ඊනියා උගතුන්ගෙ විද්‍යාත්මක අවුරුද්ද
ජනවාරි පළමුවැනි දා මුළු ලෝකයට ම වගේ අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒක එහෙම වෙන්නෙ මොක ද? විවිධ රටවල විවිධ දවස්වල අලුත් අවුරුද්දක් ඇරඹෙනවා. ඒත් ඒව ගණන් ගන්නෙ නැහැ. ථෙරවාදී ලෝකයේ ම අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අප්‍රේල් 13 14 දවස්වල. අප කුඩා කල අවුරුද්ද කිවුවෙ ඒ බක් මහේ ලබන අවුරුද්දට. ජනවාරි පළමුවැනි දා අපට අවුරුද්දක් උදා කෙළේ නැහැ. අපි එයට ජනේරුව කිවුව. ඒත් අද වන විට ජනවාරි පළමුවැනි දා තමයි අවුරුද්ද උදාවෙන්නෙ. බක් මහේ අවුරුද්ද සිංහල අවුරුද්ද කරල. ඒක වෙදකමෙත් වෙලා. එදා අප බෙහෙත් ගන්න ගියෙ වෙදමහත්තයා ළඟට. බටහිර වෙදකමේ බෙහෙතක් ගන්න ගියා ම කිවුවෙ ඉංගිරිසි බෙහෙත් ටිකක් ගන්න ගියා කියල. අද ඉංගිරිසි බෙහෙත් තමයි බෙහෙත. අනෙක සිංහල බෙහෙත වෙලා.