Main Logo

Wednesday, 6 January 2021

ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද

 

ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද

 

ජනවාරි පළමුවැනි දා මුළු ලෝකයට ම වගේ අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒක එහෙම වෙන්නෙ මොක ද? විවිධ රටවල විවිධ දවස්වල අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒත් ඒව ගණන් ගන්නෙ නැහැ. ථෙරවාදී ලෝකයේ ම අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අප්‍රේල් 13 14 දවස්වල. අප කුඩා කල අවුරුද්ද කිවුවෙ ඒ බක් මහේ ලබන අවුරුද්දට. ජනවාරි පළමුවැනි දා අපට අවුරුද්දක් උදා කෙළේ නැහැ. අපි එයට ජනේරුව කිවුව. ඒත් අද වන විට ජනවාරි පළමුවැනි දා තමයි අවුරුද්ද උදාවෙන්නෙ. බක් මහේ අවුරුද්ද සිංහල අවුරුද්ද කරල. ඒක වෙදකමෙත් වෙලා. එදා අප බෙහෙත් ගන්න ගියෙ වෙදමහත්තයා ළඟට. බටහිර වෙදකමේ බෙහෙතක් ගන්න ගියා ම කිවුවෙ ඉංගිරිසි බෙහෙත් ටිකක් ගන්න ගියා කියල. අද ඉංගිරිසි බෙහෙත් තමයි බෙහෙත. අනෙක සිංහල බෙහෙත වෙලා.

Tuesday, 5 January 2021

තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව

 තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව 


ජෙනිෆර් පෙරේරා කමිටුව පත් කෙළෙ කවුද? ඒක තමන් විසින් ම පත් කෙරුණු කමිටුවක් ද? ඒ පිළිබඳ කමිටුවේ සාමාජිකයන්ට සාමාජිකාවන්ට යැවුණු පත්වීම් ලිපි තියෙනවා ද? එහෙම මොකක්වත් නැතිව කමිටුවකට තමන් ම පත්කර ගෙන වාර්තාවක් නිකුත් කරන්න පුළුවන් ද? එහෙම වාර්තාවක් නිකුත් කරල තියෙනවා ද? ඒක කාට හරි භාර දුන්න ද? දැන ගන්නයි අහන්නෙ. 

Monday, 4 January 2021

නිදහස් දින සමරන මියන්මාරය සමග අපේ සම්බන්ධකම්

 නිදහස් දින සමරන මියන්මාරය සමග අපේ සම්බන්ධකම්


යළි යළි ඉපදෙන චම්පක පසුගිය තිස්වැනි දා ඩේලි මිරර් පත්‍රය සමග කළ සාකච්ඡාවක දී කොවිඩ් සමග මියයන අයගේ දේහ වැළලිය යුතු බව ප්‍රකාශ කරලා. ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් වුණෙ ඊනියා ලාංකික දේශපාලනයක් කිරීම සඳහායි. ඔහුට දැන් සිංහල බෞද්ධ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මුස්ලිම් හා දෙමළ ඡන්දවලට අත වනනවා. ඒ අතර ආණ්ඩුව ජෙනිෆර් කමිටුවක් පත් කරල. එක කමිටුවකින් ලැබුණු වාර්තාවක් තියෙන විට යළිත් කමිටුවක් පත් කරන්නේ යම් කිසිවකුට අවශ්‍ය නිර්දේශයක් ලබා ගැනිමට බව පැහැදිලියි. ඒ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රී ඡන්ද ලබා ගැනීමට. මුස්ලිම් ඡන්ද නැතිව තුනෙන් දෙකේ බුතරය හදා ගන්න බැහැ. දැන් තියෙන විධියට මුස්ලිම් ඡන්ද සමග ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යන්නේ ජාතිකත්වයට මුල් තැන දීමට නො වෙයි. ඒ පිටුපස ජාතිකත්වයක් නොමැති ව ජනාධිපති වීමේ අපේක්‍ෂාවෙන් පෙළෙන්නකු ඉන්නවා. මේ යළි යළිත් යුගයේ යළිත් කමිටුවක් පත් කරමු ද?

Sunday, 3 January 2021

අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය

 අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය


සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා. 

Saturday, 2 January 2021

Science’s irrational origins

 

Science’s irrational origins
I may not agree with some of the ideas expressed in this review, but it gives food for thought, especially in these times of Peniya, which is subject to the so called scientific method. The review is published in the current issue of the Science Journal of the American Association for the Advancement of Science. - NdeS

කොවිඩ් දේශපාලනය

 කොවිඩ් දේශපාලනය


මෙරට දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැහැ. කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙදකමට ඇත්තේ එන්නත පමණයි. ඒ සඳහා ප්‍රතිකාරයක් නැහැ. එහෙත් වෙනත් වෙදකම්වල ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාරය කියන්නෙත් එක ම දේකට නො වෙයි. චීනයේ කොවිඩ් 19 ට සාම්ප්‍රදායික වෙදකමක් තියෙනවා කියා හිතන්න පුළුවන්. ඒ ගැන අධ්‍යයනයක් අවශ්‍යයයි. අනෙක් රටවලත් විවිධ ප්‍රතිකාර තියෙන්න ඕන.  එහෙත් චීනයේ මෙන් ඒ ප්‍රතිකාරවලට තැනක් ලැබෙන්නේ නැහැ. යම් තරමින් හරි පිළිගැනීමක්් ඇත්තේ ලංකාවේ විය යුතුයි. 

Friday, 1 January 2021

ශ්‍රී ල නි ප ගමනක අවසානය ද?


ශ්‍රී ල නි ප ගමනක අවසානය ද?


ශ්‍රී ල නි පක්‍ෂය අවසන් ගමන යෑමට සූදානම් වන බවක් පේනවා. මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රී ල නි පක්‍ෂය 2014 දි මෛත්‍රිපාල සිරිසේනගේ විගමනය සමග අර්බුදයකට මුහුණ දුන්නා. ශ්‍රී ල නි ප ප්‍රධානීන් කිහිප දෙනකු පසුව යහපාලනයට ද එකතු වුණා. එසේ යෑමට හේතු තියෙන්න ඇති. එහෙත් ඔවුන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ උගුලකට හසුවුණා.   බටහිරයන්ට එක ගලින් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමට අවශ්‍ය වී තිබුණේ. මෙරට ජාතිකත්වය අඩපණ කිරීම ඔවුන්ගේ එක් වුවමනාවක් වුණා. එ සමග මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ අවශ්‍යතාව ද, විශේෂයෙන් ම ඉන්දියාවට, තිබුණා.