කෝ මේ දේශපාලන නායකත්වය
අද ආණ්ඩු පක්‍ෂය මෙන් ම විපක්‍ෂය ද කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම දැයි ප්‍රශ්න කරන්න වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුව පරීක්‍ෂණ පවත්වන එක නවත්වල ද කියන ප්‍රශ්නය අහන්න සිද්ධ වෙනවා. අද වඩාත් කතාබහට ලක්වන්නේ මිනුවන්ගොඩ නැත්නම් වෙනත් තැන ප්‍රහාර. ඒ ගැනත් පරීක්‍ෂණ පවත්වන්න ඕන. එහෙත් එයත් නිසි පරීක්‍ෂණයකට ලක්වන බවක් පෙනෙන්න නැහැ. අද සිද්ධ වන්නේ ඒ ප්‍රහාර පිළිබඳ ව විපක්‍ෂයට වරද පැටවීමට කරන උත්සාහයක් පමණයි. මේ ආණ්ඩුව තියෙනතාක් මේ එක පරීක්‍ෂණයක්වත් නිසි අයුරෙන් සිද්ධ වෙන එකක් නැහැ. පරීක්‍ෂණ නිසි අයුරෙන් කරන්නත් ආණ්ඩුව වෙනස් කරන්න ඕන.