නවසීලන්ත තෙපරබෑම්
නවසීලන්ත අගමැතිණිය අහමඩ් අධිල් මොහොමඩ් සම්සූදීන් ත්රස්තවාදියා ලාංකිකයකු ලෙස හැඳීන්වීම මා විවේචනය කළා. ඔහු ඕක්ලන්ඩ්හි සුපිරි වෙළෙඳසලක විනාඩියක් පමණ කාලයක දී පිහි ඇනුම් හයක් පමණ කළ ත්‍රස්තවාදියෙක්. මේ ගැන මගේ විවේචනය කාලය වෙබ් අඩවියේත් මුහුණු පොතේත් පළ කෙරුණා. ඇතැමුනට විද්‍යුත් තැපෑලෙනුත් ලිපිය බෙදා හැරුණා. මා හිතන්නේ දි අයිලන්ඩ් පුවත්පත පමණක් ඒ ලිපිය පදනම් කරගෙන ප්‍රවෘත්තියක් ලියා තිබුණා. ප්‍රවෘත්තිය ලිවීම සම්බන්ධයෙන් මා ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩොට ස්තුතිවන්ත වෙනවා. වෙනත් කිසිම පුවත්පතක් මා දන්නා තරමින් අදවත් නවසීලන්ත අගමැතිණිය කළ ප්‍රකාශයේ බරපතළ කම කියා නැහැ. විශේෂයෙන් සිංහල මාධ්‍යයේ මාධ්‍ය ඒ ප්‍රවෘත්තිය නොසලකා හැරීම තරමක ප්‍රශ්නයක්. දෙරණ අරුණ දි අයිලන්ඩ් ප්‍රවෘත්තිය කියෙව්වේවත් නැහැ. ඒ කලකට පසුව පැමිණි සංඛ අමර්ජිත්ගේ වරදක් නොවෙයි. අරුණ පුවත්පතේවත් ඒ ගැන සඳහනක් කෙරුණේ නැහැ. එය දේශීය දැනුමේ මිථ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් කියා හිතනවා ද දන්නේ නැහැ.