Main Logo

Tuesday, 7 September 2021

නවසීලන්ත තෙපරබෑම්

 

නවසීලන්ත තෙපරබෑම්

 

නවසීලන්ත අගමැතිණිය අහමඩ් අධිල් මොහොමඩ් සම්සූදීන් ත්‍රස්තවාදියා ලාංකිකයකු ලෙස හැඳීන්වීම මා විවේචනය කළා. ඔහු ඕක්ලන්ඩ්හි සුපිරි වෙළෙඳසලක විනාඩියක් පමණ කාලයක දී පිහි ඇනුම් හයක් පමණ කළ ත්‍රස්තවාදියෙක්. මේ ගැන මගේ විවේචනය කාලය වෙබ් අඩවියේත් මුහුණු පොතේත් පළ කෙරුණා. ඇතැමුනට විද්‍යුත් තැපෑලෙනුත් ලිපිය බෙදා හැරුණා. මා හිතන්නේ දි අයිලන්ඩ් පුවත්පත පමණක් ඒ ලිපිය පදනම් කරගෙන ප්‍රවෘත්තියක් ලියා තිබුණා.  ප්‍රවෘත්තිය ලිවීම සම්බන්ධයෙන් මා ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩොට ස්තුතිවන්ත වෙනවා. වෙනත් කිසිම පුවත්පතක් මා දන්නා තරමින් අදවත් නවසීලන්ත අගමැතිණිය කළ ප්‍රකාශයේ බරපතළ කම කියා නැහැ. විශේෂයෙන් සිංහල මාධ්‍යයේ මාධ්‍ය ඒ ප්‍රවෘත්තිය නොසලකා හැරීම තරමක ප්‍රශ්නයක්. දෙරණ අරුණ දි අයිලන්ඩ්  ප්‍රවෘත්තිය කියෙව්වේවත් නැහැ. ඒ කලකට පසුව පැමිණි සංඛ අමර්ජිත්ගේ වරදක් නොවෙයි. අරුණ පුවත්පතේවත් ඒ ගැන සඳහනක් කෙරුණේ නැහැ. එය දේශීය දැනුමේ මිථ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් කියා හිතනවා ද දන්නේ නැහැ.

Monday, 6 September 2021

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?

 

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?

 

උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිවකුගේ ආගමික විශ්වාස ප්‍රශ්න කරන්නේවත් විවේචනය කරන්නේවත් නැහැ. ආගමික විශ්වාස තබා කිසිම විශ්වාසයක් ප්‍රශ්න කරන්නේ නැහැ. අප සියල්ලන් ම පදනම් වන්නේ යම් යම් විශ්වාස මත. ඒ ඒ විශ්වාස අදාළ චින්තනයෙන් සංස්කෘතියෙන් ලැබෙන දේ. මා විවේචනය කරනනේ තමන් විශ්වාසය මත පදනම් නොවන්නේ යැයි කියන්නන්ගේ එකී විශ්වාසයත් බටහිර හා වෙනත් රටවලින් විවිධ දේ අනුකරණය කිරීමත්. ඒ අනුකරණය නොකර අප සංස්කෘතියට අවශෝෂණය කරන්නේ නම් මට ප්‍රශ්නයක් නැහැ.

Sunday, 5 September 2021

නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා හා සභ්‍යත්ව ගැටුම

 

නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා  හා සභ්‍යත්ව ගැටුම

 

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී ලංකාවෙන් ගිය ඉස්ලාම් භක්තිකයකු සුපිරි වෙළෙඳහලක දී කිහිප දෙනකුට පිහිඇනුම් පහර දීමෙන් පසු පොලිසියෙන් වෙඩිකාලා මිය ගිහින්. මෙවැනි සිද්ධියක් ලංකාවේ සිදු වුණා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෙවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍ය හා මෙරට ඔවුන්ගේ රාජ්‍ය නොවන ඒජන්තයන් වූ දකුණේ (දක්‍ෂිණාංශික) වමාලා සිංහල බෞද්ධ අධිපතිවාදයට හා පොලීසිය නීතිය අතට ගැනීමට විරුද්ධ ව ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් කරන්න තිබුණා. නඩු විභාගයක් නැතිව පොලීසියට සටන්කාමියා ඝාතනය කිරීමට අවසරයක් නැති බවත් සටන්කාමියාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔවුන් කියන්න තිබුණා.

Saturday, 4 September 2021

ගණිතමය භෞතික විද්‍යාඥ ස්ටීවන් වයින්බර්ග්

ගණිතමය භෞතික විද්‍යාඥ ස්ටීවන් වයින්බර්ග්

 

පහත පළවන්නේ පසුගිය දා මිය ගිය ලෝකයේ ඉහළ ම ගණිතමය - Mathematical   (ප්‍රවාදාත්මක- Theoretical ) භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් වයින්බර්ග් ගැන ඔහුගේ ශිෂ්‍යයකු විසින් ලියන ලදුව ඊයේ (2021 සැප් 03) සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක්.  

 

මෙහි ඉතා වැදගත් කරුණු කිහිපයක් සඳහන් වෙනවා. භෞතික විද්‍යාත්මක නොවූ කරුණු අතර ඔහුගේ පාසලේ, එනම් නිව්යෝක් හි Bronx High School of Science,  භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභීන් හත් දෙනකු ඉගෙන ගත් බවත් ඔහුටත් ඔහුගේ පංතියේ ම ඉගෙන ගත් ග්ලැෂෝටත් ඔහු සමග ම 1979 නොබෙල් ත්‍යාගය ලැබුණු බව ඉන් ප්‍රධානයි. ඒ දෙදෙනා ම යුදෙව්වන්. සියලු නොබෙල් ත්‍යාග ලාභීන්ගෙන් සියයට විස්සක් පමණ යුදෙව්වන්.  භෞතික විද්‍යාවේ යුදෙව් ප්‍රතිශතය විසිහයක් වෙනවා. 1979 දී වයින්බර්ග්ලා සමග අබ්දුස් සලාම්ටත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග ලැබුණා. ඔහු භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග දිනූ එකම ඉස්ලාම් භක්තිකයා. ඔහූට අමතර ව විද්‍යාවෙන් නොබෙල් තෑගි දිනාගත් ඉස්ලාම් භක්තියන් ඉන්නේ දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනා ම රසායන විද්‍යාවෙන්.

Friday, 3 September 2021

මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයට ඉපදී හැත්තෑවයි

 

මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයට ඉපදී හැත්තෑවයි

 

ශ්‍රී ල නි පක්‍ෂයට ඊයේට (2021 සැප් 02) අවුරුදු හැත්තෑවක් පිරුණා. එහි වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන ඉපදිලා තියෙන්නේ අදින් අවුරුදු හැත්තෑවකට පෙර. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට වඩා දවසක් බාලයි. ඊයේ ඔහු පාක්‍ෂිකයන් අමතා කළ කතාව වැඩකට ඇති එකක් නෙවෙයි.  ඒ ගැන ඔහුට දොස් කියන්න බැහැ. අද ශ්‍රී ල නි පක්‍ෂය මරා දාලා. ඒ මැරුවේ මෛත්‍රිපාල කියා බොහෝ දෙනකු හිතුවත් ඒ එසේ නො වෙයි. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයට හිමිකම් කීමට සිටි අයගෙන් එක් අයෙකු පමණයි. ඔහුට පෙර අනුර බණ්ඩාරනායක, එස් බී දිසානායක වැන්නන් හිටියා. ඔවුන්ටත් එ ඒ අවස්ථාවල ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වෙන්න  වුණා.

Thursday, 2 September 2021

පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අතර

 

පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අතර

 

මා මිත්‍ර ජී එල් පීරිස්ට ලංකාවේ බිෂොප් සභාව තහනම් නියෝගයක් පණවලා. කාදිනල්තුමා හමුවන්න දැන් ම බැහැ කියල. කාදිනල්තුමා හමුවන්න නම් පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂණ කටයුතු ඉක්මන් කරන්න කියන එක තමයි බිෂොප් සභාව ඉල්ලා සිටින්නේ. බිෂොප් සභාව ඔය ඉක්මන් කරන්න කියන්නෙ ඇතැම් වදකරුවන් නිදහස් කරන්න ද? අද අවශ්‍ය පූර්ණ පරීක්‍ෂණයක්.  ඒ අතර ජී එල් පීරිස් ලංකාවේ වතිකානු නියෝජිත පූජකතුමා හමුවෙලා. එතුමා ඇමතිතුමාට කොන්දේසි පණවල නැහැ.

Wednesday, 1 September 2021

මෙහෙමත් වෙද මහත්තුරු හා ගුරුවරු

මෙහෙමත් වෙද මහත්තුරු හා ගුරුවරු

 

පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේ ආණ්ඩුව වෙනස් විය යුතු බව අප කියා සිටියේ 2017 තරම් කාලයක ය. ඒ කරන ආකාරයත් අපි කියා හිටියා. රනිල් අගමැති කමෙන් පහකර මහින්ද අගමැති කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු යැයි අපි කිවුව. අපත් සමග සිටි බොහෝ දෙනා අප අත්හැර ගිය අතර සමහරු මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමට මයිලෝ අරන් දෙන්න යැයි කිවුවා. ඒ සියලු සමච්චල් මැද දින පනහේ ආණ්ඩුව පිහිටෙවුවා. දින පනහේ ආණ්ඩුව රැක ගත්තෙ නැති වුණත් අද තිබෙන ආණ්ඩුව බලයට පත් කිරීමට ඒ උත්තේජනයක් සැපයුවා.