Main Logo

Showing posts with label Prorogation. Show all posts
Showing posts with label Prorogation. Show all posts

Wednesday, 31 October 2018

අනාගත්තා ඇති


අනාගත්තා ඇති



මෛත්‍රිපාල විදේශීය තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා අලුත් ආණ්ඩුච ගැන කරුණු කියලා වගෙයි. එහෙම කරන්න සිද්ධ වුණේ රනිල් ඇතැම් තානාපතීන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා තමන් තවමත් අගමැති බව කිවුව නිසා. රනිල්ගේ  හමුවෙන් පස්සේ අපට විරුද්ධව සම්බාධක පමුණුවන කතාවක් එක් මන්ත්‍රීවරයකු, මට මතක හැටියට රාජිතගෙ පුතා චතුර, කිවුවා කියලා ජනමාධ්‍යයෙහි පළ වුණා. මේවා විලි ලජ්ජ නැති වැඩ. පොඩි ළමයි රණ්ඩු වුණාම අම්මට ගිහින් කියනව වගේ වැඩක් මේක. රනිලුත් මෛත්‍රිපාලත් වෙනත් අයත් විදේශීය රටවල් සමග ගණුදෙනු කරන විධිය මේකයි. රනිල් හදනවා විදේශ මගින් අප බය කරන්න. මෛත්‍රිපාල තානාපතින්ට රනිල්ට විරුද්ධව කරුණු කියනවා. විදේශ රටවල් අම්මා කෙනකු නොවන බව තවමත් අපට වැටහෙන්නෙ නැහැ. ඔවුන් අපේ ස්වාමිවරුන්වත් නො වෙයි.