Main Logo

Showing posts with label Bo Tree. Show all posts
Showing posts with label Bo Tree. Show all posts

Tuesday, 6 August 2019

රට ඉඳි හා ගණිතය


  සිංහල ලිත් ඉලක්කම්


රට ඉඳි හා ගණිතය 



පාස්කු ප්‍රහාරය පිළිබඳ වග කිවයුත්තන් එක්කෝ මළවුන් අතර නැත්නම් අත්අඩංගුවේ කියා ජනාධිපතියි අගමැතියි දෙන්න ම කිව්වත් තවමත් අත්අඩංගුවට ගැනීම් කෙරී ගෙන යනවා. සමහරවිට දැන් අත්අඩංගුවට ගැනෙන්නන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය නොවෙන්න පුළුවන්. ඔවුන් සමහරවිට කාත්තන්කුඩියේ රට ඉඳි ගස් වවන්න ඇති. පොලීසිය ඒ නිසා අත්අඩංගුවට ගත්තා ද කියා දන්නේ නැහැ. කාත්තන්කුඩි පොලීසියට හෝ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට හෝ සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නෙ සහරාන් ඔවුන්ගෙ ඇස්වලට වැලි ගහල පැනල ගිය හින්ද කියල තමයි කියැවෙන්නෙ. සහරාන් රට ඉදි ගස් වැව්වෙ නැති වෙන්නත් පුළුවන්.