Main Logo

Showing posts with label Amarsekera. Show all posts
Showing posts with label Amarsekera. Show all posts

Friday, 21 February 2020

වමට වමක් නැත මෙහෙම වමක් නැත

  සිංහල ලිත් ඉලක්කම්


වමට වමක් නැත මෙහෙම වමක් නැත




පැරණි වම හා නව වම අතර ඇති මූලික වෙනස කුමක් ද? අද වමක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයක් වුවත් මෙය යම් ප්‍රමාණයකින් හෝ සාකච්ඡා කිරීම වමේ බවක් නොකියන අයට වැදගත් යැයි සිතනවා. නව වම කියන එකත් අද වයස අනුව මෙන් ම භාවිතයෙන් ද පැරණි වමක් වෙලා. ජ වි පෙ ආරම්භ වුණේ හැටේ දශකයේ අග භාගයේ කියා හිතන්න පුළුවන්. එහෙම ගත්තත් අද වන විට ජ වි පෙරමුණටත් අවුරුදු පනහක් පමණ වෙනචා. එහෙත් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද තියෙන්නෙ අනූවේ දශකයේ මුල්භාගයට පෙර තිබූ ජ වි පෙරමුණ ද කියා. පෙරටුගාමින් කියන්නෙ විශ්වවිද්‍යාලවලට සීමා වුණු පක්ෂයක්. ජ වි පෙරමුණෙන් බිහි වුණත් ඔවුන් භාවිතයෙන් පැරණි වමේ වැඩ බැරි නෂ්ටාවශේෂයක් පමණයි.

Friday, 31 January 2020

තර්කය හා නිර්මාණය

                     සිංහල ලිත් ඉලක්කම්



තර්කය හා නිර්මාණය



මට ඊයේ පැරණි හිතවතකු හමු වුණා. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙක්. දැන් පිටරටක ජීවත් වෙනවා. නමින් නම් ඔහු මුස්ලිම්. එහෙත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඔහුගේ ආගම මොකක් ද කියා මා ඇහුවේ නැහැ. ඔහු නිරාගමික පඬියකු නම් නො වෙයි. ඔහුට බොහෝ සිංහල බෞද්ධයනට වඩා මා කියන දේ ගැන වැටහීමක් තියෙනවා. ඔහුට මගේ ලිපි සියල්ල කියවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙත් මගේ ලිපිවල ආකෘතිය හා ශෛලිය ගැන මනා අවබෝධයක් තියෙනවා.