Main Logo

Tuesday, 12 January 2021

යාපනයේ දෙමළ ජාතිවාදය

 යාපනයේ දෙමළ ජාතිවාදය 


සිංහල බෞද්ධ විරෝධීන්ට ඉහේ මලක් පිපිලා. හරියට උතුරු පළාතේ ඊළම පිහිටෙවුව වගේ ඔවුන්ට දැනිලා. යාපනය විශ්වවිද්‍යාලයෙ උදුරපු විරු ස්මාරකය නැවත ඉදිකරන්න උපකුලපති තීරණය කරලා. එය සතුටු වෙන්න කාරණයක් නො වෙයි ද? මෙච්චර කල් බැට කකා ඉඳලා යමක් ලැබිච්ච වෙලාවෙ සතුටු වෙන්නෙ නැතුව මොනව කරන්න ද කියන්නෙ. 

Monday, 11 January 2021

පස්මහා බලවතුන් අත් හරින හරින්

 පස්මහා බලවතුන් අත් හරින හරින්  


විිද්‍යාඥයකු වීමට නොහැකි වූ මා හරින් ප්‍රනාන්දු විද්‍යාව හා මිථ්‍යාව ගැන කතා කරනු උන්දුවෙන් අහගෙන හිටියා. මේ අපේ හිටපු ඩිජිටල් ඇමති නේ ද කියල මට මතක් වුණා. අර බැලුනයට මොකද වුණෙ කියල දැන ගන්න විධියක් තිබුණෙ නැහැ. හරින් කතා කෙළෙ පාර්ලිමේන්තුවෙ. ඒත් එතුමගෙ කතාවෙන් මා හුඟක් දේ ඉගෙන ගත්තා. කිවුව දේට වඩා නොකිවුව දෙයින් ඉගෙන ගත්තා.

Sunday, 10 January 2021

භූමදානය ආදාහනය කිරීම හා යාපනයේ ස්මාරක ඉදිකිරීම හා ඉදිරීම

භූමදානය ආදාහනය කිරීම හා යාපනයේ ස්මාරක ඉදිකිරීම හා ඉදිරීම 


මුස්ලිම් භූමදාන කතාව ඉවරයි. ඒක ආදාහනය කරල. මිය යන විට කොවිඩ් 19 වැළඳී සිටි අය කිසිම භේදයක් නොතකා ආදාහනය කරනවා. එය අද රටේ ආධිපත්‍යය මතවාදය අනුව ගත් එකක්. අද ආධිපත්‍යය දරන්නේ බටහිර මතවාද. බටහිර විද්‍යාව. බටහිර වෛද්‍ය විද්‍යාව. කොවිඩ් 19 සම්බන්ධ හැම දෙයක් ම තීරණය කෙරෙන්නේ බටහිර වෛද්‍ය විිද්‍යාව හා බටහිර විද්‍යාව අනුව. ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෛද්‍ය විද්‍යාව අනුවයි පරීක්‍ෂාවට ලක් කෙරෙන්නේ. බටහිර දැනුම් ආධිපත්‍යය තියෙනතාක් ඒ ඒ දේ සිිදුවන්නේ ඒ විධියටයි. 

Saturday, 9 January 2021

සාමාන්‍ය නොවූ සාමාන්‍ය දැනුම

 සාමාන්‍ය නොවූ සාමාන්‍ය දැනුම


ලංකාවේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනුම කුමක් ද? මට මේ ප්‍රශ්නය අහන්න හිතුණේ එක් බටහිර වෙද මහතකු කියා තිබූ කරුණක් නිසා. ඔහුට අනුව ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමක් ඇති අයකු එය ප්‍රතික්‍ෂෙප කරනවා. ඒ කතාව අපට මෙහෙම ලියන්න පුළුවන්. සාමාන්‍ය දැනුමක් ඇති අයකු ධම්මික වෙද මහතාගේ පැණිය ප්‍රතික්‍ෂෙප කරනවා.

Friday, 8 January 2021

ට්‍රම්ප් හා අසාද් සාලි

 ට්‍රම්ප් හා අසාද් සාලි


එක්සත් රාජ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙලා තියෙන්නෙ. ට්‍රම්ප් කියන්නෙ එහෙ මැතිවරණය ඇෆ්ගනිසථානයෙ මැතිවරණයටත් අන්තයි කියල. ඒක අපි දන්නෙ නැහැ. ට්‍රම්ප් හා ඔහුගෙ අනුගාමිකයන් පිරිසක් තම රටේ ඡන්ද ෆ්‍රෝඩා වුණු බව කියනවා. අනුගාමිකයන් වොෂිංටන් පරිපාලන ගොඩනැගිලි වටලලා ඒවට කඩාවැදිල. මේවා මේ නෙත් දෙකෙන් දකින්න හිටිය දේවල් ද? ප්‍රජාතන්ත්‍රවාදයෙ දෙවොල මෙහෙම කැත කරයි කියල හිතුවෙ කවුද? ට්‍රම්ප් බලය අත්හරින්නෙ නැද්ද? අපිට නම් හාමුදුරුවො හැමදාම කියන්නෙ අත්හරින්න කියල.  දැන් ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න හමුදාවක් යවනවා ද? කවුද යවන්නෙ. ඇෆ්ගනිස්ථානයටවත් කියල බලමු ද? තාම කල් වැඩි ද? තව ටිකක් බලමු ද? අසාද් සාලි මොකද ඒ ගැන කියන්නෙ. එහෙම නැත්නම් අමීර් අලි කියා කෙනෙක් මොානව කියයි ද? අමීර් අලි මුස්ලිමුන්ට විරුද්ධ ගෞතමගෙ දුෂ්ටයන් (Villains of Gauthama) ගැන ලියල තිබුණ. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දුෂ්ටයන් ඉන්නවා ද?

Thursday, 7 January 2021

එන්නත දීල 13+ ලබා ගැනීම

 එන්නත දීල 13+ ලබා ගැනීම


ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශ කාර්යාලය තියෙන්නෙ කොළඹ ද? එහෙම අහන්න වෙන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිතුමා හා ඒ අමාත්‍යංශයෙ වෙනත් නිලධාරීන් කොළඹ දි නිතර දැක ගන්න පුළුවන් හින්ද. පහුගිය දවස්වල ඇමතිතුමා ඇවිල්ල අපට අර කොවිඩ් එන්නත දෙන්න පොරොන්දු වුණා. කීය ගාණෙද දන්නෙ නැහැ. කොහොමටත් ඒක අර ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලෙ නිෂ්පාදනය කළා කියන එක. ඒක ෆයිසර් තරම් සාර්ථක නැහැ කියනවා. ෆයිසර් සාර්ථක වුණාට ඇති වැඩේ මොකක් ද? අපට ඒක ගබඩා කරන්න තැනින් තැනට ගෙන යන්න පහසුකම් නැහැ.

Who was the greater mind, Nietzsche or Foucault?

 I am only quoting. There are other animals as well. 

You can’t compare the two, because Nietzsche was a hedgehog and Foucault was a fox.

Isaiah Berlin said that there are two kinds of thinkers:

“There is a line among the fragments of the Greek poet Archilochus which says: “The fox knows many things, but the hedgehog knows one big thing.”

[T]he words … mark one of the deepest differences which divide writers and thinkers, and, it may be, human beings in general. For there exists a great chasm between those, on one side, who relate everything to … a single, universal, organising principle in terms of which alone all that they are and say has significance – and, on the other side, those who pursue many ends, often unrelated and even contradictory….” [Isaiah Berlin, The Hedgehog and the Fox, 1953.]