සෝභිත හාමුදුරුවෝ
මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු යැයි ඇතැම් ජනමාධ්යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්රියා කර ඇති බව ප්රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්ය නො වේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්රකාශ කරමි. මේ ලිපිය කාලය වෙබ් අඩවියේ පමණක් පළ කෙරෙන්නේ පුවත්පතක් එය පළ කරාවිද යන සැකය නිසා ය.