Main Logo

Tuesday, 10 November 2015

සෝභිත හාමුදුරුවෝ

සෝභිත හාමුදුරුවෝ

මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු  යැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්‍ය නො වේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්‍ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්‍රකාශ කරමි. මේ ලිපිය කාලය වෙබ් අඩවියේ පමණක් පළ කෙරෙන්නේ පුවත්පතක් එය පළ කරාවිද යන සැකය නිසා ය. 

Sunday, 8 November 2015

පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත(2015 - 11 - 08 රිවිර ලිපියෙහි මුල් පිටපත සුළු සංස්කරණයක් සමග )

පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත

මේ ආණ්ඩුවේ ආයුකාලය අවසන් වෙමින් ඇත. තමා පළාත් පාලන මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වය දෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් එ ජා ප - මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ දීගය අවසන් වෙමින් පවතින බව සනිටුහන් කරමිනි. අප කියා ඇති පරිදි ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසින් මේ ආණ්ඩුව පිහිටුවන ලද්දේ ප්‍රධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට මිස වෙනත් දෙයකට නො වේ. 

Friday, 6 November 2015

පොහොර හා වකුගඩු රෝගය (2015 - 11 - 05 රිවිර ලිපියෙහි මුල් පිටපත )

පොහොර හා වකුගඩු රෝගය

කෘෂිකාර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සී අයි සී සමාගමේ පොහොර ගබඩාවකට මුද්‍රා තබා ඇත. එයට හේතුව වී ඇත්තේ එකී සමාගම විසින් ගෙන්වන ලද පොහොරවල කැඩ්මියම් ප්‍රතිශතය තිබිය යුතු කැඩිමියම් ප්‍රතිශත උපරිම මට්ටම මෙන් හතර ගුණයකට අධික වීම නිසා ය. මේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාට,  කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකමවරයාට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අපේ ස්තුතිය පළ කළ යුතුව ඇත. 

Monday, 2 November 2015

හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය (ඉරිදා රිවිර ලිපියක මුල් පිටපත)

හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය

පරණගම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කෙරී ඇත. පරණගම වාර්තාව කොමිසම් වාර්තාවකි. එය විනිශ්චය සභාවකින් ඉදිරිපත්වූ තීරණයක් නො වේ. පරණගම කොමිසම යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත මෙම කොමිසම පත්කරනු ලැබුයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයක් මත එකි වාර්තාවේ ඇතුළත් සමහර කරුණු ගැන ද විභාග කිරීමට ය. 

Thursday, 29 October 2015

සාපේක්‍ෂතාාව වස්තුව හා යථාර්ථය (විදුසර ලිපියකි)

සාපේක්‍ෂතාව වස්තුව හා යථාර්ථය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මාන) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් ඔහුට මනසින් තොර යථාර්ථයක් ඇති බව පෙන්විය නො හැකි ය. ඔහුට පමණක් නොව ලොව පෘථග්ජන කිසිම කෙනකුට ඒ බවක් පෙන්විය නො හැකිය.

Monday, 26 October 2015

ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි (ඉරිදා රිවිර ලිපියකි )


  • ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි

අද සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි තේරුම් ගත හැක්කේ මේ ආාණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කෙළේ කවුදැයි දැනගැනීමෙනි. මහජනයා මැතිවරණයේ දී ඡන්දය දී ආණ්ඩු පිහිටුවන බව සැබෑ ය. එහෙත් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් තෝරනු ලබන්නේ මහජනයා විසින් නො වේ. අඩුම තරමෙන්් ඒ ඒ පක්‍ෂවල සම්මේලන මගින්වත් නො වේ. ආණ්ඩුව බලයට පත්වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කරණම උඩිනි. සිරිසේන මහතා ඒ තැනට පොළඹවා ගනු ලැබුයේ කවුරුන් විසින් ද?

Monday, 19 October 2015

හයිබ්‍රිඩ් යටත්විජිතවාදය (ඉරිදා රිවිර ලිපියකි )

හයිබ්‍රිඩ් යටත්විජිතවාදය

මේ ආණ්ඩුව ඇමරිකාව, එංගලන්තය හා ඉන්දියාව සමග එකතු වී  සිංහලයන්ට විරුද්ධව නඩු පැවරීමට යයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සභාවට මේ සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් වූයේ ප්‍රධාන වශයෙන් ඇමරිකාවෙනි. එයට එංගලන්තය ද හවුල් විය. මේ සියල්ල පිටුපස සිටින්නේ එංගලන්තය හා ඉන්දියාව ය. ඉන්දියාවේ නම සඳහන් නොවුණ ද ලංකාව සම්බන්ධ යෝජනා ඉන්දියාවේ අනුමැතියට යටත් ව ඉදිරිපත් කෙරෙයි. ඉන්දියාව ප්‍රසිද්ධියේ කිසිවක් නොකර සිටීමෙන් ම ඔවුන්ගේ හවුල්කාරී බව දැනගත හැකි ය. ලංකාව මේ යෝජනාවට අනුග්‍රහය දක්වා ඇත.