ගීත, විනෝද ගමන් හා අයවැය
ව්‍යාජ සංඛ්‍යාලේඛන හා බොරු පුරසාරම් සහිත අයවැය කතාව ගැන සිතමින් මම පසුගිය 21 වැනි සෙනසුරාදා ඩ්‍රීම්ස්ටාර් වැඩ සටහන නැරඹීමි. ඉඩක් ලැබෙතොත් මා ඒ වැඩසටහන අවසන් අදියරේ දී නරඹන්නේ විනිසුරුවන්ගේ, විශේෂයෙන් ම දේශපාලන ඉවක් ඇති නදීක ගුරුගේ මහතාගේ, ප්‍රතිචාරවලට ද සවන් දී සංගීතය ගැන යමක් ඉගෙනීමට හැකි බැවිනි. ගුරුගේ මහතා මට එක දවසක් මුණ ගැසී ඇති අතර අනෙක් දෙදෙනා කිසි දවසක මුණ ගැසී නැත. (විද්වත්හු මා ඇසුරු නො කරති) එහෙත් ඒ සෙනසුරාදා මගේ සිත වෙනතකට යොමු වූයේ මා කළු ද සුදු ද නොදන්නා වසන්ත දුක්ගන්නාරාළ මහතාගේ වදන් කිහිපයකිනි. එක්තරා ගීතයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වත්මන් පරම්පරාවේ ගීත විනෝද ගමනක් යෑමේ දී ගායනය කළ නොහැකි බව සඳහන් කෙළේ ඒ ගීතවල දොසක් දැකීමට නො වේ. ඔහුට අනුව අප තවමත් චාරිකාවලදී ගයන්නේ සිරිපාදේ සමනළ කන්ද පෙනේ වැනි ගීත ය. ඒ මහතා එවැනි ගීතවලට ද අබමල් රේණුවක දොසක් නොකී බව සඳහන් කළ යුතු ය.