අයින්ස්ටයිනීය සංකල්ප අනුව අංශුවක් විසින් අවකාශ – කාලය නිර්මාණය කරන ලද ද එසේත් නැතහොත් වෙනස් කරන ලද ද, නිව්ටෝනීය සංකල්ප අනුව එය අවකාශයෙහි පැවතුණ ද, අවකාශයේ එහි පැවැත්ම යන්න පැහැදිලි ය. අපට අවකාශය පිළිබඳ යම් හැඟීමක් ඇති අතර එය ඊනියා ද්‍රව්‍යමය පසුබිමක් සහිතව අපි අත්දකින්නෙමු. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවකට පිහිටුම් කිහිපයක් දැරීමට හැකිය යන අදහස ද ඇතැමුනට තමන්ගේ නිව්ටෝනීය සංකල්පවල ඇති ආධිපත්‍යය හේතුකොටගෙන තේරුම් ගැනීමට නොහැකි වුව ද ඇරිස්ටෝටලීය න්‍යායෙන් හා නිව්ටෝනීය සංකල්පවලින් මිදුණු වහාම ඒ අවබෝධ කරගැනීම අපහසු නො වේ. විශේෂයෙන් ම ඊනියා බුද්ධිවාදයෙන් ඔළුව අවුල් කර නොගත් සිංහල බෞද්ධයනට ඒ තේරුම් ගැනීම අපහසු නො වේ.
එහෙත් අංශුවක් එකවිට විවිධ කාලවල ඇත යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල තිබීම හා එකවිට විවිධ කාලවල ඇත යන්න එකම මට්ටමක වූ සංකල්ප නො වේ. කලින් කියා ඇති පරිදි එකවිට විවිධ කාලවල තිබීම යන්න ම පරස්පරයක් ලෙස පෙනෙනු නො අනුමාන ය. මෙහි දී ද කියැවෙන්නේ අංශුවේ විවිධ අවස්ථා බව අමතක නොකළ යුතු ය. එවිට අංශුවේ විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යනුවෙන් ඉහත සඳහන් ප්‍රකාශය තේරුම් ගත හැකි ය. අයින්ස්ටයිනීය සංකල්ප අනුව අවකාශය හා කාලය එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. එබැවින් අංශුවේ විවිධ අවස්ථා විවිධ පිහිටුම්වල පැවතීම යන්න එහි විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යන්න සමග බැඳී ඇත.
එසේ වුවත් අයින්ටයින් විද්වතා කෙසේ කියා තිබුණ ද, කාලය අවකාශයෙන් වෙනස් වෙයි. අයින්ස්ටයිනීය සංකල්පවලට අනුව අංශු, වස්තු හා විකිරණ හේතුවෙන් අවකාශ - කාලය නිර්ණය වෙයි. මෙය බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික අදහසකි. නිරීක්‍ෂකයා ඇතත් නැතත් අංශු ආදිය ඇත්නම් අවකාශ –- කාලය ඇතැයි ඉන් කියැවෙයි. එහෙත් අවකාශය මෙන් ම කාලය යන සංකල්පය ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ය. අපට අවකාශය යන්න මනස හා පංචේන්ද්‍රිය ඇසුරෙන් සෘජුව ම නිර්මාණය කරගත හැකි ය. අවකාශය ස්පර්ශ කළ නො හැකි ය. එහි ගඳක් සුවඳක් රසයක් ශබිදයක් නැත. එය දැකගත හැකි ද නො වේ. එසේ වුවත් අපට වස්තු දෙකක් අතර අවකාශයක් ඇති බව හැඟෙයි. ඒ වස්තු ඉවත් කළ ද අවකාශය ඉවත් නො වේ යැයි අපට දැනෙයි. එමෙන් ම වස්තු වෙනස් වුවත් නැතත් ඒ අතර වූ අවකාශය පැවතීම පිළිබඳ අපට ප්‍රශ්නයක් ඇති නො වෙයි.
එහෙත් කාලය එසේ නො වේ. සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් කරුණු සකස් කර ගතහොත් කාලය යන සංකල්පය මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ තමන් හා තමන් අවට ලෝකය වෙනස්වන බැවින් හා ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් තමන් සතු බැවින් යැයි කිව හැකි ය. වස්තු ආදිය තිබූ පමණින් මිනිසුන්ට කාලය පිළිබඳ සංකල්පයක් ඇති නො වේ. යම් ආකාරයකින් කිසිවක් වෙනස් නොවිණි නම් සියල්ල එකසේ පැවතිණි නම් කාලය යන සංකල්පය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. එසේ ම ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් නොතිබිණි නම් එවිට ද වස්තු ආදිය වෙනස්වුවත් කාලය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නො වේ.
තමන් හා තමන් අවට ලෝකය තමන්ට පෙනෙන ආකාරයට වෙනස්වීමත්, ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් ඇති වීමත් හේතුකොටගෙන සිද්ධි දෙකක් අතර කාලය යන සංකල්පය තනාගැනී ඇත. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියට සපයන ලද අටුවාවෙහි සඳහන් ආකාරයට කාලය යනු පඤ්ඤත්තියක් හෙවත් පැනවීමකි. කාලය යනුවෙන් ඊනියා වාස්තවික වූ යථාර්ථයක් නැත. එය පංචේන්ද්‍රියට සෘජුව ග්‍රහණය නොවන සංකල්පයකි. අනෙක් සංකල්ප මෙන් ම එය ද මනස විසින් ම නිර්මාණය කෙරේ. අනෙක් බොහෝ සංකල්ප මනස විසින් නිර්මාණය කෙරෙන්නේ පංචේන්ද්‍රිය ද සෘජුව ආධාර කරගනිමිනි. එහෙත් කාලය එසේ නො වේ. පුටුව ආදී සංකල්ප මෙන් පංචේන්ද්‍රියට දැනෙන කාලය නම් සංකල්යක් නැත. එය මිනිසුන් විසින් ද්විතීය ව ඇති කරගනු ලබන සංකල්පයකි. එය මනසේ පැනවීමකි.
දැන් අංශුවක විවිධ අවස්ථා විවිධ කාලවල පැවතීම යන්න අවබෝධ කරගැනීම අපහසු නො වේ. අංශුවලට විවිධ අවස්ථා ඇති බව තේරුම්ගත් විගස ඒ අවස්ථා එකම ආකාරයකට වෙනස් විය යුතු ය යන අදහස නැතිවෙයි. එවිට අවශ්‍ය නම් අයින්ස්ටයිනීය සංකල්පයක් යොදාගතහොත් ඒ ඒ අවස්ථාවෙහි නියම කාලය (Proper time) අනෙක් අවස්ථාවන්හි නියම කාලවලින් වෙනස්විය හැකිය යන්න පැහැදිලි වෙයි. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් එකවිට විවිධ කාලවල ඇත්තේ ඒ අර්ථයෙන් යැයි කිව හැකි ය. අංශුවෙහි විවිධ අවස්ථා විවිධ කාලවල පවතින බව ඉන් ගම්‍ය වෙයි.
එහෙත් මෙයින් සියළු ප්‍රශ්නවලට පිළිතුරු නො ලැබෙයි. අංශුවක් අවකාශය හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පවතින්නේ අනිශ්චයතා මූල ධර්මය අනුව එහි ගම්‍යතාව හා ශක්තිය ඉතා සන්නිකර්ෂණ ව නිශ්චිත ව මැනගෙන ඇති බැවිනි. කලින් සඳහන් කර ඇති අන්දමට මේ නිශ්චිත ම අගය නො වේ. ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් ද විවිධ අවස්ථා ඇති නමුත් අපට ඒ නොසළකා සිටිය හැකි ය. මෙයින් කියැවෙන්නේ එසේ අංශුවෙහි ගම්‍යතාව හා ශක්තිය නිශ්චිතව පවතින අතර එහි පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථා ඇති බව ය. ඇතැම් විට ඒ ඒ විවිධ අවස්ථා විවිධ වේගවලින් චලනය වනවා විය හැකි ය. ඒ ඒ අවස්ථාවෙහි පිහිටුම හා කාලය අනුව ඒ වේග නිර්ණය වනවා විය හැකි ය.
එහෙත් ඒ අවස්ථා තිබෙන බව අප දන්නා නමුත්, එනම් ඒ පිළිබඳ අපට ප්‍රවාද හා සංකල්ප තිබෙන නමුත් (අපේ දැනුම යනු සංකල්පීය දැනුමකි. සංකල්පීය දැනුම ශූන්‍ය බව ද අමතක නොකළ යුතු ය) අපට ඒ අවස්ථා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ඒ අවස්ථාවලට එවැනි වේග ඇති බවක් මැනගැනීමට ද නො හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවලට හෝ වස්තුවලට හෝ නිව්ටෝනීය භෞතිකයෙහි මෙන් ගමන් මාර්ග හෙවත් පෙත් නැත්තේ එබැවිනි.
ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්තිය සඳහා එක් අවස්ථාවක් (සන්නිකර්ෂණ ව) පමණක් පවතින විට පිහිටුම හා කාලය සඳහා විවිධ අවස්ථා ඇති අතර ඒවා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ක්වොන්ටම් අංශුවෙහි පෙතක් නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් ඒ විවිධ අවස්ථා අපට නීිරීක්‍ෂණය කළ නොහැකි නමුත් ඇතැම් විට විවිධ වේගවලින් පෙත්වල ගමන්කරනවා විය හැකි ය. මේ සියළු පෙත්වල යම් එකතුවක්, අනුකලයක් මගින් ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට වෙනත් තැනකට සම්ප්‍රාප්තවීම ප්‍රදර්ශනය කරන්නේ යැයි සිතිය හැකි ය.
නොබෙල් ත්‍යාගලාභී බටහිර භෞතික විද්‍යාඥයකු වූ ෙෆෙන්මාන් විද්වතා (ක්වෙන්ටම් භෞතිකය කිසිවකුට නොතේරෙන බව කීවේ ඔහු ය) පෙත් අනුකල (Path integrals) නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු එමගින් අදහස් කළේ ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රාප්තවිම ඒ ඒ පෙත්වල අනුකල මගින් ගණනය කිරීම ය. එය ඉතාමත් විශිෂ්ට ගණයේ අදහසක් වූවා පමණක් නොව ෙෆෙන්මාන් විද්වතාට නොබෙල් ත්‍යාගය ලබාදීමටත් ඒ සමත් විය. මේ සංකල්පය සහ අප විසින් ඉහත සඳහන් කෙරී ඇති අදහස් අතර යම් සාම්‍යයක් තිබෙන බව පෙනී යයි. දක්‍ෂ ශිෂ්‍යයකු වේ නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ හැකි ය.
මේ සියල්ල සමගින් අපට නැවතත් නාභිගත වීම කරා ගිය හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (නිශ්චිත යන්නෙන් අදහස් කරන්නේ සන්නිකර්ෂණ ව නිශ්චිත වීමක් බව අවධාරණය කළ යුතු ය) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් කාච පද්ධතියක් තුළින් යෑමට සැලැස්වුවහොත් සිදුවන්නේ කුමක් ද? එවැනි ෆෝටෝනයක් ප්‍රිස්මයක් තුළින් යෑමට සැලැස්වුවහොත් කුමක් සිදුවේ ද? ආලෝකය වර්තනය වීමෙන් විවිධ වර්ණවලට කැඩෙන්නේ, දේදුණු නිර්මාණය වී පාට වැටෙන්නේ කෙසේ ද? ආදී වශයෙන් ප්‍රශ්න රාශියකට පිළිතුරු දීමට අපට උත්සාහ කළ හැකි ය. නිව්ටන් විද්වතා ප්‍රිස්ම පිළිබඳ තම පර්යේෂණ කළේ ආලෝකය පිළිබඳ ඔහුගේ ලවක (අංශු- corpuscular) ප්‍රවාදය ඇසුරෙන් බව ද අමතක නොකළ යුතු ය.
ෆෝටෝනයක් කාචයක් හෝ ප්‍රිස්මයක් හෝ සමග ගැටුණු විට එහි ශක්තිය වෙනස්විය යුතු ය. එහෙත් ඒ ශක්තිය වෙනස්වීමේ දී ෆෝටෝනය තනි ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියා කරන්නේ ද, එසේත් නැත්නම් ෆෝටෝනයේ විවිධ අවස්ථා විවිධ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ද? තරංගවාදය අනුව ගැටීමෙන් පසු කලින් තිබූ මුල් තරංගය විවිධ තරංගවලට කැඩී වෙන් වී වෙනස් වූ ශක්ති (සංඛ්‍යාතිය හා ආයාම දිග) සහිත තරංග බවට පත්වන්නේ ද? එසේ නම් මුල් තරංගයේ ඒ විවිධ තරංග අඩංගු වේ ද? මුල් තරංගයේ විවිධ තරංග අඩංගුවේ ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
ෆෝටෝන රාශියක් ප්‍රිස්මයක් තුළින් නොයවා එක් ෆෝටෝනයක් නැත්නම් ෆෝටෝන කිහිපයක් පමණක් යවා මේ පර්යේෂණය කිරීමේ හැකියාවක් තිබේ ද? එසේත් නැතිනම් ෆෝටෝනයක් හෝ ෆෝටෝන කිහිපයක් පමණක් කාචයක් හෝ කාච පද්ධතියක් හෝ තුළින් යවා ප්‍රතිබිම්බ සෑදීම පිළිබඳ පරීක්‍ෂණයක් කළ හැකි වේ ද? අද ඇති බටහිර තාක්‍ෂණය යොදා ගැනීමෙන් එදා නිව්ටන් විද්වතා කළ පරීක්‍ෂණ ෆෝටෝන කිහිපයක් පමණක් යොදා ගැනීමෙන් කළ හැකි දැයි සොයා බැලීමට අවස්ථාව උදා වී ඇත.
ෆෝටෝනය ද ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියාකරන බැවින් ඉහත සඳහන් කෙරුණු අදහස් ෆෝටෝන සම්බන්ධයෙන් ද යොදාගත හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (සන්නිකර්ෂණ වශයෙන්) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් (නැවතත් සන්නිකර්ෂණ වශයෙන්) එක් අවස්ථාවක ඇති නමුත් පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ඇත. මේ විවිධ අවස්ථාවල ශක්තිය එකම විය යුත්තේ ෆෝටෝනයේ ශක්තිය එකක් ම වන බැවිනි.
එසේ වුවත් ඒ ඒ අවස්ථා ප්‍රිස්මය හෝ කාචය සමග ගැටීම නිසා ඒ ඒ අවස්ථාවෙහි ශක්තිය එකම අයුරෙන් නොව විවිධාකාරයෙන් වෙනස් වන්නේ යැයි අපට සිතිය හැකි ය. එසේ වෙනස්වීමෙන් පසු ඒ ෆෝටෝනය තවදුරටත් එකම ශක්තියක් සහිත එක් ෆෝටෝනයක් ලෙස ක්‍රියා නොකරන බව උපකල්පනය කළ හැකි ය. දැන් ප්‍රශ්නය වන්නේ ඒ තනි ෆෝටෝනය කැඩීමට ඉඩක් ඇත් ද යන්න ය. මෙය තරමක ගැටළු සහගත ප්‍රශ්නයක් වෙයි. ප්‍රිස්මයක් හෝ කාචයක් හෝ වෙනත් යමක් හෝ සමග ගැටීමක් නොවනතාක් මුල් ෆෝටෝනය නොකැඩෙන බව පැහැදිලි ය. එහෙත් ගැටීමෙන් පසු සිදුවන්නේ කුමක් ද?
මෙහි දී අපය කොම්ප්ටන් ආචරණයෙන් (Compton Effect) පාඩමක් ඉගෙන ගත හැකි ය. මෙය තරමක් දීර්ඝව, අවස්ථාවක් ලදහොත් ලබන සතියේ දී සාකච්ඡා කළ යුතු ය. ඉතා කෙටියෙන්, දළ වශයෙන් කියන්නේ නම් එහි දී සිදුවන්නේ ෆෝටෝන නිව්ටෝනීය අංශුවක් සමග ගැටීමෙන් පසු නිව්ටෝනීය අංශුවේ ගම්‍යතාව හා ශක්තිය (නිව්ටෝනීය අංශුවක් බැවින් ගම්‍යතාව, පිහිටුම, ශක්තිය, කාලය සියල්ල එකට මැණගත හැකි ය) වෙනස්වීමත් ෆෝටෝනවල ද ශක්තිය වෙනස්වීමත් ය. ෆෝටෝන තරංගයක් ලෙස සෑලකුවහොත් ගැටීමෙන් පසු තරංගයේ ආයාම දිග හා සංඛ්‍යාතිය වෙනස් වෙයි.