට නීතිය රැකිය හැක්කේ එය බිඳීමෙනි. සාධාරණය ඉටුකිරීමට ඇතැම් විට නීති කැඩීමට සිදුවෙයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සාධාරණය යනු කුමක් ද යන්න ය. ඒ ඒ සමාජයේ ඒ ඒ සංස්කෘතියේ සාධාරණය යනු එක ම නොවන බව පැහැදිලි ය. වාස්තවික වූ සාධාරණත්වයක් ලෝකයේ නැත. සාධාරණත්වය සංස්කෘතියට සාපේක්‍ෂ ය. නීතිය යන්න තීරණය වන්නේ යම් රටක පවත්නා දේශපාලන බල තුලනය මත ය. අදාළ රටේ දේශපාලන බල තුලනය රැකීමට නීතිය සකස් වෙයි. නීති සකස් කරනුයේ බටහිර රටවල නම් රජුන් හා දේශපාලනඥයන් හා පූජකවරුන් විසිනි. අද පූජකවරුන් ඒ කාර්යයෙහි දී සෘජුව මැදිහත් නොවන බවක් පෙනී යන නමුදු ඒ එසේ නො වේ. නීතිය සංස්කෘතිය සමග බැඳී ඇත. සංස්කෘතිය ආගම් සමග බැඳී ඇත. බටහිර රටවල අද බලපාන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ය. එය කතෝලික සංස්කෘතියට පටහැණි ය. කතෝලික ආගම හා සංස්කෘතිය බලවත් වූ කාලයෙහි බටහිර ලෝකයෙහි බල පෑ විවාහ නීතිය අද එහි බලපාන විවාහ නීතිය සමග සංසන්දනය කිරීමෙන් වුව ද නීතිය, සංස්කෘතිය හා දේශපාලනය අතර ඇති සම්බන්ධය තේරුම් ගත හැකි ය.

මෙරට නීතිය, සංස්කෘතිය, දේශපාලනය, අධ්‍යාපනය, විද්‍යාව ආදී සෑම ක්‍ෂෙත්‍රයක ම බලපාන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ය. අද සිංහල බෞද්ධයන් ද ක්‍රමයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කිඳා බසින්නේ එහි ආධිපත්‍යය යටතේ ය. විද්‍යාලංකාරය ඊනියා කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් වී දැනුම නිර්මාණයට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ මැදිහත්වීමට එරෙහි වන්නේ ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යටවීම ඔස්සේ ය. එසේ වුවත් බොහෝ සිංහලයන්ට, බෞද්ධයන්ට මෙන් ම කතෝලිකයන්ට ද, තම මුතුන්මිත්තන්ගෙන් උරුම වූ සංස්කෘතියක් ඇත. අද සිංහලයන් බොහෝ විට පරස්පර ක්‍රියාවල යෙදෙන්නේ තම මුතුන් මිත්තන්ගෙන් උරුම වු සිංහල බෞද්ධ සංස්කෘතියෙහි මෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ඔස්සේ තමන් මත පටවා ඇති යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද ජීවත්වීමට උත්සාහ කිරීම හේතුකොට ගෙන ය. මෙය අසහනයකි. බටහිර සංකල්ප අනුව ම සිතන අයකුට අවශ්‍ය නම් එයට සංස්කෘතික ආතතියක් යැයි කිව හැකි ය. බෞද්ධයනට නම් එය තවත් දුකක් පමණකි. මර්වින් සිල්වා මහතා ද දේශපාලනඥයකු ලෙස යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ජීවත්වන අතර තමන්ට උරුම වූ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ද ජීවත්වෙයි. එතුමා කෝවිලට ගොස් බිලි දීමට ගෙනා සතුන් මුදාහැරියේ සිංහල බෞද්ධයකු ලෙස ය. එසේ කිරීමේ දී එතුමා නීතිය අතට ගන්නේ නම් එසේ කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ක්‍රියාත්මක වන දේශපාලනඥයකු ලෙස ය, එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිකාංගයක් රැක ගැනීමට ය. බටහිර රටවල දේශපාලනඥයන් නීතිය අතට නොගන්නේ යැයි නොසිතිය යුතු ය. එහෙත් සංස්කෘතිකව ඔවුන්ට නීතිය අතට ගැනීමට සිදු නොවන්නේ ඔවුන්ගේ රටවල නීතිය හා සංස්කෘතිය දෙකම එකට බැඳී ඇති බැවිනි.

මර්වින් සිල්වා මහතාගේ ප්‍රණ්‍ය ක්‍රියාවට පඬියන් විරුද්ධවීමට ඉඩ ඇත. පඬියෝ වනාහි තමන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මුල් ඇද ගෙන ඇතැයි සිතති. ඔවුන්ට ප්‍රශ්නය වන්නේ මර්වින් සිල්වා මහතා හින්දු සංස්කෘතියට අවශ්‍ය ආකාරයට සතුන් බිලි දීමට ඉඩ නොදීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යය හින්දූන් මත පටවා ඇත්තේ ද යන්න ය. ඔවුන් ඒ ප්‍රශ්නයට ඔව් යැයි පිලිතුරු දී සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇත. අවුරුදු දහයේ දොළහේ ළමුන් පැවිදි කිරීමෙන් ඒ ළමුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි මේ පඬියෝ පවසති. එහෙත් මේ පඬියෝ ද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ද එස් බී දිසානායක ඇමතිතුමා ද රජය ද මෙරට සිංහල බෞද්ධ දරුවනට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අධ්‍යාපනය බලහත්කාරයෙන් දීමෙන් (අනිවාර්ය කිරීමෙන්) ඒ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම ගැන අබමල් රේණුවකවත් අවධානයක් යොමු නො කරති. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල තරම් සිංහල බෞද්ධ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩන ආයතන තවත් නැත.

හින්දු සංස්කෘතියෙහි සතුන් බිලි දීම කළයුතු දෙයක් නම් හින්දුන්ට එසේ කිරීමට ඉඩ දිය යුතු ද? ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මත්පැන් පිළිගැනෙන්නේ නම් මතට තිත යන්න ක්‍රිස්තියානියට විරුද්ධව කෙරෙන මෙහෙයුමක් ද? මත්පැන් තහනම් කිරීම ක්‍රිස්තියානීන්ගේ මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් ද? අප නැවතත් පෙර රජ දවස මෙන් මාඝාතය පැනවුවහොත් එය මුස්ලිමුන්ගේ හා ක්‍රිස්තියානීන්ගේ මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් වන්නේ ද? අප පන්සිල් රකින සමාජයක් ඇතිකර ගන්නේ කෙසේ ද? ඊනියා මානව අයිතිවාසිකම් යන්න ම ක්‍රිස්තියානි සංකල්පයක් වන අතර එය මෙරට දී මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව ක්‍රියාත්මක වෙයි. ඊනියා මානව අයිතිවාසිකම් රැකෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශ්‍ය ආකාරයට බව බොහෝ දෙනාට නොතේරෙන්නේ අපට බලහත්කාරයෙන් ලබා දෙන කසිකබල් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතු කොටගෙන ය.

මානව අයිතිවාසිකම්කාරයෝ රජය හා ජනතාව යනුවෙන් කොටස් දෙකක් හඳුනාගෙන රජයට එරෙහිව මානව අයිතිවාසිකම් යන සංකල්පය වර්ධනය කරති. මොවුන්ට සත්ව අයිතිවාසිකම් යනුවෙන් සංකල්පයක් නැත්තේ ඇයි? එයට ප්‍රධාන හේතුව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි (තිරිසන්) සතුන් මවා ඇත්තේ මිනිසා වෙනුවෙන් බැවිනි. මෑතක් වන තුරුම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බටහිර ජීව විද්‍යාඥයන්ට අනුව තිරිසන් සතුන්ට මනස් නො තිබිණි. දැන් බටහිර ජීව විිද්‍යාඥයන්ගෙන් ඉතා සුළුතර පිරියක් සතුන්ට මනස් ඇති බව පිළිගනිති. මනස් නැති සතුන්ට, මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට, මොන සත්ව අයිතිවාසිකම් ද? එහෙත් සංසාරයෙහි සැරිසරන බෞද්ධයනට, තමන් සතුන් ලෙස ඉපදීමට ඉඩ කඩ ඇති බව දන්නා බෞද්ධයනට, තමන්ගේ මිය පරළොව ගිය ඥාතීන් තිරිසන් සතුන් ලෙස ඉපදීමට හැකි යැයි සිතන බෞද්ධයනට සතුන් මැරීම පාප කර්මයකි. සතුන් මැරීමට අනුබල දීමෙන්, මස් කෑමට වෙළෙඳ දැන්වීම් ඇතුළු විවිධ මාර්ගවලින් හුරුකිරීමෙන් සිංහල බෞද්ධයන් ගේ මානව අයිතිවාසිකම් කඩ වන්නේ ද? මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල බටහිර සත්වවිද්‍යාව ඉගැන්වීම සඳහා බෞද්ධ ශිෂ්‍ය ශිඃ්‍යාවන් ලවා සතුන් මැරවීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් හෝ පුණ්‍ය අයිතිවාසිකම් හෝ කඩ කෙරෙන්නේ ද? මේ සිසුන් ලවා බලහත්කාරයෙන් පවි කරවන්නෝ කවරහු ද? පඬියෝ පිළිතුරු දෙත්වා. අංගුලිමාල සම්බන්ධයෙන් තරම් ප්‍රශ්නය බරපතළ නොවුණ ද, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සනාතන සභා, පීඨ මණ්ඩල ආදිය යම් ප්‍රමාණයකට හෝ වගකිවයුතු යැයි සිතමි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙරට බෞද්ධ රටක් බවට පත්කිරීමට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බාධා කරන ආකාරය ය. මර්වින් සිල්වා ඇමතිතුමා මේ සම්බන්ධයෙන් තම සහෝදර ඇමතිතුමන්ලාගේ අවධානය යොමුකරවන්නේ නම් ඒ මහතාට තව තවත් පින් අත්වනු ඇත.

On so called scientific knowledge IV

The apples and coconuts fall to the earth because of gravitation according to Newton. During Newton’s time the concept of force was associated with pulling and pushing. One could pull or push an object by using a force, which is applied through a rope or a pole or some such object, if not hands or other parts of the body are used directly. In other words a force, not a refined concept then, could be applied on an object only with another object that touched the first. However, unfortunately for Newton he could not show to the others the rope or the object that pulled the coconut or the apple to the earth. When some of his contemporaries wanted to see the rope Newton could only say it was action at a distance. Einstein had not formulated his special theory of relativity then and there was no upper limit on the speed with which “communication” between objects took place. Thus Newton was of the view that it was action at a distance instantly. The earth instantly exerted a force, the gravitational force, on the coconut that made the latter to come down once it was released.

The so called gravitational field was a later introduction following Maxwell who introduced the concept of field in connection with what is now known as electromagnetism. With the introduction of the gravitational field it was possible to describe how an object exerted the gravitational force on a distant second object without directly touching it. However it did not answer the questions that were later asked by Earnest Mach the Austrian Physicist cum Philosopher. Neither the gravitational force nor the gravitational field were not sensory perceptible and the question was whether gravitation existed as a “phenomenon”. In other words it became a problem in Ontology or theory of existence. Though Ontology and Epistemology are considered to belong to different branches in western Philosophy for Buddhists it is not so. It is knowledge of existence that we deal with and it is not possible to draw a line between epistemology and ontology.

How does one prove that “things” exist? One could say that sensory perceptible objects do exist while “objects” that are not sensory perceptible do not exist. Existence is used here in the conventional sense whatever it means. If one defines existence that way then not only Natha Deviyo but also the almighty God of Abrahamic religions does not exist. However, one could say an “object” that is sensory perceptible to at least a few human beings does exist, and if we believe the statements of some people that they have seen various gods then we could say that gods exist. However, others may say that the people who claim to have “seen” gods (gods experienced not necessarily with eyes) are affected by hallucination and they perceive “things” that do not exist. However this begs the question as we have already assumed that what these people perceive do not exist. The question is how we do know that those “objects” “phenomena” experienced by them do not exist? Let us leave the gods and come down to earth with or without gravitation to decide whether gravitation exists. Obviously not even Newton had felt gravitation at that time, and people such as the experimental Chemist whom was referred to in the previous instalment began to feel gravitation only after generations of students had been taught that coconuts are attracted to earth by the gravitational force.

Why did educated people before Einstein formulated his General Theory of Relativity and many such people even after, assume that gravitation existed? In other words how did they know that gravitation existed? It was not because they felt gravitation but simply because gravitation was able to explain why coconuts and apples fell to the ground. Now falling of coconuts was sensory perceptible unlike devivaru to almost all people and gravitation though sensory not perceptible explained a sensory perceptible phenomenon. It may be assumed that until a better definition is formulated, as far as non sensory perceptible “objects”, “phenomena” are concerned one way to show that they exist in the conventional sense is to show that some sensory perceptible phenomena are explained in terms of the relevant non sensory perceptible “objects” and “phenomena” in a consistent manner. Then of course the existence of non sensory perceptible “phenomena” “objects” is assumed if the animals are sensitive to those objects. However one could object to the latter by saying that even there the human beings explain the behaviour of animals on the assumption that such and such non sensory perceptible “objects” “phenomena” exist for the animals to behave in that particular manner. In other words there exist sensory perceptible objects and non sensory perceptible objects in the conventional sense, the sensory perceptible objects being those that could be “felt” with the five sense organs (in this section mind is deliberately omitted from been considered as the sixth sense organ though the Buddhists may object to it, as the western scientists and others of their ilk would not entertain a world grasped only with the mind) and of course with the mind (without mind nothing can be grasped), while the non sensory perceptible objects are those the humans assume to exist in order to explain sensory perceptible “objects” and “phenomena”.

We find dogs reacting in very strange ways when we do not feel anything extra ordinary. The dogs are used to “sense” the trail of a criminal and this “phenomenon” is explained by claiming that they (dogs not the criminals) are sensitive to smells that the humans usually cannot sense. There is no direct experience for the human beings of the smells or the sounds that the dogs are sensitive to, and we believe that those sounds and smells exist because that explains the behaviour of the dogs under certain circumstances. With the help of existing western Physics one could say that the dogs are sensitive to certain sound frequencies to which the humans are not sensitive. It is said that the some birds and fish are sensitive to magnetism or magnetic fields though the humans have no sense organ that would enable them to “feel” magnetism. Even though the human cannot feel magnetism through their sense organs they assume that magnetism and objects with magnetic properties exist that attract metals. People would have probably observed that certain objects had the ability to attract objects such as metals and if we go by the western thinking one person long long ago would have explained this phenomenon of attraction using the concept of magnetism. In Sinhala magnets are called “kantham” derived from kantha most probably of Sanskrit origin, meaning to attract as in the case of suriyakantha, the flower attracted to sun, and of course “kantha pakshaya” or women to whom men are attracted. No “scientist” in the ancient or modern world has explained this attraction using a non perceptible concept representing something that exists in women but the poets, not sparing Bhikkus such as Ven. Thotagamuwe Rahula Thera, have been busy from time immemorial describing the attractive features of the ladies. In a sense it is good that no “scientist” has been able to come out with a dry non sensory perceptible concept to describe this attractive feature for we would have lost all those beautiful poems on women by Rahula Hamuduruwan Vahansela and Sarachchandras not to mention the Bharath and other poets. How many poets other than a few postmodernist pundits who want to show off that they are third rate imitators, have written poems on magnets? Incidentally I use Bharath not to mean present India or an ancient India that did not exist before the British came to our part of the world. In my vocabulary Dambadiva means that land mass north of Sri Lanka or Helaya or Lanka, that existed before the Aryans migrated and Bharath means an area not necessarily coinciding with Dambadiva, after the Vedic culture was established by the Aryans mixing different cultures until the British conquered and founded India. (To be continued)

Copyright Prof. Nalin De Silva

On so called scientific knowledge – III

What is gravitation? The Cambridge educated Chemist who has obtained a Ph. D. in experimental Chemistry from that University, there being not many Theoretical Chemists in the country, has managed to feel gravitation without any extraordinary sense organ. How did and how does he feel gravitation? It is not only him who feels gravitation, as I have found many students at least in the Faculty of Science of the University of Kelaniya accept gravitation as they believe in say experiencing a flower. In fact one of the students told me that he is able to stand up because of gravitation without realizing that many people would claim that they fall because of gravitation. The student concerned is not a moron but probably he thought that he could feel gravitation while he stood up and walked, and if not for the floor he would have been dragged towards the centre of the earth by gravitation.

I must say a few words on western Experimental Chemistry and Theoretical Chemistry and in general western Experimental Science and Theoretical Science before we analyze gravitation in detail. According to a Professor who happens to be an Experimental Chemist in Sri Lanka trained in USA, who did not know of the existence of Theoretical Chemistry until recently, at present Experimental Chemistry is more advanced than Theoretical Chemistry. It may be so but it implies that western Chemistry consists of some experimental facts that cannot be explained satisfactorily. Western Theoretical Science tries to explain by means of theorizing, the knowledge acquired by Experimental Science which of course is based on some basic theory. In the branch of western science I am a little familiar with, namely western Physics, it happens both ways. For example in String Theory there is so much knowledge created in the past few decades without being validated by experiments. Then in Cosmology, western scientists talk of multiverse (many universes) theoretically without any observational knowledge, while they have gathered information of what they call dark energy (the energy due to which the universe has been expanding with an acceleration for the last seven billion years or so as against with deceleration in the previous seven billion years according to western Cosmologists) without being able to explain theoretically for almost fifteen years. In other words western Cosmologists and Astrophysicists do not know what dark energy is. They know that the universe has been expanding with acceleration without knowing what made it to accelerate about seven billion years ago. It appears that a similar situation exists in western Chemistry if we are to believe the learned Professor in Experimental Chemistry.

As I have mentioned previously Galileo and Newton formed a good pair in western Physics combining experiments (observations) and theory. What Galileo had observed/preached in Pisa as well as in Padua in Italy were mainly that what are known as freely falling bodies come down to earth with the same acceleration near the surface of the earth, and that the earth went round the sun without an iota of experimental or observational evidence. The latter information had been obtained from Copernicus who in turn had heard it from Arabs who had been to Bharath. The Astronomers and Mathematicians such as Aryabhatta in Bharath had knowledge of earth going round the sun many centuries before Galileo. It was Newton’s greatness that he was able to combine both these phenomena, if one may call them so, with his theory of gravitation (it is said that the Bharath Mathematicians had speculated on gravitation) and what are known as laws of motion. Now that they have been elevated to theories and laws and no wonder that our Chemist and students feel gravitation through normal sense organs though many people in the world would not have any knowledge of gravitation. The former have been conditioned to think that there is gravitation and they are now being able to “feel” gravitation as their minds have got used to the idea of gravitation. As far as many of the latter are concerned there is no gravitation and they do not make a fuss about feeling gravitation through their senses. I think that those who do not have a sense of gravitation are more sensible than the educated who claim that they can feel gravitation.

Unfortunately for Newton and his followers throughout the world there are many problems that the so called theory of gravitation and the laws of motion face. According to the theory of gravitation and the laws of motion, what a name the laws of motion, it only reflects the arrogance of the westerners, the planets should go round the sun in fixed ellipses but none of the planets obey Newton. They go round the sun dragging the perihelion or the point closest to the sun, and this phenomenon is called the advance of the perihelion. This was known especially in the case of Mercury but Newton or his followers could not explain this discrepancy. Of course the laws of motion had other problems, the most acute being the impossibility of observing the absolute space devoid of any matter or radiation or the first non inertial frame of reference. The moment one finds oneself in this absolute space it ceases to be an absolute space as now there is matter even if one does not consider the presence of mind. Laws of motion are said to be valid in a special type of frames of reference known as inertial frames of reference which are not observable! This speaks volumes for the so called empirical science and later on in the latter part of the nineteenth century the Austrian Physicist cum Philosopher Earnest Mach, one of the founders of positivism, was very critical about these non observables in western Physics.

Now according to the old scientific method, meaning the pre Popperian scientific method - it is interesting to note that the so called scientific method has also changed over the years - a theory, deductions from which do not tally with observations, should be discarded. Though the deduction from Newtonian Gravitation Theory that tells the world that the planets move around the sun along fixed ellipses is in contradiction with observations, the theory was not discarded. In fact after more than three hundred years it is still taught in schools and universities around the world while it goes around the sun in a “moving” ellipse, and many educated people including the Cambridge educated western Chemist who can feel gravitation is under the impression that the Newtonian Theory of Gravitation is valid and that a gravitational force (field) exists independent of the observer as an objective reality. Contrary to the opinion of the Cambridge educated lecturer in western Chemistry, nobody can feel gravitation for the simple reason that there does not exist any gravitational force or field!

Mach who was against using concepts of objects that cannot be observed was critical of the gravitational force as well as of the inertial frames of reference. In fact he objected to the concept of an atom being used in western Physics (or Chemistry) as atoms are not sensory perceptible. Thus he wanted to banish atoms as well as inertial frames of reference together with gravitation that could not be “grasped” through the five senses. His ideas influenced Einstein who formulated the Theory of General Relativity not only without inertial frames of reference but also without gravitation. Einstein said that coconuts or apples fall to the earth, not because of gravitation, but due to variations in what is known as the Riemann Curvature Tensor. Thus according to Einstein there is no universal gravitation and had banished inertial frames of reference.

In spite of Einstein, inertial frames and gravitation are taught to the students and the question may be asked as to why the students have to go through the task of learning of objects that do not even exist in the sense that the flowers exit. We can also ask the question as to whether Newton’s theory of gravitation is a myth. Was it an illusion, delusion or hallucination? We continue to hear that gravitation exists when there is nothing called gravitation. Can those who talk of gravitation be called scientific hallucinates? Then what can be said of the western Chemist and others who can feel “gravitation”? (To be continued)

Copyright Prof. Nalin De Silva

Saturday, 17 September 2011

ආලෝකයේ වේගයට වැඩි වේගවලින් කෙරෙන සංනිවේදනය

අයින්ස්ටයින් විශේෂ සාපේක්‍ෂතාවාදය නිර්මාණය කළේ ය. ඔහු එහි දී කාලය හා අවකාශය යන සංකල්ප එකතු කළේ ය. ඉන්පසු කාලය හා අවකාශය වෙන වෙන ම ගැනීම ඔහුට අනුව වරදක් විය. එපමණක් නොව විශේෂ සාපේක්‍ෂතාවාදයේ කියැවෙන කරුණු අනුව අංශුවකට ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය විය නො හැකි ය. එහෙත් ෆෝටනයක්, අවශ්‍ය නම් ආලෝක තරංග පොදියක්, ආලෝකයේ වේගයෙන් චලනය වෙයි. අයින්ස්ටයින්ට අනුව අපට සංනිවේදනය කළ හැක්කේ උපරිම ව ගතහොත් ආලෝකයේ වේගයෙනි. ඒ ෆෝටෝන යොදාගෙන ය. වෙනත් අංශු යොදගෙන සංනිවේදනයෙහි යෙදෙන්නේ නම් ඒ අංශුවලට චලනය විය හැක්කේ ආලෝකයට අඩු ප්‍රවේගයකින් බැවින් සංනිවේදනයෙහි වේගය ද එයට අඩුවෙයි.

ශබිදයේ වේගය ද ආලෝකයේ වේගයට අඩුවන්නේ ශබිද තරංග යැවීමේ දී ද අප යොදාගන්නේ සාමාන්‍ය අංශු බැවිනි. එහෙත් ප්‍රශ්නය වනුයේ අලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කිරීමට අපට නො හැකි ද යන්න ය. පැටළුණු ක්වොන්ටම් අංශු (entangled quantum particles) එකිනෙක සමග අනන්ත වේගයකින් සංනිවේදනය කරන බව බෝර් කීවේ ය. ඔහුට එසේ කීමට සිදුවූයේ එසේ පැටළුණු අංශුවක යම් ගුණයක් මැන්නවිට අනෙක් අංශුවට ද ඒ ක්‍ෂණයෙහි ම ඒ ගුණයට අගයක් ලැබෙන බව ඔහුට උපකල්පනය කිරීමට සිදු වූ බැවිනි.

අප මෙය කලින් යම් ප්‍රමාණයකට විස්තර කර තිබුණ ද බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය (සංස්කරණය) කෙරෙන ආකාරය තේරුම් ගැනීමට ඒ උපකාරී වන බැවින් තරමක විස්තරයක් කළ යුතු යැයි සිතමි. ක්වොන්ටම් භෞතිකයෙහි කෝපන්හේගන් විවරණයට අනුව අංශුවක යම් ගුණයක අගය එය මැනීමට පෙර කිව නො හැකි ය. නිව්ටෝනීය අංශුවක් සම්බන්ධයෙන් වුව ද ඒ එසේ නොවන්නේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බසයක වේගය මැනීමට පෙර බසයෙහි වේගය කුමක් දැයි කිව නොහැකි බව මෙහි දී පෙන්වා දෙනු ඇත.

එහෙත් බසයෙහි වේගය මැනීමට පෙර ද බසයට වේගයක් ඇත. බසය යම්කිසි වේගයකින් ගමන්කරන බව අපි දනිමු. අප මැනීමෙන් කරන්නේ ඒ වේගය කුමක් දැයි දැනගැනීම පමණකි. බසය එක්වර වේග කිහිපයකින් ගමන්කරන බවත් මැනීමෙන් පසුව බසය ඉන් එක් අගයක් පමණක් ගන්නා බවත් යම් කිසිවකු කීවොත් අපි එය විශ්වාස නො කරමු. එක්වර වේග රාශියකින් ධාවනය වන බසයක් ගැන අපි නො දනිමු. එහෙත් බෝර්ට හා කෝපන්හේගන් විවරණයට අනුව ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ නම් එහි වේගය කුමක් දැයි අපි නො දනිමු. අපට කිව හැක්කේ අංශුවේ වේගය මැන්නොත් එයට අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාවක් ඇති බව ය.

උදාහරණයක් ලෙස විසිකරන ලද දාදු කැටයක් අවසානයේ දී කිනම් පැත්තක් උඩට සිටින ලෙස පෙරළේ දැයි අපට කිව නො හැකි ය. එවැනි අවස්ථාවක දී අපට කිව හැක්කේ දාදුව ඕනෑම පැත්තකට පෙරළිමට හයෙන් එකක සම්භාවිතාවක් තිබෙන බව පමණ ය. එහෙත් දාදුව අවසානයේ දී බිමට වැටීමෙන් පසු (එහි අගය මැනීමෙන් පසු) එයට නිශ්චිත අගයක් ලැබෙයි. දාදුව බිමට වැටීමට පෙර ඒ කුමන පැත්තකට හැරී තිබුණේ ද යන ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයෙන් ලැබෙන පිළිතුර නම් එයට අගයක් ඇති බවක් කිව නොහැකි ය යන්න යැයි සිතමු. අප එසේ සිතන්නේ ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැනීමට පෙර ඒ අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් අගයක් ඇතැයි කීමට නොහැකි යැයි කෝපන්හේගන් විවරණයෙන් කියැවෙන නිසා ය.

කෝපන්හේගන් විවරණයෙන් එවැනි පිළිතුරු ලැබෙන්නේ බෝර් ආදීන් ඉන්ද්‍රියානුභූතවාදීන් (positivists) වු බැවිනි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෑ ඇතැයි කීමට ඉන්ද්‍රියානුභූතවාදියෝ මැළිවූහ. එහෙත් දැන් දැන් බටහිර භෞතික විද්‍යාඥයෝ එවැනි අංශුවලට එක්විට ඒ ගුණයට අදාළ සියළුම අගය ගතහැකි බව විශ්වාස කරති. එසේ කීමේ දී ඔවුන්ට ඇරිස්ටෝටලීය න්‍යායට (logic) විරුද්ධව යෑමට සිදුවන බව ඔවුහු දනිති. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඔවුන්ට අද එසේ කිරීමට සිදු වී ඇත. ඇරිස්ටෝටලීය න්‍යායට අනුව අංශුවකට එක් ගුණයක් සම්බන්ධයෙන් එක්විට එක් අගයකට වඩා තිබිය නො හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යායෙහි එවැනි බාධාවක් නොමැති බව අවධාරණය කළ යුතු ය.

පැටළුණු අංශු සම්බන්ධයෙන් කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් මතු කළේ අයින්ස්ටයින් ය. යථාර්ථවාදය දැඩිව විශ්වාස කළ අයින්ස්ටයින් කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂෙප කළේ ආධානග්‍රාහීව ය. ඔහුට අනුව ක්වොන්ටම් අංශුවලට ද මනින්නට පෙර යම් ගුණයකට නිශ්චිත අගයක් තිබිය යුතු විය. ඔහු දැඩිව ඒ මතයෙහි එල්බගෙන සිටියේ ය. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි ඔහු කීවේ සම්භාවිතාවන් ගැන විශ්වාසයක් නොතබමිනි. ඔහු එසේ නිශ්චිත අගයක් තිබෙන බවට තර්ක කිරීම සඳහා පැටළුණු අංශු යොදා ගත්තේ ය. ඔහු කියා සිටියේ පැටළුණු අංශු ආරම්භයේ දී යම්කිසි ගුණයක් සම්බන්ධයෙන් අංශුවල අගයන්ගේ එකතුව ශුන්‍ය වන්නේ නම් එක් අංශුවක එම ගුණය මැන්න විට අනෙක් අංශුව ඒ අදාළ අගයට විරුද්ධ අගය ගත යුතු බව ය. අයින්ස්ටයින්ට අනුව එයින් කියැවෙන්නේ පළමු අංශුවේ ගුණයක් මැන්න කළ දෙවැනි අංශුවේ අදාළ ගුණය මැනීමට පෙර ම එම අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගයක් ඇති බව ය. එහෙත් අයින්ස්ටයින් කියා සිටියේ දෙවැනි අංශුවට එලෙස අගයක් ගැනීමට පළමු අංශුවෙහි අදාළ ගුණය මැනීමෙන් පසුව පළමුවැන්නේ සිට දෙවැන්නට ක්‍ෂණිකව සංනිවේදනයක් විය යුතු බව ය. එහෙත් සාපේක්‍ෂතාවාදයට අනුව එලෙස ක්‍ෂණික සංනිවේදනයකට ඉඩ නැති බව ද එවැනි සංනිවේදන (අන්තර් ක්‍රියා) ඇත්නම් ඒ අද්භූත ක්‍රියා (spooky action) විය යුතු යැයි ද ඔහු කියා සිටියේ ය. ඔහු කෙටියෙන් කියා සිටියේ කොාපන්හේගන් විවරණය අසම්පුර්ණ බව ය.

බෝර්ගේ පිළිතුර වූයේ පැටළුණු අංශු දෙක සමස්තයක් ලෙස මිස අංශු දෙකක් ලෙස නොගත යුතු බව ය. එමගින් බෝර් ක්‍ෂණික සංනිවේදනය පිළිබඳ ප්‍රශ්නය මග හැරියේ ය. කෙසේ වෙතත් පසුව ඇස්පෙ විසින් කරන ලද පරීක්‍ෂණවලින් පෙනී ගියේ අංශු අතර යම් සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බව ය. එහෙත් එයින් අංශු අතර ක්‍ෂණිකව සංනිවේදනයක් සිදුවන බවක් (අංශු දෙක සමස්තයක් ලෙස ගතහැකි බවක්) නො කියැවෙයි. ඇතැම් විට අංශු අතර ආලෝකයට වැඩි වේගයකින් සංනිවේදනයක් සිදුවන නමුත් ක්‍ෂණික සංනිවේදනයක් සිදු නොවනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් පැටළුණු අංශු නිව්ටෝනීය (අයින්ස්ටයිනීය) අංශු මෙන් ක්‍රියා නොකරන බව පැහැදිලි ය. එහෙත් අයින්ස්ටයින් යථාර්ථවාදයේ හා තම ප්‍රවාදවල ආධානග්‍රාහීව එල්බ ගනිමින් පැටළුණු අංශු ද, සාධාරණ වශයෙන් ගත්කල ක්වොන්ටම් අංශු ද, සම්භාව්‍ය අංශු මෙන් ඊනියා යථාර්ථවාදයට හා ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වෙමින් හැසිරිය යුතු යැයි විශ්වාස කළේ ය.

මේ පිළිබඳ බටහිර භෞතික විද්‍යාවට මෙයට වැඩි යමක් කිවහැකි නො වේ. එයට අනුව අඩුතරමෙන් ඊනියා ස්ථානීය යථාර්ථවාදය (local reality) ප්‍රතික්‍ෂෙප වී ඇත. එහෙත් මෙරට ඊනියා යථාර්ථවාදීන්ට මේ පිළිබඳ හාන්කවිසියක්වත් නැත. තමන්ට නොවැටහෙන ක්වොන්ටම් භෞතියක් ගැන ලියූ ජනතා විමුක්ති පෙරමුණේ කසිකබල් පූබුදු ජාගොඩ නමැත්තෙක් තමාගේ නොදැනුම පමණක් ලොවට හෙළි කළේ ය. බටහිර භෞතික විද්‍යාව අද සංසන්දනය කළ හැක්කේ ගලේ මළ පහකළ බළලකුට ය. පැටළුණු අංශු සමස්තයක් ලෙස ක්‍රියා කරන්නේ ද එසේ ක්‍රියා කළත් සමස්තබව නැතිවන්නේ කෙසේ ද එවැනි අංශු අතර සංනිවේදනය යනුවෙන් හැඳින්විය හැකි ක්‍රියාවලියක් සිදුවන්නේ ද ආදී ප්‍රශ්නවලට බටහිර භෞතික විද්‍යාවට පිළිතුරු නොමැත.

බටහිර භෞතික විද්‍යාවට අවශ්‍ය වූයේ මුළු විශ්වයට ම බලපාන ප්‍රවාද සොයාගැනීමට ය. සියළු අංශු එක් අයුරකින් ක්‍රියා කළ යුතු යැයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කළහ. එය ආධානග්‍රාහී විශ්වාසයක් විය. ඒ පිටුපස ඇත්තේ යථාර්ථවාදයක් කෙරෙහි වූ ආධානග්‍රාහි විශ්වාසයයි. ඇරිස්ටෝටලීය න්‍යාය කෙරෙහි ද බටහිරයන්ට වූයේ ආධානග්‍රාහී විශ්වාසයකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ගැන කතාකරන්නවුන් අපට කියන දෙයක් නම් බටහිර විද්‍යාව ආධානග්‍රාහී නොවන බව ය. ඔවුන් කියන්නේ ප්‍රවාද දිගින් දිගට ම වෙනස්වන බව ය. එහෙත් බටහිර විද්‍යාවට පදනම් වූ යථාර්ථය ආදිය වෙනස් කිරීමට ඔවුන් සූදානම් නැත. කෝපන්හේගන් විවරණය යථාර්ථවාදයට පිටුපා ඉන්ද්‍රිනුභූතවාදයක් පසුපස ගිය ද අද බටහිර භෞතික විද්‍යාඥයෝ කෙසේ නමුත් නැවතත් යථාර්ථයට පිවිසීමට උත්සාහ කරති. කෝපන්හේගන් විවරණය ඔවුන් අතින් විවේචනයට ලක්වන්නේ එබැවිනි. ඉන්ද්‍රියගෝචර සංසිද්ධි පිටුපස ඇති ඊනියා යථාර්ථයක් මතුකර ගැනීමට ඔවුහු උත්සාහ දරති.

ඔවුන්ට අද ඇරිස්ටෝටලීය න්‍යායට පිටුපෑමට සිදු වී ඇති නමුත් ඒ තාවකාලික යැයි මම සිතමි. ඇරිස්ටෝටලීය න්‍යායෙහි පදනමෙහි ඇත්තේ ම ද්‍රව්‍යවල පැවැත්ම ය. ද්‍රව්‍ය චලනය වෙයි. එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට මාරු වෙයි. එහෙත් ද්‍රව්‍ය, ද්‍රව්‍ය ලෙස ගත්කල වෙනස් නොවන්නේ යැයි බටහිරයෝ විශ්වාස කරති. මතුපිටින් පෙනෙන වෙනස ඉක්මවා යන වෙනස් නොවන ද්‍රව්‍යභාවයක් තිබෙන්නේ යැයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ ආත්මවාදය මිස අනෙකක් නො වේ. බටහිරයෝ ආධානග්‍රාහීව ආත්මවාදයක එල්ලී සිටිති.

ඊනියා යථාර්ථයක් ක්‍ෂණයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. ක්‍ෂණයක් යන්න ද පඤ්ඤත්තියක් වනුයේ කාලය පඤ්ඤත්තියක් බැවිනි. ක්‍ෂණය යන්න එලෙස පණවන ලද්දක් වූ කල ඊනියා යථාර්ථයක් ක්‍ෂණයකට වුවත් පැවතීම යන්න අර්ථශූන්‍ය ප්‍රකාශයකි. අප ආත්මවාදයට විරුද්ධවන්නේ ආධානග්‍රාහීව නොවන බව මෙහිලා සඳහන් කළ යුතු ය. එසේ විරුද්ධවන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් හා අවශ්‍ය අවස්ථාවල අනුමානයෙනි (inference). මේ බුදුන්වහන්සේ අනුදැන වදාළ ක්‍රමය වෙයි. මෙහි දී ප්‍රත්‍යක්‍ෂය යන්න හුදු පංචෙන්ද්‍රියන්ට ගෝචරවන සංසිද්ධි පමණක් නොවන බව ද අමතක නොකළ යුතු ය.

පංචෙන්ද්‍රියන්ට අමතරව මනස ද ඉන්ද්‍රියක් ලෙස බෞද්ධයෝ සළකති. මනස ප්‍රධාන ඉන්ද්‍රිය වෙයි. එහෙත් බටහිරයෝ ඒ ප්‍රධාන ඉන්ද්‍රිය නො සළකති. බෞද්ධයන්ට අනුව මනස පමණක් වුවත් ක්‍රියාත්මක විය හැකි අතර අනෙක් ඉන්ද්‍රියන්ට ක්‍රියාත්මක වීමට නම් මනස ද අවශ්‍ය වෙයි. මනස නොමැතිව අනෙක් ඉන්ද්‍රියන්ට තනි තනි ව ක්‍රියාත්මක විය හැකි නො වේ. බටහිරයන්ගේ චින්තනයෙහි වූ දුර්වලකම හේතුකොටගෙන ඔවුහු මනසට පමණක් පෙනෙන දෙවියන් මායාවක් යැයි ගනිමින් මනසටවත්, අනෙක් ඉන්ද්‍රිය ඇතිව මනසටවත්, නොපෙනෙන ගුරුත්වාකර්ෂණයක් ඊනියා යථාර්ථය ලෙස සළකති.


ශ්‍රී ල නි පක්‍ෂයට හැට පිරෙයි

ශ්‍රී ල නි පක්‍ෂය ගැන කතාකිරීම 1951න් ඇරඹිය නො හැකි ය. එම පක්‍ෂය පිහිටුවන ලද්දේ ඒ වර්ෂයේ වුව ද මෙරට ජාතිකත්වය අගය කළවුන් ජාතිකත්වයට පටහැණි වුව ද දේශපාලන පක්‍ෂයක් සොයමින් සිටියේ එයට බොහෝ කලකට පෙර සිට ය. ලංකා සමසමාජ පක්‍ෂය 1931 දී පිහිටුවන විට ද 1946 දී එ ජා පක්‍ෂය පිහිටුවන විට ද ජාතිකත්වය අගය කළ ඇතැමුන් ඒ පක්‍ෂවලට බැඳුනේ, එසේත් නැත්නම් හිතවතුන් වූයේ වෙනත් පක්‍ෂයක් නොතිබූ බැවින් බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසුව ජාතිකත්වය අගයන අයට දේශපාලන පක්‍ෂයක් ලැබිණි. එහෙත් මෙරට ජාතිකත්වයට දේශපාලන පක්‍ෂ නො ගැලපෙයි. දේශපාලන පක්‍ෂ ද අපට ලැබුණේ බටහිරිනි. මුලින් ම එංගලන්තයේ පිහිටුවන ලද දේශපාලන පක්‍ෂ අපට ලැබුණේ මාක්ස්වාදය ඔස්සේ ය. ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවන තුරු මෙරට දේශපාලන පක්‍ෂයක් බිහි නොවුණේ ද ජාතිකත්වය නිසා විය හැකි ය. ඒ කුමක් වුවත් අද ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් ජාතිකත්වයට සරිලන දේශපාලන ව්‍යුහ සකස් කරගන්නේ කෙසේ ද යන්න ය. දේශපාලන පක්‍ෂ අපටත් අප වැනි වෙනත් රටවලටත් නොගැලපෙන බව පැහැදිලි ය.

සිංහල ජාතිය පණ්ඩුකාභය රජු දවස බිහිවුණ ද සිංහල බුදුදහම මිහිඳු හිමියන් විසින් සකස් කෙරුණ ද, මෙරට ජාතිකත්වය අපට ලබාදුන්නේ ගැමුණු රජු ය. ගැමුණු රජු ජාතියේ වීිරයා වන්නේ අපට ව්‍යවස්ථාවක් සකස්කර දුන් නිසාත් සිංහල බෞද්ධ රාජ්‍යය තහවුරු කළ නිසාත් ය. එදා සිට ඉංගිරිසින් මෙරට ආක්‍රමණය කරන තුරු ම අප රට කරවනු (රට කරවීම යන්න අපේ සංකල්පය වෙයි. සංවර්ධනය යනු පරිසරයට විරුද්ධ සංකල්පයකි) ලැබුයේ ගැමුණු ව්‍යවස්ථාව අනුව ය. සියළු ජාතික වීරයන් හැඩගැසුණේ ගැමුණු රජු ආදර්ශයට ගනිමිනි. බෞද්ධයකු ලෙස යුද්ධ කරන්නේ කෙසේ දැයි මුළු ලෝකයට ම කියා දුන්නේ ගැමුණු රජු ය. ඉංගිරිසි යටත්විජිත යුගයේ බිහි වූ කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා ආදී ජාතික වීරයෝ ගැමුණු රජුගේ ආභාසය ලත් අය වූහ. ඔවුහු අපේ නායකයෝ වූහ. එහෙත් ඉන් පසු අපට නායකයන් ලබාදුන්නේ ඉංගිරිසින් විසිනි. මුල් කාලයේ අපට ලැබුණේ සංස්කෘතියෙන් මෙන් ම ආගමෙන් ද ක්‍රිස්තියානි වූ බර්ගර් ජනවර්ගයට අයත් නායකයන් ය. ඔවුහු ඊනියා ලාංකික ජාතියක් ගොඩනැගීමට වෑයම් කළහ. ඔවුන්ට පසුව ලාංකික ජාතියේ නායකයන් වූයේ දෙමළ වෙල්ලාලයන් ය. ඉංගිරිසි කතාකරන සිංහල නායකයන්ට ඉංගිරිසි ආණ්ඩුවෙන් හිමිවූයේ තුන්වැනි තැන ය.

දහනවවැනි සියවසේ අගභාගයේ දී සිංහල බෞද්ධයෝ 1848 නිදහස් අරගලයෙන් පසුව නැවත වරක් සංවිධානය වූහ. එහි ගිහි නායකයා වූයේ අනගාරික ධර්මපාලතුමන් ය. එහෙත් වැඩිකල් එතුමන්ට ඒ අරගලය කරගෙන යෑමට නොහැකි විය. ඇමරිකාවෙන් පැමිණි ඕල්කට්තුමා ප්‍රමුඛ පරම විඥානාර්ථවාදියෝ ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය ඩැහැගෙන ගසා කෑවෝ ය. ධර්මපාලතුමා ඉන්දියාවට ගිය අතර ඕල්කට් බුද්ධාගම මෙරට උගත් බෞද්ධයන් අතර තහවුරු විය. ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඒ අතර ඕල්කට් බුද්ධාගමේ නායකයන් ලෙස පළමුව ඩී බී ජයතිලක මහතා ද පසුව සේනානායකවරුද ඉදිරියට පැමිණියහ. ඔවුන්ට මුල දී ඉංගිරිසින් අතර හෝ රටේ ජනතාව අතර හෝ තැනක් නො වී ය. එහෙත් ඕල්කට් බුද්ධාගමේ පිහිටෙන් ඔවුහු සිංහලයන් අතර නායකත්වයට පත්වූහ. සේනානායකවරු තමන්ට මුල දී උපකාර කළ ඩී බී ජයතිලක මහතා පසුව ඉන්දියාවට යැවීමට සමත්වූහ.

ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඕල්කට් බෞද්ධයන්ට රටේ නායකත්වය හිමි විය. එයට සර්වජන ඡන්දය ඉහළින් ම බලපෑවේ ය. බොහෝ ජාතිකවාදීහු මාක්ස්වාදයේ යටත්විජිත විරෝධයට ද ඕල්කට් බෞද්ධයන්ගේ අමද්‍යප ව්‍යාපාරය වැනි ව්‍යාපාරවලට ද රැවටුණහ. එහෙත් එසේ නොරැවටුණු ජාතිකවාදීහු විශාල ප්‍රමාණයක් මෙරට වාසය කළහ. ඔවුහු නායකයකු සොයමින් කල් ගත කළහ. සිංහල ජාතිකවාදය දෙමළ ජාතිකවාදය මෙන් නොව පහත සිට උඩට ක්‍රියාත්මක වෙයි. නායකයා පැමිණ අනුගාමිකයන් පිරිසක් ඇතිකර ගැනීමක් මෙහි දී සිදු නො වේ. මාක්ස්වාදී පක්‍ෂ ගැන මෙන් ම එ ජා පක්‍ෂය සම්බන්ධයෙන් ද කිව හැක්කේ නායකයන් අනුගාමිකයන් සොයාගත් බව ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය එසේ නො වී ය. බණ්ඩාරනායක මහතා එ ජා පක්‍ෂයෙන් අස් වී ශ්‍රී ල නි පක්‍ෂය ආරම්භ කල සැණින් ජනතාව ඒ වටා රොක් නො වූහ. සිංහල ජාතිකවාදීහු බණ්ඩාරනායක මහතාට කල් දුන්හ. එතුමාට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කර ගැනීමට කල් දුන්හ. බණ්ඩාරනායක මහතා 1952 දී මහා මැතිවරණය තරඟ කළ අවස්ථාවේ දී එතුමාගේ ශ්‍රී ල නි පක්‍ෂයට එතරම් ආසන සංඛ්‍යාවක් නො ලැබිණි. ල ස ස පක්‍ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව ම ශ්‍රී ල නි පක්‍ෂයට ද ලැබිණි. එහෙත් 1953න් පසුව ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් විය. ශ්‍රී ල නි පක්‍ෂය ඉන් පසු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු ය යන ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය.

ශ්‍රී ල නි පක්‍ෂය වටා සිංහල ජාතිකත්වය එක්වීමට පටන් ගත්තේ ඉන් පසුව ය. මින්නේරිය ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ජයගත්තේ ය. ඉන් පසු පරාජයට වඩා ජය ශ්‍රී ල නි පක්‍ෂයේ උරුමය විය. මට තේරුම් යන අයුරින් ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය සකස්් කරවීමට සිංහල ජාතිකත්වය සමත් විය. 1956 මේ සියල්ලෙහි එක්තරා උචිචස්ථානයක් විය. ශ්‍රී ල නි පක්‍ෂයට විප්ලවකාරී සමසමාජ පක්‍ෂය භාෂා පෙරමුණ ආදී පක්‍ෂ එකතුවීමෙන් ම එ පෙ නම් සංවිධානය බිහිකරනු ලැබිණි. 1954 දී පමණ සිංහල ජාතිකවාදීහු ඩඩ්ලි සේනානායක මහතා හමුවී සිංහල ජාතිකත්ව පක්‍ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියහ යැයි කියැවෙයි. එහෙත් හර්තාලයෙන් බැට කා සිටි ඩඩ්ලි සේනනායක මහතා ඒ අවස්ථාවේ දී බණ්ඩාරනායක මහතාට ආරාධනය කරන ලෙස සිංහල ජාතිකවාදීන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ල නි පක්‍ෂයට ක්‍රම ක්‍රමයෙන් සිංහල ජාතිකවාදීහු ගොනුවූහ. එහි දී සිංහලයන් මෙන් ම මුස්ලිම් ජනයා ද දෙමළ ජනයා ද ශ්‍රී ල නි පක්‍ෂයට බැඳුණු බවත් අදාළ ජන අනුපාතවලින් ඒ බව හෙළිදරවු වන බවත් සඳහන් කළ යුතු වෙයි. කෙසේ වෙතත් 1956 වන විට සිංහල ජාතිකත්වයේ අවශ්‍යතාව ශ්‍රී ල නි පක්‍ෂය ඔස්සේ ඉටු කර ගැනීමට ජාතිකවාදීහු සූදානම් ව සිටියහ. ඒ සූදානම මහජන එක්සත් පෙරමුණ දක්වා පුළුල් විය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට හෝ මහජන එක්සත් පෙරමුණට හෝ ජාතිකත්වය මත ගොඩනැගුණු ප්‍රතිපත්ති මාලාවක් තිබිණි යැයි කිවහැකි නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් නොමැති වී යැයි ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ නිසා විය හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය ජාතිකත්වය, යටත්විජිත විරෝධය, බටහිර ලිබරල්වාදය හා මාක්ස්වාදී සමාජවාදය මතුපිටින් මුසුකර ගැනීමෙන් සකස් විය. ඒ හේතුවෙන් ම එහි පරස්පර හා අවිනිශ්චිත භාවයන් විය. අවාසනාවකට සිංහල ජාතිකත්වය යන්න පිළිබඳව ද ජාතිකවාදීන්ට ද නිශ්චිත පැහැදිලි හැඟීමක් නො වී ය. සිංහල බෞද්ධ ජාතිකත්වයෙහි දේශපාලන පක්‍ෂ තිබිය නොහැකි බව බොහෝ ජාතිකවාදීනට ද අවබෝධ නො වී ය. පක්‍ෂ නොතිබීම ඒකාධිපතිවාදයට අත වැනීමක් ලෙස අනුරාධපුර යුගයේ වැඩවසම් සමාජයක් දකින පඬියන් ප්‍රකාශ කරනු ඇත. මාක්ස්වාදී සමාජවාදය සිංහල ජාතිකත්වයට නුහුරු වූවක් නොවන බව ඇතැමුන් කියා සිටියේ බටහිර කෙටිකතාව හා ජාතක කතාව අතර සාම්‍යයක් දුටු පදනමෙන් මිස ගැඹුරෙන් ඒ ගැන කරන ලද හැදෑරීමකින් පසුව නො වේ. මාක්ස්වාදී සමාජවාදය හා සිංහල බෞද්ධ ජාතිකත්වය යා දෙක නොරත රත සමග පෑහීමක් නොවන අයුරින් වෙයි. ජනසතුව යනු රාජ්‍ය සතුවක් මිස ජනභාරකරත්වයක්වත් නොවන බව අදත් බොහෝ අයට නො තේරෙයි.

කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතාගේ හා මහත්මියගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මෙරට ජාතිකත්වයට යම් සේවයක් ඉටුවිණි. එය නැතිකර ශ්‍රී ල නි පක්‍ෂය පීලිපන්නවා විජාතිකත්වයට සේවය කරන පක්‍ෂයක් ලෙස සකස්කිරීමේ අවශ්‍යතාව මෙරට සතිඅන්ත කසිකබල් පුවත්පතක කතුවරයකුට හා තවත් අයට තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් ආණ්ඩුවේ වෙති. බණ්ඩාරනායක යුවළගේ දරුවකු වුව ද පනස්හයේ දරුවකු නොවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලැබුයේ ඒ අවශ්‍යතාව පරිදි ය. ඇය සිංහල බෞද්ධ විරෝධී ස්ත්‍රියකි. විජය කුමාරතුංග මහතා ද එසේ ම විය. ඔවුන් බලයේ සිටි කාලය ශ්‍රී ල නි පක්‍ෂයේ දුර්දාන්ත කාල පරිච්ඡෙදයක් විය. එහෙත් ජාතිකවාදීන්ට මේ බලවේග පරදවා 1951 දී බණ්ඩාරනායක මහතා සමග එ ජා පක්‍ෂයෙන් ඉවත් වූ ඩී ඒ රාජපක්‍ෂ මහතාගේ පුතකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයා බවටත් රටේ නායකයා බවටත් පත්කිරීමට හැකි විය. ශ්‍රී ල නි පක්‍ෂයට හා සන්ධානයට වෙනත් කිසිවක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අතිමහත් ගෞරවය හිමිවෙයි. හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ජාතික බලවේගවල නායකත්වයෙන් රට නැවතත් එක්සේසත් කිරීමේ ගෞරවය ශ්‍රී ල නි පක්‍ෂයේ ද නායක මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවෙයි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ අනෙක් බොහෝ දෙනකුගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව අපට කිසිසේත් ම සෑහීමකට පත්විය නො හැකි ය. මහා පරිමාණයේ දුෂණ ගසාකෑම් පක්‍ෂයේ ඇතැමුන් අතින් සිදුවෙයි. අද රට කරවනුයේ ජාතිකත්වය මත පිහිටා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය යටතේ විජාතික බලවේගවලට රට සූරාකෑමට ඉඩ දීම පංචානන්තරීය පාපකර්මයක් ලෙස සැලකිය හැකි ය. හැට පිරෙන මේ මොහොතේ පක්‍ෂය බටහිර සංවර්ධන ආකෘතියට නොව රට කරවීමට යොමු විය යුතු ය.

Wednesday, 14 September 2011

“Vedi Bana” of India

India may be a single state nominally. It claims to have a pseudo federal constitution and has a Lok Sabaha at Delhi. However are the citizens of India, Indians first and then Sikhs, Tamils, Bengalis etc., or the other way round? If not for cricket, of course introduced by the British Raj and for Hindi films is there an Indian identity as such? India which had never been a single polity until the English came to that part of the world, is ruled according to the structures introduced by the Englishmen, with the English speaking Viceroy replaced by a Hindi speaking Prime Minister. It is very unlikely that India will have a Muslim Prime Minister who cannot speak Hindi in the near future.

India has been demarcated into what are called states on linguistic basis, with each state having its own chief minister. There may be a few Tamils in Tamil Nadu such as Mr. Narayanaswamy who could think of themselves as Indians first even when India is not at a game of cricket with other countries, and then as Tamils, but the overwhelming majority of Tamils in Tamil Nadu as well as in other places in India first think of themselves as Tamils and then as Indians.

The recent death sentence given to two Tamils presumably from Tamil Nadu and one Tamil from Sri Lanka for killing Mr. Rajiv Gandhi illustrates the point. For the Tamils from Sri Lanka who were LTTE cadres or supporters, Mr. Rajiv Gandhi was the Prime Minister of India and an order from Prabhakaran was enough for them to go into action and assassinate the Indian Prime Minister. Mr. Rajiv Gandhi was from a different country, and in the eyes of the LTTE, had at that time become an obstacle to declaring an Eelam in the Northern and Eastern Provinces of Sri Lanka. However, for the Tamils from India Mr. Rajiv Gandhi was the Prime Minister of their country and there was no need for them to support the LTTE and Prabhakaran unless they considered themselves as Tamils first and then, if at all, as Indians. It is clear that as far as the Tamils from India too were concerned Mr. Rajiv Gandhi was from a “different country” and all that they wanted was an order from Prabhakaran. In Sri Lanka the LTTE terrorists killed the Sri Lankan President Mr. Premadasa who for the LTTE was from a different country.

The question may be asked as to why the LTTE killed Sri Lankan Tamils such as Messrs. Neelan Thiruchelvam, Lakshman Kadirgamar, A. Amirthalingam, and Alfred Duraiappa. They were killed for different reasons. They were all considered as traitors though not for the same reason. According to the LTTE some collaborated with the enemy Sinhala government whereas some others were Hindu Vellalas who not only did not support the LTTE as much as the latter wanted but were also oppressors of the so called low castes. It has to be emphasized that the LTTE fought against not only the “Sinhala government” and the Sinhala people but also the Hindu Vellala leadership. The Vellalas had wanted the LTTE to fight the latter’s “war”, but the former have had different ideas from the very beginning illustrated by the killing of Uma Maheswaran by Prabhakaran.

It has not been explained adequately why the death sentence given to the three assassins of Mr. Rajiv Gandhi was postponed by eight weeks. It gives ample time for people such as Vaiko to raise public opinion against the sentence, and if he were to be successful it would create problems for Delhi. Already some of the other states have come out against some of the Tamil Nadu leaders, and it is clear that India is a pseudo federal state only nominally and very superficially.

What is clear is that India is a failed pseudo federal state in the vocabulary of the western pundits who are followed by their counterparts in India, and the irony is that India wants to impose this unsuccessful model on us using their political muscle. If not for international cricket and Hindi films there is nothing in India to unite the citizens as even Hinduism practiced in different parts of the country take different forms from worship of Shiva to worship of Vishnu through worship of Kali and others becoming dominant in different areas. The IPL has acted wisely not only in making big money but also in refusing to have teams based only on players from each state. If IPL had organized a contest between teams drawn only from cricketers from each state it would have by now grown into an inter state “war” probably leading to secession. It is very unlikely that the IPL contest was organized after taking consideration into this factor as they were only interested in attracting overseas players to earn big money. However, the conditions in India are so volatile that the Indians have failed in their attempt to establish even a stable pseudo federal state. Except for a small percentage of people educated in the English tradition and who have absorbed/imitated the English political systems into their culture, the vast majority of people consider themselves as Indians only after calling themselves Sikhs, Tamils, Gujaratis, Bengalis etc.

The unfortunate Buddhists have no place in government except for an occasional diplomat and Mr. Ambedkar would be turning in his grave for what has happened in that part of the world where Prince Siddhartha Gauthama attained Buddhathva. I am sure that in India Mr. Gautham Gambhir is known much more than Prince Siddhartha Gauthama, though the latter had been more “Gambhira” unknown to most of the Indians. Incidentally I wonder how many Buddhists have played for the Indian cricket team from the time when India (with present Pakistan and Bangladesh) was given test status. I am not asking this question to show that the Buddhists have not been given their due place in professions and government in India but to show that the Buddhists in India are a very much marginalized poor and outcast community. If not for the steps taken by Sinhala Bhikkus in our country to protect Buddha Sasana to the dismay of the westerners and their henchmen and henchwomen in the Universities and in the NGOs Theravada Buddhism would have disappeared from the surface of the Planet.

India is not a haven where different communities have equal status. It is not multicultural except in a very narrow sense of the word. Even with Cricket and Hindi films and songs, India has not been able to evolve a policy where Hindi is the official language and Hindi culture has special significance without the other cultures being ignored. Most probably the young educated would have copied western ideals without realizing that in the west it is the Judaic Christian culture which is the dominant culture and certainly not the Muslim culture. The non Hindi speaking people could say that they were taken for a ride by the central government or the Indian Prime Ministers from the time of independence. Hindu India has failed to imitate British India and without any alternative form of government India is only preaching “Vedi Bana” to Sri Lanka.

Copyright Prof. Nalin De Silva

Saturday, 10 September 2011

ආධානග්‍රාහී අයින්ස්ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ නොව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නොකියැවෙනවා පමණක් නොව ජනතාවට වැරදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසමින් ඒ පාරතොටේ හමුවන ඕනෑම අයකුට වුව ද කළහැකි පරීක්‍ෂණ ලෙස ඒත්තුගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්තරා තක්කඩි අදහසකින් යැයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හැඳිනගැනීමට සැලැස්වූ කල අනෙක් දැනුමි පද්ධතියක් ද ඕනෑම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක් පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වා ගෙන යෑම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක් වේ. බටහිරයන් අනෙක් අයගෙන් ඉල්ලන්නේ තමන් ද නොරකින ප්‍රතිපත්තියක් රැකීමට ය. පාරතොටේ හමුවන ඕනෑම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් ලත් අයකුටවත් ගිබ්ස් බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක් කළ නො හැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්ඩායමක් සමග එකතු විය යුතු ය. එවැනි කණ්ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක් මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවීම ය. තමන්ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්ඩායමක් ඇතිකර ගැනීමට හැකියාවක් හා උනන්දුවක් ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. හිග්ස් බෝසෝනය ඕනෑම අයකුට කළ නොහැකි පරීක්‍ෂණයක් සඳහා දිය හැකි එකම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑම අයකුට කළ හැකි නො වේ.

අනෙක් අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්ටමටවත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැතිවීම එයට එක් හේතුවක් පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක් නැතිවීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමති මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්ත චින්තනයක් අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විිද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්ත චින්තනයක් තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්ත චින්තනයක් නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන්ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම කරුණු ය. ඕනෑම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන්ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන්ගේ පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහණයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අයගේ ප්‍රතිශතය එයටත් වඩා අඩුවිය යුතු ය. සමස්ත සත්ව සංඛ්‍යාව ගතහොත් මිනිස් භවයක් ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්තියෙන් හෙබි අයගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක් නො වේ. ඒ සඳහා කුසල් ශක්තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් කුසල් ශක්තියක් නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක් නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්ට්‍රෝන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලකේට්‍රෝන දැක නැති සන්දර්භයක අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්ට්‍රෝන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්ට්‍රෝන ගැන නොව විද්‍යුතය ගැනවත් කිසිම පරීක්‍ෂණයක් නොකළ අය ඉලෙක්ට්‍රෝන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නොවන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නගී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොරව ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරති.

උගත් යැයි සම්මත අය ආධ්‍යාත්මික ශක්තිය ඔස්සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නොකරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක් ඇතිකර ගැනීමට සමාජයෙන් ඉඩක් නොලැබෙන බැවිනි. මෙරට උගතුන් යැයි සම්මත වූවනට අයින්ස්ටයින් කියා ඇති මෝඩ කතාවක් වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුචිචාරණය කිරීමට බාධාවක් නැත. දෙවියන් වහන්සේ දාදු කෙලින්නේ නැතැයි අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇතිව ප්‍රකාශ කළ හැකි විය යුතු යැයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක් පමණකි. ක්වොන්ටම් අංශු හා ඊනියා සම්භාව්‍ය අංශු එකම ආකාරයකින් හැසිරිය යුතු යැයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක් ද? එහෙත් අයින්ස්ටයින්ගේ ප්‍රකාශය මහදැනමුත්තකුගේ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යැයි සම්මත අයගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සෑදි පෑදි සිටිති. ක්වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉතාමත් ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නොකරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනකු හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්සක දෙවියන්, ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන එක් කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳ ව විවිධ උපදෙස් දෙති. මට දෙවිවරුන් සමග සම්බන්ධවීමට තරම් කුසල් ශක්තියක් නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක් සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක් ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක් ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන්ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පුද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක් නොව ඔවුන්ගෙන් කිහිප දෙනකු පුද්ගලික ව විපස්සක හා නාථ දෙවිවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නම් ගම් හෙළිදරවු කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) බව ද ඇතැම් පෙදෙස්වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍යවන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බෝසතාණණ් වහන්සේ යැයි ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරදි සිදුවිය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක් ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදුවිය යුතු යැයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගෙස් ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන්ගේ සෑම ක්‍රියාවක් සමග ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩ නැගීම හා සිංහල බෞද්ධ සමාජයක් නැවත ඇතිකිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ නොවන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමග එකඟ නොවන්නේ වෙනත් අයකු සමග එකඟ නොවන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරීමේ දී මාධ්‍යයක් ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්සක දෙවියන්ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක් ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටියහ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන් ඇති අය සිටීම අරුමයක් නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන්ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ තාක්‍ෂ’ණ ශිල්පීන්ට කරන අගෞරවයක් ලෙස නොසැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යැයි පෙන්නුම් කරමිනි. අයින්ස්ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක් කළත් එය පිළිගැනීමටත් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සංයුක්තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂෙප කිරීමටත් ඊනියා විිද්‍යාඥයන් පෙළඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක් පැත්තෙන් ඒ සංකල්ප ඔස්සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.

වෙන්වී සිටින දෙමළ ජනයා සිංහල ජාතියට බඳවා ගනිමු

සිංහලයන් හා සුලු ජාතීන් අතර සම්බන්ධකම් අද පලුදු වී ඇත. විශේෂයෙන්ම දෙමළුන් හා සිංහලුන් අතර පෙර තිබූ සුහදතාව නැති වෙන්නට ආසන්නතම හේතූව දෙමළ ජාතිවාදී දේශපාලනයත් ඉන් බිහි වූ ත්‍රස්තවාදයත් බව පැහැදිලිය. විටින් විට ඇතිවූ අසූතුනේ ජූලි කලබළය වැනි අවස්ථාවාදී ප්‍රචන්ඩ ක්‍රියාද මෙයට හේතු වුන බව අප පිළිගත යුතුය. නමුත් ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් ගේ අනුග්‍රහයත් අනුබලයත් ලැබි දෙමළ ජාතිවාදී දේශපාළණය නොතිබෙන්නට මෙරට වාසය කරන සිංහලුන්ට සහ දෙමළුන්ට ඔවුනොවුන් සමග සමගි සමාදානයෙන් ජීවත් වීමට ඉඩ තිබිනි...

On so called scientific knowledge – II

We are concerned with knowledge and naturally two questions spring to mind. Now that sentence itself gives rise to another basic problem. Is it spring to mind or spring in the mind? I am not familiar with the usage in English but I am inclined to think that the first expression is in accordance with the English practice, whereas the second is the usual way of expressing it in Sinhala. In Sinhala one would say manasehi pena nagina prashana and not manasata peminena prashana. It is needless to say these differences make learning English difficult for Sinhala children and even in my old age I am still learning how to express myself in English. Leaving apart these differences in the two cultures for the time being I would mention that the two questions are what is knowledge and knowledge of what. There is no satisfactory definition of knowledge (there is no satisfactory definition of anything for that matter and definitions are involved in linear thinking) and we may formulate some of the auxiliary questions associated with the above two questions, namely is knowledge discovered or is it constructed and in either case who discovers or constructs knowledge, is there anything called true knowledge, does knowledge consists only of true propositions, what is meant by truth, what are illusions, delusions and hallucinations, are all propositions illusions, what are myths, etc. I tend to think the list of questions is very long and I would not attempt to answer all such questions, for the simple reason that the editor and above all the readers would not entertain the idea.

As I have said I am a failed western Theoretical Physicist and perhaps a failed Sinhala Buddhist “academic” as well. However, I tend to think that I have many things in common with Sinhala Buddhist culture than with western science. Sometimes it is said that western science is not a dogma, and the propositions or theories are only tentative. It is also said that according to Popper, in western science theories are falsifiable, and that the scientists attempt to falsify theories and western science advances through this process. Then there are others who claim that in western science theories gradually approach the truth though the theories may be approximate with respect to truth at best at present.

Even those who have an inclination to consider western science as non dogma have a tendency to treat non science as myth or non sense. That itself is a dogma as according to them western science is not a myth nor an illusion, delusion, hallucination. Some of those, if not all, ‘tentative theories” could have been myths, and not to treat them as myths while considering propositions in other systems as myths is not only dogmatic but hegemonic as well.

It is clear from the literature on knowledge, the western philosophical tradition is interested in the knowledge of an external world that exists independent of observers. With or without human observers, in the western tradition the animals who until recently did not have minds according to western biology which discovered the minds of the animals few years ago, are not considered as observers, the so called external world exists. Thus it is the knowledge of an external world independent of human observers that the westerners are interested in. Now what is meant by the knowledge of the external world, provided of course that we know that there is an external world? One could easily see that we go in a cycle and it is not consistent with Aristotelian logic which is two valued twofold and linear. In the Aristotelian scheme one is not allowed to define terms using the very same words and with respect to knowledge one is faced with the problem of defining knowledge in terms knowledge.

In order to know an external world one has to have knowledge of an external world that exists independent of human observers. Without knowing that there is an external world it is futile to attempt to have knowledge of the external world. Thus in order to have knowledge of an external world one should first know that an external world exists independent of human observers. Thus even before one could define the word knowledge, if it is possible at all, one has to know that an external world exists. Knowing that an external world exists independent of human observers, then to have knowledge of the external world in the western tradition, one should be able to both describe and explain the world.

One can say an object called the sun rises from a direction called the east and then having journeyed through the sky sets in the direction called the west. It is a description of what is believed to be happening in the external world and to that extent it is knowledge of the external world. Similarly one could say that the coconuts and apples fall to the ground or stones thrown upwards fall to the ground. Though these constitute descriptive knowledge of the so called external world, knowledge does not end there. Humans are very often not satisfied with description and want explanations. Explanations lead to theory and they in turn enable people to predict.

Now before we proceed, can we say that the description of sun’s journey constitutes knowledge? Is it an illusion? Is it a false interpretation of a phenomenon? Does the sun go round the earth? I believe that many of the educated would consider it as an illusion. However, for many ordinary people such as me it is a description of part of the world whether the existence of the world is a reality or not. It is a description according to some observers, and with respect to them the sun moves relative to the earth, while the earth remains at rest. However, one could always ask the following question. What is the object relative to which the earth is at rest? While people such as me are happy with the description that the sun moves around the earth and prepared to accept that it is (conventional) knowledge, there are others who are usually educated who would say that the earth goes around the sun without observing any motion of the earth with their eyes. Perhaps the educated people see the world through the eyes of the other people, and that may be one of the reasons that they are fond of quoting others.

Even those educated people who would consider the motion of the sun around the earth as an illusion or a false (not true) interpretation of a phenomenon and declare that the earth goes around the sun would not consider gravity as an illusion. Having said that the earth goes around the sun some would want to explain this description of a certain phenomenon. Though it is said that it was Copernicus who “discovered” that the earth moves around the sun it had been known to Bharath people for centuries, but if we allow Galileo to take the credit for propagating this “discovery” then the credit for explaining the phenomenon goes to Newton who is supposed to have “discovered” his universal theory of gravitation. In this case we see description being followed by explanation and Galileo and Newton or Copernicus and Newton form an ideal pair who combined in this game of description and explanation. As far as most of the educated people are concerned the theory of gravitation is not an illusion and they would vow that the coconuts fall to the ground because of gravitation. After all Newton’s theory of gravitation belongs to western Physics and it is still taught in our schools and universities in the Physics classes, not to mention the tuition classes of various sirs.

The theory of gravitation has become scientific knowledge, and when I asked a Cambridge educated senior lecturer in western Chemistry, after all Newton was at Cambridge, how he knew that gravitation exists, he said that he could feel it. Gravitation had become so much empirical to this Cambridge Doctor of Philosophy; he declared that he had sensory perception of gravity. Naturally I was interested in “discovering” the sense organ with which he felt gravitation. However, I was disappointed when I came to know that he has only the sense organs that the others have. (To be continued)

Copyright Prof. Nalin De Silva