- කළු කුහර ගැන ප්රතිචාර රාශියක් තිබුණා. ඒ එක් එක් ලිපිවලින් අහුලාගත් කෑලි. ඒ සියල්ල ඇතැම් නිරීක්ෂණ ගැන. කිසිවකු ප්රවාදාත්මක කිසිවක් කියා තිබුණේ නැහැ. කළු කුහර සම්බන්ධයෙන් ෂ්වාර්ස්චයිල්ඩ් බාහිර විසඳුම යොදා ගැනීම හරිද? ඔය නිරීක්ෂණ කළු කබොල්ලක් සම්බන්ධයෙන් වෙනස් වන්නේ නැහැ.
Main Logo
Friday, 16 February 2024
කළු කුහර
ධර්මපාලතුමා ඕල්කට්තුමා හා සිංහල බෞද්ධයා
ධර්මපාලතුමා ඕල්කට්තුමා හා සිංහල බෞද්ධයා
පහත සඳහන් වන්නේ අනගාරික ධර්මපාලතුමා ගැන මා කළ කෙටි සටහනකට දැක් වූ ප්‍රතිචාරයක්. එය කලක් චින්තන පර්ෂද රැස්වීම්වලට නොකඩාව පැමිණි තැනැත්තකුගෙන්. ඔහු දැන් චින්තන පර්ෂදයට පැමිණෙන්නේ නැහැ. මා හිතන්නේ ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. අද වන විට චින්තන පර්ෂද රැස්වීම්වලට පැමිණෙන්නේ ඉතා ටික දෙනයි. ඔවුන්ගෙනුත් වැඩි පිරිස මොටාවක පා නොගහපු අය. මොටාවන් බොහෝ දෙනකුට මා කියන දේ ආකර්ෂණීය නැහැ. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මා ලියන්නේ කිසිවකු සතුටු කිරීමටවත් කැමති (ලයික්) පිරිස වැඩි කර ගන්නවත් නො වෙයි. මට ඕන නිසා මා ලියනවා.
Thursday, 15 February 2024
360 (සතුටු කිරීම)
360 (සතුටු කිරීම)
විිද්‍යාඥයන් බටහිර වෙදමහතුන්ට විරුද්ධව
විිද්‍යාඥයන් බටහිර වෙදමහතුන්ට විරුද්ධව
වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ සිදුවන වැඩ වර්ජනය අසූවේ ජූලි වැඩ වර්ජනය මෙන් කෙළවර වීමට ඉඩ තියෙනවා. ඒ වර්ජනය පටන්ගත් නව සමසමාජ පක්‍ෂය ද ඉන් ඉවත් වුණා. ජේ ආර් ජයවර්ධන වැඩ වර්ජකයන් ගෙදර ඇරියා. අවසානයේ දී මා මිත්‍ර අමරදිවාකාර ඇතුළු පිරිසක් ඉතා අමාරුවෙන් වර්ජකයන්ට සහන ගෙන දීමට ක්‍රියාත්මක වූ නමුත් ඔවුන්ට ලැබුණු සහනයක් නැහැ. අමරදිවාකර නව සමසමාජ පක්‍ෂයේ සාමාජිකයකු වූ බවත් මා වර්ජනයට මාස කිහිපයකට පෙර පක්‍ෂයෙන් අස් වූ බවත් සඳහන් කරන්න ඕන.
Wednesday, 14 February 2024
ජාතිකත්වය හා නායකයෝ
ජාතිකත්වය හා නායකයෝ
මේ පොහොට්ටුව හා මා ලිපියේ දෙවැනි කොටසයි. පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසගෙන් බහුතරය ජාතිකවාදීන්. මෙරට ජාතිකවාදීන් හා ජාතිකවාදී යැයි කියැවෙන දේශපාලනඥයන් අතර ඇත්තේ යම් පිරිසක් හා ඔවුන්ගේ නියෝජිතයන් අතර ඇති සම්බන්ධය වැන්නක් නො වේ. ජාතිකවාදී යැයි කියැවෙන දේශපාලනඥයන් ජාතිකවාදී නොවිය හැකියි.
Tuesday, 13 February 2024
බුද්ධිමත්තු
ද්විකෝටිකය හා චතුස්කෝටිකය
එකල බුද්ධිමත්තු මට ඃ
ව්යවස්ථාවට අනුව
ජනාධිපතිවරණය තියන්න ම ඕන.
මෙකල බුද්ධිමත්තු රටට ඃ විධායකය අහෝසි කිරීමට
ජනාධිපතිවරණය තියා නොතියා ඉන්න පුළුවන්.
ඒ මේ රුපියල නො වේ
ඒ මේ රුපියල නො වේ
දැන් ඉන්දියන් රුපියලෙන් ලංකාවෙ ගණුදෙනු කරන්න පුළුවන්. ඒකෙන් ලංකාවට වෙන වාසිය මොකක් ද කියන එකට කිසිවකු පිළිතුරක් දෙන්නෙ නැහැ. පස්සෙ කාලෙක ඉන්දියාවෙදි ලංකා රුපියල්වලින් ගණුදෙනු කරන්න පුළුවන් කියල හිත හදාගන්න කියනවා. අපට ඩොලර් ටිකක් එන්න තියෙන එක නම් මග හැරෙන බව තමයි පෙනී යන්නෙ. ඉන්දියාවට ඩොලර් ගන්න ඕනෙ නැහැ. ඉන්දියාව තවම ඩොලරයේ මට්ටමට ඇවිත් නැහැ. ඒකට තව සෑහෙන කලක් යාවි. ඒත් ඒ අතර ඉන්දියාව ඩොලර් ටිකක් ඉතුරු කරගන්න හදනවා. වාසිය නම් අපට නොවන බවයි පේන්නෙ.

