Main Logo

Sunday, 7 December 2014

මෛත්‍රිපාල චන්ද්‍රිකා එ ජා ප ගිවිසුම කුමක් සඳහා ද


මෛත්‍රදපාල සිරිසේන මහතාට ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට සිදු වී ඇත. ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා වුවත්  පොදු විපක්‍ෂයක් නැත. සිරිසේන මහතාට ජා හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය සමග වෙන වෙන ම ගිවිසුම් අත්සන් කිරීමට සිදු වී ඇත. ඒ ගිවිසුම් එක් පැත්තකින් ජනතාව නොමග යැවීමට ය. අනෙක් පැත්තෙන් ඊනියා පොදු අපේක්‍ෂක කතාව තහවුරු කිරීම සඳහා ය. පොදු විපක්‍ෂයක් නැති වුවත් පොදු ගිවිසුමක් නැතිවුවත් අවසානයේ දී ක්‍රියාත්මක වනුයේ මෛත්‍රිපාල චන්ද්‍රිකා එ ජාප ගිවිසුමේ කොටස් ය. එම ගිවිසුමට විවිධ පුද්ගලයන් හා සංවිධාන අත්සන් කර ඇති නමුත් ඒ සංවිධාන බොහෝ විට එක පුද්ගල සංවිධාන වෙයි. ඒ සංවිධාන හා පුද්ගලයෝ (සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව) හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩ පමණක් වෙති. 

මේ ගිවිසුම අපි ප්‍රධාන ගිවිසුම ලෙස හඳුන්වමු. හෙළ උරුමයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම මිස වෙනත් කිසිවක් නො වේ. එම පක්‍ෂයට ජනතා මිතුරෝ සමයෙහි සිට ම ජාතිකත්වයක් නො තිබිනි. ඔවුහු කලක් ජාතිය යනඑ මළ කඳක් යැයි කීවෝ ය. පසුව ඉල්ලුමක් ඇතැයි සිතමින් ජාතිකත්වය වෙනුවෙන් ව්‍යාජ රඟපෑමක යෙදුණහ. අද නැවතත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම සඳහා එ ජා ප හා දෙමළ ජාතික සංධානය සමග එකතු වී ඇත. ඉදිරි කාලයේ දී ඔවුන්ගේ ව්‍යාජ රංගනය තව තවත් හෙළිදරවු කරමි. ඔවුන් මංගල සමරවීර වැන්නන් සමග එකතු වී ඇත්තේ අද ඊයේ නො වේ. මට ඔවුන්ගේ අවුරුදු විසිපහකට අධික ද්‍රෝහී ඉතිහාසය පිළිබඳ ව මෙරට වෙනත් කිසිවකුට වඩා අත්දැකීම් ඇත.

ප්‍රධාන ගිවිසුමෙහි සඳහන් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය ව්‍යාජ කතා පමණ ය. එ ජා ප සමයෙහි තිබී ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ආදිය ගැන සාමාන්‍ය ජනතාවට මනා අවබෝධයක් ඇත. සෝභිත හිමියන්ට ඒ සියල්ල අමතක වී ඇත්නම් සමහර විට ඒ වයස නිසා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අධිකරණයට ගල් ගැසීම්, පාතාලයේ සුනිල් ලා ආදීන් ගෙන ගිය යහපාලනය ගැන දන්නෝ දනිති. අද පාතාලයේ බොහෝ චරිත දක්නට නැත. ඔවුන් පරළොව ගොස් ඇත්නම් ඒ යහපාලනයට එකඟ නොවන්නේ යැයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීහු කියත් ද? යහපාලනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ආදිය පිළිබඳ කතාව සිවල් (සිවිල් නො වේ) සමාජවලට බටහිර රාජ්‍ය සංවිධානවලට නන්නත්තාර වූ වාමාංශිකයන්ට හා ඇතැම් ජඩමාධ්‍යවලට සීමා වී ඇත. මේ ජඩමධ්‍ය නොවන්නට මෙරට අද ඇත්තේ ජේ ආර්, ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් යුගවල තිබි පාලනයට වඩා යහපත් පාලනයක් බව සැඟවිය නො හැකි ය. 

කෙසේ වෙතත් මේ සියළු ගිවිසුම් බටහිරයන්ගේ අවශ්‍යතා අනුව සකස්වන බව පැහැදිලි ය. මෙරට ප්‍රශ්නය යහපාලනයක් නැතිකම හෝ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නැතිකම හෝ නොව දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. ප්‍රශ්නය දහනව වැනි සියවසේ දෙවැනි දශකය කරා දිව යයි. ඒ පිළිබඳ විස්තර ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි දැක්වෙයි. හැකිනම් එහි ඇති කරුණුවලට අභියෝග කරන මෙන් යහපාලකයන්ගෙන් හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ඉල්ලා සිටිමි. දෙමළ ජාතිවාදය එංගලන්තයේ නිර්මාණයක් වෙයි. එය පෝෂණය කර හදාවඩා ගත්තෝ ද ඉංගිරිසිහු ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දොශපාලන නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීමෙන් හා රණවිරුවන්ගේ කැපකිරීමෙන් දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට අපි සමත්වීමු. එය හෙළ උරුමයේ වැඩක් නො වේ. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධව එකල පෝස්ටර ඇළවුහ. අප අවුරුදු විසිපහකට අධික කාලයක දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව හා කළ යුතු බව බොහෝ විට තනියම කියද්දී ඔවුහු අපට විරුද්ධ වුහ. 

අද බටහිර රටවල දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. එහි දී එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ඒ රටවල සිටින විසිරුණු දෙමළ ජනයා යොදා ගනියි. ඔවුන්ට දෙමළ ත්‍රස්තවාදය පැරදවූ, එමෙන් ම ඉදිරි වසර පහ තුළ දෙමළ ජාතිවාදය පරාජය කරන මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමේ අවශ්‍යතාව ඇත. ලෝක දෙමළ සංසදයේ සුරේන්ද්‍රන්ලා මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම ගැන කතාකරති. එහෙත් මේ සියල්ල අවුරුදු කිහිපයක් තිස්සේ අපි කියා ඇත්තෙමු. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටින තාක් ඒ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යෑමේ අපහසුතාව පෙන්වා දුන් අපි බටහිරයන් ඒ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත්කර දංගෙඩියට යැවීමට කටයුතු කරන බව අපි කීවෙමු. අද සුරේන් සුරෙන්ද්‍රන්ගේ කතාව ගැන ලෝකයට ඇසෙන්නට කතාකරන සියළු දෙනා ම පාහේ සෑම වදට ම කරන පරිදි අපේ පුරෝකථන නොසළකා හැරියහ. ංද ද ඔවුහු අප ඒ බවක් කී බව අමතක කරති. 

සෝභිත හිමියන්ගේ යහපාලන කතා පටන්ගත්තේ සිවල් සමාජවල අවශ්‍යතාවට ය. බටහිරයන්ගේ අවශ්‍යතා අනුව බොහෝ විට ඔවුන්ගේ මුදලින් නඩත්තු වන සිවල් සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට උත්සාහ කළහ. සෝභිත හිමියන් ක්‍රියාත්මක වූයේ ඒ පසුබිමෙහි ය. ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් අදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ලන්ට අමතක විය. ඔවුන්ගේ එකම පැතුම වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමට නුසුදසු ඒකාධිපතියකු බවට ජනතාව අතර මතයක් ඇති කිරීම ය. අවසානයේ දී ජනාධිපතිවරණයෙන් ඒ මහතා පරාජය කර චන්ද්‍රිකාගේ සහාය ලබන රනිලගේ ආණ්ඩුවක් ඇති කිරීම ය. ඒ පිටුපස සිටින්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ එමෙන් ම දෙමළ ජාතිවාදය පරාජය කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇති මහින්ද රාජප’ක්‍ෂ මහතා පරාජය කර දංගෙඩියට යැවීම ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා රුකඩයක් පමණකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු බොරු කතාවක් පමණකි. ඒ මහතා අත්සන් කරන විවිධ ගිවිසුම්වල ඒ පිළිබඳ ඇත්තේ විවිධ කතා ය. හෙළ උරුමයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නැත. රනිල්ට හෝ චන්ද්‍රිකාට හෝ අවශ්‍ය නැත. ඊනියා දින සීයේ මාස හයේ කතා ජනතාව නිදි කරවීමේ අරමුණෙන් කියන සූරංගනා කතා පමණකි. ආණ්ඩුවේ අමතිවරු මෙහි දී සිදුවීමට යන්නේ කුමක් දැයි පැහැදිලි කළ යුතුව ඇත. බටහිරට අවශ්‍ය රනිල්ට ව්‍යවස්ථාව යටතේ ම විධායක ජනාධිපති ධුරයේ බලතල පවරා මෛත්‍රිපාල සිරිසේන මහතා හුදු රුකඩයක් බවට පත්කිරීම ය. ඔවුන්ගේ තක්සේරුව අනුව ව්‍යාජ සිංහල බෞද්ධ ප්‍රතිරුපයක් ඇති සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ හැකියාවක් ඇත. ඔවුන්ට අවශ්‍ය ඌරගෙ මාළු උගේ පිටේ තබා කැපීමට ය. 

බොහෝ දෙනා නොදනිතත් මෛත්‍රිපාල සිරසේන මහතා ජනාධිපති වුවහොත් (එය දවල් සිහිනයක් පමණකි) ඔහුර ව්‍යවස්ථාවේ 43 වගනතිය යටතේ පාර්ලිමේන්තුවේ වැඩි පක්‍ෂපාතීත්වයක් ඇතැයි ඔහු සිතන අයකු අගමැති ලෙස පත්කළ හැකි ය. ඒ තැනැත්තට පාර්ලදමේන්තුවේ වැඩි බලයක් තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කෙරෙනු ඇත. ඉන්පසු ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය යටතේ එසේ පත්කරනු ලැබූ අගමැතිවරයා විධායක ජනාධිපති ධුරයේ කාර්යභාර  ඉටුකිරීම  සඳහා පත්කෙරෙනු ඇත. එහි දී අවශ්‍ය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට විධායක ජනධිපති ධුරයේ කාර්යභාර ඉටුකිරීමට කිනම් හේතුවක් නිසා නොහැකි බව පිළිගැනීම පමණකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තම නොහැකියාව පිළිගැනීමට සිදුවනු ඇත. ඉන්පසු මෙරට විධායක ජනාධිපතිධුරයේ කාර්යභාර ඉටුකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහු බටහිරයන්ගේ දෙමළ ජාතිවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත්තේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ පරිදි චන්ද්‍රිකා කුමාරතුංහ මහත්මියගේ ද කැමැත්ත පරිදි ය.      


නලින් ද සිල්වා

2014-12-07

Friday, 5 December 2014

Memorandum of understanding


The memorandum of understanding has been signed between the UNP and some insignificant parties and individuals who are supposed to be members of insignificant organizations, in front of Ven. Maduluwawe Sobhitha Thera whose organization consisting of academic trade unionists and left out leftists who are in search of a platform to mark their presence to the people through  media politics. If not for media politics nobody would have heard of these organizations. MoU is nothing but a document that declares that a UNP government would be formed with the assistance of Ven. Maduluwawe Sobhitha Thera and Chandrika Kumaratunga who do not have a mass base at present. It is not known whether Maithripala Sirisena signed as an individual or as the so called secretary of the SLFP. Incidentally according to John Amaratunga the MoU was signed at Victoria Park revealing his colonial way of thinking long after the park was named Viharamahadevi Park. Perhaps John Amaratunga does not recognize Viharamahadevi and her son who were able to unify the country more than two thousand years ago. John Amaratunga is the Chief Opposition of whip of the present parliament whom the UNP would appoint as the Chief government whip if and when Ranil Wickremesinghe becomes the Prime Minister after the 8th of January 2015.  

As far as the UNP, its lawyers are concerned Sarath Silva is still the chief justice of the country while Mohan Peiris is the de facto CJ. Similarly they must be thinking that Maithripala Sirisena is the secretary of the SLFP while Anura Priyadarshana Yapa is the de facto secretary  of the party. However, unfortunately for the UNP, the agent of the western powers in the country, the removals and appointments have been made according to the constitution of the SLFP. Thus Maithripala Sirisena does not represent the SLFP or even the faction (one or two former SLFPers) that went with him to the opposition. Chandrika Kumaratunga similarly does not represent the SLFP. She and Maithripala Sirisena failed to bring the thirty MPs from the SLFP thus giving their first “broken province” to Ranil Wickremesinghe.

The TNA, JVP and JHU have not signed the MoU thus indicating that there is no common opposition though there may be a so called common candidate. Maithripala Sirisena does not represent a common opposition and as it is he represents at least four oppositions most probably with four programmes. The MoU that has been signed is also not very clear as far as the positions of Chandrika Kumaratunga and the UNP are concerned. The JHU and the TNA will sign pacts or MoU s with Maithripala Sirisena who does not represent a mass base as a member of a party. The JHU are the TNA are trying to deceive the people but finally together with Chandrika they will all agree with the UNP on the programme that will be finally adopted. It is because the UNP is the only party among the groupings that have some mass base though less than 40% of the vote and also due to the fact it gets the blessings of the western powers.

It would be interesting to find out the contents of the MoUs that Maithripala Sirisena would sign with the JHU and the TNA separately though it would be only an academic exercise. What would be carried out is the programme of the west through the UNP and Maithripala Sirisena whatever the leaders of these parties and Chandrika Kumaratunga may be dreaming of.  

Contrary to what Nimal Siripala de Silva has to say the article 37(1), gives the power to the executive president to appoint the prime minister to perform the duties of the President. Also the president can appoint any person whom in his opinion is most likely to command the confidence of the Parliament. The relevant articles are reproduced below.  

43. (3) The President shall appoint as Prime Minster the Member of Parliament who in his opinions is most likely to command the confidence of Parliament.

37. (1) If the President is of the opinion that by reason of illness, absence from Sri Lanka or any other cause he will be unable to exercise, perform and discharge the powers, duties and functions of his office he may appoint the Prime Minister to exercise, perform and discharge the powers, duties and functions of the office of President during such period, and may also appoint one of the other Ministers of the Cabinet to act in the office of Prime Minister during such period:
Provided that if the office of Prime Minister be then vacant or the Prime Minister is unable to act, the President may appoint the Speaker to exercise, perform and discharge the powers, duties and functions of the office of President during such period.

Under 43 (3) it is not necessary to have a vote in the parliament to elect a prime minister and according to 37(1) the president if the president is unable to function in the post of president for some reason which is not specified he can appoint the prime minister to perform the duties of the President. It is clear that the understanding according to the MoU and probably the other MoUs to be signed to have the present Parliament for two more years until the constitution is amended and to have Parliamentary elections with the amended constitution under a different voting system. However it is clear that for two years nothing will happen to the executive powers of the president though they will be carried out by the prime minister appointed for the purpose.

The plan is clear. If and when Maithripala Sirisena wins he will appoint Ranil Wickremesinghe as the Prime minster without consulting the Parliament under 43(3) as the former could say in his opinion the latter commands the confidence of the opposition. Having appointed Ranil Wickremesinghe to carry out the duties of the president (some who are not clear in conceptual thinking may call him the executive prime minster though there is no such position defined in the constitution) Maithripala Sirisena will declare that for some reason he is unable to exercise, perform and discharge the powers, duties and functions of his office and appoint the new prime minster Ranil Wickremesinghe to to exercise, perform and discharge the powers, duties and functions of the post of President. Then Ranil Wickremesinghe will carry out the programme of the west. The UNP which under instructions from the west wanted to curtail the public srrvice and sacked thousands of government employees in July 1980 when they wanted a salary increase of Rs. 300 per month will never increase the salaries of the latter.

The good governance and the rest are mere rhetoric as there is no good governance in the UNP itself. Democracy or whatever should start at home, and by now Tissa Attanayake could have given Maithripala Sirisena some lessons on good governance in the UNP. The MoU talks of law and order and are they going to say that under the UNP and the SLFP of Chandrika Kumaratunga they had law and order in the country. It is not necessary to give the long list of examples for bad governance in their regimes, if I may use the term very much liked by Ranil Wickremesinghe and Maithripala Sirisena would be the nominal executive president of a regime that has Ranil Wickremesinghe functioning as the President. The west may be thinking of buying some SLFP MPs to obtain the two third majority in the parliament but they are only day dreaming.


Chandrika Kumaratunga claims that she could not obtain the two third majority during the time she was the President to abolish executive presidency. If it is true it implies that the UNP was not in favour of abolishing the executive presidency from 1994 to 2005. During this period there was a time from 2002 to 2004 when Chandrika Kumaratunga and Ranil Wickremesinghe governed the country jointly without attempting to amend the constitution and abolish the executive presidency. Instead they jointly signed ceasefire agreement with Prabhakaran contrary to the wish of the great majority of the people. Chandrika cannot claim that she was no party to the ceasefire agreement as it was signed by Ranil Wickremesinghe and not by her. However under the constitution only the president can declare war or peace and Ranil Wickremesinghe who had not been given powers under 37(1) did not have the authority to sign a ceasefire agreement with Prabhalaran. However, Chandrika Kumaratunga who as the president could have annulled the agreement did not do so as it was against the wish of the west communicated through Norway. That was the understanding between Chandrika Kumaratunga and Ranil Wickremesinghe and the present MoU is about the same understanding that would help Tamil separatism through TNA and the dispersed Tamils in the west. 



Nalin De Silva

05-12-2014

Wednesday, 3 December 2014

බටහිර දාර්ශනිකයන් ගේ බංකොළොත් බව


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට නො තේරෙන දේ ජනප්‍රිය ඉංගිරිසි පොතපතින් කියවා සිංහලෙන් ලිවීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද අමාරුවේ වැටී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්පවලින් තේරුම්ගන්නේ කෙසේ දැයි විස්‌තර කිරීමේ දී ය. අපි අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් ම දීර්ඝ වශයෙන් උපුටා දක්‌වමු. එසේ දීර්ඝ වශයෙන් උපුටා නො දක්‌වා බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ අවුල තේරුම්ගැනීමට නොහැකි බැවිනි.

කරුණු මෙසේ හෙයින් වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුqභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic Statements) සහ ඒවායෙන් ලැබෙන නිගාමි එලය (Deductive Consequence) වන්නේ ය. මේ නිර්වචනයට අනුව සාපේක්‌ෂතාවාදය ස්‌වසිද්ධිමූලක (axiomatize) බව පෙන්වා දීමට ඔවුහු සමත් වූ හ. මෙවැනි ක්‍රියාවන් නිශ්එල ක්‍රියාවක්‌ ලෙස සැලකිය නොහැකි ය. ප්‍රායෝගික වූ විද්‍යාව තේරුමක්‌ නැති දාර්ශනික සාකච්ඡාවලින් වෙන් කිරීම පිණිස එවැනි ක්‍රියාවන් වැදගත් වන නිසා ය. මේ සඳහා ඥානාත්මක අර්ථාන්විතභාවය (Cognitive Significance) තහවුරු කිරීම පිණිස නිශ්චිත නිර්ණායක (Precise Criterion) අවශ්‍ය විය. මෙවැනි නිර්ණායක නිර්මාණය කිරීමේ දී භාවිත වන විශේෂ වූ භාෂාව සහ වචන මාලා විද්‍යාත්මක මතවාද පහදා දීම සඳහා සුදුසු දැයි ප්‍රශ්නයක්‌ මතු විය. මේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය බව තර්කානුකූල ආනුභූතිකවාදීහු වටහාගත් හ.

ඊට පිළිතුරු වශයෙන් ඔවුහු භාෂා දෙවර්ගයක්‌ හඳුනාගත් හ. එකක්‌ ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ විස්‌තර කිරීම සඳහා ද, අනෙක එසේ නො වන මතවාද සඳහා ද සුදුසු ය යන්න ඔවුන් ගේ අදහස විය. මෙලෙස Observational Language සහ ඔTheoretical Language වශයෙන් භාෂා දෙවර්ගයක්‌ හඳුනා ගැනිණ.

ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ සහ එසේ නො වන මතවාද අතර ඇති වෙනස මෙලෙස ප්‍රශ්නයක්‌ බවට පත් විය. එම ප්‍රශ්නය භාෂා භාවිතය සහ වචනමාලා සම්පාදනය දක්‌වා වර්ධනය වීම එහි බැරෑරුම්කම විදහා දක්‌වයි. එනමුත් සමහර දාර්ශනිකයන් පැවසුවේ මේ ප්‍රශ්නය භාෂාව මත බලපෑමක්‌ ඇති නො කළ යුතු බව ය. ඔවුන් පැවසුවේ සමහර අවස්‌ථාවල මෙවැනි භාෂාත්මක වෙනසක්‌ දැකිය නොහැකි බව ය. ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ විස්‌තර කිරීමේ දී සමහර අවස්‌ථාවල දී මතවාදාත්මක භාෂාව (Theoretical Language) භාවිත වන බවත් එලෙස ම ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් විස්‌තර කිරීමේ දී නිරීක්‌ෂණ භාෂාව (Observational Language) භාවිත වන බවත් උදාහරණ සහිත ව ඔවුහු පෙන්වා දුන් හ. එක්‌ උදාහරණයක්‌ වූයේ වර්ණාවලික්‌ෂය (Spectroscope) විය.

මෙලෙස භාෂාව පිළිබඳ ප්‍රශ්නය විසඳාගැනීමේ දී වැදගත් දෙයක්‌ සිදු විය. මතවාදාත්මක භාෂාව සහ වචන මාලා ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් විස්‌තර කිරීම සඳහා භාවිත කළ හැකි බව තර්කානුකූල ආනුභූ=තිකවාදීන්ට පවා පිළිගන්නට සිදු විය. මීට පෙර මතවාදාත්මක භාෂාව පිළිබඳ තැකීමක්‌ ඔවුන් තුළ නො තිබිණි. ද්‍රව්‍ය සෑදී ඇත්තේ කුඩා අංශුවලින් යෑයි පැවසීමේ දී ද්‍රව්‍ය ඉන්ද්‍රිය ගෝචර වන බවත් අංශු එසේ නො වන බවත් අමතක කළ යුතු නැත. ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් පහදා දීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නො වන දේවල් සහ ඒවාට සම්බන්ධ වචන මාලා භාවිත වන බව මෙතැන දී පැහැදිලි විය යුතු ය. ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. එය ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට හැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය. එතැන දී භාෂාව පරිහරණය කිරීම ගැටලු සහගත නො විය යුතු ය. තර්කානුකූල ආනුභූතිකවාදීහු මේ ප්‍රශ්නය ගැන මහත් සේ වද වින්දොa ය. එහෙත් එසේ විය යුතු නැති බව ඇමෙරිකානු දාර්ශනිකයකු වන හිලරි පට්‌නම් (Hilary Putnam) පෙන්වා දී ඇත. වර්ණාවලික්‌ෂය (Spectroscope) උදාහරණයක්‌ ලෙස ගෙන ඔහු මේ බව පහදා දී ඇත.

මෙතැන දී අපට වැදගත් වන්නේ විද්‍යා දාර්ශනිකයන් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් වෙන් කොට හැඳිනගන්නා අන්දම ය. ඊට දී ඇති වැදගත්කම ය. උදාහරණයක්‌ ලෙස ගුරුත්වාකර්ෂණය ගත හැකි ය. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එහෙත් එහි ඵල අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ ය. එම ඵල විද්‍යානුqකූලව පහදා දීමේ දී ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය ගොඩනැෙග්. මෙහි දී භාෂාව පරිහරණය කිරීමේ අවදානම සමහර දාර්ශනිකයන්ට තීරණාත්මක ලෙස වැදගත් ය. සමහරුන්ට එසේ නැත.

පළමුව සුපුරුදු පරිදි වචන භාවිතය ගැන යමක්‌ කිව යුතු ය. අමරතුංග මහතා මුල දී මෙන් නො ව දැන් වචන ගැන තරමක සැලකිල්ලක්‌ දක්‌වයි. එහෙත් ඔහුට ඒ තවත් වැඩි දියුණු කරගත හැකි ය. භාෂාව පරිහරණය කිරීමේ දී හැකිතාක්‌ පරෙස්‌සම් විය යුතු ය. අමරතුංග මහතා කාගෙ දොa කියමනක්‌ උපුටා දක්‌වමින් (ඔහු මෙය උපුටාගත්තේ කිනම් පොතකින් ද යන්න සඳහන් කළේ නම් මැනවි) භාෂාව පරිහරණය කිරීමේ අවදානමක්‌ ගැන කියයි. ඔහු මෙය තරමක්‌ දුරට වුවත් විස්‌තර කළේ නම් මැනවි. කෙසේ වෙතත් කොග්නිටිව් (Cognitive) යන්නට ඥනන යන්න වඩා යෝග්‍ය වෙයි. පාරිභාෂික ශබ්දමාලාවල සඳහන් වන්නේ ඥනන මිස ඥනාත්මක යන්න නො වේ. එමෙන් ම ප්‍රිසයිස්‌ ක්‍රයිටීරයන් (Precise Criterion) යන්නෙහි ප්‍රිසයිස්‌ යන්න යෙදෙන්නේ නිශ්චිත යන අර්ථයෙන් නො වේ. ප්‍රිසයිස්‌ සඳහා මලලසේකර ශබ්දකෝෂයෙහි ඇත්තේ යථාතථ්‍ය, නිරවද්‍ය, නියම, ඒකාන්ත, නිශ්චිත, නියත යන වචන ය. මෙහි දී සුදුසු වචන වනුයේ යථාතථ්‍ය හා නිරවද්‍ය යන්න ය. එයින් ද පාරිභාෂික ශබ්දමාලාවෙහි සඳහන් වන්නේ යථාතථ්‍ය යන්න ය. යථාව හා තථ්‍ය පිළිබඳ දාර්ශනික ගැටලු වෙතත්, ඒ අමතක කර යථාතථ්‍ය යන්න යොදාගැනීම යෝග්‍ය යෑයි අදහස්‌ කරමි. ගිය සතියේ ද සඳහන් කළ පරිදි කොන්සික්‌න්ස්‌ (Consequence) යන්න සංවිපාකය විය යුතු ය. ස්‌වසිද්ධිමූලක යනු ඇක්‌සියොමැටික්‌ (Axiomatic) යන්න ය. 

අයින්ස්‌ටයිනීය සාපේක්‌ෂතාවාදය (විශේෂ යෑයි සිතමි) ඊනියා ස්‌වසිද්ධිමූලක යෑයි යම් බටහිර දාර්ශනිකයකු පවසන්නේ නම් ඔහුට සාපේක්‌ෂතාවාදය ගැන වැටහීමක්‌ නැති බව කිව යුතු ය. පසුගිය සතියේ ද කී පරිදි බටහිර ගණිතය නම් ස්‌වසිද්ධිමූලක දැනුම් පද්ධතියකි. එහි ස්‌වසිද්ධි හෝ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගැනීමෙන් ලබාගන්නා නිගමන හෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කර ඒ සත්‍ය දැයි, එනම් එම නිගමන අදාළ සංසිද්ධි සමග සංගත වේ දැයි, සොයා බැලීමේ අවශ්‍යතාවක්‌ පැන නො නගියි. එහෙත් සාපේක්‌ෂතාවාදය එසේ නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදය පටන් ගැනෙන්නේ උපකල්පන දෙකක්‌ ගෙනහැර දැක්‌වීමෙනි. මේ උපකල්පන ස්‌වසිද්ධි ලෙස සැලකීමේ බාධාවක්‌ නැත. එහෙත් ඉන් ලබාගන්නා නිගමන බටහිර ගණිතයෙහි මෙන් හුදු ප්‍රකාශන (ප්‍රමේය) ලෙස නො පවතියි. 

ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ යුතු ව ඇත. ප්‍රශ්නය පැන නගින්නේ එවිට ය. ස්‌වසිද්ධි වියුක්‌ත ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඉන් ලබාගන්නා නිගමන ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ යුතු ව ඇත. මෙය ඊනියා මතවාදාත්මක (Theoretical Language) භාෂාවක්‌ හා නිරීක්‌ෂණ භාෂාවක්‌ (Observational Language) අතර ඇති ප්‍රශ්නයක්‌ නො වේ. (මෙය ප්‍රවාදාත්මක භාෂාවක්‌ හා නිරීක්‌ෂණ භාෂාවක්‌ යනුවෙන් නිවැරැදි විය යුතු ය.) ප්‍රවාදාත්මක භාෂාව පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණවල දී ද, නිරීක්‌ෂණීය භාෂාව ඉන්ද්‍රිය ගෝචර නොවන ක්‍රියාවලින් ද යොදාගැනෙන්නේ යෑයි කීමෙන් ප්‍රශ්නයෙන් පලාගිය නො හැකි ය. 

ඇතැම් බටහිර දාර්ශනිකයන් මතවාදාත්මක හා නිරීක්‌ෂණීය භාෂා පිළිබඳ ප්‍රකාශ කරන අදහස්‌ නිවැරැදි නො වේ. ඇතැම් වචන පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්‌ත ප්‍රවාදවල දී මෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිවල දී ද යොදාගැනෙයි. එහෙත් එයින් අදහස්‌ වන්නේ ඒ ඒ අවස්‌ථාවල අදාළ වචනවලින් එක ම දෙයක්‌ කියෑවෙන බව නො වේ. එක ම වචනය ඒ ඒ සංදර්භයේ දී යෙදෙන්නේ විවිධ අර්ථ ඇති ව ය. පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්පයක්‌ කිසි විටකත් ඒ අරුතෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක දී යොදාගත නො හැකි ය. වචනය එක ම වුව ද සංදර්භ වෙනස්‌ වන විට සංකල්ප ද වෙනස්‌ වෙයි. සරල රේඛාව යන්න බටහිර ගණිතයෙහි යෙදෙන අර්ථයෙන් බටහිර භෞතික විද්‍යාවේ දී යොදාගත නො හැකි ය. බටහිර ගණිතයෙහි එන සරල රේඛා සිතෙන් මවාගත නො හැකි ය. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙහි සරල රේඛා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන, එහෙත් සිතෙන් මවාගන්නා ෆොaටෝනවල ගමන් මාර්ග ය. 

ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි එකිනෙක ආකර්ෂණය කෙරෙනුයේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන අංශු හා වස්‌තු ය. මේ වස්‌තු හා අංශු නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඒ වියුක්‌ත සංකල්ප පමණ ය. එහෙත් අප නිරීක්‍ෂණය කරන්නේ ගසකින් වැටෙන ගෙඩියක්‌ වැනි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් කියෑවෙන වස්‌තු ය. එපමණක්‌ නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය ම රිටකින් ගැරඩි හැවක්‌ ඉවත් කිරිමේ දී යොදාගන්නා බලය වැනි භෞතික බලයක්‌ නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්පයකි. එය පට්‌ටබල් බොරුවක්‌ වූ නිවුටන් ගේ හුදු කතාන්දරයක්‌ පමණකි. කිසිවකුට කිසි දා ගුරුත්වාකර්ෂණ බලය නිරීක්‌ෂණය කළ නො හැකි ය.


නලින් ද සිල්වා

2014-12-03

Sunday, 30 November 2014

චන්ද්‍රිකා ද රනිල් ද


බලයට පත්වන්නේ චන්ද්‍රිකා ද රනිල් ද යන්න මනඃකල්පිත ප්‍රශ්නයක් පමණකි. වයස හැටපහ ඉක්මවා ඇති මේ දෙපළගෙන් එක් අයකුටවත් මේ භවයේ දී බලයට පත්විය නො හැකි ය. එහෙත් අප මේ ප්‍රශ්නය අසන්නේ වෙනත් කරුණක් සාකච්ඡා කිරීමට ය. අද ඊනියා පොදු අපේක්‍ෂකයකු ගැන කතාකළ ද පොදු විපක්‍ෂයක් නැති බව පැහැදිලි ය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත්කල අඩුම තරමෙන් විපක්‍ෂ තුනක් වෙයි. සරත් සිල්වාගේ තර්කය මත පදනම් වන ජ වි පෙරමුණට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා  සහභාගිවන ජනාධිපවරණයක් නීති විරා්ධී ය. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස තුන්වන වරටත් තේරී පත්වීමෙන් පසු නීති විරෝධී ජනාධිපතිවරයකුට විරුද්ධ ව ජනතාව වීදීවලට කැඳවා ලේ හැළුණු සටන් ඔස්සේ ඔවුන්ගේ තකතීරු විප්ලවය ජයගැනීම ය. බටහිර රටවල ද ආධාරය ද ඇතිව අරාබි වසන්තයක් ක්‍රියාත්මක කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති. අවුරුදු පනහක් බලා සිටි විප්ලවය ජනවාරි 8 වැනි දාට සාක්‍ෂාත් කරගත හැකි යෑයි ඔවුහු සිතති. ජ ව ි පෙ නායකයන් වයසට ගියත් ඔවුන්ගේ ළදරු වලිකුලප්පුව සුව වී නැත. ඊනියා විප්ලවය මගින් සිදුවන්නේ තවත් තරුණයන් පිරිසකුගේ ජීවිත නැතිවීම පමණ ය. 

දෙවැනි විපක්‍ෂය වනුයේ චන්ද්‍රිකා කුමාරතුංගගේ විපක්‍ෂය ය. එයට පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරෙලියේ රතන හිමියන්ගේ ද සහාය ලැබෙන බව පැහැදිලි ය. යම් අයුරකින් ජාතික හෙළ උරුමය එයට ආධාර කළහොත් එය එම පක්‍ෂයේ අවසානය වනු ඇත. චන්ද්‍රිකා විපක්‍ෂය දේශපාලන බල ව්‍යාපෘතියක් ලෙස රඳා පවතින්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ සිටින්නේ යැයි කියන චන්ද්‍රිකා හිතවතුන් මත ය. මේ හිතවතුන් ඇත්නම් ඔවුහු ජාතිකමතවාදීහු නො වෙති. දැනට ආණ්ඩුවෙන් මෛත්‍රිපාල සිරිසේන සමග ගොස් සිටින රාජිත සේනාරත්න ඒ සඳහා හොඳ උදාහරණයකි. සිංහල විරෝධියකු වූ රාජිත සේනාරත්න තමා ජාතිවාදියකු නොවේ යැයි පවසයි. මේ අය ජාතිවාදීන් ලෙස හඳුන්වන්නේ දෙමළ ජාතිවාදියට හා මුස්ලිම් ජාතිවාදයට විරුද්ධවන්නන් ය. රාජිත සේනාරත්න කලක් කුමාර් රුපසිංහගේ ජනවේගය කණ්ඩායමේ විය. මාක්ස්වාදය කටගාගත් මේ පිරිස් සඟ වෙද ගුරු ගොවි බලවේගයට අයත් නො වෙති. මොවුන්ගෙන් ඇතැමෙක් මංගල සමරවීර මෙන් සුදු නෙළුම් තවලම් ආදී ව්‍යාපාරවල නිරතවූවෝ වෙති. ඔවුන්ට ජාතිකත්වයක් නැත. ඔවුහු විජාතික බලවේග නියෝජනය කරති. 

චන්ද්‍රිකාගේ විපක්‍ෂය ද අවසාන වශයෙන් ගත්කල එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලින් මෙහෙයවනු ලැබෙයි. අනූවේ දශකයේ මුල චන්ද්‍රිකා එංිගලන්තයේ සිට ආනයනය කරනු ලැබුයේ ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්ව ප්‍රතිපත්ති වෙනස් කර දෙමළ ජාතිවාදයට   උතුරු හා නැගෙනහිර පළාත් පාවාදීමට ය. එහි දී රාජිත සේනාරත්න වැන්නෝ විශාල කාර්යභාරයක් ඉටුකළහ. එහෙත් බටහිර අවශ්‍යතා පරිදි ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට චන්ද්‍රිකාට නොහැකි විය. අවසානයේ දී ඇය රනිල් සමහ එකතු වී ප්‍රභාකරන් සමග ඊනියා සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා ය. ගිවිසුම අත්සන් කළේ රනිල් බව සැබෑ ය. එහෙත් චන්ද්‍රිකාට අවශ්‍ය නම් ගිවිසුම බල රහිත කිරීමට තිබිණි. මෙරට අද ක්‍රියාත්මක වන ව්‍යවස්ථාවේ 33 (ඉ) වගන්තිය අනුව යුද්ධය හා සාමය ප්‍රකාශ කළ හැක්කේ ජනාධිපතිට ය. ව්‍යවස්ථාව අනුව සාම ගිවිසුම් අත්සන් කිරීමට රනිල්ට බලයක් නොතිබුණු අතර චන්ද්‍රිකාට ඒ ගිවිසුම අහොසි කිරීමට නීත්‍යානුකුල බලය තිබිණි. එහෙත් ඇය එසේ නො කළා ය. බටහිරයන්ගේ පදයට නටන්නියක වූ ද සිංහල විරෝධියකු වූ ද චන්ද්‍රිකා ගිවිසුම ක්‍රියාත්මක කළා ය. චන්ද්‍රිකා විපක්‍ෂයේ ප්‍රතිපත්ති එසේ ය. අද පූජ්‍ය අතුරළියේ රතන හිමියන් චන්ද්‍රිකා විපක්‍ෂය සමග එකතුවීම පුදුමයක් නො වේ. අනූවේ දශකයේ  මුල මංගල සමරවීර සමග එකතු වී රටවැසි පෙරමුණ අටවාගත් ජනතා මිතුරන්ට හා අනුප්‍රාප්තිකයන්ට අනූහතර මැතිවරණයේ දී මාතර ගොස් පැල් බැඳගෙන මංගල සමරවීරට ආධාර කිරීම ප්‍රශ්නයක් නො වී ය. 

චන්ද්‍රිකා විපක්‍ෂයේ ප්‍රකාශිත අරමුණ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කර දින සියයක් ඇතුළත චන්ද්‍රිකා විධායක අගමැති ධුරයට පත්වීම ය. එහෙත් සැබෑ අරමුණ  චන්ද්‍රිකා විධායක ජනාධිපතිනිය බවට පත්කිරීම ය. ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ඉඩකඩ ඇත. 37 (1) වගන්තියට අනුව විධායක ජනාධිපතිට තම කාර්යයන් ඉටුකිරීමට නොහැකි අවස්ථාවක ජනාධිපති ධුරයේ වැඩ කිරීමට අගමැති පත්කළ හැකි ය. අවුරුදු එකොළහක් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි නොකළ චන්ද්‍රිකා මේ හදිසියේ දින සියයක් ඇතුළත ඒ ධුරය අහොසි කර විධායක අගමැති ධුරයකට  පත්වෙව් යැයි සිතිය නො හැකි ය. අද විපක්‍ෂයේ කිසිවකුටවත් විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේ අහොසි කිරීම යනු අහොසි කර්මයක් පමණකි. අද රනිල්ටත් චන්ද්‍රිකාටත් අවශ්‍ය මෛත්‍රිපාල සිරිසේන දඩමීමා කර ගනිමින් විධායක ජනාධිපති ධුරයට පත්වීම ය. ඒ බව තුන්වැනි විපක්‍ෂය වූ රනිල්ගේ විපක්‍ෂය සිරිකොතේ දී හෙළිදරවු කළේ ය.

එහි දී තිස්ස අත්තනායක මෛත්‍රිපාල සිරිසේනට කියා සිටියේ පැය විසිහතරක් ඇතුළත රනිල් ජනාධිපති කළ යුතු බව ය. ඒ සඳහා 37 (1) ව්‍යවස්ථාව යොදාගත යුතු බවත් ඔහු පැවසී ය. මෛත්‍රිපාල සිරිසේනට ඒ අනුව නියම වී ඇත්තේ දිවුරුම් දී පැය විසිහතරක් ඇතුළත 43 (3) ව්‍යවස්ථාව අනුව රනිල් හෝ චන්ද්‍රිකා හෝ අහමැති ලෙස පත්කර ඉන්පසු 37(1) ව්‍යවස්ථාව අනුව ඒ පත්කරන ලද අගමැතිට විධායක ජනාධිපති ධුරයේ වැඩ කටයුතු කරගෙන යැමට බලතල පවරා දී ගෙදර යෑම ය!

මෙහි දී මතක තබාගත යුතු කරුණ නම් තිස්ස අත්තනායකගේ බළලා මල්ලෙන් එළියට පැනීමට අනුව රනිල්ටත් ඒ අනුසාරයෙන් චන්ද්‍රිකාටත් අවශ්‍ය විධායක ජනාධිපති වීම මිස අන් කිසිවක් නොවන බව ය. ඉහත සඳහන් විපක්‍ෂ තුනෙන් කුමකට අනුව කටයුතු සිදුවුවත් එසේ සිදුවන්නේ බටහිරයන්ගේ අනුග්‍රහයෙනි. බටහිර රටවල ඇති විධායක ජනාධිපති ධූරය මෙහි දී අහොසි කිරීමට බටහිරයන්ට ඇති වුවමනාවක් නැත. ඊනියා යහපාලනය හා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම ගැන ඇමරිකාවෙන් හෝ එංගලන්තයෙන් හෝ ඉගෙන ගත හැකි පාඩමක් නැත. මේ එක රටකවත් කලු ජනයාගේ ප්‍රශ්නය විසඳී නැත. අද ඇමරිකාවේ ෆර්ගියුසන් සිද්ධි පිළිබඳ බැං කි මූන් කොමිසමක් පත් නොකරන්නේ ඇයි.

රනිල් මෙන් ම චන්ද්‍රිකා ද මාක්ස්වාදය කටගාගත් අනුර දිසානායක ද සිංහල ජාතිකත්ව විරෝධීහු වෙති. අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමටවත් ඊනියා යහපාලනයක් ඇති කිරීමටවත් නො වේ. ඔවුන්ගේ පක්‍ෂවල අභ්‍යන්තර යහපාලනයක් තිබේ ද? අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ බටහිරයන්ගේ අනුග්‍රහය ලබමින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්කර ලෝක දෙමළ සංසදය යොදාගනිමින් ඒ මහතා ඊනීියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නමින් හැඳින්වෙන ගුබ්බෑයමට යවා මරණිය දණ්ඩනය පැනවීම ය. අද විපක්‍ෂයට අවශ්‍ය රනිල් හෝ චන්ද්‍රිකා හෝ විධායක ජනාධිපති ධුරයට පත්කර දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු එකක්වත් ඉටු නොවනු ඇත. ඇතැම් විට මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂක නොවීමට ද ඉඩ ඇත. එයට හේතුව පොදු විපක්‍ෂයක් නො වීම ය.  මහින්ද රාජපක්‍ෂ මහතා සියයට පනස්පහකට වැඩි ඡන්දයක් ලබා දෙමළ ත්‍රස්තවාදය පැරදවු ආකාරයට බටහිර ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය පැරදවීම බටහිරයන්ට හෝ ඔවුන්ගේ ලාංකික ඒජන්තයන්ට හෝ නැචැත්විය නො හැකි ය.


නලින් ද සිල්වා

2014-11-30

Friday, 28 November 2014

Maithripala the prisoner


Maithripala Sirisena appears to be a non starter. He is supposed to be the common candidate but there is no common opposition with a common view. There are at least three oppositions with respect to Presidential elections. The JVP, based on Sarath Silva’s argument, is of the view that the Presidential elections are illegal if Mahinda Rajapaksa is allowed to contest. The JVP is thinking of establishing the dictatorship of the proletariat after an Arab spring, with the support of the western countries, calling the masses to the streets to protest against the so called illegal presidential elections. The government of Mahinda Rajapaksa  needs no instructions to deal with the western inspired revolution (Arab Spring) of the JVP.

The opposition led by Chandrika Kumaratunga thought that at least thirty MPs would cross the floor of the House on the final day of the budget debate and would have wanted the former President to become the Executive Prime Minister within one hundred days from the day of the elections. This opposition thought that they have the majority in the SLFP Parliamentary group and was counting heads and days of the final cross over before the Sinhala New Year. They wanted the former secretary of the SLFP, whose membership of the Party has been suspended by the President of the Party who apparently has the authority to do so as laid down by the constitution of the Party, to be the common candidate on the strength of those who were supposed to cross over. The UNP and Maithripala Sirisena will go on referring to the constitutional secretary of the SLFP and the de facto secretary the way some pundits refer to the de facto Chief Justice, in vain. Ven. Athureliye Rathana Thera was apparently involved in negotiations with the de facto dissolution of the good governance movement of Ven. Maduluwawe Sobhitha Thera and the academic trade unionists and left out leftists, by promoting the candidature of Maithripala Sirisena. Chandrika Kumaratunga was aiming to become the executive prime minister within hundred days of the elections through Maithripala Sirisena. They were thinking of making use of the present Parliament to amend the constitution, oust Mahinda Rajapaksa loyalists from the SLFP and the government, and getting Maithripala Sirisena to appoint Chandrika Kumaratunga as the Prime Minister first (after making her an MP on the national list) and then the executive Prime Minster, through the amended constitution.    

The Chandrika opposition worked with “Pivithuru Hetak” of Ven. Athureliye Rathana Thera and was able to convince the UNP opposition, which is the third opposition, that Maithripala Sirisena should be the common candidate. They made their claim on the strength of the intended cross over MPs  and the UNP opposition had to give in.  The western countries support all the three oppositions and for them it is a case of defeating Mahinda Rajapaksa and installing a weak leader as the President or the Prime Minister. They are behind the GTF aspiration of defeating Mahinda Rajapaksa and producing him before a so called international jury. Probably they would like to have Maithripala Sirisena as the President or the Prime Minster as he is the weakest out of the lot. However, the UNP opposition settled for Maithripala Sirisena as the common candidate on two conditions. Firstly they wanted the thirty odd cross over MPs Chandrika and Maithripala were boasting. Secondly the UNP opposition wanted Maithripala Sirisena to appoint Ranil Wickremesinghe as the executive Prime Minster. Chandrika Kumaratunga would have probably agreed to the conditions knowing very well that MoU’s are nothing but statements of misunderstandings. She who promised the JVP to abolish the executive presidency simply threw it to the wastepaper basket according to a powerful minister of the government.  

However, within the last few days the UNP apparently has changed its positions. It is now not thinking of amending constitution, abolition of executive presidency etc., but of installing Ranil Wickremesinghe as the Executive President (not the Prime Minister) within 24 hours of Maithripala Sirisena becoming the President. All these are figments imagination as Maithripala Sirisena has no chance of winning the presidential elections on the eighth of January. In practice nobody wants to abolish the executive presidency but the cat has jumped out of the bag in the case of the UNP. They want none other than Ranil as the EXECUTIVE PRESIDENT. Tissa Attanayke the boy from Hasalaka was telling Maithripala Sirisena the boy from Polonnanuruwa  that the executive presidency should be confined to Kollupitiya and Kurunduwatte, when the two boys met at Siri Kotha on Thursday.  At the press conference Tissa Attanayake specifically said that Ranil Wickremesinghe should be made the executive president within 24 hours under the Article 37(1) of the constitution. The UNP is planning to invoke Articles 43(3) and 31(1) in this regard. The relevant Articles are as follows.  

43. (3) The President shall appoint as Prime Minster the Member of Parliament who in his opinions is most likely to command the confidence of Parliament.

37. (1) If the President is of the opinion that by reason of illness, absence from Sri Lanka or any other cause he will be unable to exercise, perform and discharge the powers, duties and functions of his office he may appoint the Prime Minister to exercise, perform and discharge the powers, duties and functions of the office of President during such period, and may also appoint one of the other Ministers of the Cabinet to act in the office of Prime Minister during such period:
Provided that if the office of Prime Minister be then vacant or the Prime Minister is unable to act, the President may appoint the Speaker to exercise, perform and discharge the powers, duties and functions of the office of President during such period.

It appears that the UNP strategy is to appoint Ranil as the Prime Minister soon after Maithripala Sirisena takes oaths using Article 43(3), and then get the latter to “abdicate” with the help of 37(1). This implies that Maithripala Sirisena has to admit that he is unable to  exercise, perform and discharge the powers, duties and functions of his office as the President, on his own, and then appoint the new Prime Minister  who is none other than Ranil to exercise, perform and discharge the powers, duties and functions of the executive presidency. Poor Maithripala Sirisena will be nobody after that and the UNP would rule the country with Ranil as the de facto executive president.

It is very unlikely that the Chandrika opposition would agree to this master plan by Tissa Attanayake and the UNP, and most probably would object to it vehemently unless Chandrika Kumaratunga in her usual way decides to treat any MoU as a statement of misunderstanding that should be thrown into the wastepaper basket as soon as possible. If the Chandrika opposition together with Ven. Athureliye Rathana Thera decides to oppose the strategy of the UNP opposition then Maithripala Sirisena will be a non starter.


In any event Maithripala Sirisena is a prisoner of the Chandrika and the UNP oppositions and being a former member of the SLFP, could be expected to be more loyal to the Chandrika opposition than to the UNP opposition. What the UNP should realise is that any MoU or any agreement with locals is only a piece of paper as far as Chandrika Kumaratunga is concerned and the UNP master plan will never see the light of the day, even if Maithripala Sirisena were to win the elections. However, none of these plans would work as it is a foregone conclusion that Maithripala Sirisena is to lose the elections polling  less than what Sarath Fonseka polled last time.


Nalin De Silva

28-11-2014

Wednesday, 26 November 2014

බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ අනාගැනීම


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමන් නො දන්නා බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ ගැන ජනප්‍රිය ඉංගිරිසි පොතපත තමන්ට වටහාගත හැකි (නො හැකි) ප්‍රමාණයට කියවා තමන් ගේ බසින් පාඨකයාට විස්‌තර කිරීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. ඒ මහතා අඩු ම තරමෙන් ඒ පොතපතෙන් උපුටා දක්‌වන්නේ නම් අපට ද එකී පොත කියවා අමරතුංග මහතාට වැරැදී ඇත්තේ කොතැනක දැයි ප්‍රකාශ කිරීමට තිබිණි. එහෙත් ඔහු එසේ නො කරයි. ඔහුට වැරැදී ඇති තැන් බොහෝ ය. වැරැදි අවම කරගැනීමට උත්සාහ කිරීම වැරැද්දක්‌ යෑයි අමරතුංග මහතා සිතන්නේ ද?

අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් අපි තව තවත් උපුටා දක්‌වමු. එම ලිපියෙහි එක්‌ තැනෙක මෙසේ සඳහන් වෙයි. "ස්‌වභාවධර්මයේ නීතිරීති සොයා ගැනීම විද්‍යාවේ ප්‍රධාන අරමුණ විය යුතු යෑයි අදහස්‌ කළ දාර්ශනිකයන් සිතුවේ විද්‍යාව නීතිරීති මගින් පාලනය විය යුතු බව ය. එහෙත් ජීවිතය සහ පෘථිවිය (Life and Earth Science) පිළිsබඳ විද්‍යාව තුළ නීතිරීති සොයාගැනීම උගහට ය. එසේ වුව ද මේ ක්‍ෂේත්‍රය තුළ ඇති විශිෂ්ට වූ විද්‍යාත්මක සොයාගැනීම් සිදු වී ඇති බව අපි දනිමු. ඒවායින් ස්‌ථාපිත වූ නීති රීති කිසිවක්‌ නොමැත. ඡේම්ස්‌ වොට්‌සන් සහ ප්‍රැන්සිස්‌ ක්‌රික්‌ නමැති විද්‍යාඥයන් DNAවල ව්‍යqහය සොයාගත් නමුදු එම සොයාගැනීමෙන් ස්‌ථාපිත වූ නීතියක්‌ නොමැත. මේ නිසා සමහර දාර්ශනිකයන් ගේ අදහස වන්නේ විද්‍යාවේ පැවැත්ම නීති පද්ධතියක්‌ මත පදනම් වීම අත්‍යවශ්‍ය නො වන බව ය. ඒ වෙනුවට දළ සාධාරණීකරණය කිරීම (Approximate Generlization) විද්‍යාවේ සාර්ථකත්වය තහවුරු කරන බව ඔවුහු පවසති."

අමරතුංග මහතා තමන්ට ම එරෙහි ව තර්ක ගොඩනඟයි. ඔහුට වැදගත් වන්නේ ඔහු අන්තිමට කියෑවූ පොතෙහි සඳහන් දේ ය. එය කලින් කියවා ඇති පොත්වල සඳහන් දේ සමග එකඟ නො වුණ ද ඔහුට එය නො වැදගත් ය. සංගත බව යන්න ඔහු ගේ ශබ්ද කෝෂයෙහි නැත. ඒ මදිවාට අමරතුංග මහතාට තමා කියවන බොහෝ දේ තේරුම්ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්‌ වෙයි. ඉහත සඳහන් ඡේදය අනුව බටහිර විද්‍යාවෙන් නීතිරීති ස්‌ථාපිත නො වේ. එසේ නම් බටහිර විද්‍යාව සත්‍ය හෝ අසත්‍ය හෝ බව හෝa ඊනියා සත්‍යයට ක්‍රමයෙන් ළඟා වන බව දැනගන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව සත්‍යයට ක්‍රමයෙන් ළඟා වෙයි. 

අමරතුංග මහතා ඊනියා සත්‍යයක්‌ ඇති බව පිළිගනියි. යථාර්ථය යනු ඔහු ගේ ද ඊනියා වාස්‌තවිකවාදීන් ගේ ද ඊනියා යතාර්ථවාදීන් ගේ ද (අමරසේකර වැනි ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවන් ද ඇතුළු ව) ගෞරවයට පාත්‍ර වූ වචනයකි. මේ ඊනියා යථාර්ථය, සත්‍යය අප දැනගන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාඥයන් ඒ සොයාගන්නේ කෙසේ ද? අමරතුංග මහතා නිර්මාණයට එරෙහි ව සොයාගැනීමට පක්‌ෂ ව කරුණු කීවේ ය. ඔහුට දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ නො ව සොයාගැනීමට ඇති දෙයකි. ඒ දැනුම යථාර්ථය වෙයි. 

මෙරට නිවේදක නිවේදිකාවන් ඇතුළු ජනමාධ්‍යවේදීන්, මහාචාර්යවරුන්, විදග්ධයන්, කලාකරුවන් කොයි කවුරුත් පාහේ යථාර්ථය යන්න තොරතෝංචියක්‌ නැති ව යොදාගනු පෙනෙයි. මේ ඊනියා යථාර්ථය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? එය නීති ලෙස ප්‍රකාශ කෙරෙන්නේ ද? එසේ නො වේ නම් ඊනියා යථාර්ථය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථය ප්‍රකාශ කිරීමට නො හැකි ද? ප්‍රකාශ කිරීමට නො හැකි යථාර්ථයක්‌ කා ගේ අවශ්‍යතාවකට ද? බටහිර විද්‍යාඥයන් විසින් සොයාගනු ලබන්නේ යෑයි කියන දැනුම ඊනියා යථාර්ථයක්‌ නො වේ ද?

අමරතුංග මහතා වැනි ඊනියා යථාර්ථයක්‌ වාස්‌තවිකත්වයක්‌ ඇතැයි කියන්නන්ට මේවා හොඳ පාඩම් ය. එහෙත් යථාර්ථවාදීහු පාඩම් ඉගෙන නො ගනිති. මෙයින් කියෑවෙන්නේ ඊනියා යථාර්ථවාදීන් පාඩම් ඉගෙන නො ගැනීම යථාර්ථයක්‌ බව නො වේ. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ඇතැම් දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවේ පැවැත්ම නීති පද්ධතියක්‌ මත පැවතීම අත්‍යවශ්‍ය නො වේ. ඔවුන්ට අනුව බටහිර විද්‍යාවේ සාර්ථකත්වය දළ සාධාරණීකරණය මගින් තහවුරු වෙයි. 

අමරතුංග මහතා ජෙනරලයිසේෂන් යන්න සඳහා සාධාරණීකරණය යොදාගෙන තිබීම සතුටට කරුණකි. ඔහු දිගින් දිගට ම ඒ සඳහා යොදාගත්තේ සාමාන්‍යකරණය යන්න ය. ඔහු දැන් වත් සාමාන්‍යකරණය යන්න වැරැදි බව වටහාගෙන ඇත්නම් මේ සංවාදයෙන් යමක්‌ සිදු වී ඇතැයි කිව හැකි ය. එහෙත් ඔහු ඇප්‍රොක්‌සිමේට්‌ යන්න සඳහා දළ යන්න යොදාගනියි. එය දළ වශයෙන් ගත් කල යොදාගත හැකි නමුත් ආසන්න හෝ සන්නිකර්ෂණ යන්න වඩාත් සුදුසු ය. 

කෙසේ වෙතත් මේ සාධාරණීකරණය යනුවෙන් ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් අතින් කියෑවෙන්නේ කුමක්‌ ද? අමරතුංග මහතා නො දන්නවාට සාධාරණීකරණයක්‌ යනු වියුක්‌ත ව කෙරෙන්නකි. බටහිර විද්‍යාඥයන්ට පමණක්‌ නො ව සාමාන්‍ය පෘථග්ජනයන්ට යම් සංසිද්ධියක්‌ ගැන නිරීක්‌ෂණ සියල්ල කළ නො හැකි ය. එහි දී සීමිත පරීක්‌ෂණ, සම්පරීක්‌ෂණ යොදාගනිමින් කෙරෙන නිරීක්‌ෂණ සියලු නිරීක්‌ෂණ සඳහා වලංගු වන බව උපකල්පනය කෙරෙයි. අප සියලු කපුටන් කළු පාට යෑයි නිගමනය කරන්නේ අතීතයේ, වර්තමානයේ හා අනාගතයේ සියලු කපුටන් නිරීක්‌ෂණය කිරීමෙන් පසු නො වේ. නිරීක්‌ෂණ කිහිපයකින් පසු බොයිල් ගේ නියමය අදාළ කොන්දේසි යටතේ සියලු වායු සඳහා වලංගු වන්නේ යෑයි කියන්නේ සාධාරණීකරණයෙනි. 

මේ සාධාරණීකරණය සම්භාවිතාවකට යටත් වූවකි. එය සන්නිකර්ෂණ සාධාරණීකරණයක්‌ වෙයි. සීමිත නිරීක්‌ෂණ කිහිපයක්‌ එලෙස සාධාරණීකරණයට ලක්‌ කිරීම බටහිර විද්‍යාවට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. මිටි තැනින් වතුර ගලා බහී යන්න ද සාධාරණීකරණය වූ නිරීක්‌ෂණ කිහිපයකි. එසේ නම් මේ ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් කියන සාධාරණීකරණයෙහි වූ අරුමය කුමක්‌ ද? ඊනියා දළ සාධාරණීකරණයෙන් බටහිර විද්‍යාවේ සාර්ථකත්වය තහවුරු වන්නේ කෙසේ ද? 

අමරතුංග මහතා ගේ උපුටාගන්නා ලද පහත සඳහන් දෙවැනි ඡේදයෙන් බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට උගුරට හොරා බේත් කෑමේ පිළිවෙතට අනු පිළිතුරක්‌ දීමට උත්සාහ කරන බව පෙනෙයි. මෙය අමරතුංග මහතා ගේ නිර්මාණයක්‌ නො වේ. ඔහු එය ද යම් ජනප්‍රිය පොතපත කියවා තමන්ට තේරෙන ආකාරයට ලියා ඇති බව පැහැදිලි ය. මෙහි දී ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් නිරීක්‌ෂණ හා ප්‍රවාද අතර ඇති වෙනස උගුරට හොරා සඳහන් කරනු අවබෝධ කරගත හැකි ය. 

"කරුණු මෙසේ හෙයින් වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic Statements) සහ ඒවායෙන් ලැබෙන නිගාමී ඵලය (Deductive Consequence) වන්නේ ය. මේ නිර්වචනයට අනුව සාපේක්‌ෂතාවාදය ස්‌වසිද්ධිමූලක (Axiomatize) බව පෙන්වා දීමට ඔවුහු සමත් වූ හ. මෙවැනි ක්‍රියාවන් නිශ්ඵල ක්‍රියාවන් ලෙස සැලකිය නො හැකි ය. ප්‍රායෝගික වූ විද්‍යාව තේරුමක්‌ නැති දාර්ශනික සාකච්ඡාවලින් වෙන් කිරීම පිණිස එවැනි ක්‍රියාවන් වැදගත් වන නිසා ය. මේ සඳහා ඥනාත්මක අර්ථාන්විතභාවය (Cognitive Significance) තහවුරු කිරීම පිණිස නිශ්චිත නිර්ණායක (Precise Criterion) අවශ්‍ය විය. මෙවැනි නිර්ණායක නිර්මාණය කිරීමේ දී භාවිත වන විශේෂ වූ භාෂාව සහ වචන මාලා විද්‍යාත්මක මතවාද පහදා දීම සඳහා සුදුසු දැයි ප්‍රශ්නයක්‌ මතු විය. මේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය බව තර්කානුකූල ආනුභූතිකවාදීහු වටහාගත් හ."

අමරතුංග මහතා ගේ මතවාදය යන වැරැදි යෙදුම වෙනුවට අප ගියවර සඳහන් කළ ආකාරයට ප්‍රවාදය යන වචනය යොදාගනිමු. අප ගිය සතියේ පෙන්වා දුන්නේ ඉහත සඳහන් නිර්වචනයට අනුව බටහිර ගණිතය ද බටහිර විද්‍යාවක්‌ බව ය. බටහිර ගණිතයෙහි කෙරෙන්නේ ස්‌වසිද්ධි කිහිපයක්‌ ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. එනම් ස්‌වසිද්ධිවලින් යම් ප්‍රතිඵල නිගමනය, අපෝහනය කිරීම ය. බටහිර ගණිතයෙහි ප්‍රමේය යනු එසේ ලබාගත් නිගමන ය. 

බටහිර ගණිතය එසේ නිගමනවලට එළඹීමෙන් පසු අත පිහදා ගනියි. මේ නිගමන හෙවත් අපෝහන ඊනියා සත්‍ය දැයි සොයාබැලීමට බටහිර ගණිතයට අවශ්‍ය නො වේ. මෙහි දී ගණිතය යනුවෙන් හැඳින්වෙන්නේ තවමත් ලංකාව, එංගලන්තය වැනි රටවල ඉගැන්වෙන ශුද්ධ ගණිතය ය. ව්‍යවහාරික ගණිතය ශුද්ධ ගණිතයෙන් ඔබ්බට ගොස්‌ ප්‍රායෝගික වීමක්‌ කෙරෙහි උනන්දුවක්‌ දක්‌වයි. 

වෙනත් වචවලින් කිව හොත් ලංකාවේ ශූද්ධ ගණිතය නමින් හැඳින්වෙන බටහිර ගණිතයට නිරීක්‌ෂණවලින් වැදගත්කමක්‌ නැත. එහි දී අවශ්‍ය වන්නේ යම් ස්‌වසිද්ධි කිහිපයක්‌ ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යායට එකග ව නිගමන ලබාගැනීම පමණකි. ස්‌වසිද්ධිවල හෝ නිගමනවල හෝ ඊනියා සත්‍යතාවක්‌ ගැන සොයාබැලීමට බටහිර ගණිතයෙහි දී අපේක්‌ෂා නො කෙරෙයි. බටහිර ගණිතයෙහි දී බටහිර ගණිතඥයන් තමන් කතා කරන්නේ මොනවා දැයි නො දන්නා බව ඇතැම් බටහිර ගණිතඥයන් හා දාර්ශනිකයන් පවසා ඇත්තේ එබැවිනිෘ

ව්‍යවහාරික ගණිතයට නිරීක්‌ෂණ ද ඇත. ස්‌වසිද්ධි හා නිගමනවලට අමතරව නිරීක්‌ෂණ සමග ඒ නිගමන සංසන්දනය කිරීමක්‌ ද වෙයි. බටහිර විද්‍යා දාර්ශනිකයන් අනාගන්නේ මේ සංසන්දනයේ දී ය. අමරතුංග මහතාට ඒ පිළිබඳ කිසිදු වැටහීමක්‌ නැත.


නලින් ද සිල්වා

2014-11-26

Mahinda, the problem of the west


How to solve a problem like Mahinda, must be a question asked in London, Washington and may be a few other cities in the west. However, it is a major problem in London and a problem to a great extent in Washington, which will be solved by the west in their usual “democratic” way of good governance and what not by demanding blood. Mahinda Rajapaksa who defied the west by not allowing them to send a ship to rescue Prabhakaran has been hated by the west since his policy on Palestine as a young MP in the Sri Lankan Parliament. Mahinda Rajapaksa is anti colonial though he is compelled to follow western economic models and even the politics that include western type executive Presidency. The thirteenth amendment though linked with India or rather Gandhi family is the product of the west, mainly England and US as well. With Mahinda Rajapaksa there will be no more devolution in the sense of the thirteenth amendment and the west is not happy with it. Mahinda Rajapaksa has cordial relationship with China not to the liking of London. In this regard Washington that cannot survive without Beijing is helpless with the fragile economic situation.

The west has intervened indirectly in the problem of Mahinda through various means including economic sanctions in the garment industry, fish industry, and involving people such as Solheim, the Tamil leaders in the Global Tamil Front and other organisations of dispersed Tamils in the west, the western intellectuals so called experts in Sri Lankan studies without much success. They are propagating the usual story (post modern narrative) of Mahinda Rajapaksa being a dictator but within Sri Lanka it has failed to gain any currency, except those in the western educated circles who have been in A/L classes in schools irrespective of the medium of instruction and the schools they attended.  Personally I have much more freedom now than in the days of  JRJ, Premadasa, Ranil, Ranjan Wijeratne, Charitha Ratwatte and others including Chandrika Kumaratunga who had no inkling of nationalism in them. I had been under death threat in the times of many of them, and my freedom of expression had been curtailed by their orders to the editors of newspapers. It has to be mentioned that except for Premadasa the others had been so called elite in the country.

The west gets the support of Sri Lankans as well in their attempt to solve the problem of Mahinda and invariably they go to the usual pundits in the universities and so called research institutes who were trained by the westerners, the political parties such as the UNP, the TNA and even the JVP that is now controlled by the US after Anura Dissanayaka became the leader, the activists in western governmental organisations that are maintained by the west, and the few expats who had gone to west in search of political asylum.  These asylum seekers are maintained by the west and as long as they do not agitate against the violation of human rights by the host country they are safe. The west wants to solve the problem of Mahinda the way they solved similar problems in the other parts of the world. That is by ousting Mahinda Rajapaksa from the executive presidency of the country.

However, the west has to  oust Mahinda Rajapaksa through political action involving elections at present and the forthcoming Presidential elections are a God given opportunity for the west. They want a weak President whom could be dictated terms, and who would devolve power to the Northern and Eastern provinces, destabilize the country and finally bifurcate or trifurcate the country. Once Mahinda is ousted he would be taken before a so called international jury for “war crimes” and be sent to gallows. The GTF   boss who came on TV with a UNP MP and a “Liberal” MP from Sri Lanka did not mince words in his aspirations. These aspirations are those of the western countries though they take a back seat at the moment.

The west wants to introduce a weak candidate as possible but who could draw votes as well. Ranil W is not the best of the candidates though he would dance to the tune of London. He does not have a Charisma that could attract Sinhala votes and  he is  loser from the very beginning. Chandrika K is too old and also she has been disqualified by Sarath Silva. The argument of Sarath Silva is valid in the case of Chandrika though it does not hold water in the case of Mahinda Rajapaksa as we have shown in these columns. Karu Jayasuriya had the support of the west but the UNP could not come to a decision to support him as there was much opposition to his candidature. Then the west had Ven. Masduluwawe Sobhitha Thera who had been canvassing for so called good governance together with some academic trade unionists and left out leftists. However he was not favoured as it was clear that the Thera does not have a mass base.

The JVP in the meantime had been taking a different line altogether based on Sarath Silva’s argument, and claiming that the Presidential elections are illegal if Mahinda Rajapaksa is allowed to contest. This is a fall back position as far as the west is considered and they would be thinking of drawing masses to the streets when Mahinda Rajapaksa wins the elections. The government would have to take precautionary action in order to avoid an Arab Spring. The second option as far as the west is concerned for an Arab Spring is to have a “nonagatha” uprising after preventing Mahinda Rajapaksa getting 50% of the valid vote. The time between the first count and the second preferences has been named the “nonagatha” period and at the last Presidential elections they would have executed the uprising through Sarath Fonseka had Mahinda Rajapaksa failed to get the all important 50% of the valid vote. This time again Mahinda Rajapaksa would get more than 50% of the vote and there is no possibility of a “nonagatha” Arab Spring.

The Jathika Vyaparaya (National Movement) had been politicized by the JHU first and then by the JNP of Wimal Weeravansa. Once the Jathika Vyaparaya was politicized, Mahinda Rajapaksa who has nationalist credentials became the leader of the politicized Jathika Vyaparaya to the disillusion of both the JHU and the JNP. It is true that Mahinda Rajapaksa and the SLFP do not have nationalist economic policies then neither the JHU nor the JNP has. However, they were critical of the economic policies of the government and Wimal Weerawansa calling the Secretary to the Treasury an “Arthika Ghathakaya” (destroyer of the economy) was seen to be getting ready to move out of the government. The Deshahithaishee Jathika Vyaparaya (DJV) headed by Gunadasa Amrasekera is only a mouthpiece of the JNP and their monthly magazine “Muragala” was giving all the indications that the nationalists should leave the government. These were ominous signals that the JHU lost no time in picking up. However, at the UVA provincial council elections the JNP learnt its “strength” as far as their mass base is concerned (polling around 300 votes in the electorates in the Badulla District where they went alone independent of the UPFA) and soon gave up their rhetoric . However, the JHU thinking of an expanded middle class that they thought got their political lie from Ven. Gangodawils Soma Thera, was not humble enough and went on challenging Mahinda Rajapaksa. Ven. Athureliye Rathana Thera was the most vociferous and he was associated with Ven. Maduluwawe Sobhitha Thera  on the good governance project. The JHU was in a hurry to come to power and in the process has played into the hands of the west.

All these groups and individuals, except the JNP and the JVP, have now apparently selected Maithripala Sirisena as the so called common candidate. Sirisena is the weakest of the lot and he would be preferred by the west. The man who as the Minster of Health could not face the western doctors in Sri Lanka and come out with a plan to cure the Kidney patients is not going to stand up to western leaders or even to the western high commissioners and ambassadors. He will do whatever Ranil dictates on the instructions of the west but would have to win a Parliament with two third majority in order to make Ranil the executive Prime Minister. The west wants to abolish the executive Presidency as it would help to defeat Tamil racism of the dispersed Tamils and their sponsors.


Though Maithripala Sirisena satisfies the criteria for a weak President he has been unable to deliver the goods in the form of crossovers. It was apparently his and Chandrika’s promise to bring thirty odd MPs from the SLFP that finally obtained the concurrence of Ranil to stand down but with those thirty voting for the budget has created dissension in the opposition. I would not be surprised if Maithripala Sirisena is forced to withdraw from the race. I am not trying to say that everything is planned in London, but they have may have to think of a more common candidate.


Nalin De Silva

26-11-2014