Main Logo

Sunday, 24 November 2013

අයවැය, වකුගඩුව, දෙමළ ප්‍රශ්නය හා එංගලන්තය


කරුණු හතරක් ලෙස පෙනී ගිය ද මෙහි ඇත්තේ එකම කරුණකි. එ ජා පක්‍ෂය අයවැය ද පොදු රාජ්‍ය මණ්ඩල නායක රැස්වීම ද වර්ජනය කළේ ය. එය ප්‍රශ්නයක් නොවන්නේ එ ජා පක්‍ෂය සමස්ත දේශපාලනය ම වර්ජනය කර දේශපාලනයෙන් ඉවත් වී ඇති බැවිනි. අනෙක් වර්ජිතයන්ගේ නම් සඳහන් කිරීම වුව ද අනවශ්‍ය ය. මේ පක්‍ෂ සියල්ල ම කටයුතු කරන්නේ එංගලන්තයට (බටහිරට) අවශ්‍ය අන්දමට ය. ඔවුන්ගේ දැනුම මූලික ව එක්කෝ ලිබරල් ය. නැත්නම් සමාජවාදී ය. වෙනත් වචනවලින් කියන්නේ නම් විජාතික ය. එහෙත් මෙයින් කියැවෙන්නේ ආණ්ඩුව මුළුමනින් ම ජාතික බව නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය වුව ද එය උපදෙස් ගන්නේ විජාතික දැනුමැත්තන්ගෙනි. ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන අති බහුතරය ජාතික බලවේගයට අයත් වෙති. එහෙත් උපදේශකයන් සිතන්නේ එංගලන්තයට අවශ්‍ය අන්දමට ය. අයවැයෙන් ආණ්ඩුව සහන රාශියක් සාමාන්‍ය ජනතාවට ලබා දී ඇත. ඒ ආණ්ඩුවේ දේශපාලනයට එකඟ ව ය.  එය ප්‍රශංසනී ය. එහෙත් ඒ අතර බටහිර දැනුම ගැන ආණ්ඩුවේ උපදේශකයන් දක්වන ගැති බව ද අයවැයෙන් ප්‍රකාශ වෙයි. අයවැයෙන් විශ්වවිද්‍යාලයීය ඇදුරන් ඇතුළු බටහිර වෘත්තීයකයන්ගේ දීමනා වැඩි වී ඇත. බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයට කෝටි ගණනින් වෙන් කෙරී ඇත. එහෙත් පාරම්පරික වෛද්‍යවරුන්ගේ හා අනෙක් ජාතික දැනුම් ඇත්තන්ගේ ශුභ සාධනයට සතපහක් වෙන් කෙරී නැත. මෙරට ට වැඩක් ඇත්තේ විජාතික දැනුමෙන් නොව ජාතික දැනුමෙනි. මම ද බටහිර විද්‍යාව උගත්තෙමි. එහෙත් මගේ බටහිර දැනුම රටට බරක් පමණකි. හෝඩියේ සිට ආචාර්ය උපාධිය තෙක් ජනතාව මා වෙනුවෙන් වියදම් කළ මුදල මට කිසිදාක ආපසු ගෙවිය හැකි නො වේ. මා මිය යන්නේ ජනතාවට ණය කරුවකු ලෙස සහ ජනතා මුදල් අනීවාරතේ වියදම් කළ අශිෂ්ටයකු ලෙස ය. 

ආණ්ඩුව වකුගඩු රෝගයට පිළියම් සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. ඒ ගැන මම පෞද්ගලික ව සතුටු වෙමි. ඒ අතර කණගාටු වෙමි. මේ අසිත තවුසාට ඇති වූ ආකාරයේ හැඟීම් නො වේ. ඇතැම් විට මා නායකත්වය දුන් කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු කණ්ඩායම ආසනික් හෙළිදරවුව නොකරන්නට වකුගඩු රෝගය පිලිබඳ ප්‍රශ්නය ජනතාවගේ අවධානයට යොමු නොවන්නට තිබිණි. මා නොවන්නට අදාළ පරීක්‍ෂණ ඒ විශ්වවිද්‍යාලයේ නොකෙරෙන බව නම් මට සහතික ය. ඒ පර්යේෂණ දිගට ම කරගෙන යෑමට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කසිකබල් උගතුන්ගේ විරෝධය නොතකා මට සේවා දිගුවක් ලබාදීම ගැන ජනතාව ආණ්ඩුවට ණය ගැති ය. මගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව මේ ඊනියා විද්‍යාඥයෝ ඒ පරීක්‍ෂණ නොකෙරෙන තැනට වග බලාගත්හ. කැලණිය සරසවියට ලැබෙන්නට තිබූ ගෞරවය නැතිකිරීමට කටයුතු කළ එක් අයකු අද එහි උපකුලපතිවීමට වළිකන බව සැළ ය. කෙසේ වුවත් ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ, අධිකාරි ඒ රෝගය පිළිබඳ හැදෑරීමට පත්කළ කිසිම කමිටුවකට මා ඇතුළත් නොකිරීමට වගබලාගත්තේ ය. ඒ මට බටහිර රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් නොමැති වීම නිසා නොවන්නේ මා තරම්වත් ඒ පිළිබඳ දැනුමක් නොමැති අය ද අදාළ කමිටුවලට ඇතුළත් වූ බැවිනි. මේ විජාතික උගතුන්ට ඇති ප්‍රශ්නය මා දේශීය දැනුමක් හා දේශීයව දැනුම් ලබාගැනීමක් ගැන කතාකිරීම ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊනියා ප්‍රකාශකයකු යැයි කියාගන්නකු පසුගිය දා අමාත්‍යාංශයේ ඉහළ ම නිලධාරීන් දෙදෙනකු හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙදෙනකු ඉලෙක්ට්‍රොනික සඟරාවක පළකළ පත්‍රිකාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (මේ සංවිධානය ගැන හෝ බටහිර වෛද්‍යවිද්‍යාව ගැන හෝ මගේ කිසිම ගෞරවයක් හෝ පැහැදීමක් හෝ නැත.) වාර්තාවක් යැයි හුවා දක්වමින් ඒ ඊනියා වාර්තාවට අනුව (කෘෂිරසායනික) වකුගඩු රෝගයට හේතුව ආසනික් නො වේ යැයි කීමට වග බලාගත්තේ ඔහුගේ කසිකබල් ඊනියා යථාර්ථවාදී බටහිර අදහස්වලට මගෙන් පහර වදින නිසා විය හැකි ය. වකුගඩු රෝගීන් මළත් ඔවුන්ට කමක් නැත. දේශීය දැනුමට තැනක් නොදීම ඔවුන්ගේ එකම අරමුණ ය. ජනාධිපතිතුමා එසේ නොසිතුවත් ආණ්ඩුවේ සතපහක්වත් නොවටිනා බොහෝ ඇමතිවරුන්ට හා නිලධාරීන්ට අනුව මම අන්තවාදියෙක්මි, කලබලකාරයෙක්මි. ඔවුන්ගෙන් ඇතැමකු සිතනු ඇත්තේ මා උන්මන්තකයකු බව ය.       

ආණ්ඩුව අයවැයෙන් රජරටට ඊනියා පානීය ලබාදීම සඳහා ප්‍රතිවර්ත්‍ය ආස්‍රැතිය (රිවර්ස් ඔස්මොසිස් හෙවත් ආර් ඕ) පදනම් කරගත් පෙරන යන්ත්‍ර බෙදා හැරීමට රුපියල් කෝටි ගණනක් වෙන්කර ඇත. මෙය තාවකාලිකව යහපත් වුවත් පිළියම එය නො වේ. මේ විජාතික උගතුන්ගේ උපදේශ මත කෙරෙන වැඩ ය. මධ්‍ය කාලීන ව කළ යුත්තේ කෘෂිරසායනික කෘෂිකර්මයෙන් ගොවියන් මුදා ගැනීම ය. ඒ බටහිර ම තවත් සංකල්පයක් වූ කාබනික පොහොර යෙදීමෙන් නො වේ. ගොවිතැන සඳහා යෙදිය හැකි දේශීය පොහොර රාශියක් වෙයි. කෘෂිරසායන යොදා ජලය අපවිත්‍ර කර පෙරන යන්ත්‍ර මගින් ජලය පිරිසිදු කිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ඇතැම් විට එකම සමාගමට කෘෂිරසායන ද පෙරන යන්ත්‍ර ද ආනයනය කිරීමේ “භාග්‍යය” එමගින් උදාවීමට ද ඉඩ ඇත. එහි දී කෙටිකාලීන ව කළ යුත්තේ ජනතාවට වැව්ජලය ලබාදීමට කටයුතු කිරීම ය. වැව්ජලය පානය කරන්නන් අතර වකුගඩු රෝගය දක්නට නැත. විලච්චියේ ගැමියන් අප සමග පැවසුවේ ඒ බව ය. විලච්චි ග්‍රාම නිලධාරී වසම තුළ පමණක් වැව් තුන්සියයක් පමණ ඇති බව අපට දැනගන්නට ලැබිණි. මේ ඇතැම් වැව් (විල්) ප්‍රතිසංස්කරණයෙන් පසුව ඊනියා පානීය ජලය ලබාදීමට යොදා ගත හැකි බව ගම්මු පවසති. විලච්චිය, විල්පත්තුව, විල්ලුව ආදියෙන් කියැවෙන්නේ හෙළ (යක්‍ෂ ගෝත්‍රික) බොදුනුවන්ගේ විල් සංකල්පය ය. විලට පසුව පැමිණි සංකල්පයක් වන වැව සිංහල බෞද්ධ සංසකෘතියට අයත් වෙයි. ආණ්ඩුව ගැමියන්ගෙන් උපදෙස් ගැනීමට කටයුතු කළ යුතු ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැත. එහෙත් පාරම්පරික වෙදමහතුන්ට ඒ සඳහා ප්‍රතිකාර ඇත. ආණ්ඩුව ඒ වෙදමහතුන් සොයාගෙන රෝගීන්ට ප්‍රතිකාරකිරීමට වහා වැඩ පිලිවෙළක් සකස් කළ යුතු ය. ඒ සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කළ යුතු නො වේ.  


දෙමළ ප්‍රශ්නයේ ද මුල ඇත්තේ එංගලන්තයෙහි යෂ බටහිර දැනුමෙහි ය. එංගලන්තය නොවන්නට මෙරට වකුගඩු රෝගයවත් දෙමළ ප්‍රශ්නයවත් නැත. චැනල් 4 යනු කැමරන්ට අවශ්‍ය වීඩියෝපට නිෂ්පාදනය කරන ආයතනයක් පමණකි. කැමරන් නොමග ගොස් ඇතැයි මුරලිදරන් පවසා තිබිණි. ඒ ප්‍රකාශය ගැන මුරලිදරන්ට අප ස්තුතිවන්ත විය යුතු ය. එහෙත් සිදුවන්නේ කැමරන් හා ඔහුගේ මුතුන් මිත්තන් විසින් දෙමළ ජනයා නොමග හරිනු ලැබීම ය. මේ පිළිබඳ තව දුරටත් විස්තර කළ යුතු ය. කෙසේ වෙතත් ආණ්ඩුව කැමරන්ට මුහුණ දීමේ දී ඊනියා දේශපාලන විශ්ලේෂකයන්ගෙන් උපදෙස් නොපැතිය යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2013-11-24

Wednesday, 20 November 2013

අනුකරණය හා ආරෝපණය


චින්තනයක සුසමාදර්ශ රාශියක් තිබිය හැකි ය. උදාහරණයක් ලෙස ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි (චින්තනය යනු කුමක් දැයි තේරුම් ගැනීමට මගේ ලෝකය හා ජාතිය සංස්කෘතිය හා චින්තනය ආදී කෘති කියවන්න) ඇති සුසමාදර්ශ කිහිපයක් නම් නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්ටයිනීය සාපේක්‍ෂතා සුසමාදර්ශය, ක්වොන්ටම් භෞතික සුසමාදර්ශය වෙයි. තාපගතිකය නිව්ටන්ගේ චලිත සමීකරණවලින් ලබාගත නො හැකි ය. එසේ වුවත් ඇතැම් නිව්ටෝනීය අදහස් තාපගතිකයෙහි යොදා ගැනෙයි. අයින්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය යන සංකල්ප අදාළ නිව්ටෝනීය සංකල්පවලින් සහමුලින් ම වෙනස් ය. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අවස්ථිති රාමු පිළිබඳ සංකල්පය වෙයි. එහි ද චලිත සමීකරණ ලියැවෙන්නේ අවස්ථිති රාමුවල ය. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පමණක් නොව බොහෝ චින්තනවල යොදාගැනෙන්නේ ද්විකෝටික න්‍යාය ය. එමෙන් ම බෙහෝ දෙනා ලෝකය නිර්මාණය කරගන්නේ (තේරුම් ගන්නේ) එක්කෝ විවික්තව (discrete) ය. එසේත් නැත්නම් සන්තතිකව (continuous) ය.  විවික්තව ලෝකය නිර්මාණය කිරීමේ දී අංශුව (particle) යන සංකල්පය වැදගත් වෙයි. එකිනෙකින් වෙන් වූ අංශුවලින් සමන්විත ලෝකයක් නිර්මාණය කරගැනීමට මිනිසුන් පුරුදු වත ඇත්තේ අද ඊයේ නො වේ. අවුරුදු දහස් ගණනක සිට මිනිස්සු ඒ ක්‍රියාවලියෙහි යෙදී සිටිති. නිව්ටන් ආලෝකය දැක්කේ ද අංශු ලෙස ය. ඔහුගේ ලෝකයෙහි වූයේ ආලෝක අංශු ය. ඔහුගේ ආලෝකය පිළිබඳ ප්‍රවාදය ලවක ප්‍රවාදය (corpuscular theory) මෙහි තේරුම ම විවික්ත ස්වාධීන ඒකකයක් හෙවත් අංශුවක් යන්න ගෙන දෙයි) ලෙස හැඳින්වෙයි.   

අනෙක් අතට ගලන ගඟක් එලෙස විවික්ත අංශු ලෙස දැකිය නො හැකි ය. මිනිසුන්ට සාපේක්‍ෂව ගඟක ඇත්තේ සන්තතික බවකි. මුළු මහත් බටහිර විද්‍යාව ම මෙන් ලෝකය නිර්මාණය කරගන්නේ එක්කෝ විවික්තව අංශු ආකෘතිය උපයෝගී කරගනිමිනි.  නැතහොත් සන්තතිකව ගංගා ආකෘතිය  අනුව යමින් ය. බටහිර භෞතික විද්‍යාව විසින් තරංග ආකෘතිය නිපදවනු ලැබ ඇත්තේ ගංගා ආකෘතිය අනුව ය. විද්‍යුත්චුම්බකවාදය යනු තරංග ලෙස ලෝකය දකින බටහිර විද්‍යා නිර්මාණයකි. බටහිර විද්‍යාවේ ඇත්තේ එක්කෝ අංශ ය. නැත්නම් තරංග ය. බටහිර ජීව විද්‍යාවෙහි ෙසෙල යන සංකල්පය නිර්මාණය කෙරී ඇත්තේ අංශු ආකෘතියෙහි ය. එහෙත් රුධිර ගලනය සිදුවන්නේ තරංග හෙවත් සන්තතික ආකෘතියෙහි ය.

ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක් වුව ද එය නිර්මාණය වන්නේ චතුස්කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක් නො වේ. ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නොතේරෙන්නේ ද එබැවිනි. ජනප්‍රිය පොතපතින් පමණක් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන දන්නා ඩී එස් සී උපාධිධාරි මහාචාර්ය අමරතුංග මහතාට මෙන් ම මහා ප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහතාට ද මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙයි. මෙම ලිපි පෙළ අමරතුංග මහතා කේන්ද්‍ර කරගත්ත ද ඔහුට පමණක් නොව සීමාවුවක් නො වේ. තුන්වැනි සංගායනාවේ ආරක්‍ෂකයන් ද  ඉතා විසුරුණු අදහසක වූ ජාතික චින්තනය ද මෙහි දී විවේචනයට ලක් වෙයි.  

ගුණදාස අමරසේකර මහතා ගැන මෙහි දී කතාකිරීමට තරම්වත් දෙයක් නැත. ජාතික චින්තනයක් ගැන කතාකළ ද බටහිර සංකල්ප යොදා ගන්නා ඒ මහතා අද සභ්‍යත්වය හා සංස්කෘතිය අතර ජාතිය හිරකර ඇත. සැමුවෙල් හන්ටින්ග්ටන් ඉදිරියේ දී ඇමරිකාවට වෙනත් සංස්කෘතීන්ගෙන් එල්ලවන අභියෝගය පැහැදිලි කිරීම සඳහා සභ්‍යත්ව ගැටුම (clash of civilizations) නමින් පොතක් පළකළ අවස්ථාවෙහි එය ජාතික චින්තන පසසමින් ලියූ පොතක් ලෙස තේරුම් ගත් අමරසේකර මහතා අද සභ්‍යත්වය යන බටහිර සංකල්පය දිරවා ගැනීමට  නොහැකිව පසුවෙයි.    

සභ්‍යත්වය යන සංකල්පය බටහිරයන් නිර්මාණය කරගෙන ඇත්තේ ඔවුන්ට තමන් විසින් සභ්‍යත්වයක් නැතැයි හඳුන්වනු ලැබූ ආසියාතික හා විශේෂයෙන් ම අප්‍රිකානු ජනයාගෙන්  වෙන්වීම සඳහා ය. සභ්‍යත්වයක් ඇත්තේ බටහිරයන්ට මිස අපට නො වේ යන්න ඔවුන්ගේ මූලික උපකල්පනය විය. එහෙත් පසුව බටහිරයෝ සභ්‍යත්වය යන්නට වෙනත් අර්ථකථන ද දුන්හ. හන්ටින්ග්ටන්ට අනුව සභ්‍යත්වය යන්න මිනිස් යන්න ළඟට මිනිසුන් ගොනුවන ප්‍රවර්ගය (category) ය. මිනිසුන් ලෙස අප සියළු දෙනාම හඳුනාගත හැකි ය. ඊළඟට හඳුනාගත හැක්කේ එක් සභ්‍යත්වයකට හසුවන ජනයා ය. සභ්‍යත්වයක ජනකායකට තමන් ඒ සභ්‍යත්වයෙහි වේ ය යන හැඟීම (විඥානය) වෙයි. 

හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද බෞද්ධ සභ්‍යත්වය යනුවෙන් සභ්‍යත්වයක් නැත. ඒ ථෙරවාදී බෞද්ධයන් තමන් එක් ප්‍රවර්ගයකට අයත් යැයි නොසිතන බැවිනි. ඔවුන්ට තමන් ථෙරවාදී සභ්‍යත්වයකට අයත් ය යන හැඟීම නැතැයි හන්ටින්ග්ටන් කියයි. එහෙත් යුරෝපීයයෝ තමන් ගැන යුරෝපීය සභ්‍යත්වයකට අයත් වූවන් ලෙසත් මුස්ලිමුන් එලෙස තමන් මුස්ලිම් සභ්‍යත්වයට අයත් වුවන් ලෙසත් සිතති යි හන්ටින්ග්ටන් කියයි. ඔහුට අනුව මහායානික බෞද්ධ යනුවෙන් ද සභ්‍යත්වයක් ඇත. අමරසේකර මහතා ඒ සියල්ල අමතක කර මෙරට දෙමළ ජනයා ද සිංහල සභ්‍යත්වයට ම අයත් යැයි කියයි. උදාහරණ මගින් සභ්‍යත්වය යනු කුමක් දැයි හඳුන්වනු වෙනුවට පළමුව සභ්‍යත්වයක් යනු කුමක් දැයි තේරුම් කිරීමට අමරසේකර මහතා උත්සාහ දරන්නේ නම් මැනවි.

මේ සියල්ල මෙහි දී ගෙනහැර දැක්වීමට සිදු වී ඇත්තේ දැනුම අවශෝෂණය පිළිබඳ ව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට ය. මගේ ලෝකය කෘතියෙහි සංස්කෘතියක ඇති දැනුම ගැන කරුණු හතරක් කියැවෙයි. ඒ අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා ඒ සංස්කෘතියෙහි ඇති දැනුම ඇසුරෙන් නිර්මාණය කිරීම ය. අනුකරණය යනු ඉවක් බවක් නැතිව ගෙඩිය පිටින් දැනුම ලබාගැනීම ය. අද බොහෝ දෙනා කරන්නේ එය ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ගුණදාස අමරසේකර මහතා ද එසේ කර ඇති අවස්ථා එමට ය. 

බටහිර මානව විද්‍යාව නම් දැනුම පද්ධතිය ගොඩ නැඟුවේ ම බටහිරයන්ට අමතර ව තවත් මිනිසුන් ලෝකයේ ඇති බව බටහිරයන් තේරුම් ගැනීමෙන් පසුව ය. බටහිරයන්ට අවශ්‍ය වූයේ තමන්ගෙන් වෙනස් වූ ඒ අනෙක් මිනිසුන් ගැන අවබෝධයක් ලැබීමටත් ඒ අනෙක් මිනිසුන් පාලනය කරන්නේ කෙසේ දැයි දැනගැනීමටත් ය. එහෙත් ඒ බව තේරුම් නොගත් මාර්ටින් විකයමසිංහ මහතා බටහිර මානව විද්‍යාව ලංකා විශ්වවිද්‍යාලයෙහි ඉගැන්විය යුතු යැයි උද්ඝෝෂණය කළේ ය. ඒ මහතාත් අමරසේකර මහතාත් ඊනියා බටහිර යථාර්ථවාදී නවකතා හා කෙටිකතා ගැන කතාකළේ ඒ ඊනියා යථාර්ථය යනු බටහිර ඇසින් ලෝකය බැලීම නිසා නිර්මාණය කරගත්තක් බව නොදැන ඒ අනුකරණය කිරීමෙනි. යථාර්ථය ද මිනිසුන්ගේ නිර්මාණයකි. ඒ හේතුවෙන් ම යථාර්ථය ද සාපේක්‍ෂ වූවකි. තුන්වැනි සංගායනාවේ ක්‍ෂණික යථාර්ථය පිළිබිඹු කරන ධර්මවාදය හා ක්‍ෂණවාදය ද  අශෝක බුදුදහමට සාපේක්‍ෂ ය.

ආරෝපණයේ දී සිදුවන්නේ අපේ සංස්කෘතික අවයව (කෑලි) වෙනත් සංස්කෘතියක දැනුමට එකතු කිරීම ය. මෙරට සමාජයෙහි අද ඇත්තේ බෞද්ධ සංස්කෘතික කෑලි එකතුකරගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියකි. ගුණදාස අමරසේකර මහතාගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි දැනුමට එකතු කෙරෙන සංස්කෘතික කෑලි කිහිපයකට පමණක් සීමා වෙයි. එය අමරසේකර මහතා අතින් විවේචනයට ලක්වෙන ජේ ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ට රාජ්‍යය සංකල්පයෙන් වෙනස් නො වේ. ජයවර්ධන මහතා යුදෙවු ක්‍රිස්තියානි දැනුමට ධර්මිෂ්ට රාජ්‍යය යන සංකල්පය එකතු කර ගත්තේ ය. ඒ ජාතික චින්තන සංකල්පය මෙන් ම ආරෝපණයකි. එනම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එකතු කර ගත් සිංහල බෞද්ධ කෑල්ලකි.

මා බුදුදහම විකෘති කරන්නේ යැයි අමරතුංග මහතා ද වෙනත් තුන්වැනි සංගායනාවේ බුදුදහම් සුසමාදර්ශයේ ආරක්‍ෂකයෝ නිතර කියති. එයට හේතුව මා වාස්තවික වූ යථාර්ථයක් වූ මනසක් ඇතැයි නො පිළිගැනීම ය. එවැනි මනසක් ඇතැයි බුදුන්වහන්සේ දේශනාකර ඇත්තේ කොහේ ද? අනත්තලක්ඛන සූත්‍රයෙහි යථාර්ථයක් වූ මනසක් ගැන නො කියැවෙයි. අටුවාවෙහි තිබූ පමණින් යමක් පිළිගැනීමට අප සූදානම් නැත. අටුවා ලියනු ලැබ ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වුව ද අප වැනිම වූ පෘථග්ජනයන් විසිනි. රහතන් වහන්සේ කෙනකු අතින් ලියැවුණ ද වැරදි තිබිය හැකි බව මගේ විශ්වාසය වෙයි. 

චිත්ත යනු මොනවා ද? චිත්තයක් ක්‍ෂණ කිහිපයකට පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? චිත්ත වීථි යනු මොනවා ද? චිත්ත පෙරහැරක චිත්ත ඇතිවන්නේ කෙසේ ද? චිත්ත වීථිය සන්තතික ද? එය සමන්විත වන්නේ විවික්ත වූ චිත්ත රාශියකින් ද? මනස මනසේ ම නිරාමාණයක් ය යන්නට වඩා චිත්තය පරමාර්ථ ධර්මයක් ලෙස සැලකීම උචිත ද? අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසුවත් තේරුම් ගැනීමට නොහැකි වූ ද ප්‍රත්‍යක්‍ෂ නො වූ ද එහෙත් බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ විස්තර කිරීම සඳහා අප සංකල්ප  නිර්මාණය කර ඇත. සන්නිවේදනයේ දී මේ සංකල්ප අවභ්‍ය වෙයි. චිත්ත චෛතසික මනස ආ දිය ද එවැනි සංකල්ප පමණක් වෙයි.     

මාර්ටින් වික්‍රමසිංහ මහතා පුනරුත්පත්තිය පුනබ්භවය නො පිළිගත්තේ ය. අමරසේකර මහතා ද නො පිළිගනියි. එහෙත් අමරතුංග මහතාට අනුව බුදුදහම විකෘතිකරන්නේ පුනබ්භවය පිලිගන්නා මා මිස අමරසේකර මහතා නො වේ. එයට එකම හේතුව මා අටුවාවේ ඇති ඇතැම් කරුණු නො පිළිගැනීම ය.  අමරතුංග මහතාට අනුව අමරසේකර මහතාගේ සුන්දර අදහසක් වූ ජාතික චින්තනයේ පුනබ්භවයක් නැත. 

වික්‍රමසිංහ මහතාගේත් අමරසේකර මහතාගේත් ප්‍රශ්නය මට තේරුම් ගත හැකි ය. ඔවුන්ගේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය වෙයි. ඔවුන්ගේ දැනුම යුදෙව ක්‍රිස්තියානි දැනුම වෙයි. ඔවුන් කර ඇත්තේ එයට බෞද්ධ කෑලි එකතු කිරීම ය. එහෙත් ඔවුහු ඊනියා විද්‍යාත්මක චින්තනයේ දාසයෝ වෙතිෂ වූහ. පුනබ්භවය බටහිර විද්‍යාවට අනුව පෙන්නුම් කළ නො හැකි ය. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන කෑලි තම යුදෙවු ක්‍රිස්තියානි දැනුමට එකතු කිරීමට ඒ මහත්වරු අකමැති වෙති. එබැවින් පුනබ්භවය නැති බෞද්ධ  කෑලි ගැන පමණක් උනන්දු වීමට සිදු වීම ඔවුන්ගේ අවාසනාවක් වදය හැකි ය.                

බටහිර විද්‍යාව  ඇතිවීමට (නිර්මාණය කිරීමට) පෙර භාරතයේ හා චීනයේ තිබුණේ බොහෝ දුරට සංයුක්ත වූ දැනුමකි. භාරතයේ බමුණන්ට යම් වියුක්ත දැනුමක් තිබුණ  නමුත් එය බටහිරයන්ගේ වියුක්ත මට්ටම අසළකටවත් නො පැමිණියේ ය. චීන ජාතිකයන්ට බමුණන්ට තරමටවත් වියුක්ත දැනුමක් නො වී ය. භාරතයේ හා චීනයේ තිබූ දැනුම ගැන බටහිරයන් උනන්දුවක් දක්වා ඇත්තේ පහළොස්වැනි සිය වසේ පමණ සිට ය. එහෙත් බටහිරයන්, විශේෂයෙන් ම ග්‍රීකයන් ඈත අතීතයේදීත් අනෙක් රටවල තිබූ දැනුම ගැන  උනන්දුවක් දක්වා ඇත. ඔවුහු මධ්‍යධරණීය මුහුද අවට තිබූ රටවල ද පැරණි මිසරයේ ද තිබූ දැනුම ග්‍රීක සංස්කෘතියට අවශෝෂණය කර ගත්හ.


නලින් ද සිල්වා

2013-11-20

England and Sri Lanka’s problem - I


We are victims of the English education we have had received whatever the medium of instruction may be. It is unfortunate there was no change in the substance taught in schools and of course the universities when the medium of instruction was changed to Sinhala and Tamil from English and also when free education was introduced. I myself received the
“best” of this education at school and the university and had the “benefit” of free education up to the post graduate education at an English university through a scholarship offered by the Government of Sri Lanka. I was fortunate to have one of the brilliant Astrophysicists/  Cosmologists, incidentally a McCrea (note the spelling), by the name Prof. Sir William Hunter McCrea who was a Fellow of the Royal Society, London and also had been a President of the Royal Astronomical Society. Thus I have had Royal connections, so to speak of, from the age of eleven to twenty five, and my formative years were spent in an “English” environment.

The late Prof. Sir Bill McCrea was very much different from Calum Macrae of Chanel 4 and loved Sri Lanka. I happened to be his last Ph. D. student and both he and his wife Lady McCrea treated me as a son. I had gone to England to become a theoretical scientist (cosmologist) but very soon I realized that I did not have the capabilities of becoming one, though I was considered as a good student at least by some in Sri Lanka (I must say that most of my university teachers and acquaintances did not and do not think so). About ten years later I found out that in order to become a western scientist one should be able to create knowledge in the Greek Judaic Christian Chinthanaya, which I am not capable of, in spite of my Royal connections. I was not interested in obtaining a Ph. D., not so much as becoming a (western) scientist, and when I realized I could not become a cosmologist I told my teacher Bill McCrea that I would go back to Sri Lanka with a M.Sc., as by that time I had not fulfilled the minimum time requirement of two years for a Ph. D. To my utter surprise he said that I should not go back with only a M.Sc., and took the necessary steps to get the Senate of the University to waive the minimum time requirement for a Ph. D. and allow me to submit for a Ph. D. Then in the late eighties when I had death threats from both the UNP government and the JVP (The UNP thought I was a JVPer, while the JVP was of the view that I was an Indian agent and decorated the walls of the University of Colombo stating so,) he got the Royal Society, London to offer me a fellowship to come to England. I am stating these facts only to show that there are McCreas and Macraes among those English of Scottish origin, and that I have nothing against the English or the Scottish or as they call the British people in general.,

However, the English establishment is a different kettle of fish altogether, and what we saw at the CHOGM in Colombo is only the tip of the iceberg as far as politics, government, governance, knowledge, law, manners, administration, democracy, press freedom, etc. etc. of English establishment is concerned. Unfortunately due to the English education we have received most of us cannot see through the antics. English has given to the world a system of knowledge that would hide all the action behind the screen and portray something else. They pretend to be human rights protectors while violating the human rights of not only the Irish but of others as well. As somebody has said the English ruled the waves, waiving the rules. They know how and when to apply, break, bend or waive the rules depending on the situation. (Somebody would want to find out waiving the rules of the University for me was also one such case!). The English know how to manage a situation to their advantage, which unfortunately the others have no knowledge of.

Consider the behaviour of David Cameron in Sri Lanka. He could not stay away from the CHOGM as he is the Prime Minister of England that was the colonial power before the modern commonwealth was established. However, the CHOGM was the last thing in his mind as he had come here to talk tough to the President. He was there at Nelum Pokuna at the inaugural ceremony taking a seat in a back row (that was good management by the Sri Lankans) probably not to his liking, but soon after went to Jaffna, came back to Colombo and had a press conference, played cricket with Muralitharan and went back home.  He had only one interest that was to talk tough to the Sri Lankan President, which he did. Unfortunately for him the President as expected talked tougher but politely and Medamulna triumphed over Westminster.  Mualitharan not to be outdone bowled a dooshra at Cameron when speaking as a Tamil he said the English Prime Minister has been most probably misled. However, I am sure that he is not misled but he is misleading the Tamils in Sri Lanka and in England. I will come back to this in detail later.

Overall, Cameron behaved like a bull in a Chinashop, and I am not referring to the Nelum Pokuna and BMICH built with Chinese aid. He met about twenty people in Jaffna and thought that it was sufficient for him to know the situation of the Northern Province. Of course he met the TNA leaders including the Chief Minister of the Northern Province but it is clear that the meeting that was held in camera was not to the satisfaction of Anandi the Provincial Council member from the TNA. The twenty odd people if succeeded gave the opinion of Anandi, which is not the same as that of Sambanthan and Wigneshwaran. Sumanthiran though close to the latter would also like to represent the Anandi opinion as well. The important observation is that Cameron threatened to move the so called international community against Sri Lanka to have an investigation on human rights violation during the last stages of the humanitarian operations against the Tamil terrorists (Tamil tigers in the vogue of the English who do not refer to them s terrorists) before he went to Jaffna. He did not come here with a so called open mind, again showing that there are no open minds in spite of what the English education teaches us, and the trip to Jaffna was not necessary for him to make up his mind. 

Then who made up his mind against Sri Lanka, the President, the Defense Secretary and the Sri Lankan armed forces, and the Sinhala people in general? Was it the Channel 4 gang Calum Macrae, Miller and the rest. Did he make up his mind after watching “killing fields”?  No it is the Ugly Englishman behind all these making up of minds. The gang of Channel 4 wanted to go presumably to Killinochci but they were met by protestors at Anuradhapura who stopped the train that carried the gang and they had to return to Colombo through Dambulla. The driver of the van that brought them to Colombo from Anuradhapura had to make a complaint at a police station in order to get his fare paid by the gang of Channel 4. That incident spoke volumes for the respect for the human rights of the driver, which the gang had. If not for the complaint at the police station and the publicity given to it, the gang would have scrounged rupees thirty thousand from the poor driver.

Cameron has not been misled by the gang of Channel 4 or by the dispersed Tamils in England (the so called Diaspora with Biblical connotations) but it is the other way round. The English regime, a word frequently used by Ranil Wickremesinghe, is manipulating the events and the dispersed Tamils in England and Canada, the English and American media in general are being used by Cameron regime against Sri Lanka, the President, the Defense Secretary, the Armed Forces and the Sinhala people in general. Channel 4 is only coming out with Video footage half yearly or so for Cameron to use them against all of us mentioned above. (To be continued)


Nalin De Silva

20-11-2013

Sunday, 17 November 2013

ජරා සුද්දෝ සහ දහජරා කළු සුද්දෝ


මේ තීරුවෙහි මාතෘකාවෙහි ජරා සුද්දෝ යන්න අග්ලි ඇමරිකන් යන ඉංගිරිසි ව්‍යවහාරය සිංහල සම්ප්‍රදායට අවශෝෂණය කිරීමෙන් ලබාගත්තකි. මෙයින් සියළු ඉංගිරිසි ජාතිකයන් හෝ සියළු කළු සුද්දන් ජරා යැයි නොකියැවෙයි. එංගලන්ත ආණ්ඩුව ඔවුන්ගේ ආවතේවකාරයෝ, ඇතැම් ජන(ඩ)මාධ්‍ය, ඇතැම් උගත්තු ආදීහු පමණක් ජරා සුද්දෝ යන්නෙන් හඳුන්වනු ලැබෙති. එමෙන් ම බොහෝ එ ජා ප නායකයෝ ද, ඇතැම් කසිකබල් මාක්ස්වාදීහු ද ලිබරල් වාදීහු ද උගත්තු ද රාජ්‍ය නොවන බැලයෝ ද ආදීහු දහජරා කළු සුද්දෝ වෙති.  චැනල් 4 ද ඇතුළු එංගලන්තයේ බීබීසිය, ඇමරිකන් සී එන් ඒ විසින් මෙහෙයවෙන ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය හා ලංකාවේ ඇතැම් කළු සුද්දන්ට හා මේ ආණ්ඩුවෙන් තමන් බලාපොරෙත්තු වූ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොලැබුණු අයට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීම ලංකාවේ පැවැත්වීමෙන් ආණ්ඩුව ඇණගෙන ඇත. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එංගලන්තය තම අධිරාජ්‍ය වෙනත් මඟකින් ගෙන යෑමට දරණ අසාර්ථක උත්සාහයක් පමණකි. එය ගැන මගේ කිසිම පැහැදීමක් නැත. එහෙත් මෙම රැස්වීම ලංකාවේ ඉතා සාර්ථක ව පැවැත්වීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මෙම රැස්වීම ලංකාවේ පැවැත්වීම වැළැක්වීමට ජරා සුද්දෝ ද දහජරා කළු සුද්දෝ ද මහත් උත්සාහයක් දැරූහ. එසේ වුවත් රාජ්‍ය නායකයන් ද විශාල සංඛ්‍යාවක සහභාගීත්වයෙන් රැස්වීම කොළඹ දී ඇරඹිණි. එය ලංකාවේ ද පොදුවේ සිංහලයන්ගේ ද වීරෝදාර හමුදාවේ ද ආරක්‍ෂක ලේකම්තුමාගේ ද ජනාධිපතිතුමාගේ ද විශිෂ්ටත ම ජයග්‍රහණයකි. කැනඩාවේ ඉන්දියාවේ අගමැතිවරු දේශපාලන හේතු නිසා රැස්වීමට පැමිණීමෙන් වැළකුණහ. එහෙත් එංගලන්තයේ කැමරන්ට එයට සහභාගි නොවී සිටීමට නොහැකි විය. ඔහුගේ සිහින අධිරාජ්‍යයේ ඔහු තවමත් ඔහුගේ රැජනගේ අගමැති ය. එසේ වුවත් එංගලන්තය ද කැනඩාව ද පොදු රාජ්‍ය මණ්ඩලයට කරන මූල්‍ය ප්‍රදාන නවත්වන බව කියා ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා එහි සභාපතිවීමට විරුද්ධව ගන්නා ලද ක්‍රියා මාර්ගයකි. 

චැනල් 4 කණ්ඩායම ලංකාවේ ක්‍රියාත්මක වූ ආකාරයෙන් ඔවුන් කවුරුන්දැයි හෙළි විය. ඔවුහු එක් රස්වීමකින් පසුව ජනාධිපතිතුමාගෙන් පිස්සු බල්ලන් මෙන් පැන පැන ප්‍රශ්න ඈසූහ. ඔවුන් පැමිණ ඇත්තේ ඔවුන්ට වීසා ලැබී ඇති ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීම වාර්්තා කිරීමට නොව තවත් ව්‍යාජ චිත්‍රපටියක් නදපදවීනට ය.  ඔවුන්ට ඇත්තේ ජනාධිපතිතුමා හා සිංහලයන් කෙරෙහි වූ වෛරයක් පමණකි. ඔවුන් පොදුවේ සිංහලයන් කෙරෙහි ඇති වෛරය අනුරාධපුරයේ සිට ඔවුන් රැගෙන ආ රියදුරාට මුදල් ගෙවීම ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පැහැදිලි වෙයි. ජරා සුද්දන් නිසා ඒ රියදුරාට අසාධාරණයක් වීමට ආණ්ඩුව ඉඩ නොතැබිය යුතු ය. මේ වෛරය අන් කිසිවක් නිසා නොව ලංකා හමුදාව ජරා සුද්දන්ගේ අභිමතයට පිටුපාමින් ජරා සුද්දන්ගේ  කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඇතිවූකි. එහෙත් අප මෙහි දී එක් කරුණක් වටහා ගත යුතු ය. චැනල් 4 ඇතුළු ඉංගිරිසි ජනමාධ්‍ය මෙසේ පිස්සු බල්ලන් මෙන් හැසිරෙන්නේ එංගලන්ත ආණ්ඩුවේ අවශ්‍යතාව නිසා ය. චැනල් 4 ක්‍රියාකලාපය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් අපි ඒ පිටුපස සිටින ඉංගිරිසි රජය රනිල්ගේ මුවඅග ඇති වචනයක් යොදාගන්නේ නම් රෙජිමය අමතක කරන්නෙමු. 


එංගලන්තයේ ඇමතිවරයකු හික්කඩුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ජඩ ආකාරයකින් යොදා ගනිමින් හමුදා මෙහෙයුම්වල අවසාන සතියේ දී ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කළේ ය. මේ කතාකරන්නේ අවුරුදු දෙසිය ගණනකට වැඩි කලක් තිස්සේ  මුළු ලෝකයේ ම මානව අයිතිවාසිකම් අමු අමුවේ ම කඩකළ ඊනියා දෙවැනි ලෝක යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ලක්‍ෂ ගණනක් මැරූ මේ ළඟ දී ඉරාකයේ නොතිබූ න්‍යෂ්ටික අවි ගැන කතාකරමින් ඉරාක සිවිල් වැසියන් මැරීමට බෝම්බ දැමූ එංගලන්ත රජයේ ඇමතිවරයකු බව ඇතැමුන්ට අමතක වන්නට ඇත. අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි මෙරට දෙමළ ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. (විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගෙ සීයලා බාප්පලා හා මස්සිනාලා කියවන්න) එංගලන්තය තමන්ට එරෙහිව සටන් කළ සිංහලයන් මර්දනය කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගත්තේ ය. අද ද යොදා ගනියි. ඔවුන් අවංක නම් කළ යුත්තේ එංගලන්තයේ දෙමළ විසුරුණු ජනයා විසුරුවා හැරීම ය. එහෙත් ඔවුහු බොරුවට කොටි සංවිධානය තහනම් කර එහි ද්විතීය සංවිධානවලට ලංකාවට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඉඩ දෙති.  අද එංගලන්තයට තමන් නෝර්වේ හා රාජ්‍ය නොවන බැළයන් ඇතැම් පූජකයන් මගින් පවත්වාගෙන ගිය කොටි පරාජය කිරීම නිසා රාජපක්‍ෂවරුන් හා හමූදා නායකයන් දංගෙඩියට යැවීම අවශ්‍ය වෙයි. චැනල් 4  ව්‍යාජ චිත්‍රපටි නිපදවන්නේ එංගලන්ත රාජ්‍යයට ඒ ඊනියා සාක්‍ෂි ලෙස යොදා ගැනීමට ය. මෙරට දෙමළ ප්‍රශ්නය ඇති කළේත් අදත් පවත්වාගෙන යනු ලබන්නේත් සිංහලයන්ට විරුද්ධව එංගලන්තය විසින් බව තේරුම් ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීමෙන් පසුවවත් සිංහලයන්ට හැකි විය යුතු ය. ජරා සුද්දන් හඳුනාගැනීමටත් ඔවුන් සමග එක් වී රටට විරුද්ධව කටයුතු කරන දහජරාකළු සුද්දන් හඳුනාගැනීමටත් අවස්ථාව ලැබීම පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීමෙන් අපට ලැබුණු ජයග්‍රහණ ය. අප කුමක් කළත් එංගලන්ත රජය අපට විරුද්ධ ක්‍රියා මාර්ග අත් නොහරිනු ඇත. අප ඔවුන්ට කියා සිටින්නේ ඊනියා තිස් අවුරුදු යුද්ධයේ අවසාන සතියේ නොව සති 1500 ම මානව අයිතිවාසිකම් කඩවීම් සොයා බැලීමටත් කොටින්ට ආධාර කළ රාජ්‍ය ගැන සොයා බැලීමටත් අප කටයුතු කරන බව ය. මෙහි දී රනිල් හා සරත් ෆොන්සේකා අමතක නොකළ හැකි ය. ඊනියා යුද්ධාපරාධ චෝදනා පළමුවෙන් ම ඉදිරිපත් කළේ සරත් ෆොන්සේකා ය. ඔහුගේ ද්‍රෝහී සුදුකොඩි කතාව සියල්ලෙහි මුල විය. රනිල් ඇතුළු කළු සුද්දන් චැනල් 4 කණ්ඩයමට සිරිකොතට ආරාධනා කළේත් සිරිකොතේ ප්‍රදර්ශන පවත්වූයේත් රටට විරුද්ධව සුද්දන්ට ගතු කීමට ය. මේ දෙදෙනාටම ඊළඟ මැතිවරණයේ දී වික්‍රමබාහුට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට හැකිවනු ඇත. ජනාධිපතිතුමා චැනල් 4 කණ්ඩායමට තේ බීමට කතාකරන්නේ රටට විරුද්ධව ගතු කීමට නො වේ. කැමරන්ලාට මැක්රේලාට ලංකාව තමන්ගේ යටත්විජිතයක් ය යන හැඟීම එ ජා පක්‍ෂය විසින් ලබා දී තිබිණි. චන්ද්‍රිකා හැරෙන්නට ශ්‍රී ල නි ප නායකයන් ඒ හැඟීම ලබා නොදීම කැමරන්ට ඇති ප්‍රශ්නයකි. ඉන්දියාව ගැන ද කෙටියෙන් සඳහන් කළ යුතු ය. ඉන්දීය අගමැති රැස්වීමට අවසන් මොහොතේ වුවත් පැමිණේ යැයි මා සිතුවේ එමගින් දෙමළ ප්‍රශ්නය ගැන අපට බලපෑම් දැමීමට ඔවුන් කටයුතු කරාවිය යන පදනමෙන් ය. ඔහු නොපැමීණීම අපට වැඩදායක ය. ඒ අපේ ජයග්‍රහණයකි. මින්පසු කුර්ෂීඩ් කුමක් කීවත් ඉන්දියාවට කිසිම බලපෑමක් කිරීමට අපි ඉඩ නො දෙමු. දහතුන ගැන අප ක්‍රියා කළ යුත්තේ අපට අවශ්‍ය අන්දමට මිස ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නො වේ.


නලින් ද සිල්වා

2013-11-17

Wednesday, 13 November 2013

දැනුම අවශෝෂණය කිරීම


බටහිර සංස්කෘතිය නැඟීමට පෙර පුරාණ සංස්කෘතීන් කිහිපයක ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු යැයි අමරතුංග මහතා පවසයි. බොහෝ ලේඛකයන් අනුගමනය කරන කපටි පිළිවෙතක් අමරතුංග මහතා ද මෙහි දී අනුගමනය කරයි. මෙහි අපි යනුවෙන් හැඳින්වෙන්නේ ඒ මහතා පමණක් නොවන බව පැහැදිලි ය. ඔහු සියුම් ව කරන්නේ පාඨකයන් ද තමා දරණ මතය පිළිගන්නා බව කීම ය. එමගින් බොහෝ පාඨකයෝ මහාචාර්යවරයකු සමග එකම මතයක් දරන්නේ ය යන මතයෙන්  එක්තරා අයුරකින් මානසික නිද්‍රාශීලීභාවයකට පත්වෙති. කොහොමටත් සිතන්නට පුරුදු නොකරන අධ්‍යාපනයකින් බිහිවන්නෝ ඉන්පසු අමරතුංග මහතා කියන දේ ප්‍රශ්න නො කරති.

චීනය ඉන්දියාව වැනි රටවල තාරකා විද්‍යාව, ගණිත ශ්‍රාස්ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්ට අදාළ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවත් වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍රය පළමුව චීනයේ නිෂ්පාදනය වූ බවත් අමරතුංග මහතා කියයි. ඒ මහතා ඇතැම් බටහිරයන් කියන මේ කරුණු පුනරුච්චාරණය කරන්නේ ලංකාවේ මහාචාර්යවරයකුට ම සුදුසු ආකාරයෙනි. මෙරට බොහෝ බටහිර උගත්තු මේ සම්බන්ධයෙන් අමරතුංග මහතා දරණ මතය ම දරණ බව ද සඳහන් කළ යුතු ය.

මෙහි දී අපට උගත් මහාචාර්යවරයාගෙන් ප්‍රභ්න කිහිපයක් ඇසීමට ඇත. පළමුවෙන් ම අද ඉන්දියාවෙන් හෝ චීනයෙන් හෝ එවැනි දැනුම් නිර්මාණය නොවන්නේ ඇයි ද යන්න ය. බොහෝ උගතුන් එයට දෙන පිළිතුර නම් මේ වන විට ඒ රටවල ඒ සඳහා පහසුකම් නොමැති බව ය. එහෙත් චීනයෙන් හා ඉන්දියාවෙන් පහසුකම් ඇතැයි කියන බටහිර රටවලට දේශීය බටහිර විද්‍යාඥයෝ විශාල වශයෙන් ඇදී යති. ඔවුන්ගෙන් කී දෙනකුට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත් ද? ඔවුන්ගෙන් කී දෙනකු බටහිර විද්‍යාවේ හරිහමන් දැනුමක් නිර්මාණය කර ඇත් ද? එදා විද්‍යාවේ ජයකෙහෙළි නැංවී යැයි කියන ඉන්දියානුවන්ට හා චීනුන්ට අද එසේ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඉන්දියානු හා චීන ශිෂ්‍යයෝ බටහිර රටවල දී පරීක්‍ෂණවලින් ඉහළින් සමත්වන නමුදු දැනුම නිර්මාණයෙහි දී යුරෝපීයයන් මෙන් දක්‍ෂතාවක් නො දක්වති.  ලංකාවෙන් බටහිරට යන ශිෂ්‍යයෝ ද එසේ ම වෙති.

අනෙක් අතට චීනයේ වසර ගණනාවක් තිස්සේ චීන දැනුම ගැන අධ්‍යයනය කර ඒ පිළිබඳ වෙළුම් රාශියක් පළකළ ජෝසෆ් නීඩ්හම් මහතා ඉතා වැදගත් ප්‍රශ්නයක් අසා ඇත. අමරතුංග මහතාට ඒ ප්‍රශ්නය පිළිබඳ දැනුමක් ඇත් දැයි මම නො දනිමි. නීඩ්හම් මහතා අසා ඇත්තේ විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කී චීන ජාතිකයන්ට බටහිර (නවීන) විද්‍යාවට හිමිකම් කීමට නොහැකි වූයේ ඇයි ද යන්න ය. පැහැදිලිව ම නීඩ්හම් මහතා චීන විද්‍යාව හා බටහිර විද්‍යාව අතර වෙනසක් දකියි. නීඩ්හම් මහතාට අමරතුංග මහතාට තරම් වැටහීමක් නොතිබූ බැවින් ඒ ප්‍රශ්නය ඇසී දැයි නො දනිමි.

නීඩ්හම් මහතා කිසි තැනක චීන විද්‍යාව දියුණු වී ඉන්දීය විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක් හෝ සමග සම්බන්ධ වී හෝ නොවී හෝ බටහිර විද්‍යාව ඇති වූ බවක් සඳහන් නො කරයි. මා මෙයින් කියන්නේ අප නීඩ්හම් මහතා කියා ඇති දේ අවසාන වාක්‍යය ලෙස පිළිගත යුතු බව නො වේ. එක් එක් අයගේ නම් සඳහන් කරමින් තමා බොහෝ ඇසු පුරූ තැන් ඇත්තකු ය යන අදහස පාඨකයාට ලැබෙන පරිදි ලියන අමරතුංග මහතා තමා නීඩ්හම් ගැන අසා නැතැයි කියන්නේ ද? ඒ මහතාට තමා ඉහළින් අගයන ගුණදාස අමරසේකර මහතාගෙන් නීඩ්හම් යනුවෙන් මිතුරකු මාර්ටින් වික්‍රමසිංහ මහතාට සිටි බව දැනගත හැකි ය.

කෙසේ වෙතත් නීඩ්හම් මහතා තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ද සැපයී ය. ඔහුට අනුව චීනයේ බටහිර විද්‍යාව බිහිනොවූයේ එහි ධනවාදය නොතිබූ බැවිනි. නීඩ්හම් මහතා තම ප්‍රශ්නයට දී ඇත්තේ ඉතා ම බංකොළොත් පිළිතුරකි. බටහිර විද්‍යාව බටහිර ඇතිවූයේ එහි ධනවාදය තිබූ නිසා නො වේ. ගැලීලියෝ මියගියේ 1642 වසරෙහි දී ය. නිව්ටන් උපන්නේ ද ඒ වසරෙහි දී ය. ඒ වන විට ඉතාලියේ හෝ එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක හෝ ධනවාදය බිහි වී නො තිබිණි. ගැලීලියෝට හෝ නිව්ටන්ට හෝ ධනවාදය අවශ්‍ය නො වී ය. අවාසනාවකට අමරසේකර මහතා ධනවාදය ඇතිවූයේ බටහිර විද්‍යාව ඇතිවීමට පසුව යැයි නොදන්නා බව පසුගිය  ඉරිදා පුවත්පතකට කරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

අනෙක් අතට අද බටහිර ඇති ගණිතය ඉන්දියාවේ තිබූ ගණිතයෙහි වර්ධනයක් නො වේ. පැරණි භාරතීය ගණිතය වියුක්ත ගණිතයක් නො වී ය. යම් යම් ගණිත කර්ම සිදුකිරීම  සඳහා සූත්‍ර රාශියක් පැරණි භාරතීය ගණිතයෙහි විය. (සූත්‍ර යනු අසා ඇති දේ ය. බුදු දහමෙහි සඳහන් සූත්‍ර බොහෝ විට බුදුන්වහන්සේගෙන් ඈසූ දේ ය.) උදාහරණයක් වශයෙන් ගතහොත් බටහිර ගණිතයෙහි දක්නට ලැබෙන පෛතගරස් ප්‍රමේයයෙහි ප්‍රතිඵලය පැරණි භාරතීයයෝ දැන සිටියහ. එහෙත් ඒ දැනුම එ ඒ සෘජු කෝණී ත්‍රිකෝණය සඳහා වූ සංයුක්ත දැනුමක් විය. ඕනෑම සෘජු කෝණී ත්‍රිකෝණයක් සඳහා වියුක්ත ව ප්‍රතිඵලය සාධනය කිරීමට තබා ප්‍රකාශ කිරීමටවත් පැරණි භාරතීය ගණිතඥයෝ දැන නො සිටියහ.

පැරණි භාරතයේ තිබූ දැනුම අරාබීන් හරහා යුරෝපයට ගිය බව සැබෑ ය. එහෙත් ඒ දැනුම හෝ චීනයෙන් ලැබුණු දැනුම හෝ වෙනත් එවැනි දැනුමක් හෝ බටහිරයෝ ගෙඩිය පිටින් අනුකරණය නො කළහ. ඔවුහු ඒ සියළු දැනුම් තම නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කළහ. අමරතුංග මහතා ඒ බව නොදන්නවා විය හැකි ය. ඒ මහතා චින්තනය යන සංකල්පයට ගරහයි.  ඒ මහතා වරක් කියා තිබුණේ මා අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන සොඳුරු අදහස අවලස්සන කර ඇති බව ය. මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද මේ අවස්ථාවක් කර ගනිමි.

මට ජාතික චින්තනය යන අදහස අවලස්සන කිරීමට අවශ්‍යතාවක් නො වී ය. එයට හේතුව 1986 වසරේ දී ම මා චින්තනය යන සංකල්පය ඉදිරිපත්කර තිබීම ය. 1986 පළ කළ මගේ ලෝකය කෘතියෙහි ද චින්තනය යන සංකල්පය විස්තර කර ඇත. මා අද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වන්න එදා හැඳින්වූයේ යුදෙවු චින්තනය ලෙස ය. පසුව බටහිරයන්ගේ වත්මන් චින්තනය චින්තන තුනක සංකලනයක් බව අවබෝධ වීමෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි යන්න ව්‍යවහාරයට ගත්තෙමි.

අමරසේකර මහතා ජාතික චින්තනය යන අදහස 1986 දී ඉදිරිපත් කලේ රුසියන් ජාතිකයකුගෙන් ලබාගත් නැෂනල් තෝට් (national thought) යන්න සිංහලට පරිවර්තනය කරමිනි. ඔහුට ඒ පිළිබඳ පැහැදිලි සංකල්පයක් නො වී ය. විසිරුණු අදහස් මිස සංකල්ප හඳුන්වාදීමෙ හැකියාවක් නැති  අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ඉතාමත් ලිහිල් ආකාරයකින් යොදා ගත්තේ ය. අර රුසියන් ලේඛකයාට අනුව රුසියන් විප්ලවය ජයග්‍රහණය කළේ මාක්ස්වාදය මත නොව රුසියන් ජාතික චින්තනය මත පදනම් වී ය. 

අමරසේකර මහතාට ජාතික චින්තනය යනු කුමක් දැයි පැහැදිලි කිරීමට පවා නොහැකි වූ බව එකල දිවයින බදාදා අතිරේකය කියවූවෝ දනිති. ඒ මහතා සාමාන්‍යයෙන් කරන ආකාරයට බටහිර ලේඛකයන්ගේ අදහස් සිංහලට පරිවර්තනය ඒ ඔස්සේ ඊනියා ජාතික චින්තනය තේරුම් කිරීමට උත්සාහ ගත්තේ ය. විශේෂයෙන් ම එරික් ෆ්‍රොම්ගේ අදහස් ඒ මහතාට ප්‍රයෝජනවත් විය. ෆ්‍රොම්ගේ සිවිලිසේෂන් කොන්ෂස්නස් ~ (civilisation consciousness) යන්න සභ්‍යත්ව විඥානය ලෙස පරිවර්තනය කරගත් අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ෆ්‍රොම් ඇසුරෙන් තේරුම් කිරීමට උතාසාහ කළේ ය. සතියකට පෙර ඒ මහතා ජාතිය යන්න ඊනියා සභ්‍යත්ව විඥානය ඔස්සේ තේරුම් කිරීමට කලින් කී පුවත්පත මගින් අසාර්ථක උත්සාහයක් ගෙන තිබිණි.

මට මෙරට ජාතික චින්තනය යන්න සිංහලයන්ගේ චින්තනය විය. එය අද වන විට සිංහල බෞද්ධ චින්තනය ලෙස හැඳින්වෙයි. ලිහිල් විසුරුණු අදහස් කෑලි මත නොව සංකල්ප මත පදනම් වූ මට ප්‍රධාන සංකල්පය වූයේ චින්තනය ය. සිංහල බෞද්ධ චින්තනය යන්න අපට වැදගත් වුවත් ප්‍රධාන වුවත් එය තවත් එක් චින්තනයක් පමණක් විය. දැනුම නිර්මාණය කෙරෙන්නක් බවත් එය චින්තනය මත පදනම් ව සංස්කෘතියකට සාපේක්‍ෂව සිදුවන්නක් බවත් මම සඳහන් කළෙමි. එමෙන් ම දැනුම නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව (බුදු දහමෙහි සඳහන්) නිසා බවත් සඳහන් කළෙමි. මේ සියළු සංකල්ප වර්ධනය කිරීමට යම් කාලයක් ගත වූ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

මා කළ වරද වූයේ චින්තනය යන සංකල්පයෙන් ලබාගත් සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය අමරසේකර මහතාගේ ජාතික  චින්තනය යන විසිරුණු අදහස සමග එකට භාවිතා කිරීම සහ එසේ කිරීමට ඉඩ හැරීම ය. බොහෝ දෙනා තේරුම් ගත්තේ මගේ සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය හා අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස එකක් ලෙස ය. ඇතැම් අවස්ථාවල මෙරට ජාතික චින්තනය යන අදහස ගෙන දෙන ආකාරයට ජාතික චින්තනය යන්න යොදා ගැනීමෙන් මා මගේ අනන්‍යතාව පළුදු කරගත් බව ද මම පිළිගනිමි. 

මේ අදහස් මෙසේ පළකිරීමට සිදු වී ඇත්තේ අමරතුංග මහතාගේ ප්‍රකාශ නිසා ය. අමරසේකර මහතා මගේ සංකල්ප ද ඒ මහතාගේ අදහස් ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස අවශෝෂණය යන්න ම ගනිමු. අමරසේකර මහතාට කිසි දිනෙක චින්තනය යන සංකල්පය නො වී ය. ඔහුට සැමදාමත් තිබුණේ ජාතික චින්තනය යන විසුරුණු අදහස පමණ ය. දැනුම එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට හෝ චින්තනයකින් තවත් චින්තනයකට අවශෝෂණය කිරීම ඒ මහතා සාකච්ඡා කළ කරුණක් නො වේ. දැනුම හෝ දැනුම නිර්මාණය කිරීම ආදිය අමරසේකර මහතාගේ විෂය පථයෙහි නො වී ය. දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය අමරසේකර මහතා ඇළුම් කළ විෂයයක් නො වී ය.   
එහෙත් අනුකරණය යන්න නම් ඒ මහතා දිගින් දිගට යොදාගත් අදහසක් බව කිව යුතු ය. එසේ වුවත් අනුකරණය යන්න පැහැදිලිව දැනුම සම්බන්ධයෙන් හෝ අවශෝෂණය සග සංසන්දනය කරමින් හෝ ඔහු යොදා නොගත්තේ ය. මා මගේ ලෝකය කෘතියෙහි දැනුම සම්බන්ධයෙන් අවශේෂණය යන්න අනුකරණය සමග යොදා ගෙන ඇත්තේ 1986 තරම් ඈත කාලයක ය. සේ වුවත් සති දෙකකට පෙර කලින් සඳහන් පුවත්පතට ම  අමරසේකර මහතා දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න යොදා ගන්නේ තමන්ගේ ම සංකල්පයක් ලෙස ය.   


මම ද වෙනත් දැනුම් පද්ධතීන්ගෙන් ඇතැම් සංකල්ප සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කර ඇත්තමි. ඒ සඳහා හොඳම උදාහරණය කූන්ගේ සුසමාදර්ශය (paradigm) යන්න ය. එක් චින්තනයක සුසමාදර්ශ කිහිපයක් ඇති බව මගේ වැටහීම ය. ඒ බව මම නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කර ඇත්තෙමි. සිංහල බෞද්ධ චින්තනයෙහි ද සුසමාදර්ශ කිහිපයක් වෙයි. අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි සිංහල බෞද්ධ චින්තනයෙහි ප්‍රධාන සුසමාදර්ශය වී ඇත්තේ තුන්වැනි සංගායනාවේ හෙවත් මහාවිහාරයෙහි සුසමාදර්ශය ය. අභයගිරි සුසමාදර්ශය ද සිංහල බෞද්ධ චින්තනයෙහි එක් සුසමාදර්ශයක් විය. මේ සුසමාදර්ශ අතර ද දැනුම් අවශෝෂණ සිදුවෙයි.



නලින් ද සිල්වා

2013-11-13

Cameron, Manmohan Singh, Maccrae and Valmiki


Going by the reports that appeared in Indian news media I thought that finally the Indian Prime Minister would come to Sri Lanka to participate at the CHOGM even for a few hours at least to mark his presence. However, it was not to be. Remember that it is not Manmohan Singh who is not coming to Sri Lanka but the Indian Prime Minister. The talk of how many CHOGMs the Indian Prime Ministers have missed during the last fifty or sixty years is nothing but diplomatic mockery. After all it is not the same as the Indian Prime Minister not going to Perth as Colombo or (Sri) Lanka tolls a different bell to Indians at least from the time of Valmiki. The Indian Foreign Office has lost to Jayalalitha who is in effect the Indian Minister for Sri Lankan affairs. I feel sorry for Mr. Kurdish, whose portfolio has been devalued. The Indian High Commissioner in Colombo who must have done his best to see that Manmohan Singh came to Sri Lanka should also be a worried person.

However, I am not unhappy that Manmohan Singh is not coming to Sri Lanka as it would end our dependence on India to solve the Tamil problem. Sri Lanka is now out of the Indian yoke, and The Indian government will not be in a position to apply pressure on the Sri Lankan government with so called solutions such as the 13th amendment plus or minus. The Indian Foreign Office must have realized this but Jayalalitha who has played to the gallery in her entire adult life does not seem to understand the intricacies of non celluloid politics. I am sure that the Chief Minister of the Northern Province is also worried of the situation but he should realize that it gives us an opportunity to solve our problems without foreign interference. Let us talk of the commonalities between Tamil Shaivite culture and the Sinhala (Hela) Buddhist culture without importing concepts such as reconciliation from the west. After all it is said that Shiva Thandava Stotra was composed by Rawana who had later become a Buddhist if we go by the Lankavatara Sutta of Mahayana Buddhism. Non dualistic Advaitha Vedantha is so close to and so different from Bududahama that Sankaracarya was considered as a camouflaged Buddhist. It was Nagarjunapada of Madhyamikavada with his Sunyathava that made a Nirgun Brahman possible and it is clear that Nirgun Brahman is the “Athmic” (with soul) version of Sunyathava. The Theravada Buddhism of the third council (Sangayana) has tried to accommodate what I call instant soul theory in the form of Dhammavada and Kshanavada. Let us not be fooled by Valmikis and Maccraes (of infamous Channel 4) who had and have different agenda. Let us be Lankans of Rawana and not Ceylonese of George III (the English).
                                                    
As we said last week the Commonwealth is an unsuccessful attempt by England to keep its empire intact in a different form. Thus England could not boycott the CHOGM nor send a low powered delegation to the meeting. However, England is not happy with Mahinda Rajapakse becoming the chairperson of the Commonwealth for the next two years. England and Canada have already said they would not contribute to the maintenance of the commonwealth. England supported the LTTE through Norway and other western countries including Canada, and operated behind the screen. Now Norway and the other Scandinavian countries have no role to play and England has come to the forefront in the struggle to send Mahinda Rajapakse and Gotabhaya Rajapakse to the guillotine as war criminals. We request the Sri Lankan government to appoint a Presidential Commission to inquire into the assistance given by foreign countries, NGOs, some churches to the LTTE, which violated human rights not only of the Sinhala people but as well as of the Muslims and Tamils. England is unhappy that the heroic Sri Lankan armed forces were able to defeat the LTTE under the political leadership of the President and the direction of the Defense Secretary against its wishes. Both India and England used the LTTE against Sri Lanka but India realized its mistake when Rajiv Gandhi was murdered by the terrorists. However, people such as Jayalalitha who play to the gallery will never understand the Tamil problem in Sri Lanka. She does not know that in Sri Lanka Tamils enjoy much better facilities than in India. Tamil is an official language and a national language in Sri Lanka and it is only in Sri Lanka one could obtain a Ph. D. in the Tamil medium. There is no discrimination on the ground of ethnicity or religion in Sri Lanka as anybody walking round in Colombo or any other city, town or village would realize. While Muslim women are not allowed to wear their traditional dress in some western countries in Sri Lanka there is no such restriction. In the cabinet of ministers there are Tamils, Muslims, Hindus, Christians together with Sinhala Buddhists unlike in England say for that matter. How many Muslim cabinet ministers are there in England, which has a substantial Muslim population?

The Tamil problem in Sri Lanka arose as a result of English favouring the Tamils, and nurturing the Tamils to be the leaders of the country over the Sinhala people. However, with universal franchise given in 1931 the Sinhala leaders became the leaders of the country and the English educated Tamils began to lose the privileges enjoyed by them under the English colonialists. These losses in privileges were interpreted by the Tamil leaders with the assistance of the English rulers as injustices caused to the Tamils in general, and the English were able to create the Tamil problem in Sri Lanka. The English used the educated Tamils against the Sinhala people who fought against colonialism from day one, and even today employ the rump LTTE found as the dispersed Tamils (so called Tamil diaspora) some TNA members, some clergy and lay people in some Churches and NGOs.

The Prime Minister of England, Cameron is here to talk tough to the President of Sri Lanka. He is with people such as Snow and Maccrae who can come out with a Video Clip against the Sri Lankan armed forces and the government at the drop of a hat if not of a few pounds sterling. Maccrae has been given a visa to cover the CHOGM and it is hoped that he does not go beyond the conditions under which the Visa was issued. The two green ladies who came from down under on tourist visas to have press conferences with Sumanthiran who is of the same Chinthanaya as the ladies, would have learnt that not only Cameron but we also could be tough. All these people claim that in the last week of the humanitarian operations against the LTTE the armed forces were engaged in killing innocent Tamils at will. This is absolute rubbish created by the English in order to take Rajpakses to a so called international war tribunal for defeating the LTTE terrorists against the wish of the English Prime Ministers. As the Defense Secretary has said these accusers should either come out with evidence or shut up. It is well known that during the last stages of the operations the LTTE used about three hundred thousand innocent Tamils as a human shield. What were the armed forces expected to do? Were they to let the LTTE keep the innocent Tamils protecting the terrorists until England and the other western countries sent a ship to rescue the terrorist leaders or to massacre the innocent Tamils? The armed forces did neither, but were instrumental in helping the innocent Tamils to come to the armed forces getting away from the terrorists.  It is inevitable that during the cross fire some civilians would have died for which the LTTE was mainly responsible. It is the LTTE that did not want to lose the human shield and it is very likely more people died as a result of the terrorist gun fire. In any event the armed forces would not have killed any civilians intentionally and Maccrae can go on producing video footage to satisfy Cameron and others who are interested in sending the Rajapakses and the “war” heroes to the guillotine. Thousands of years ago Valmiki, most probably a Vaishnavite, came out with Ramayana to charge Rawana of various crimes including molesting Sitha, while praising Rama who was an avatar of Vishnu. Valmiki did not charge Rama or Lakshmana for amputating the nose and the lips of Supranika without any surgical instruments. Valmiki wanted to justify the killing of Rawana by Rama. However at the end Sitha passed the chastity test after going back from Rawana but ironically could not do so after she was with Valmiki! It is more appropriate to call him Val Miki (Miki the cad) in Sinhala. To me the Rama Rawana battle at that time was one for supremacy between Vaishvanism on one hand Shaivism and Buddhism on the other.


Similarly Maccrae is doing a job for Cameron and he is silent on bombing of Iraq by England under the pretext that the former country was in possession of chemical weapons. There are so many crimes committed by England against all the other commonwealth countries including Sri Lanka and India, and it is suggested that at the CHOGM in Colombo Mr. Mahinda Rajapakse bring a motion condemning all the atrocities committed by England against all the other Commonwealth countries and asking England to pay compensation and return all the treasures taken to England from those countries. We are in the midst of another battle that is between the Greek Judaic Christian Chinthanaya and the other Chinthanayas.


Nalin De Silva

13-11-2013

Tuesday, 12 November 2013

නිදහස නැතිවීම

ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ පුද්ගලික නිදහස අඩුයැයි කීවොත් බොහෝ දෙනෙක් පිළිගන්නේ නැතිවේවි. නමුත් ඇමෙරිකාවේ කාලයක් තිස්සේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙක් වරක් මා සමඟ පැවසූවේ ලංකාවේ මිනිස්සු සැපසේ දුක් විඳිනවා අපි මෙහේ දුකසේ සැප විඳිනවාකියලයි. (එක අතකින් මේ කථාවෙන් කියවෙන්නේ සැපෙන් දුක කැන්සල් වෙන්නේ නැහැ කියලයි. බටහිර භෞතික විද්‍යාවේ ප්‍රතිවිරුද්ධ බල කැනසල් වුනාට යුදෙව් ක්‍රිස්තියානි නොවෙන සංස්කෘතිවලට අනුව ප්‍රති විරුද්ධ බල කැන්සල් නොවී තියෙන්නත් පුලුවන් බව වැදගත් කාරණයක්). ඒ කොහොම වුනත් මූලික වශයෙන් ලංකාවේ අය ඇමෙරිකාවේදී දුකෙන් සැප විඳින්නේ සැප විඳීම අරභයා ඔවුන් තමන්ගේ පුද්ගලික නිදහස පවාදෙන නිසා කියල මම හිතනවා.සැප තිබුනත් ඔවුන්ට දුකක් දැනෙන්නේ ලංකාවේ තිබුනු පුද්ගලික නිදහස සීමාවීම නිසයි.

සැප විඳිනවා කියන්නේ දළ වශයෙන් සැලකුවහම මමත්වය වර්ධණය කර ගන්නවා කියන එක. මමත්වය වර්ධනය කර ගන්නවා කියන්නේ මමය මගේය කියා වෙන් කර ගෙන බදා ගැනීමයි. බටහිර සංස්කෘතිය තුල මමත්වය වර්ධණය කර ගැනීමට සදාචාරාත්මකව වැට කඩොලු නෑ. ඒ සඳහා උපරිම නිදහස ඔවුන්ට තියෙනවා. ඇත්තටම බටහිර රටවල ඇත්තේ මමත්වය වැඩි කර ගැනීමට නිදහසක්. එය තමයි අපි වරදවා පුද්ගලික නිදහසක් ලෙස තේරුම් ගන්නේ. නමුත් සමාජයක් වශයෙන් ජීවත් වෙනවිට කෙනෙකුගේ අතිවිශාල මමත්වය තව කෙනෙකුගේ මමත්වයට බාධාවක් වෙන්න පුලුවන්. බාධා අවම කරගන්ට නම් හැමෝම යම් සම්මත විදිහකට සමාජයේ හැසිරෙන්න ඕනෙ. මෙසේ හැසිරීම පාලණය කරන්ට පුද්ගලික නිදහසට සීමා පැනවෙනවා. ඇත්තටම බටහිර සංස්කෘතිය අනුකරණය කරන ලංකාවේ නාගරික සමාජයතුල ගැටුම් ඇතිවෙන්නේ පුද්ගලික නිදහස සීමා කරගන්නේ නැතිව මමත්වය වර්ධනය කර ගන්ට යන නිසයි. ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකානු සමාජය තුල හැසිරීමට ඇති සීමා අතිශයෙන් බලවත්. එහි කෙනෙක් පාරේ ගමන් කල යුතු විදිහේ ඉඳන් තමන්ගේ දියුණුව සලසාගත යුතු විදිහ දක්වා පිලි පැදිය යුතු සම්මත විදි සැකසිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඇමෙරිකානුවන්ට නිතර සොරි කියන්ට සිදුවෙන්නේ තමන්ගේ හැසිරීම අන් අයට කරදරයක් වෙන නිසයි. නමුත් ලංකාවේ ඉඳලා ඇමෙරිකාවට සංක්‍රමණය වෙන අය ඉතා ඉක්මනින් මේ හැසිරීම් රටාවට අනුගත වෙනවා මන්ද එසේ නොවී ඔවුන්ට එහි පවතින්ට බැරි නිසා. නමුත් ඉන් සිදු වෙන්නේ පුද්ගලික නිදහස සීමා කර ගැනීමක් කියා බොහෝ අයට අවබෝධ වෙන්නේ නෑ.


බටහිර සංස්කෘතිය තුල මේ ආකාරයට පුද්ගලික නිදහස සීමා වීම තුලින් තව දෙයක් සිදුවෙනවා. හැමෝම එකම විදියට ජීවත්වෙන්ට බල කෙරෙන නිසා මිනිසුන් අතර විවිධත්වයත් අඩු වෙනවා. ඒ කියන්නේ සමාජය සංස්කෘතික වශයෙන් සමජාතීය වෙනවා. බරහිර සමාජයේ සංස්කෘතික විවිධත්වයක් නෑ. අනිත් අතට ගත්තොත් මිනිසුන් පුද්ගලික නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිනවිට ඔවුන් විවිධ හැසිරීම් රටා විදහා පානවා. ඒ හරහා සමාජය සංස්කෘතික වශයෙන් විවිධත්වයක් ගැනීමට ඉඩ සැලසෙනවා.


සමාජයක්තුල මමත්වයත් පුද්ගලික නිදහසත් අතර ඇත්තේ  සෘණ සහ-සම්බන්ධයක්. මිනිස්සු තමන්ගේ මමත්වය වර්ධනය කර ගන්නකොට ඔවුන්ගේ පුද්ගලික නිදහස සීමා වෙන්ට ඕනෙ. මමත්වය පාලණය කරගන්න කොට පුද්ගලික නිදහස වර්ධනය කර ගන්ට පුලුවන්. බෞද්ධයෙන් වශයෙන් අපි අවසානයේ සංසාරයෙන් එතෙර වෙන්ට නම් මමත්වය නැති කර ගන්ට ඕනෙ. ඒ නිසා සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් පුද්ගලික නිදහස කියා දකින්නේ මමත්වය පාලණය කරගැනීම තුලින් අත් කරගන්නා නිදහසකට කියා මම හිතනවා. 


මමත්වය වර්ධනය වෙන්නේ මම යැයි කෙනෙක් සමාජයෙන් වෙන් කර ගැනීම තුලින්. ඒ නිසා මමත්වය පාලණය කර ගන්නකොට අපි සමාජයෙන් වෙන් වෙන්නේ නෑ. මමත් සමාජයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ඇති කර ගන්නවා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධකම පවත්වා ගැනීම ජාතියේ පැවැත්ම බව මම මීට කලින් සඳහන් කලා. ඒ නිසා අපි ජාතියක් වශයෙන් පවතින්නත් මමත්වය පාලණය කරගැනීම තුලින් අත් කරගන්නා පුද්ගලික නිදහසක් අත්‍යාවශ්‍යයි කියා මම හිතනවා. 


නමුත් බටහිර ආධිපත්‍යය යටතේ අපට හිමිවෙලා තියෙන්නේ මමත්වය වර්ධනයකර ගැනීමට නිදහසක්. නැත්නම් නිදහස නැති කර ගැනීමට නිදහසක් යැයි කීවොත් වඩා නිවැරදියි. මමත්වය පාලණය කරගෙන සමාජයෙන් වෙන් නොවී ජීවත්වීමට හැකියාවක් අද අපට නැත. අපිට නොයෙකුත් පාරිභෝගික භාණ්ඩ ගොඩගසාගන්නේ නැතිව සමාජයත් සමඟ එකට ජීවත් වෙන්ට පුලුවන්ද? අපිට පවුල්වලින් නෑදෑ මිතුරන්ගෙන් ජීවත්වෙන පලාතෙන් ඈත් නොවී රස්සා කරන්ට පුලුවන්ද? ඉහලට ඉහලට විභාග පාස් නොකර සමාජයෙන් කොන් නොවී තෘප්තිමත් ජීවිතයක් ගෙන යන්ට පුලුවන්ද? බාධක මධ්‍යයේ මේ දෑ අත් කරගන්නා පුද්ගලයින් නොඉන්නවා නොවේ. නමුත් අවශ්‍ය ඕනෑම කෙනෙකුට ගොඩගසා ගන්නේ නැතිව එහෙමත් නැත්නම් මමත්වය පාලණය කරගෙන නමුත් සමාජයෙන්ද කොන් නොවී ජීවත්වීමට හැකියාවක් තිබිය යුතුය. එවැනි හැකියාවක් අද අපට නැත. අපේ නිදහස් සටන විය යුත්තේ මමත්වය පාලණය කරගැනීම තුලින් නිදහසක් අත් කර ගැනීම උදෙසාය.



ජානක වංශපුර

2013-11-12