Main Logo

Showing posts with label Class in Marxism. Show all posts
Showing posts with label Class in Marxism. Show all posts

Sunday, 27 October 2019

රනිල්දාස රනිල් වෙනුවෙන්

   සිංහල ලිත් ඉලක්කම්

රනිල්දාස රනිල් වෙනුවෙන් 



ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් තිස්පස් දෙනා අතරින් තරගයක් තිබේ නම් ඒ දෙදෙනකු අතර පමණයි. ඒත් අනුර රනිල්දාසටත් විශාල ප්‍රචාරයක් ජනමාධ්‍යයෙන් ලබා දෙනවා. ඔහුට උපරිම වශයෙන් හැකි තුන්වැන්නා වීමටයි. ඔහු තමා වැඩකාරයකු බව පෙන්වීමට උත්සාහ කරනවා. විවිධ පොරොන්දු දෙනවා. ඔහුට අවශ්‍ය ක්‍රමය වෙනස් කිරීම  කියන එකත් වැරදියි. ඔහු සමාජවාදයක් ඇති කරන්න පොරොන්දු වෙන්නේ නැහැ. ඔහු අද පත් වී ඇත්තේ සජිත්ගේ ඇතැම් ප්‍රකාශ කියවන පුද්ගලයකුගේ තත්වයටයි. ඒ අතර හැමදා වගේ ම ඔහු රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා.